12/16/2015

සෝම හිමිගේ සැබෑ "ඝාතකයෝ" මෙන්න....

කතෘ:යුතුකම     12/16/2015   4 comments

ගංගොඩවිල සෝම හිමියන්ගේ 12 වැනි ගුණානුස්මරණය දෙසැම්බර් 12 වනදාට යෙදී තිබිණ. 2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස්බර්ග්ස් හිදී ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම සදහා රුසියාවට වැඩම කර තිබියදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස්හි රෝහලකට හදිසියේ ඇතුල් කරන ලද අතර එහිදී උන්වහන්සේගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් අපවත් වූහ. ඒ වන විට උන් වහන්සේ 56 වැනි වියේ පසු විය. ඒ වකවානුව වන විට ගම් දනව් සිසාරා උන් වහන්සේ පවත්වාගෙන ගිය ධර්ම දේශනා මාලාව වටා බෞද්ධයන් අති විශාල පිරිසක් ඒකරාශී වී තිබිණ. උන්වහන්සේගේ අපවත් වීම නිසා ඔවූහු මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම බොහෝ දෙනෙකුගේ සිත් තුළ සැක සංකා මතු කරන්නටද හේතු විය. බොහෝ දෙනා මෙය ක්‍රිස්තියානි මුලධර්ම වාදයෙන් සිදු කරන ලද මරණයක් ලෙස විශ්වාස කළ අතර එකල සෝම හිමි රුසියාවට රැගෙන ගිය දේවගැතිවරයෙකු වූ ශාන්ති ජයසේකර නැමැත්තා මේ මරණයට වගකිවයුත්තකු ලෙස එකල මාධ්‍ය විසින් හඳුන්වා තිබිණ.

සෝම හිමියන්ගේ දීප ව්‍යාප්ත ධර්ම දේශන මාලාව හරහා සිංහල බෞද්ධයා අතර ඇති වූ පිබිදීම උන් වහන්සේගේ අපවත්වීමත් සමග දෝරේ ගලා යන්නට විය. එය ප්‍රත්‍යක්ෂ කරමින් උන් වහන්සේගේ අවසන් කටයුතු සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී විය.
එවකට සිහළ උරුමය ලෙස පැවති කණ්ඩායම ඒ පිබිදීම තම ග්‍රහණයට ගත් අතර පසුව ජාතික හෙළ උරුමය ලෙස වෙනස්වී භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් කිරීම දක්වා ඒ රැල්ල ඔවුන් තම දේශපාලන ව්‍යාපෘතියට ආයෝජනය කළහ. රැල්ලේ දේශපාලනය ඒ කණ්ඩායමට අමුතුවෙන් පුහුණු කළ යුතු ගුණයක් නොවේ. පාර්ලිමේන්තුවට භික්ෂූන්වහන්සේලා ආගමනයේදී ඔවුන් මහජනතාවට ප්‍රතිඥා දුන් ප්‍රමුඛම පොරොන්දු නම් සෝම හිමියන් අපවත්වීම පිළිබඳ සත්‍ය සොයා වැරදිකරුවන් හෙළි කරන බවත්, අන්‍යාගමීකරණ පනතක් සම්මත කර බලහත්කාරයෙන් සහ වරප්‍රසාද දී ආගම මාරු කිරීමට වැට බඳින බවත්ය. අවාසනාවට කරුණක් නම් අදද ඒ පොරොන්දු හුදු පොරොන්දු පමණක් වීමයි.
බොහෝ දෙනා සෝම හිමියන්ගේ ආගමනය සිංහල ජාතික ව්‍යාපාරයේ නව පිම්මක් ලෙස හඳුන්වති. සිංහලකමේ , බෞද්ධකමේ සතුරන් මේ නව පිබිදීම පරාජය කිරීමට පිඹුරුපත් සැකසුවේ අද ඊයෙක නොවේ. පසුගිය ආණ්ඩු පෙරළියේ ඉදිරිපෙළ භූමිකාවක් නියෝජනය කළ විකල්ප ගෝත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස පිළිගැනෙන ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු අවශ්‍ය ඇයි යන කතිකාවේදී මේ පිළිබඳ වැදගත් ප්‍රකාශයක් සිදු කළේය. 2014 මැයි මස අන්තර්ජාල වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු පවසන්නේ මාදුලුවාවේ සෝභිත හිමියන් වටා ගොඩනගන ව්‍යාපාරයක් හරහා සිංහල ජාතිකවාදයේ නැගී සිටීම තීරණාත්මකව පරාජය කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. ඒ වන විට පාඨලී - රතන හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමය රාජපක්ෂ ආණ්ඩුව තුල සිටි අතර නිර්මාල් මහතා අවධාරණය කර සිටින්නේ ඔවුන්ට සෝභිත හිමි වටා ගොඩනගන ව්‍යාපාරය හා සම්බන්ධ වීමට කිසිඳු විභවයක් නැති බවයි. ඔහුගේ කතාවෙන් උපුටා ගත් මේ කොටස කියවන්න.

ඔහුගේම වචන වලින් ඒ කතාව අහමු.
උපුටා ගැනීම:

“අනූව දශකයේ අග භාගය සහ ඉන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නව පුනර්ජීවනයක් ඇති වුනා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මැදිහත්වීම , ඉන් පසුව ජාතික හෙළ උරුමය , බහුජන නිදහස් පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් ආක්‍රමණකාරී ආකාරයට ජාතිකවාදී නැඹුරුවක් පෙන්නුම් කිරීම ,දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය , මනෙල් මල් ව්‍යාපාරය සහ මැත කාලයේ බොදු බල සේනා රාවණා බලය ආදී ප්‍රචණ්ඩ ආකාරයෙනුත් මෙවැනි ක්‍රියාවලියක් ඇරඹුනා. එය සිංහල ජාතිකවාදයේ දෙවන නැගී සිටීම කියලයි මම ඕකට කියන්නේ.
හැබයි 80 දශකයේ සිංහල ජාතිකවාදය වෙනුවෙන් ඉදිරිපෙළ නායකයෙක් වෙලා සිටපු සෝභිත හාමුදුරුවො අද ජාතිකවාදී නොවන අය සමග කටයුතු කරන කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා අද ඔහු ජාතිකවාදී කඳවුරේ සමහරුන්ගේ විවේචනයට ලක් වෙලා. විශේෂයෙන් නලින්ද සිල්වා මහතා අදීන් මාදුළුවාවේ හාමුදුරුවො විවේචනය කරන්නේ ඒකයි.

අපට අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය තමයි අද ජාතිකවාදී කඳවුරේ බිඳීමක් ඇති වෙමින් තියෙනව. විශේෂයෙන් විමල් වීරවංශ , චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් ඉවත් වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනව. ඒ හරහා සිංහල ජාතිකවාදී කඳවුර දුර්වල වෙලා තියෙනව. ඒ දුර්වල වීම තුල අපට සෝභිත හාමුදුරුවන් හරහා නව ව්යාපාරයක් බිහි කරගැනීම හරහා එය තව දුරටත් දුර්වල කල හැකියි. චම්පිකට විමල්ට වගේම ගලබොඩ අත්ත ඥානසාරට ඒ ව්‍යාපාරය එක්ක එකතු වෙන්න බෑ. සිංහල ජාතිකවාදය දුර්වල කල හැක්කේ ඒ කඳවුරට ජනයා එකතුවන හැකියාව අඩු කිරීම හරහායි. සෝභිත හාමුදුරුවන්ගේ සංඛේතාත්මක නායකත්වය හරහා ගොඩනගන ව්‍යාපාරය හරහා එය ඉටු කරගත හැකියි. සිංහල ජාතිකවාදය පැරදවීම තමයි එහිදී මූලිකම කාරණය. සෝභිත හිමියන් පැහැදිලිව කියල තියෙනව දෙමළ ජාතික සංධානය සමග තමන්ට එකට වැඩ කල හැකි බව. එය ඉතාමත් වැදගත් කාරණයක්. ”
--නිර්මාල් දෙවසිරි 2014 -05-23

ඒ සම්මුඛ සාකච්චාවේදී චම්පික රණවක ආදීන්ට මේ ව්‍යාපාරය සමග එක් විය හැකිද යන පැනයට පිළිතුරු දෙන නිර්මාල් දෙවසිරි මහතා දෙන පැහැදිලි පිළිතුර බලමු.

උපුටා ගැනීම:
"කෙටි කාලීනව හා මධ්‍යකාලීනව ගත්තම මේ ව්‍යාපාරයට ජාතිකවාදී පිළට එකතු වෙන්න තියෙන ඉඩ අඩුයි. අඩුයි නෙවෙයි ඇත්තටම හැකියාවක් ඇත්තම නෑ. ඒක වෙනවනම් වෙන්න ඕන ඉදිරි මාස කිහිපය තුල. එහෙම ඉදිරි මාස කිහිපයේ එහෙම වෙනවනම් මම වගේ කෙනෙක් ඒ ව්‍යාපාරයේ තවදුරටත් ඉන්නේ නෑ. මම විතරක් නෙවෙයි ඒ ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් එතන ඉන්නේ නෑ චම්පික රණවකල ඒකට එකතු වෙනවනම්.

ඒ විතරක් නෙවෙයි තව වැදගත් කාරණයක් තියෙනව පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරනවනම් දෙමළ ජාතික සංධානය සහ මුස්ලිම් පක්ෂ සමග එකඟතාවයකට යන්න ඕන කියන එක. සෝභිත හිමියන් එකඟ වෙලා තිබෙනවා එයට. ඒක ඉතා වැදගත් පියවරක්.

මේ ව්‍යාපාරයට දෙමළ ජාතික සංධානය , මුස්ලිම් කොංග්‍රසය සහ අනෙකුත් කොටස් සමග සිංහල ජාතිකවාදයට එරෙහි මම වගේ පුද්ගලයන් එකතු වෙලා ඉන්දෙද්දි චම්පිකලට , විමල් වීරවංශලට ඥානසාරලට ඒකට එකතු වෙන්න තියෙන දේශපාලන හැකියාවක් නෑ. .එසේ වෙනවනම් ඒ කඳවුරේ විශාල පිපිරීමක් හරහායි එය සිදුවිය යුත්තේ. ඒක කිසිසේත් යථාර්ථවාදී තක්සේරුවක් නෙවෙයි .එය ප්‍රායෝගිකව කිසිසේත් විය නොහැකියි."

-නිර්මාල් දෙවසිරි 2014 -05-23


නමුත් නිර්මාල් මහතා තක්සේරු කළ එබඳු කිසිඳු පිපිරීමකින් තොරවම චම්පික රණවක රතන හිමි ආදීන් නිර්මාල්ලාටත් ඉදිරියෙන් නිර්මාල්ලා අපේක්ෂා කළ ඒ සිංහල ජාතිකවාදයේ පිබිදීම පරාජය කරන ව්‍යාපාරයට එකතු විය. එයින් හැඟෙන්නේ චම්පිකලාගේ දේශපාලන අවස්ථාවාදය නිර්මාල්ලාගේ මිනුම් දඬුවලට පවා හසු නොවන තරමේ අවස්ථාවාදී අභව්‍ය එකක් බවද?
චම්පිකලා අසූව දශකයේ අග භාගයේ සිටම දේශපාලනය තුල නියෝජනය කලේ අවස්ථාවදය මිස සැබෑ ජාතිකවාදය නොවේ යැයි මීට බොහෝ කලකට පෙර ජාතිකවාදී විද්වතුන් පෙන්වාදුන් මතය චම්පිකලා අද භාවිතයෙන් ඔප්පු කර දී තිබේ. එදා චන්ද්‍රිකා හරහා ශ්‍රීලනිප ය එහි මුල් වලින් ගලවා දමා වැරදි මගක යැව්වා සේ අද වන විට හෙළ උරුමය රතන හිමි - චම්පික පාර්ශවය එහි මුල් ප්‍රකාශිත මාවතෙන් ගලවා විජාතික මතවාදය සමග එක පෙළට සිටවා තිබේ. වේලුපිල්ලේ ප්‍රභාකරන්ට වඩා මහින්ද රාජපක්ෂ රට විනාශ කල ද්‍රෝහියෙකු ලෙස අර්ථ ගැන්විය හැකි තරම් දේශපාලන ලෙස කුජීත ස්ථාවරයකට චම්පික පත්ව ඇත්තේ ඒ හරහාය.

සෝම හිමියන්ගේ ධෛර්යයෙන් නව පණක් ලද සිංහල ජාතික ව්‍යාපාරය තීරණාත්මක පරාජය කිරීමේ ව්‍යාපාරයේ ඉදිරි පෙළ සටන් කරුවන් බවට අද පත්ව ඇත්තේ සෝම හිමියන් වෙනුවෙන් ලැබුණු අනුකම්පාසහගත චන්දවලින් දේශපාලනව ගොඩ ගිය චම්පික රණවකලාය. රතන උන්වහන්සේලාය.

ඇත්තටම අද නිර්මාල්ලාට සිදු කිරීමට කාර්‍යභාරයක් ඉතිරි වී නැති තරම්ය. ඒ තරමටම චම්පිකලා නිර්මාල්ලාගේ කාර්‍යභාරය ඉටු කරමින් තිබේ. ඒ සිංහල ජාතිකවාද වලපල්ලට දැමීමට සහ ඒ හරහා මුළු රටම විජාතික කොළනියක් බවට පත් කර දෙමල මුස්ලිම් බෙදුම්වාදය ශක්තිමත් කරමිනි.

සෝම හිමියන් එදා අශ්රොෆ්ගේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගී සිටි අභීත ස්වරය සමග විල්පත්තු විනාශය වැනි මුස්ලිම් මූලධර්මවාදයේ බලහත්කාරය හේතුවෙන් සිදු වන ව්‍යසනය හමුවේ රතන හිමි - චම්පික වැන්නන්ගේ අද නකුට ගසා ගැනීම සසඳන්න. (විල්පත්තු රක්ෂිතයේ විනාසය 'බෙල්ලන්විල අවට නිවාස තනනවා' වැනි සරල සිදුවීමක් බවත් එය කලබල විය යුතු දෙයක් නොවන බවත් මීට මාස දෙක තුනකට පෙර ප්‍රකාශ කළේ චම්පික රණවක මහතාය. ඒ පසුගිය අවදියේ හලාල් විරෝධය හයි ජැක් කර සිංහල මිනිහා හා මුස්ලිම් මිනිහා අතර මාරාන්තික වෛරයක් ඇවිලවූ චම්පිකමය. විල්පත්තු විනාශයට එරෙහි ව්‍යාපාරය රැල්ලක් වන්නේ නම් චම්පිකලා නැවත ඒ රැල්ලේ නගින්නටද බලා සිටින බවට සැක නැත.)
සෝම හිමි කොටි දෙමළ ජාතිවාදයට එරෙහිව නැගී අභීත හඬ සමග , අද දෙමළ ජාතිවාදයට ඉතිහාසයේ ලබාදෙන ලොකුම කප්පම් දෙද්දීත් රණවිරුවන් ජිනීවාහිදී පාවා දෙද්දීත් රතන හිමි - චම්පික ආදීන් යහපාලන සීතාම්බර පටට මුවාවී පූස් කෙඳිරිටක්වත් නැතිව සිටින දීන ස්වරය ඔබම සසඳා බලන්න.

සෝම හිමියන්ගේ භෞතික ශරීරයේ ඝාතකයා ශාන්ති ජයසේකරලා දැයි සැකයක් තිබුනත් සෝම හිමියන්ගේ අධ්‍යාත්මය යළි යළිත් ඝාතනය කළ සැබෑ ඝාතකයන් පිලිබඳ නම් දැන් සැකයක් නැත.

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. මේවා තේරෙන ඔලුව තියන මිනිස්සු නැ

    ReplyDelete
  2. මම බොහොම කාලයක ඉඳන් ඔබලාගේ ලිපි බොහොම උවමනාවෙන් කියවනවා.
    75% විතර ලිපි ඉතා හරවත් සහ තාර්කිකයි කියල හිතෙනවා.
    නමුත් ඔබලාගේ මේ වටිනා ලිපි සමාජ කතිකාවතක් බවට පත් වෙලා නෑ කියලයි හිතෙන්නේ.
    ඒ ගැනත් හිතුවොත් හොඳයි.

    ReplyDelete
  3. Do not create stories ! I was there in st Petersburg that time and I personally know each of the above mentioned. Let Soma himi rest in peace !

    ReplyDelete
  4. Your revelation is great. Keep it up and be the voice of the National Movement.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions