7/17/2015

මහින්ද විශ්‍රාම ගැන්විය යුතුද ?

කතෘ:යුතුකම     7/17/2015   2 comments

-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
 
මහින්ද රාජපක්‍ෂට නමයෝජනා දීමට පෙරත් ඉන් පසුවත් මෙරට NGO ඝට්ටබියන්ද අනෙකුත් දේශපාලන පක්ෂවල අයද දිවමතුරක් සේ කියන දෙය නම් මහින්ද දැන් මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් කල්ගත කලයුතු බවයි.ඒ සඳහා ඔවුන් ගෙනෙන තර්කයක් වන්නේ මහින්ද දැරිය යුතු සියලු තනතුරු දරා තිබීම සහ ජනතාව ඡන්දයකින් පරාජය කොට ගෙදර යවාතිබීමයි. එක්වරක් පැරදුන පමණින් මොවුන් මහින්දට දේශපාලනය අකැප භාවිතයක් කියන්නේ කුමන පදනමක් ඇතුවද? ප්‍රජාතරන්ත්‍රවාදය,දේශපාලනය කිරීමේ අයිතිය, මත දැරීමේ අයිතිය, මානව හිමිකම්. අයිතිවාසිකම් වෙනුවෙන් හඬතලන ඊනියා සංවිධාන පවා මේ කාරණය මන්ත්‍රයක් සේ ජප කළහ. මහින්ද විශ්‍රාම සුවයක් ලබාදීමට මේ අයට ඇති හදිසි උවමනවා කුමක්ද? අපේ අදහස මහින්ද නැවත දේශපාලනයට පැමිණිය යුත්තේද ඒ නිසා මයි.

මහින්ද විශ්‍රාම ගැන්වීම තීරණය කළ යුත්තේ මේ ඊනියා විකල්ප ගෝත්‍රයේ පඬියන් නොවේ. එය තීරණය කළ යුත්තේ මහින්දගේ කැමැත්ත සහ මේ රටේ පොදු ජනතාවයි. වරෙක පරාජය යනු ජයග්‍රහණයක් වෙනුවෙන් සුදානම් වීමට ලැබෙන කාලයකි. එක්වරක් පැරදීම දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු කරුණක් නම් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඒ සඳහා හොදම උදාහරණ දෙන්නේ ජවිපෙ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි. 29 වාරයක් පරද්දා විසි නමවාරයක්ම විශ්‍රාම යායුතු යයි ජනතාව අණ කළ රනිල් තවමත් අනුන්ගේ පිහිටෙන් හෝ බලය උරගා බැලීමට කුරුමානම් අල්ලයි. එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගත යුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමාන සිරිසේන හා රනිල් ඔප්පුකොට ඇති නිසාය.

රට අරාජිකත්වයේ පතුළටම කෙළවා හෝ බලය වෙනුවෙන් සක්කිලි දේශපාලනයක යෙදෙන රතන හිමි, චම්පික, අනුර, වැනි තක්කඩින්ටද විවරවිය යුත්තේ ඉතිහාසයේ කුණු බක්කිය නොව නිසැක වශයෙන්ම අපායේ දොරටුවය. දැන් ඔවුන් දේශප්‍රේමී සළු ලිහා සිංහල බෞද්ධයින්ටම හෙළුව වනමින් එජාප වේදිකාවේය. මව්බිම නැත්තම් මරණය කියූ පක්ෂයක අනුර කුමාර එජාප යොවුන් පෙරමුණේ (තිරය පිටුපස ) නායකයාය. NGO ඝට්ටබින්ගේද සුරතලාය.

ඉතිහාසය විසින් නිර්මාණය කළ වීරයා, පසුව,පෙරළා; වීරයා විසින් ඉතිහාසයක් නිර්මාණය කළේය.අනාගතයේදී, ඒ ඉතිහාසය අකා-මකා දැමීම සිදුවන පෙරනිමිති දැනටමත් ඔවුන්ගෙන් දිස්වෙමින් තිබේ.එබැවින් මහින්ද නැවතත් ඒ අරාජික හෙටට උවමනාය.

1906 උපතලද ජේ.ආර් (JR) 1938 ලංකා ජාතික සංගමයෙන් දේශපාලනයට පිවිසෙන්නේ වයස අවු 32දීය.
1940 කොළඹ මහනගර සභා මන්ත්‍රී ධූරයකට පත් වනවිට ඔහුගේ වයස අවු 34 කි.

1906 උපත ලැබූ JR ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් ජනාධිපති වුයේ 1978 දී වයස 72 දීය.

JR මහජනඡන්දයෙන් ජනාධිපති වුයේ 1982 දී වයස අවරුදු 76 දීය.

JR විශ්‍රාම ගියේ 1989 වයස අවු 83 දීය!

මහින්දට තවම වයස 69 කි. JR ජනපති වූ වයසට වසර 03කුත් බාලය. අනික රට බේරාගත් නායකයාය.

සිරිමාවෝ වයස 84 දීත් රෝද පුටුවෙන් මරණ මංචකයට යනතුරු ලංකාවේ අගමැති තනතුර දැරුවාය!

අවු 24 දී දේශපාලනයට පැමිණි, රටබේරාගත් නායකයා අවු 69 න් දේශපාලනයෙන් විශ්‍රාම යැවිය යුතු නැත.

ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. යහ පාලන පිලෙහි හා මහින්ද පිලෙහි බෙදුම් රේකාව දැන් හොදින් පැහැදිලිය. බටහිර සංස්කෘතිය විසින් බෙලහින කරන ලද පුරුශ ලිංගය ඇත්තන් හා ආත්මාර්තය හා ලාභ ප්‍රරයොජනයට වඩා වෙනත් දහමක් නැත්තන් මෙන්ම හරි හැටි වෙන්න යන දෙය නොදන්නා යම් මද්යස්ත පිරිසක්ද ඔය යහ පාලන ගොඩේ ඇත. ඔය කියපු තුන්වන කොටසෙ ඇස් අරවන්න පුලුවන්නම් ජයග්‍රහනය පෙනෙන මානයෙය...

    ReplyDelete
  2. //ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය.//මීටත් වඩා සරල පැහැදිලි කිරීමක් තියෙන්න බැ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions