3/24/2016

ත්‍රස්ත්‍රවාදය පිටු දකින දෙබිඩ්ඩෝ

කතෘ:යුතුකම     3/24/2016   No comments

-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් යලි යලිත් ලෝකයට කියාදෙන පාඩම කුමක්ද ? ත්‍රස්තවාදය යනු ලෝකයේ කොතනත් තුරන් කළ යුතු පිළිලයක් බවයි. එය ලංකාවේ උතුරටත් ප්‍රංශයටත් ඇමරිකාවටත්, බෙල්ජියමටත් රුසියාවටත් බ්‍රිතාන්‍යටත් එක සේ පොදු කාරණයක් බවයි. බටහිර සුදු මහත්තුරුන්ට ත්‍රස්තවාදයේ නපුර මතක් වියයුත්තේ තමන්ගේ රටට කෙළින විට පමණක් නොවේ. 2001 සැප්තැම්බර් 11දින මනුෂ්‍ය ජීවිත සමග ඇමරිකාවේ ලෝක වෙළද මහල් සමතලා කළවිට ත්‍රස්තවාදයේ නපුර අත්විදි ඔවුන්ද එදා කීවේ ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කළයුතු බවයි. එසේම 2015 නොවැම්බර් ප්‍රංශයයේ පැරිස් නුවරට අයි.එස්‌.අයි.එස්‌. ම්ලේච්ඡයන් බෝම්බ ගසන විට ප්‍රංශයටත් එයම මතක් විණි. දැන් බෙල්ජියමේ ප්‍රහාරය සමග යළිත් ලෝකයට ත්‍රස්ත්‍රවාදයේ රහ අත්දකින්නට අවස්ථාවක් ලැබී තිබේ. ඒ සමග යුරෝපයටත් දැන් ත්‍රස්තවාදය අතුගා දැමිය යුත්තක් බව මතක් වී ශෝක ප්‍රකාශ නිකුත් කරමින් සිටී.එහෙත් අපි අමතක නොකළ යුතු කරුණක් තිබේ. පහුගිය කාලයේ ඩයස්පෝරාකරුවන්ට වෙනත් රටවල ත්‍රස්තවාදී කටයුතු කිරීමට අවශ්‍ය අරමුදල් එකතු කරන අනුග්‍රග්‍රාහක වැඩ සඳහා වාඩිලා ගැනීමට වැඩිමනක් ඉඩ දුන්නෙත් මේ යුරෝපා රටවල් බවය. එක අතකට ඔවුන් අද ගෙවන්නේ ඒ කරුමවල පව් විය යුතුය. කනගාටුවට කරුණ අද ඒවායෙහි වන්දි අහිංසක මිනිසුන්ට ගෙවන්නට සිදුවීමය.

ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් කළයුතු යයි ශෝක පණිවිඩ අරින සුදු මහත්තුරු ලංකාවෙන් මහින්ද රාජපක්ෂ එය නන්දිකඩාල් කලපුවට අතුගා දැමු විට ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළයුතු යයි කියන්නේ ඇයි. ඔවුන් මුහුණ දුන් ත්‍රස්තවාදය හා අප මුහුණ දුන් ත්‍රස්තවාදය දෙකක් බව සිතා ද? ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ෆැසිස්ට්වාදය හමුවේ අයි.එස්‌.අයි.එස්‌ සංවිධානය පවා සුහුබුලන් බව ඔවුන් නොදැන ඉන්නට හේතුවක් නැත. ලංකාවේ ඉන්නේ ඔවුන් මෙන් එක දවසක ත්‍රස්තවාදයේ රහ බැලූ පිරිසක් නොව ISISලටත් වඩා ෆැසිස්ට්වාදී මිලේච්ඡ සංවිධානයකින් වසර 30ක් තිස්සේ බැට කෑ පිරිසකි.

එහෙව් ලංකාවේ, සියලු ජාතීන්ට මේ මරණ බය නැති කිරීම අද මහා යුධ අපරාධයක් සේ දකින්නේ බෙල්ජියම ප්‍රහාරයෙන් සිහි එළවාගත් සුදු මහත්තුරු වීමත් විශේෂය. ඔවුන්ගෙන් සහ ඊට උල්පන්දම් දෙන ලංකාවේ NGO නඩයෙන් ද ඔවුන්ගේ අන්තේවාසිකයන්ගෙන්ද උත්ප්‍රාසයෙන් අහන්නට තියෙන්නේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ වැදගත්කම දැන්වත් තේරුනාද?යනුවෙනි. ඒත් මොවුන්ගේ නරුමකම කොච්චරද කිවහොත් වසර 30ක්ම ලේ ඉල්ලපු මිනීමරුවකු විමුක්තිකාමීයකු ලෙස දුටු ඔවුන් ප්‍රංශ ප්‍රහාරයට පසු ඒ මිනිස්සු වෙනුවෙන් නම් ප්‍රංශ කොඩියද මුහුණු පොතට දැමුහ. ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් මායිම් ගම්මානවලට පැන බෙලි කපනකොට, බස්වල කෝච්චිවල බෝම්බ තියෙන කොට, අපේ රටේ මිනිසුන්ගේ ශරීරවල කොටස් කාණුපල්ලෙන් අහුලනකොට ඒ මිනිස්සු වෙනුවෙන් ඔවුන්ගේ පඩුපුල් අසුන් උනු නොවීමය. ඒවා ප්‍රභාකරන්ගේ විමුක්තිකාමී වැඩ ලෙස දැකීමය. මේ විකල්ප ගෝත්‍රය තවම නම් බෙල්ජියම වෙනුවෙන් කොඩි දමාගෙන නැත. ඔවුන්ට තියෙන හීනමානයේ තරමට ලංකාව, බෙල්ජියම, කියන්නේ ප්‍රංශය වගේ අන්තර් ජාතික මදි ඇති.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions