7/22/2015

කවරෙක් ද මේ ගෙවිඳු?

කතෘ:යුතුකම     7/22/2015   9 comments

මෙවර මහ මැතිවරණය නිමිති කොට-ගෙන පැවැත්වෙන රූපවාහිනී දේශපාලන සංවාදවල දී අඥාන දේශපාලුවනට සතාර්කික වාක්ප්‍රහාරයෙන් පන්න-පන්නා පහර දෙන හැඩිදැඩි පුරුෂයෙක් බොහෝ දෙනා ගේ අවධානයට පත් විය. පැසුණු හිසින් ද පැසුණු නුවණින් ද යුත් හෙතෙමෙ නමින් ගෙවිඳු කුමාරතුංග ය. සක්‍රිය දේශපාලනයෙන් දුරස් ව වෙසෙන ගැමි දනා ඔහු ගැන නොදැනීම නම් විය හැක්කෙකි. එහෙත් ඔහු කවරෙක් දැ යි සොයා-ගත නො හී භ්‍රාන්තියට පත් වූවන් ජාතික දේශපාලනයේ ද එල්ලී සිටීම කරුමයකි. 2015 ජුලි 21 වැනි දා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදයට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා ගේ මුග්ධ ප්‍රකාශවලින් එබඳු අය සිටින බව ප්‍රත්‍යක්ෂ විණි. මේ සැකෙවි සටහන ලියැවෙන්නේ ගෙවිඳු යනු කුලියට කහින්නෙකැ යි සිතා සිටින එබඳු ඇත්තනට වැඩ පිණිස යි.

පොත් කියවන උදවියට නම් ගෙවිඳු ගේ හඳුන්වා-දෙන්නට දෙයක් නැත. එහෙත් පොත් නො කියවන අමන දේශපාලුවන් හට ගෙවිඳු වෙසෙසින් හඳුන්වා-දිය යුතු ව තිබේ. මෙය කනගාටුවට කරුණෙකි. පොත් කියවන උදවිය ගෙවිඳු හඳුනන්නේ බොරලැස්ගමුවේ විසිදුනු ප්‍රකාශන ආයතනයේ අදියුරුවන් ලෙසිනි. එහෙත් හෙතෙමෙ හුදු පොත් මුදලාලි කෙනෙක් නො වේ. තමා වෙත උස්සා-ගෙන එන ඕනෑ ම කුණු ගොඩක් ලාභ ඉපැයීමේ අරමුණින් පළ කරන පොත් මුදලාලිලා ගේ කුලකයට ගෙවිඳු අයත් නො වේ. ඔහු මෙතෙක් පළ කොට ඇති දෙසිය පනහකට මඳක් වැඩි පොත් තොගය පිරික්සා බලන්නකුට ඒ බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, සූරිය ගුණසේකර, පියසේන කහඳගම, සිබිල් වෙත්තසිංහ වැන්නවුන් ගේ පොත් සේ ම කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන්, සෙනරත් පරණවිතාන, රැල්ෆ් පීරිස් ආදි පඬිවරුන් ගේ දුර්ලභ පොත් ද යළි පළ කෙළේ ගෙවිඳු ය. ඊට අමතර ව ලංකා ඉතිහාසය පිළිබඳ ව ඉංගිරිසියෙන් ලියැවුණු අගනා පොත් සමුදායයක් ම සිංහලයට නංවා පළ කිරීම ගෙවිඳු ගේ වෙසෙස් මෙහෙවරෙකි. ඔහු වෙත එන කවර ලේඛකයකු ගේ පොතක් වුව විසිදුනු පොතක් ලෙස පළ වන්නේ බස් දොස් ඉඳුරා ම දුරු කිරීමෙනි. ස්වකීය ප්‍රකාශනවල භාෂා රීතියේ නිරවද්‍යතාව පිළිබඳ මෙබඳු සැලැකිල්ලක් දක්වන අන් එක දු ග්‍රන්ථ ප්‍රකාශකයෙක් මෙරට නැත්තේ ය.

මේ කීවේ බොහෝ දෙනා හඳුනන ගෙවිඳු නම් පොත් පළ කරන්නා ගැන ය. ගෙවිඳු නම් දේශපාලන ක්‍රියාකාරියාට ඇත්තේ පොත් ප්‍රකාශකයාට තිබෙනවාට වඩා දිගු ඉතිහාසයෙකි. විද්‍යාවේදී උපාධිය ලබනු පිණිස ශාස්ත්‍ර හැදෑරීමට 1984 දී කොළොඹ සරසවියේ විද්‍යා පීඨයට පිවිසි ගෙවිඳු ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූයේ ය. ඔහු නියෝජනය කෙළේ ඊනියා පරපීඩක වාමාංශික දේශපාලනය නො වේ. ඔහු නායකත්වය සැපැයූවේ ‘ජාතික චින්තනය’ ව්‍යාපාරයට යි. එවක පැවැති ජනප්‍රිය වාමාංශික ශිෂ්‍ය දේශපාලනයේ පරමාර්ථය වූයේ උතුරේ කැරැල්ල පෝෂණය කොට එය දිනූ පසු උතුර පාදක භූමිය කැරැ-ගෙන දකුණේ කැරැල්ල මෙහෙයැවිය යුතු ය යන්න යි. මේ විනාශකාරී දේශපාලන න්‍යායපත්‍රයට විරුද්ධ වීමේ විපාක විසින් වාමාංශික දේශපාලනයේ නියුතු වූ ‘සහෝදරවරුන්’ ගේ බරපතළ මැර ප්‍රහාරයකට ද ගෙවිඳු ලක් විය. එහෙත් ඉන් ඔහු පසු බට වූයේ නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිස එදා ‘චින්තන පර්ෂදය’ පිහිටුවද්දී ඊට ඇතුළත් වූ ළාබාලතමයා වූයේ ගෙවිඳු ය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ආදින් ඇසුරේ ජාතිකත්ව චින්තනය පොහොණි වූ හෙතෙමෙ දැන් ‘යුතුකම සංවාද කවයේ’ සභාපතිත්වය දරයි .

මේ නයින් ගෙවිඳු යනු අද ඊයේ ජාතිකත්වය එන්නත් කැරැ-ගත් අවස්ථාවාදියකු නො වන බව ඊනියා වාමාංශිකයන් හා දක්ෂිණාංශිකයන් දත මනා ය. ජාතික වසයෙන් අර්බුදකාරී වූ අවස්ථාවල මෙරට පුවත්පත්වලට ගෙවිඳු සැපැයූ ලිපියක් වත් දැක නැත්තකු ඔහු ගේ ජාතික චින්තනයේ සුජාත භාවය පිරික්සන්නට යෑම හාස්‍යයට ම කරුණෙකි. හෙළ දෙස බස රැස නංවා-ලීමට යටත් විජිත යුගයේ දී දැවැන්ත මෙහෙයක් සිදු කළ කුමාරතුංග මුනිදාස පඬිතුමා ගෙවිඳු ගේ සීයා බව ද ඌ තුමූ නො දනිති. එබැවින් ගෙවිඳු මේ උර දී සිටින්නේ ලේ උරුමයෙන් තමා වෙත පැවැරුණු සුජාත වගකීමට බව ඔවුන් වටහා-ගත යුතු ය. කුමරතුඟු උරුමයෙන් ගෙවිඳු පෙනී සිටින්නේ ද දෙස බස රැස වෙනුවනි. ගෙවිඳු ගේ මෙන් ම අප ගේ ද පරම පැතුම නම් දෙස බස රැස සුරැකිය හැකි කශේරුකාවක් සහිත ජාතික නායකත්වයෙකි. බෙදුම්වාදී න්‍යායපත්‍ර පරාජය කළ හැක්කේ එවන් සැබෑ සිංහල ජන නායකයකුට විනා නෙළුම් කොළේ මත කඩදාසි පිඟාන තබාගෙන කිරිබත් කන ඇමෙරිකා ගැති සිංහල ප්‍රතිරූපකයකුට නො වේ.

අවසාන වසයෙන් මේ ටික ද කිය යුතු ය. මේ සටහන ලීවේ ගෙවිඳු ගැන මා දන්නා ඇත්ත හෙළි කිරීම මා ගේ යුතුකමක් යැ යි සිතුණු බැවිනි. මා මෙබන්දක් ලියන බවක් ගෙවිඳු දන්නේ වත් නැත. මා ඔහු මුණ ගැසී ඇත්තේ ද හතර පස් වතාවක් පමණි. ඊට අමතර ව නොයෙක් කටයුතු සඳහා ඔහු මට දෙතුන් වතාවක් දූරකථනයෙන් කතා කොට තිබේ. ඔහු ගේ පොත් සාප්පුවට මා ගොඩවැදී ඇත්තේ ද දෙවතාවක් පමණි. එබැවින් ගෙවිඳු ගැන මේ සටහන ලිවීමෙන් මා හට කිසි දු දේශපාලනික හෝ ශාස්ත්‍රීය හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව අවධාරණයෙන් කියමි. මෙබන්දක් ලිවීමට මා පෙලැඹුණේ ගෙවිඳු ගේ දේශපාලන පරමාර්ථය මා ගේ දේශපාලන පරමාර්ථය හා එහැම පිටින් ම අනුරූප බව හැඟී-ගිය බැවිනි.



මවු බිම දිනේ වා!
මේ වගට,
ක. ක. ගනුෂ්ක රන්දුල



ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වූ "ගිරය" වැඩසටහන තුලදී ගෙවිඳු කුමාරතුංගයන් මේ පිලිබඳ දැක්වූ අදහස මෙතනින් නරඹන්න



-යුතුකම පාඨක ලිපියකි

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

9 comments :

  1. විමලසේන7/22/2015 11:14 PM

    ඔබතුමාගේ සේවය ඉත සිතින් අගය කරමි. චිරං ජයතු!

    ReplyDelete
  2. //රූපවාහිනී දේශපාලන සංවාදවල දී අඥාන දේශපාලුවනට සතාර්කික වාක්ප්‍රහාරයෙන් පන්න-පන්නා පහර දෙන හැඩිදැඩි පුරුෂයෙක්//

    වැඩසටහන සජීවීව නරඹපු කෙනෙක් විදියට ඔය කියනව වගේ සාර්ථක වාග් ප්‍රහාරයක් නං දැක්කෙ නෑ. වාදයකදී තිබියයුතු මුල මැද අග ගැලපීම වත් කරගන්න ගෙවිඳුට හැකිවුනේ නෑ. බලන්න අන්තිම විනාඩි තුන අනෙක් තුන්දෙනා ප්‍රයෝජනයට ගත් ආකාරය සහ ගෙවිඳු එය සිදුකල ආකාරය.

    ReplyDelete
    Replies
    1. වි. වනිගසේකර7/23/2015 9:23 AM

      ඔබ හරියට විවාදය නැරඹුවනම් ඔහොම කියන්නේ නෑ.
      වැඩසටහන පුරාවටම රාජිතගේ සහ ජෙප්පගේ ඉලක්කය වුනේ ගෙවුඳු ඉදිරිපත් කරන මතය.
      ලැබෙන සීමිත ඉඩේ ඒ සියල්ලට පිලිතුරු සැපයිය යුතුයි.
      ඒ අස්සේන් නිවේදකයන්ගේ අපූරු අපක්ෂපාතී ප්‍රශ්න..
      එහෙම බැලුවම ගෙවිඳි ඉතා සාර්ථකව මුහුණ දුන්න කියල මම නම් හිතන්නේ

      Delete
    2. යටියනයා7/23/2015 12:52 PM

      රාජ් වගේ අය ගෙවිඳු අසාර්ථකයි කියන්නෙම ගෙවිඳු සාර්ථකව මුහුණ දීල තියෙනව..
      මොකද ගෙවිඳු පෙනී සිටින්නේ රාජ්ලගේ ප්‍රතිවුරුද්ධ මතවාදය..
      අජිත් පැරකුම් සිරාවට ලියන පොරක් වෙන රාජ් ලට ගෙවිඳු හරියට වැඩේ කලේ නෑ කියන්නෙම ගෙවිඳු තමන්ගේ වැඩේ හරියට කරලා.

      Delete
    3. Dear Raj
      Are You UNP Supporter?................

      Delete
    4. I only can laugh @ raj

      Delete
  3. ගෙවිඳු මහතාණෙනි.. ඔබතුමන්ගෙ සමාජ මෙහෙවරට අනේක වාරයක් පින්..
    නමුත් මෙම මතවාදී අදහස් දරන අපටත් නුදුරු දිනකදීම ලංකා පිම්පියන්ගේ යටත් වැසියන් ලෙස මරෙන තුරු දිවි ගෙවීමට සිදු වෙන බව රට යන අයුරු දකින විට පෙනෙනවා..
    තරුණ පරපුරට මෙවන් නිවැරදි මතවාදී අදහස් කාවද්දන්න තවත් වෙහෙසෙමු..
    චිරං ජයතු!

    --තරු--

    ReplyDelete
  4. Jaya wewa !! Theruwan Saranai !!

    ReplyDelete
  5. දැනගැනීම පිණිස - ගෙවිඳු මැතිතුමා,ඩී.වී උපුල්,රෝහිත,එස් බී,මල්ෂා,විමල් එකම පිළක අපේක්ෂකයන් පිරිසකි.

    ප්‍රශ්නය - ඇයි ඔබතුමා බොදුබලසේනාවෙන්වත් ඉල්ලුවෙ නැත්තෙ?...... එහෙම උනානම් අඩුමතරමෙ ජාතිය බේරගන්න කියල හරි හිතන්න තිබ්බ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions