2015. මාර්තු 23 දා පෙරවරුවේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා
මණ්‌ඩලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ
හවුල්කාර පක්‍ෂ කිහිපයක් විපක්‍ෂ නායක තනතුරට මහජන එක්‌සත් පෙරමුණේ නායක
දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ යුතු යයි යෝජනා කැරුණි.ඊට හේතුව නිමල්
සිරිපාල විපක්ෂ නායකමකම දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප
සභාපතිවරු, උප සභාතිවරු උප ලේකම්වරු ඇතුළුව දැනට 26 දෙනෙක් ආණ්ඩුවේ ඇමති
තනතුරු භාරගෙන තිබෙන පසුබිමක සැබෑ විපක්ෂය කුමක්ද යන්න නොවිසදුනු
උභතෝකෝටිකයයි.මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ද වාද විවාද ඇතිවූ අතර කථානායකතුමාද
පැවසුවේ එය තමන්ටත් සිතා ගත නොහැකි ප්‍රශ්නයක් බවයි. ඔහු සභාවට දැනුම්
දුන්නේ විපක්ෂ නායක කවුදැයි පසුව තීරණය කර ඉදිරියේ දැනුම් දෙන බවයි. මේ
අතර ඉදිරියේ තවත් පිරිසක් අමැති තනතුරුවල දිවුරුම් දෙන බව 23 දා පක්‍ෂ
මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිමල් සිරිපාල සඳහන් කළේය. එවිට
තම පක්ෂය ආණ්ඩුව මිස විපක්ෂය වන්නේ කෙසේද යන්න ගැටලුවකි. මේ සියලු
ව්‍යාකූලයන්ට පසුබිම් වුයේ මෛත්‍රීපාල උතුමාණන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
සභාපති වීම සහ මහින්ද නැවත කරළියට පැමිණිය හැකි අවධානමට මුහුණ දීම සඳහා
අටවා ගත් ජාතික ආණ්ඩු කෙමනත් නිසාය.
ජාතික
ආණ්ඩුවක් යනු රටේ මහා ජාතික ව්‍යවසනයක් සිදු වූ අවස්ථාවක සියලු පක්ෂ එකට
ඒකරාශී වී ඉන් අත්මිදීම සදහා එක්ව කටයුතු කිරීමයි. නිදසුනක් ලෙස දෙවන ලෝක
යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්‍ෂය හා ලේබර් පක්‍ෂය එක් වී
ජාතික ආණ්‌ඩුවක් පිහිටුවා ගනු ලැබිණි.එහෙත් මෙරට යුද්ධයක් දරුණු ලෙස
පැවති සමයේ පවා මිනීමරු ප්‍රභාකරම්ගේ බිහිසුණු ත්‍රස්තවාදයට මුහුණ දීමටවත්
අටවා නොගත් ජාතික ආණ්ඩු මහින්ද රාජපක්ෂගේ දිදුළන නායකත්වය වටා දිනෙන් දින
ගොනුවන ජන පෙළගැස්ම හමුවේ ඊට මුහුණදිය හැකි පිළියමක් ලෙස අටවා ගැනීම
විහිලු සහගතය. ඉන් පෙනේනේ මහින්ද භීතිය සහ සිරිසේන මහතාගේ නොන්ජල්කම මිස
අන් යමක් නොවේ.
මේ නිර්ලජිත ක්‍රියාවට සහය දීමක්
වශයෙන් තම මන්ත්‍රී කණ්ඩායමක් ඇමති තනතුරු වලට ගැට ගැසූ නිමල් සිරිපාලට
විපක්ෂ නායකත්වය දැරීමට දැන් සදාචාරාත්මක අයිතියක් නැත. මන්ද එහි දේශපාලනය
ෆන්ඩමන්ටලි විරුද්ධ පක්ෂයක් නොව "ඔයගොල්ලෝ කරගෙන යන්න අපි විරුද්ධ
වෙන්නම්" යන නුතන හෙළ උරුමයේ පොලිටිකල් තියරිය අනුගමනය කරන්නක් නිසාය. එය
පක්ෂිකයා රැවටීමට ලක් කිරීමක් මෙන්ම 58 ලක්ෂයේ ජනතා කැමැත්ත මහදවල් කොල්ල
කා පටු අරමුණු වෙනුවෙන් කළ පවා දීමකි. එම 58 ලක්ෂයේ ජනතා කැමැත්ත
වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටින දිනේෂ් ගුණවර්ධන මහතාට හෝ වෙනත් සුදුස්සකුට
විපක්ෂ නායකකම බාරදීම සදාචාර සම්පන්න දේශපාලයකුගේ යුතුකමය.
අනෙක්
කරුණ මෙය ජාතික ආණ්ඩු යයි බරසාර නම් වලින් හදුනා ගැනීමද වැරදිය. ඉහතින්ද
සඳහන් කළ පරිදි ජාතික ආණ්ඩු සංකල්පය එන්නේ කිසියම් විපත්තියකට රට මුහුණ
දී ඇති විට ඉන් අත්මිදීම සදහා සියලු පක්ෂ හෝ අඩුම තරමින් ප්‍රධාන පක්ෂ හෝ
කිසියම් සාමුහික සම්මුතියකට පැමිණීමෙනි. මේ බිහිකලේ යෑයි මොර දෙන ජාතික
ආණ්‌ඩුවේ ජනතා විමුක්‌ති පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය,
කොමියුනිස්‌ට් පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ,
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ඊ. පී. ඩී. පී. ආදී පක්‍ෂ කීපයක්‌ම නැත. මුහුණ
දීමට තරම් ජාතික ව්‍යවසනයක් නැති මොහොතක ඇමතියන් කිහිප දෙනෙක් එකතු වී
තනතුරු බෙදාගෙන මහින්ද රැල්ල පහව යනතෙක් සිහින දැකීම ජාතික ආණ්ඩු නොවේ.
එසේ නම් මෙය කුමක්ද?මෙය එක්‌තරා ආකාරයක සභාග ආණ්‌ඩුවකි. මීට පෙරද අපේ රටේ
ඕනෑතරම් සභාග ආණ්‌ඩු බිහිවී තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා වමේ
පක්‍ෂ එක්‌වූ සන්ධාන වශයෙන් මෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂය හා විවිධ
දක්‌ෂිණාංශික පක්‍ෂ එක්‌වූ සන්ධාන වශයෙනි.

සැබෑ ජාතික ආණ්ඩුවක නම්
විපක්ෂයක් නැත. එහෙත් මේ ජාතික ආණ්ඩුවට ජවිපෙ. TNA, විමල් ප්‍රමුඛ දිනේෂ්
ආදී විපක්‍ෂයේ පීතෘවරු ගොඩකි. එහෙත් නිමල් සිරිපාල නම් තවමත් තමන් විපක්ෂ
නායක යයි පාරම්බාමින් සිටින බව පෙනේ. එහෙත් ඔහු තම පක්ෂයේම සභාපති වූ ද
ජනධිපති වූද මෛත්‍රීපාලට දක්වන විරුධත්වය කුමක්ද? විපක්ෂයේ නායකත්වය
අවශ්‍ය විරුද්ධ පක්ෂ වල අයට මිස ආණ්ඩු පක්ෂයට නොවේ. එහෙත් ජනාධිපති තෝරා
ගැනීමට පැවති ජනවරම දඩමීමා කරගෙන අගමැතිත් විපක්ෂනායකත් තෝරා ගන්නේ කොයි
රටේ කොයි ප්‍රජාත්‍රන්ත්‍රවාදයට අනුවද? එය යහපාලනය ද ඒකාධිපති වාදයද?
(ඇත්තෙන්ම මෛත්‍රීපාල ජනාධිපති වීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති
වීමත් යනු ලංකික දේශපාලනයේ විකෘර්තියක් පෙන්නුම් කළ කැඩපතකි. කොළොඹ
කේන්ද්‍රීය ටොයි ජන සමාජයේ සිට විශ්ව සාධාරණවාදී NGO ඝට්ටැබියන් පවා අද
යහපාලනය යයි සිතාගෙන සිටින්නේ මේ විකෘත්තියට වීම තනි ඇහැට ඇඩෙන කරුණකි.)
මේ
පසුබිම යටතේ සිරිපාලගේ මෙගා ඩීල් විපක්ෂ නායකතත්වයට විරුද්ධව ඊට දිනේෂ්
ගුණවර්ධනගේ නම යෝජනා කිරීම සාධාරණය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය සිර අඩස්සියටගෙන ඇති නිසා දිනේෂ් ගුණවර්ධනට මහතාට වැඩි අසන
සංඛ්‍යාවක් පිලිබඳ ගැටළුවක් TNA එක මතු කිරීමට ඉඩ තිබේ. තත්ත්වය එසේ
වුවොත් ජාතික ආණ්ඩු යයි මේ ඊනියා සභාග ආණ්ඩුව තුළින් වැඩි වාසි ඇත්තේ
ද්‍රවිඩ ජාතික සන්ධානයටයි. මේ ව්‍යාකුල තත්ත්වය යටතේ ඔවුන් විපක්ෂ නායකකම
ඉල්ලුව හොත් 1977 දී දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ හිමිකරගත් බලය හා
ඉන්පසු ඇතිවූ තත්ත්වයන්ට සමාන තත්ත්වයක් රටේ ඇති වීමටද ඉඩ තිබේ. 1977 සිට
83 දක්‌වා විපක්‍ෂ නායකම හිමි වුණේ මන්ත්‍රිධුර 18 ක් හිමිවී තිබු
අමිර්තලිංගම් මහතාටය. දැනටමත් ප්‍රාන්ත ස්වයං පාලනයක් ඉල්ලමින්ද , හමුදාව
පලවා හරින්නැයි කියමින්ද , උතුර හා නැගනහිර යලි එක්කරන්නැයි ඉල්ලමින්ද යුධ
අපරාධ පිලිබඳ දේශීය පරිෂණ නොව ජාත්‍යන්තර පරිෂණයක් කළ යුතු යයිද යෝජනා
සම්මත කරමින් ද නටන නාඩගමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර ලැබුන හොත්
එය බළලුන්ට උම්බලකඩ ලැබුනාට සමානය. එසේ වුවහොත් එය ජාත්‍යන්තරයටද හැම
අතින්ම රටට අහිතකර මැදිහත්වීම් හා බලපෑම් කිරීමට ලැබෙන අනවශ්‍ය ලැයිසන්
එකක් වීමද වැලැක්‌විය නොහැකිය. දැනටමත් උතුරේ අධි ආරෂක මායිම් වල කණු
ගලවන ගැලවිල්ලේ හැටියටත් ඡන්ද මලු පිරුණ ආකාරයේ හැටියටත් ජනවාරි 8 වෙනිදා
පත් වුනේ රටේ ජනාධිපතිද ඊළමේ ජනාධිපතිද යන සාධාරණ සැකයක් අප ඉදිරිපිට
තිබේ.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි -
යුතුකම සංවාද කවය
www.yuthukama.com
සිරිපාල පන්නමු !
ReplyDeleteදැනට දිනේෂ් විපක්ෂ නායක කරමු !
මහමැතිවරණ්යෙන් පසු රනිල් යළි විපක්ෂ නායක කරමු. රනිල්ට ජය වේවා..!!
DeleteBadulla asanaya dinaganna beri kotata mona wipaksa nayaka kamakda.....
DeleteDinesh or Wimal wipaksha nayaka wiya yuthui
කොට සිරිපාල පන්නමු
ReplyDelete