7/28/2015

1815 වැටුණු වලට 2015 පනිමු ද?

කතෘ:යුතුකම     7/28/2015   2 comments

එදා යහ පාලනය
අප රට 1505 හෝ 1506 පෘතුගීසි ආක්‍රමණයට ගොදුරු වූ අතර අනතුරුව පිළිවෙළින් 1656 ලන්දේසී ද 1796 ඉංග්‍රීසි ද කඩා වැදුණහ. එවකට යුද නාවික බලය අතින් ලොව සිටි බලසම්පන්නම ජාතීන් වූ මොවුන් ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව ආශ්‍රිතව යටත් විජිත ගොඩනඟා ගෙන මහා අධිරාජ්‍ය බිහි කර තිබිණි. අසල්වැසි මහ භාරතය ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් ව තිබිණි.

එහෙත් මේ කිසිඳු ජාතියකට අප රට මුළුමනින් ම සිය යුද මිලිටරි බලයෙන් යටත් කර ගත නො හැකි විය. 1505 හෝ 1506 සිට 1815 තෙක් ම සියවස් තුනකට අධික කාලයක් ඔවුන් අපගේ රාජධානිය යටත් කර ගත නොහැකි වූ අතර එල්ල කළ සියලු ප්‍රහාර සතුරාට බරපතළ හානි සිදු කර මැඩ පැවැත්වීමට අපේ මුතුන් මිත්තෝ සමත්වූහ. ඉංග්‍රීසින් අප රාජධානිය යටත් කර ගෙන මුළු දිවයින ම බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත් කිරීමට අනවරත වෙහෙසක් දැරුව ද එය ඔවුන්ට සිහිනයක් ම පමණක් විය. මහනුවර රාජධානිය ඉලක්ක කර ඔවුන් එල්ල කළ අවසාන ප්‍රහාරය ද 1810 අසාර්ථක විය.

යුද බලයෙන් කිසිදා අපේ රාජධානිය යටත් කර ගත නොහැක යන තිත්ත ඇත්ත අනතුරුව ඉංග්‍රීසිහු වටහා ගත්හ. එයින් පසු පැමිණියේ සීතල යුධ සමයයි. අපේ රට යටත් කර ගැනීම සඳහා යුදමය නොවන නව උපක්‍රම සොයා බලන, තෝරන සමයයි. ඒ සඳහා ජෝන් ඩොයිලි සහ ඔහුගේ ඔත්තුකරුවන් යොදා ගැනිනි. වෙළඳාම පිණිස මෙහි පැමිණි කණ්ඩායම් විවිධ වරප්‍රසාද ලබා දෙමින් මේ කාර්යය සඳහා භාවිත කෙරිණි. විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධනගේ මුත්තා වන එහෙයින් ම රනිල් වික්‍රමසිංහගේ මී මුත්තා ද වන තම්බි මුහන්දිරම් නමැති ඉන්දිය ජා ජාතිකයා මේ ඔත්තුකරුවන් අතර ප්‍රමුඛ විය. ඉංග්‍රීසින් පැමිණීමට ප්‍රථම අපේ රටට එරෙහිව ලන්දේසීන්ගේ පැත්ත ගෙන කටයුතු කර නොයෙක් වරදාන ලබා සිටි තම්බි මුහන්දිරම් අනතුරුව ඉංග්‍රීසින්ගේ අතිශය විශ්වාසනීය දේශීය ඔත්තුකරුවා විය. අපේ රාජධානිය පිළිබඳ ඔහු දත් සියලු තොරතුරු නො පැකිලිව ඉංග්‍රීසින්ට ලබා දුන්නේ ය.

යුරෝපා යුද බලය හමුවේ නොසැලුණු ශක්තිමත් උඩරට රාජ්‍ය දුර්වල කිරීමේ ආරම්භය ලෙස රාජධානිය වටා බැඳි මහා පවුරක් සේ පැවති භික්ෂු-ගිහි සම්බන්ධය, භික්ෂූවට රටේ හිමිව තිබූ බලය විනාශ කිරීමට ඉංග්‍රීසින් උගුල් ඇට වූ අතර ප්‍රභූන් සහ රජු අතර පැවති ඇතැම් ප්‍රශ්න, බල අරගල දක්වා උත්සන්න කිරීමටත් ඒ අරගල පදනම් කර ගෙන ජනතාව රජුගෙන් ඈත් කිරීමට සැලසුම් සකස් කෙරිණි.

විශේෂයෙන් 1810 ඉංග්‍රීසින්ගේ උඩරට ආක්‍රමණය පරාජය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ ජනතාව අතර පරතරයක් නිර්මාණය කිරීමට රජු අසිංහලයෙකු බවත් රජු අත්තනෝමතික ලෙස ජනතාව පීඩනයට ලක් කරන කෘර පාලකයෙකු බවත් සමාජගත කරනට කටයුතු යෙදිණි. ඊට එරෙහිව යහ පාලනය දිනා ගැනීමට ප්‍රභවරුන් මෙන් ම ඔවුන් හරහා ජනතාව ද දිරිගැන්විණි. මේ සියලු කුමන්ත්‍රණ පිටුපස සිටියේ පන්සලට ගොස් බුලත් විට හපමින් භික්ෂූන් වහන්සේලාගෙන් ම සිංහල භාෂාව උගත් ජෝන් ඩොයිලි සහ තම්බි මුහන්දිරම් ය.

ඉංග්‍රීසීහු ඩොයිලි මාර්ගයෙන් ප්‍රභූන් සමඟ වෙන ම සබඳතා ගොඩනඟා ගෙන ඔවුන්ගේ සිත් තුළ රජ වීමේ සිහින පැල කළ අතර ඒ සඳහා තමන් උදව් කරන බවට රහසේ ඉඟි කළහ. මේ අතර ඉංග්‍රීසි නියෝජිත පිරිස් රජු බැහැ දකින අවස්ථාවල රජුට විශේෂ මත්පැන් වර්ග විශාල වශයෙන් තුටු පඬුරු ලෙස ලබා දීමට වගබලා ගත්හ. නොබෝ කලකින් ම සතුරා අපේක්ෂා කළ ලෙස ම ප්‍රධාන නිලමේවරු එලිපිට ම රජුට එරෙහිව කටයුතු කළ අතර ඒ කටයුතුවලට ඉංග්‍රීසිහු අනුබල දුන්හ. නිලමේවරුන්ගේ ද්‍රෝහි ක්‍රියා නිසා ආතතියට පත් රජුගේ සුහද මිතුරා බවට ඉංග්‍රීසීන්ගේ මත්පැන් නිරායාසයෙන් ම පත්විය.
සිය මැති ඇමතිවරුන්ගේ නොපනත්කම් සහ මත්පැන් නිසා රජු වඩාත් රෞද්‍ර ස්වරූපයක් ගන්නා අතර තමන්ට එරෙහි වූ ඇහැලේපොළගේ බිරිඳ සහ දරුවන් මරා දැමීම එහි කඩ ඉම සනිටුහන් කළේ ය. රාජද්‍රෝහීන්ට සිංහල රාජ නීතිය අනුව ලබා දෙන දඬුවම එය වුව ද ඇහැලේපොළ පවුලට ලබා දුන් දඬුවම නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව බේබදු අධර්මිෂ්ට රජුගේ හුදු පලිගැනීමක් බව සූක්ෂම ලෙස සමාජගත කිරීමට ඉංග්‍රීසිහූ මෙන් ම ඔවුන්ගේ උගුලට හසුව රාජ සිහින දුටු ප්‍රභූහු ද ක්‍රියා කළහ. මෙහි ප්‍රතිඵලය ලෙස මෙතෙක් ඉංග්‍රීසින්ට සිංහලේ අල්ලා ගැනීමට තිබූ ලොකු ම බාධකය වූ රාජධානියේ ආරක්ෂකයා වූ ද තම අභිලාෂයන්ගේ පරම සතුරා වූ ද රාජසිංහ රජු, සිංහලේ ප්‍රභූන් ප්‍රමුඛ ජනතාව අතර දුෂ්ටයෙකු බවට පත් කිරීමට ඉංග්‍රීසින්ට හැකි වූ අතර නොබෝ කලකින් ම තම්බි මුහම්දිරම් ලා විසින් රජු ඉංග්‍රීසීන්ට අල්ලා දෙන ලදි.

ඇහැලේපොළ ඉංග්‍රීසින් ඇටූ වූ උගුලට හසුව රජුට එරෙහිව කටයුතු කළ ද ඔහුට රජකම ලබා නොලැබුණා පමණක් නොව සිය මාතෘභූමියේ ජීවත් වීමේ භාග්‍යය ද අහිමිව මුරුසි දිවයිනේ සිර අඩස්සියේ මියැදෙන්නට සිදු විය. ඔහු සිය දරු පවුල ද අහිමි කර ගනිමින් රටේ සතුරන් පෙන්වූ රාජ සිහින ඔස්සේ දිව ගිය ද අවසන එය මිරිඟුවක් බවට පත් විය. තමන් රජුට විරුද්ධ වන්නේ යැයි සිතා සිදු කර ඇත්තේ වසර දහස් ගණනක් සිය මුතුන් මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කළ අපගේ අභිමාණවත් රාජධානිය සතුරාට බන්දේසියක තබා පූජා කිරීම බව ඇහැලේපොළලාට අවබෝධ වන විට සියල්ල සිදු වී හමාර ය.

එදා ඉංග්‍රීසින්ගේ සටන් පාඨයක් වූ රජුගේ කෘර පාලනයට එරෙහි යහ පාලනය මිරිඟුවට රැවටුණු අපට සියවස් එකහමාරක් පමණ ඉංග්‍රීසි යටත් විජිත වැසියන් වීමට සිදු විය. අප මුතුන් මිත්තන් ගොඩනඟා ගත් මහා ශිෂ්ටාචාරය අපට අහිමි කෙරිණි. අපේ ඉතිහාසය, සභ්‍යත්වය, හර පද්ධති, අධ්‍යාපන ක්‍රමය යහ පාලනය නම් මිරිඟුව පෙන්වා අපෙන් උදුරා ගැනිණි. බුදු දහම රකින බවට සඳහන් උඩරට ගිවිසුම මහා රැවටීමක් පමණක් වූ අතර බුදු දහම විනාශ කර දැමීමට ඉංග්‍රීසීහු ගත හැකි සෑම පියවරක් ම ගත්හ.

උඩරට ප්‍රභූන්ගේ මේ මහා පවාදීමට එරෙහිව නැඟුණු විමුක්ති අරගල 1818 මෙන් ම 1848 ද ලෙයින් යකඩින් මර්දනය කරන ලද්දේ රාජසිංහ රජු කළේ යැයි කී ඇතැම් අපරාධ මෙන් ම සිය දහස් ගුණයකින් දරුණු මහා විනාශයක් අපට සිදු කිරීම මගිනි. වෙල්ලස්ස නිදහස් අරගලය යහ පාලන වේශධාරී ඉංග්‍රීසින් විසින් මර්දනය කරන ලද්දේ අවුරුදු 16 වැඩි සියලු සිංහල තරුණයින් මරා දැමීමෙනි. කෙත්වතු, භවභෝග, නිවාස විනාශ කොට ගිනි තැබීමෙනි. දේශීය සටන් කලාව වූ අංගම්පොර සටන් කලාව සම්පූර්ණයෙන් තහනම් කළ අතර සටන් කලාව දත් සියලු දෙනාට දණින් පහළට වෙඩි තබා සදාකාලික ආබාධිතයින් කරවන ලදි.

අද යහ පාලනය

පසු ගිය කාලය පුරා ඇමරිකාව ප්‍රමුඛ බටහිර මෙන් ම ඉන්දියාව ද මේ රටේ පාලනයට ඇඟිලි ගැසීම සඳහා භාවිත කළේ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයයි. ඒ ඔස්සේ අපේ රටේ පාලනයට ඇඟිලි ගැසීමට මෙන් ම නැඟී එන ආසියානු කළාපය පාලනය කිරීමේ අවස්ථාව ද ඔවුන්ට හිමිව තිබිණි. සිය අභිලාෂ ඉටු කර ගැනීම සඳහා කොටි කල්ලිය පෝෂණය කර නඩත්තු කරන ලද්දේ මේ බලවත් රාජ්‍ය විසිනි.

එහෙත් මේ රට කිසිදා මිලිටරි බලයෙන් යටත් කළ නොහැකි බව නැවත සනාථ කරමින් 2009 වසරේ දී එනම් ඉංග්‍රීසින් උඩරට රාජධානියට අවසන් ප්‍රහාරය එල්ල කොට වසර 199ට පසු නව අධිරාජ්‍යවාදී සෙවණේ වැඩුණු කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජය කිරීමට අපට හැකි විය. එහි දී චීනය, රුසියාව, පාකිස්ථානය වැනි මිතුරු රටවල් අපට ශක්තියක් විය. එකල ආණ්ඩුව දක්ෂ ලෙස විදෙස් බලපෑම් කළමනාකරණය කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු අපරාධ ඒ ජයග්‍රහණයට රුකුලක් විය. බලසම්පන්න ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරුන් මහින්ද රාජපක්ෂ හමු වී ප්‍රභාකරන් බේරා ගැනීමට අවසාන මොහොත දක්වා සටන් කළ ද එය ව්‍යවර්ථ විය. එජාපය සහ ජවිපෙ අනේක බාධා කිරීම් කරමින්, ගල් පෙරළමින්, නින්දා අපහාස කරමින්, බටහිරට ගතු කියමින් කොටි ආරක්ෂා කර ගැනීම සඳහා කළ සියලු කුමන්ත්‍රණ ද මව්බිමේ වාසනාවට පරාජයට පත් විය.
වසර 30ක් හිඟන්නාගේ තුවාලය කර ගත් ප්‍රභාකරන්ගේ පරාජය සමඟ ජාත්‍යන්තරයට මේ රටේ පාලනයට ඇඟිලි ගැසීමට ඇති හැකියාව අවම වූ අතර රටේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය පිණිස චීනය විශාල වශයෙන් ආධාර කළේ ය. රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට යාම ආරම්භ කළේ ය. මෙය සිය අභිලාෂයන්ට පටහැනිය. එහෙයින් 1810 පරාජයෙන් පසු උඩරට රාජධානිය විනාශ කිරීම සඳහා යොදා ගත් උපක්‍රමය නැවත ක්‍රියාවට නැඟිණි.

බටහිර තානාපතිවරු ජෝන් ඩොයිලිගේ කාර්ය ඉටු කළ අතර සිවිල් සංවිධාන සහ ඊනියා උගත්තු බලලෝභී දේශපාලකයින් බටහිරට හිස නොනමා ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්ෂ මත ඒකාධිපති, හොර ලේබල් අලවමින් තම්බි මහම්දිරම්ගේ කාර්ය ඉටු කළහ. රටේ ජනතාව බොරුවෙන් නිර්වින්දනය කර රටට යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බව කීහ. ජනාධිපති සිහින දකින සරත් ෆොන්සේකා, චම්පික රණවක වැනි අය ඇහැලේ පොළ භූමිකාවට පණ පෙවූහ. එකල ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව ඇති වන අරගල පිළිබඳ ව වහා ඔවුන් දැනුවත් කිරීමට පැවරුණු මල්වතු-අස්ගිරි උභය විහාර නායකයින්ගේ කාර්ය මාදුළුවාවේ සෝභිත සහ අතුරලියේ රතන හිමි නොපිරිහෙලා ඉටු කළ සේක. 1815 රෑ වැටුණු වලේ 2015 ජනවාරි 08 වෙනිදා අපි දවල් වැටුණෙමු.

යහ පාලනය නම් බලගතු අවිය භාවිත කොට එදා ඉංග්‍රීසින්ට එළව එළවා පහර දුන් රාජසිංහ රජු මෙන් ම මෙදා ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්ෂ ද පරාජය කිරීමට ඔවුහු සමත් වූහ. කෙසේ වුව ද එදා රාජසිංහ රජ දවස අපට උදා නොවූ ස්වර්ණමය අවස්ථාවක් මෙදා අපට උදා වී තිබේ. ඒ යහ පාලන විසින් සිහිමුර්ඡා කොට නිර්වින්දනය කොට තිබූ ජාතියට පියවි සිහිය ලැබෙන විට ම සිය වරද නිවැරදි කර ගැනීමට දෛවෝපගත ලෙස අවස්ථාවක් අප ඉදිරියේ නිර්මාණය වීම ය. ඒ අන් කිසිවක් නොව එළඹෙන මහා මැතිවරණයයි.

අගෝස්තු 17 වෙනිදා, ජනවාරි 08 වෙනිදා සිදු වූ වරද නිවැරදි කළ යුතු ය. නැතහොත් 2015 අගෝස්තු 18 වෙනිදා හිරු උදාවනු ඇත්තේ 1815 මාර්තු 4 වෙනි දා උඩරට ගිවිසුම අත්සන් කළ තැනින් ඇරඹෙන අඳුරු යුගය ඉතිහාස පොතේ ලිවීමට ය. එහෙයින් ජනවාරි 08 ලිහා බැලූ මල්ල අගෝස්තු 17 නැවත ඔබා බැලිය යුතු ද? 1815 සතුරාගේ යහ පාලන මිරිඟුවට රැවටී රෑ වැටුණු වලේ 2015 ජනවාරි 08 දවල් වැටුණු අපි නැවත අගෝස්තු 17 ඒ වලට පැනිය යුතු ද? විදෙස් රටවලින් ගලන ඩොලර්වලින් මාධ්‍ය ආයතන මිලට ගෙන කරනු ලබන මෙගා පච ව්‍යාපාරවලින් නැවත දෑස් අඳ කර ගෙන අපේ උදාර මාතෘ භූමිය පාවා නොදෙමු. ඉතිහාසයෙන් උගනිමු! අපේ රටේ අනාගතය සුරක්ෂිත කරනු පිණිස නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගනිමු!


-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය

www.yuthukama.com 

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. දවසින් දවස "බඩට" ආදරය කරන අය වැඩි වන අතර..
    "රටට" ආදරය කරන අය අඩු වෙන බව පැහදිලි දෙයකි..
    "අනගාරික ධර්මපාල තුමා" වැනි උතුමන් සදහටම මෙරට හැර දමා ගියේ, ඔවුන්ගෙ 100% නිවැරදි මතය මෙරට තුල ශක්තිමත්ව ගෙන යාම/ ප්‍රචලිත කිරිම නොකල හැකි නිසාය..
    මෙය පිම්පි ලන්තයකි..
    අතලොස්සක් දෙනා රටට ආදරයෙන් කැක්කුමෙන් හදවතින් විඳවයි.. ඔවුන්ද මෙරටින් තුරන් වු පසු මෙය නියම "පිම්පිලන්තය" / "ප්‍රී පිම්පිකාව" වනු ඇත..

    මෙයට අනාගත
    "ප්‍රී පිම්පිකා" වැසියෙක්

    ReplyDelete
    Replies
    1. සුද්දො රට දාලා යනකොට උන්ගේ කටු ලේවකාපු බල්ලො ටික ලේහෙලා දාලාගියේ. එදේවල් වල පලවිපාක තමයි අද ඔය අත්වේලා තියෙන්නේ. කොහෙවත් හිටපු එකෙක් ලියපු පොතක් ගෙනල්ලා සින්හලුන්ගේ මොලටික හොදලා දනවාදය අරවා මෙව්වා වලින් ඔලුපුරොලා 71 ඉදලා පටන්ගත්තේ සින්හල ජාතිය විනාස කරන්න මේ කාලසිමව ඈතුලත කොච්චරක්නම් මිනිස්සු අමුඅමුවේ මරලාදාලා ඈතිද. කොහොමහරි සුද්දාට උවමනා වෙලා තිබුනදේ අදටත් හිරිකිතක් නතුව කරගෙනයනවා.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions