3/15/2016

ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස.

කතෘ:යුතුකම     3/15/2016   No comments

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපතිවරයා වන විට සරත් ෆොන්සේකා මහතා සිටියේ යුධ හමුදාපතිධූරය පෙනි පෙනී විශ්‍රාම යන අවස්ථාවකය. පත්වූ අලුත් රජයන් හමුදාපතිධූරය බාර දෙන්නට තරම් ඔහු ආණ්ඩු බලය ලබාගත්ත පාර්ශවයේ විශ්වාසය දිනාගත්තෙක් නොවීය.(අද දවස ඔහු කුමක් කීවත් ) 2009 යුද්ධය අවසන් වූ සමයේ සරත් ෆොන්සේකා මහතාම හෙළි කරන ලද ආකාරයට ඔහුට අවසන් යුද්ධය සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව හිමි වන්නේ මහින්ද -ගෝඨා සුසංයෝගය නිසාය.සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිධූරයට පත් කරද්දී ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා ඒ පිළිබඳ අකමැත්ත සහ සැක පළ කර තිබිණ.

සාමාන්‍යයෙන් අලුත් ආණ්ඩුවක හමුදාපති පත් කිරීමේදී සලකා බලන ආණ්ඩුවට හිතවාදී සුදුසුකම සරත් ෆොන්සේකා මහතාට වඩා සපිරූ අනෙකුත් සුදුසුකම් සැපිරූ ජ්‍යේෂ්ඨයන් තව ඕනෑ තරම් යුධ හමුදාව තුළ ඒ වන විටත් සිටියහ. නමුත් ගොඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත මහින්ද රාජපක්ෂ මහතා විසින් ෆොන්සේකා මහතා හමුදාපති තනතුරට පත් කරන්නේ ඉදිරියේදී ඇති වන්නට නියමිත මහා පරිමාණ යුද්ධයේ තීරණාත්මක වැඩ කොටසකට ඔහු සතු යුධමය හැකියාව සලකා බලාය.ආණ්ඩු හිතවාදී සාධකය නොසලකා සුදුස්සාට සුදුසු තැන ලබාදීම හරහා ඉදිරියේදී ඇතිවන සටන් තුලදී අපට වැඩි වාසි අත් වන බව මේ සමගම බොහෝ දෙනා පුරෝකතනය කළේය.යුද්ධය අවසන් වූ විගසම එවකට ආණ්ඩුවේ ඇමතිවරයකු වූ පාඨලී චම්පික රණවක මහතා ස්වයං ලිඛිත චරිතාප්‍රදානයේ මේ පිලිබඳ සටහනක් තබා ඇත්තේ මෙසේය.

"සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස  ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක‍්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන  ඕනෑම අභියෝගයක් සඳහා
සූදානම් වන බවයි.  "
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව 153

මේ කරුණු සැලකීමේදී තම පක්ෂයේ වගකිවයුත්තන් පවා විරුද්ධ අදහස් දරද්දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපති ධූරයට පත් කිරීම ඉතා දියුණු දේශපාලන නායකත්ව ගුණයක් ලෙස තේරුම් ගැනීම වරදක් නැත.

දැන් අපි වර්තමානයට එමු.
2015 මහ මැතිවරණයේදී මුලු ලංකාවෙන්ම ලද චන්ද ප්‍රමාණය විසි පන් දහසකට ආසන්න ගණනක් වෙද්දී සරත් ෆොන්සේකා මහතා ඒ වන විට පත්ව තිබුනේ දා 2004 පත්ව සිටියා මෙන් දේශපාලන ගමන අවසන් ගමනේ යන අවස්ථාවකය.
එදා මහින්ද-ගෝඨා සුසංයෝගය නිසා ලද අවස්ථාවක් අද ඔහුට ලැබෙනුයේ රනිල් වික්‍රමසිංහ මහතා නිසාය. තම පක්ෂයේ ප්‍රබලයන් පවා එම්,කේ ඩී. එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රීධූරයට ෆොන්සේකා මහතා පත් කිරීමට එරෙහි වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා එයට වෙනස් ස්ථාවරයක් දැරීය.
බොහෝ දෙනා එදා මහින්ද රාජපක්ෂ මහතාට අනතුරු ඇඟවූ ලෙසින්ම මෙද රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු අඟවා තිබුණේ සරත් ෆොන්සේකා මහතා ලං කර ගැනීම 'අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීමක් ලෙසය' විශේෂයෙන් වික්‍රමසිංහ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා  මේ පිළිබඳ දැඩි විරෝධයක් දැක්වූ බව වාර්ථා විය.
නමුත් අවසානයේ සරත් ෆොන්සේකා මහතා මේ සියලු විරෝධයන් යට කර ෆොන්සේකා මහතාට මන්ත්‍රීධූරයත් එතනින් නොනැවතී ඈති ධූරයකුත් දීමට තරම් "දානපති" විය.

එදා මහින්ද රාජපක්ෂ මහතා තමාට එතරම් හිතවාදී නොවන ෆොන්සේකා මහතා හමුදාපතිධූරයට පත් කළේ රට ගැන සිතා ඔහුගෙන් රටට ගත හැකි මෙහෙය ගැන සිතාය, අද රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා ගත්තාටත් වඩා දේශපාලන අවධානමක් ගත්තේ ඇයි?

මේ පැනයට පිළිතුරක් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදු කළ තම මංගල පාර්ලිමේන්තු කතාවෙන් ලැබිණ. එහිදී ඔහු සුපුරුදු රාජපක්ෂ වෛරය මුදා හරින අතරේ ඉතා දරුණු ජඩ පාවාදීමකට ඔහු සූදානම් බව කෙලින්ම ප්‍රකාශ කළ්ය. යුධ අපරාධ පිළිබඳ විමර්ශනයකට විදෙස් විනිසුරුවරුන් නිරීක්ෂකයන් ආදීන්ගේ සහය ලබාගත යුතු බව ප්‍රකාශ කළ ඔහු කුප්‍රකට සුදු කොඩි කතාව නැවත ප්‍රකාශ කරමින් "යුධ අපරාධ "සිදු කළ සියල්ලන්නට දැඩි දඬුවම් දිය යුතු බව දැඩිව ප්‍රකාශ කළේය.

මීට පෙර පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ දෙමළ සංධාන මන්ත්‍රීවරුන් වත් මෙතරම් දරුණු භාවිතාවක් පෙන්වා නැත. ඔවුන් පවා සිටින්නේ ජිනීවා පාවාදීම හරහා අපට රටට තොණ්ඩුව වැටී බෙදුම්වාදය යළි දිනන දවස එනතුරු නිස්කලංකේය. නමුත් මේ යන මෘදු ගමන ඉදිරියේදී සිදු කරන මහා පාවාදීමේ ක්‍රියාත්මක අවධිය සඳහා ප්‍රමාණවත් නැති බව රනිල් වික්‍රම්නසිංහ මහතා නිසි පරිදි අවබොධ කරගෙන ඇත. ජිනීවා පාවාදීම බලාත්මක වන අවධිය වන විට නැගෙන ජනතා විරෝධය මැඩීමට නම් දැන් සිටම මොළ සෝදා තැබිය යුතුය. තොප්පිගල කැලෑවක්  කියූ වික්‍රමසිංහටවත් ඕන ගොනෙකුට යුද්ධ කළේ යැයි කියූ කිරිඇල්ලටවත් , අලිමංකඩ පාමංකඩ කතා කියූ කරුණානායකටවත් එය සිදු කළ නොහැකි බව රනිල්ට වැටහෙන්නට ඇත.
යුධ සමයේ තීරණාත්මක වැඩ කොටසකට සහාය දුන් ෆොනේකා මහතාට ජනතාව තුළ තවමත් ඒ පිළිබඳ යම් ගෞරවයක් ඉතිරිව ඇත්නම් ඒ ජනතා හැඟීම රට සහ රණවිරුවන් රාජපක්ෂ වෛරයට මුවාවී පාවාදීමේ ද්‍රෝහී ක්‍රියාවලියට යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා ෆොන්සේකා මහතාගෙන් බලාපොරොත්තු වන මෙහෙයයි.
මේ වැඩ කොටස සිංහල සමාජය තුළ සිදු කළ හැකිව තිබූ අනෙකා පාඨලී චම්පික රණවකයි.
ජනාධිපතිවරණ සමයේ මේ දෙදෙනා සහ රතන හිමියන් සමග පුවත් පත් පුරා දැන්වීම් පළ කළේ රට පාවාදෙන්නේ නම් එයින් රට මුදා ගන්නේ මේ තුන් කට්ටුව බවට ජනතා මතයක් ඇති කිරීමටය.
නමුත් ඒ වන විටත් චම්පිකලා රාජිත ලා සමග ඩීල් එකකට ගොස් තුබුණේ තම බල උවමනාව වෙනුවෙන් ඕනාම පාවාදීමක් කිරීමට සූදානමිනි.

එකල මාධ්‍යට නිකුත් වූ මේ වීඩියෝව අහන්න.

අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න ඒ ද්‍රෝහී පාවාදීමට චම්පිකලා ගෙතූ සූත්‍රයයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට අද චම්පික ප්‍රමාණවත් නැත.ජිනීවා යටත්වීම බලාත්මක වන  නුදුරේදී සිදුවන්නට නියමිත පාවාදීම ඒ තරමට දරුණු බව රනිල්ලා දනී.
පාවාදීම යටපත් කරමින් එයට සුජාතභාවය ආලේප කිරීමට , රනිල්ගේ අභිප්‍රාය කෙලින්ම සිංහල සමාජයට සමාජගත කිරීමට සිංහල සමාජය තරමක් හෝ විශ්වාස කරන හඬක් ඔහුට අවැසි විය.සරත් ෆොන්සේකා ඔහු පාවිච්චි කරන්නේ ඒ හඬ වෙනුවෙනි.  ඇමති කට්ටට ඇති මල පෙරේතකම සහ රාජපක්ෂලා සමග ඇති විකෘති පෞද්ගලික වෛරය විසින් එදා සිටි ඒ වීර සරත් අද මේ ද්‍රෝහී පිළිකුල් සහගත සරත් බවට පත් වි තිබේ.

එදා රට බේරාගැනීමට සරත් ෆොන්සේකා පාවිච්චි කළ මහින්ද වෙනුවට අද රට පාවාදීමට ඒ ෆොන්සේකාම පාවිච්චි කරන රනිල් ජනවාරි 8  "විප්ලවය" හරහා බලයට ආදේශ වී තිබේ.
වෙනස කියන්නේ මෙයටය.

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions