අප රට යටත් විජිතයක් බවට පත්වූයේ හරියටම මීට වසර දෙසීයකට පෙරදී ය. රට යටත් විජිතයක් බවට පත්වූ විට රටෙි ජනතාවගේ ජන විඥානය ද යටත් විජිත මානසිකත්වයක් බවට පත්වීම නොවැළක්විය හැකි ය. රටක නායකත්වය අහිමිවූ කළ නිදහස අහිමි වන කළ එරට ජන විඥානය තුළ ඇතිවන අන්ත අසරණ බවයි එදා කුංකුනාවෙි හාමුදුරුවෝ මෙලෙසින් සිය හදබසට නැඟුවෙි.
අනේ කූඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒනිසාවෙනි අප තැවෙන්නේ
උදාර ඉතිහාසයකට උරුමකමි කී ජාතියක අභිමානය යටත් විජිත පාලන යුගයක් තුළ කොතරම් දීන බවට පත්වන්නේ දැයි යන්න තේරුම් ගැනීමට හේතු සාධක මේ රට තුළින් තරම් වෙන කවර රටකින් හෝ සොයා ගත හැකි වෙතැයි නොසිතමි. සිංහලයන්ගේ නැති වී යන ජාතික අභිමානය යළි නඟා සිටුවීමටය පියදාස සිරිසේන මහතා සිය සාහිත්‍ය නිර්මාණ තුළින් අපමණ වෙහෙසක් ගත්තේ. සෑම නිවසකම සුද්දන්ගේ අනුරුව අනුව පඹයකු සාදවා තම දරුවන් ලවා පඹයාට උදේ හවා තලවන ලෙස අනගාරික ධර්මපාල තුමා සෑම සිංහලයෙකුටම ඔවදන් දුන්නේ මෙම පරගැති මානසිකත්වයෙන් ජාතියම ගලවා ගැනීමට ය.
සිත නිදහස් බවට
නොපමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ලමු යි යෙති දදහු ඇතියෙන් කට
යනුවෙන් කුමාරතුංගයන් සියහදබසට නැඟුවෙි ද මෙම අදහසම ය.
රටක උදාරත්වයට එහි නායකයාගේ උදාර පෞර්ෂය ද බොහෝ දුරට බලපාන සාධකයකි. නායකයා අදීන අදහස් ඇති වීර චරිතයක් වූ විට පමණි ජනතා සිත් සතන් තුළ ද එවැනි වීරෝදාර නිදහස් අදහස් පහළ වන්නේ. ඉතිහාසය පුරාම ජනතාවගේ ගෞරවයට සහ බහුමානයට නිරන්තරයෙන්ම පාත්‍ර වනුයේ එවන් වූ නායකයින් පමණි. රටෙි නායකත්වයේ චින්තනය පරගැති වන විට මුළු රට ම එම ව්‍යාධියට ගොදුරුවීම නො වැළක්වියව හැකි ය.
නිදහස ලැබීමෙන් වසර 68 කට පසුව ද තවමත් මෙරට ඇතැම් නායකයින් සතු පරගැති චින්තනය පිළිබඳව කදිම පිළිබිඹුවක් පසු ගියදා දක්නට ලැබිනි. පසු ගිය දා එංගලන්තයට ගිය ජනාධිපතිවරයා එංගලන්තයේ රුජින තමා ව මහ ඉහළින් පිළගත් බවත් සිය අත් වැසුම පවා ඉවත්කර තමාට අතට අත දුන් බවත් එතුමිය ලංකාව ගැන තොරතුරු පවා දන්නා බව ද ප්‍රකාශ කළේ ආඩමිබරයෙනි. එපමණක් ද නොව එංගලන්තයේ අගමැතිවරයා තමාගේ රථය ළඟට ම පැමිණ අතට අත දී තමා ව පිළිගත් බවත් ප්‍රකාශ කළේ ය.මෙම ප්‍රකාශය ට සවන් දුන් මා සිහියට නැගුනේ සුනිල් සරත් පෙරේරා විසින් රචිත ප්‍රකට ගීතයක එන පද කිහිපයෙකි.
රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා ඉඳී ගමිභිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන දීන පරපුරකට උපහාසෙන් සරදමි කර
යළි උපදින්නේ කවදද හිමි දමිපල් අනගාරික
1948 වසරේදී ඉංගිරිසින්ගෙන් මෙරට නිදහස ලබා ගත්තේ එවන් වූ හීනදීන පරපුරක් ය. මෙරට රාජ්‍ය ආරක්‍ෂාව විදේශ සබඳතා තමන් අත තබා ගැනීමට ඉංගිරිසිහු අවසන් මොහොත දක්වා ම තැත් කළෝ ය. සේනානායක මහතා මෙම ඊනියා නිදහසට යම් හෝ ගෞරවයක් ලබා ගත්තේ මෙම කටයුතු ඉංග්‍රීසි ආණ්ඩුවෙි අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබන බවට ඔවුන් සමඟ ගිවිසුමකට එළඹෙමිනි. මෙසේ ලබා ගත් නිදහස සැබෑ නිදහසක් බවට පරිවර්තනය කර ගැනීමට උර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උදාර නායකයන්ය. බණ්ඩාරනායක මහතා මෙරට වරාය හා ගුවන් තොටුපොළවල් එහි උරුම කරුවන් ට ලබා දුන්නේ ය. එපමණක් ද නොව එතෙක් කල් මෙරට රාජ්‍ය භාෂාව ලෙස ක්‍රියාත්මක වූ ඉංගිරිසින්ගේ බස ඉවත් කර පොදු ජනතාවගේ බසවූ සිංහලය රාජ්‍ය භාෂාව කළේ ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙරට ස්වෛරී ජනරජයක් බවට පත් කළ අතර රන් පවුම් වතු ද ජනතාව සතු කළා ය. බණ්ඩාරනායකලාට පසුව මෙරට නායකත්වයට පත්වූ දෙකට නැමෙන පරපුරකට අයත් නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා ඉංග්‍රීසි කාරයන් තුටිටුවකට මායිමි නොකරමින් ඔවුන් විසින් හදා වඩා පෝෂණය කළ කොටි ත්‍රස්තවාදය සහමුලින් ම විනාශකර දැමී ය.
පසු ගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ බලවෙග අතරින් ප්‍රධාන ම තැන ගන්නේ බටහිර අධිරාජ්‍යවාදයයි. මෙහිදී මා බටහිර යන්න අර්ථ දක්වන්නේ සැමුවෙල් හංටින්ටන් මහතා විග්‍රහ කරන අයුරින්ම ඇමෙරකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය රටවල් ය. තව දුරටත් ලොව සංස්කෘතික හා ආර්ථික ආධිපත්‍යය රැක ගැනීම සඳහා සටනක යෙදී සිටින බටහිර ලෝකය ඒ සඳහා යොදා ගන්නා ලද ත්‍රස්තවාදී ව්‍යාපාරයක් විනාශ කරමින් විසි එක් වැනි සියවසේදී ඔවුනට විරුද්ධව එල්ල වූ ප්‍රබල ම අභියෝගය එල්ල කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, දෙමළ ඩයස්පොරාව, යුරේාපා සංගමය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මෙන් ම බටහිර තානාපති කාර්යාල හරහා රාජපක්‍ෂ මහතාට විරුද්ධව සිදු කරනු ලබන විවිධ මෙහෙයුම් ඔස්සේ එතුමා ව ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීමටත් එතුමා යළි දේශපාලනයට පැමිණීම වැළැක්වීමටත් ගන්නා උත්සාහයනුත් ලොව දේශපාලන ප්‍රවණතාවන් ගැන අවදියෙන් සිටින බුද්ධිමත් ජනතාවට රහසක් නොවේ.
අද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉංග්‍රීසින් පොරොන්දු වන්නේ එදා බණ්ඩාරනායක මහතාගේ සහ මැතිණියගේ මෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ මෙරට ජනතාව ලබා ගන්නා ලද නිදහස හා ජයග්‍රහණ යළි ඔවුන්ගේ දෙපාමුල පූජා කිරීමට ඔහු සූදානම් බැවින් ද? විදේශ සබඳතා හා රාජ්‍ය ආරක්‍ෂාව ද ඉංගිරිසින්ගේ උපදෙස් අනුව සිදු කරනු ලබන රටක් බවට නැවතත් අප රට පත්වීමෙන් රටේ ස්වාධීනත්වය 1948 ට ද වඩා ආපස්සට ගොස් ඇති බව නොපෙනෙන්නේද?
මහින්ද රාජපක්‍ෂ මහතා නොසළකා හරින ලද්දේ ශිෂ්ට සම්පන්න රටවල් ලෙස තව දුරටත් සැළකිය නොහැකි එංගලන්තය, ඇමෙරිකාව ආදී බටහිර සභ්‍යත්වය පවතින රටවලදී පමණි. බටහිර සභ්‍යත්වය හැර අන් ඕනෑම සභ්‍යත්වයක් පවතින රටකදී මහින්ද රාජපක්‍ෂ මහතා උපරිම රාජ්‍ය හා මහජන ගෞරව සමිමානයට පාත්‍ර විය. ඒ එතුමා අද ලෝකයටම තර්ජනයක් බවට පත් වී ඇති බටහිර සභ්‍යත්වය කර පින්නා ගත් නව යටත්විජිතවාදයට විරුද්ධව සටන් වැදුනු නායකයකු වූ බැවිනි. ඩේවිඩ් කැමරන් වැනි බාල ගණයේ දේශපාලනඥයකුගේ පිළිගැනීමට ලක් නොවූවද මෙරට මෙන්ම ලෝකවාසී බුද්ධිමත් ජනතාවගේ ද ගෞරවයට රාජපක්‍ෂ මහතා ලක් වෙි.
නුගේගොඩදී, මහනුවරදී මෙන්ම අද රත්නපුරයට එක්වන ලක්‍ෂ ගණන් ජනතා සිත් සතන් තුළ තෙරපෙන්නේද එදා කුංකුනාවෙි හාමුදුරුවන්ගේ සිත තුළ තෙරපුනු පැතුම ම ය. එනම් ජාතික නිදහස හා අභිමානය පිළිබඳව ප්‍රාර්ථනාව ම ය.
රජෙක් ලැබුනෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤං
පෙරහැර කරඤ්ඤං
සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤං
- වෛද්‍ය වසන්ත දේවසිරි

ReplyDeleteතොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒනිසාවෙනි අප තැවෙන්නේ
Sinhalayange welawatai My3 ta atha dunne, hug ekak wath dunnanam mekage santhose wadikamata saramath galawenawa....
ReplyDeleteMewwata thamai kiyanne yahapalane gon aathal kiyala....
Polonnaruwe kattiya poddak balanna mekage gedara biththiye England rajinage pinthurak (CBK ge pinthureta udin) gahala ude hawasa mal thiyala wandinawa athi
Namaste: The so called British Empire in fact was a British-Indian Empire and now we got Indian Empire.
ReplyDeleteදික්වූ කෙනෙහි සතුරාගේ ගෙල නොසිද
ReplyDeleteවක් නූ පොරන සිංහළ අත් යුවල අද
ඔක්කෝටම වදින හැටි බල බලා හිද
ලක්මව හඩන හැටි නුඹටත් පෙනෙනවද