
මතකයි නෙ මහත්තයො
පුංචි කාලෙදි බැලූවෙ
ගොඩ දැම්මෙ සර් ම නෙ
හැදුනු දා මොළේ උණ
ඉගෙන ගන්නට රුසිය
ශිෂ්යත්තෙ සමත් වුනෙ
ඉස්කෝළෙ මුල් තැනට
ලකුණු එකසිය හැටකි
දැන් යන්නෙ මහින්දෙට
ගනී අපමණ වෙහෙස
හොඳ කලක් යයි පුතුට
ඉගෙන ගෙන ඉහළටම
ඉගෙන ගත්තොත් පමණි
අපි එගොඩ යන්නේ
ළපටි වයසෙදිත් පුතු
දනියි ඒ බව සොඳින
පන්ති යන්නට සල්ලි
මුලින් වෙන්කර තියල
තමයි ගැට ගහ ගන්නෙ
ජීවිතය යන්තමින
දෙඩචිල්ල මවගෙ එම
රිදුම් දෙයි සවණ මා
අයා ගත් නෙතු පුතුගෙ
රිද්දවයි නුවන් මා
වැඩක් වෙද්දෝ ඉගෙන
රටක් නැති කල අපට
පිට රටින් එන එවුන්
බින්න බසිනා කලෙක
බමුණු කැල මතු දිනෙක
නිදැල්ලේ සරන රට
විකුණන්න වෙයි දැනුම
සොච්චමට පුත නුඹට
මහද නිතියෙන් පෙළන
සිතුම් සඟවා ගතිමි
නොකීවෙමි ඇයට මම
රටට හෙට වන විපත
ඉගෙන ගන්නකො පුතුනි
තව වෙහෙස ගෙන සොඳින
වරදින්නෙ නැත එවිට
කීමි සිත රවටමින
ගොඩ දැම්මෙ පුතුනි නුඹ
උන්ට බිලි දෙන්න නොව
බිලි ගන්න දී රටම
බලා හිටියේ මන්ද
දිනෙක ඔබ අසන විට
මා මෙලොව හැර ගොසිනි
ගොඩ දැම්මෙ පුතුනි නුඹ
උන්ට බිලි දෙන්න නොව
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2016 මැදින් මස 8 වැනි දා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
3/08/2016
ගොඩ දැම්මෙ පුතුනි නුඹ උන්ට බිලි දෙන්න නොව
කතෘ:යුතුකම
3/08/2016
No comments
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
-
▼
2016
(363)
-
▼
March
(43)
- මරණ හයක් ඇති ලංකා මාතාව
- රනිල් රෙදිත් ඇදගෙනද චීනෙට යන්නේ?
- "බෙදුම්වාදය පරදවා රට දැය ගොඩ යන මග...." - නලින් ද ...
- ඉට්කා ලෙඩේ අස්සේ ඉන්දියානු ගිලන්රථ එන්නේ මොකාටද...?
- අනුර කුමාර කුමාර ගුණරත්නම්ට ඇයි මෙච්චර බය
- අපි නොදන්න යහපාලන මොණරතැන්න
- ත්රස්ත්රවාදය පිටු දකින දෙබිඩ්ඩෝ
- යුරෝපය; 'විවෘත සමාජයේ' සිට 'විවෘත සිරගෙය' දක්වා
- පිස්සුද හැටිද?
- මොකක් ද මේ සිංහල ජාතිවාදය
- බ්‍රසල්ස් බෝම්බ දුම අස්සෙන් දුටු මහින්ද...
- ගැමුණු කුමරුණි යලි වඩින්න.......
- රනිල් සිරිසේන
- යකුන් කොළඹ ඇවිත්
- "ද්‍රෝහියා,දුෂ්ඨයා,සතුරා මහින්දයි - ප්රභාකරන් හොඳ...
- එක්නැලිගොඩ සැමරිය යුතු නිවටයෝ සුනිල් මාධවගේ කරට ගො...
- ඩීල්-කුමාරලාට හයි ජැක් කිරීමට ඉඩ නොදිය යුතු සැබෑ ග...
- 'ගල්ලෙන බිඳලා'
- ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ
- මරේ ..... මරු සුනිල්......
- ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස.
- පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍ර...
- රනිල් වික්‍රමසිංහගේ ණය කෙප්පය ගැන මහින්දගේ හෙළිදරව...
- විදුලිය බිඳ වැටීම නිසා විපරීත වූ හදක්
- එක්ටා යනු රනිල් - සිරිසේන ආණ්ඩුකාරවරුන් විසින් ලංක...
- ETCA ගැන ආණ්ඩුවේ පචෝරිස්ලාගේ කෙප්ප හෙළි කර තක්කඩි ...
- Danno Budunge-A RESPONSE - By Prof. Susirith Mendis
- යහපාලන හඬ වෙනුවට ගෙජ්ජි සද්දේ..
- රාජපක්ෂලාට ඇති වෛරයට රට පාවාදීම
- රුකඩ ලෙසට වූ නායක රැලක් වැදී - වනසයි මගේ ලක්මව උන්...
- ශ්‍රි.ල.නි.ප.යේ අනාගතය?
- ගොඩ දැම්මෙ පුතුනි නුඹ උන්ට බිලි දෙන්න නොව
- "රනිල්ට බෑ" - දෑස් ඉදිරිපිට ඔප්පු වේ...
- ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය
- ETCA වලට කලින් අපේ උතුරේ ඉන්දීය ධීවර බලහත්කාරය නවත...
- රට යන්නේ ආර්ථික අපායකටද ?
- Kishani sang the right song, in the right style, i...
- ඔපරේෂන් 'බිංකුන්ඩෝ'
- ජනවාරි 08 රටට අහිමි වූ පිළිවෙල හා නායකත්වය යළි ගොඩ...
- තක්කඩියාගේ අවසාන නවාතැන සමාජවාදයද?
- නිවට කලු සුද්දන් නිසා වසර 200 කට පසුත් අප නැවත යටත...
- යහපාලන මායාව හරහා හිස ඔසවන ෆෙඩරල් මාරයා...
- නිරුවත් නිර්මාල්ලාගේ ව්‍යාජ අඳෝනා..
-
▼
March
(43)
යුතුකම මාසික සඟරාව
පසුගිය කලාප
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය. මෙය ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යෑයි ජනවර...
-
අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරය...
-
පළමු ගල ගැහුවේ මොකාද ? අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳ නොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැන කෙ...
-
සිංහල සක්විතියා අලුත් 'පොතක් දමා' තිබේ. පොත සමග හිතේ හැටියට සෙල්ලම් කරන්නට ගිය නන්දා මාලිනී ද, ලාල් කාන්ත ද, මොහාන් රාජ් මඩව...
-
ජනාධිපතිවරණය නිම වී සති තුනකට ආසන්නය. එහි උණුසුමත් එහි සටන් පාට වල උණුසුමත් කෙමින් කෙමින් මැකී යයි. යහපාලනය නමැති පොත පෙරලන පෙරලන දවස...
-
ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ග...
-
ටොයියන්ගේ සහ බයියන්ගේ උපත දේශපාලනයේ දී බයියන් සහ ටොයියන් අතර තරඟය අද ඊයේ ඇති වූවක් නොව. එය අප සුද්දන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනුමට පෙ...

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .