3/06/2016

ETCA වලට කලින් අපේ උතුරේ ඉන්දීය ධීවර බලහත්කාරය නවත්වා පෙන්වන්න - මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්

කතෘ:යුතුකම     3/06/2016   No comments

ආණ්ඩුව උද්ධච්ච බලහත්කාරය යොදා කඩි මුඩියේ අත්සන් කරන්නට යන ETCA ගිවිසුම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත්කළ නිවේදනය..

ඉන්දියාව සමඟ යෝජිත ආර්ථික සහයෝගිතා ගිවිසුම


ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් මේ මස තුළදී අත්සන් කරන බව ආණ්ඩුව හඟවා ඇත. මේ ගිවිසුමේ අන්තර්ගතය ගැන පාර්ලිමේන්තුවවත්, මහජනතාවවත් නිළ වශයෙන් දැනුවත් කර නැත. ඇමති මලික් සමරවික්‍රම මහතා නිළ නොවන මට්ටමෙන් වෘත්තීයවේදීන්ට ලබා දී ඇති මේ ගිවිසුමේ කෙටුම්පතින් පෙනී යන්නේ මේ “එට්කා” ගිවිසුම සවිස්තරාත්මක ලියවිල්ලක් නොව භාණ්ඩ හා සේවා වෙළඳාම, සහ ආයෝජනය පිළිබඳ නිෂ්චිත කාරණා පසුව සාකච්ඡා කිරීමට එකඟ වන ගිවිසුම් රාමුවක් පමණක් වන බවයි.

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවට යහපත් වෙළඳ සම්බන්ධතාවයක් තිබිය යුතුය. වෙළඳ ගිවිසුමකට එළෙඹිය යුත්තේ එහි ක්‍රියාකාරිත්වයට හරස්විය හැකි සාධක හොදින් අධ්‍යනය කිරීමෙන් පසුව පමණි. 1998 දී ඉන්දියාව සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යෑමේදී පැණනැගුණු ප්‍රශ්න අපි මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ලංකාවේ භාණ්ඩ ඉන්දියාවට ඇතුල් වන වරායන්, භාණ්ඩ ප්‍රමිතීන් සහතික කිරීම, ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යන් තුළ බදු නීති හා ලංකාවෙන් ඉන්දියාවට යවන භාණ්ඩ ප්‍රමාණය මත පැණවෙන සීමාකිරීම් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණ පැණනැගුණු නිසා මේ නිදහස් වෙළඳ ගිවිසුම තුළින් ලංකාවට ලැබීමට තිබූ ප්‍රතිලාභ නොලැබී ගියේය.

මේ තුළින් නිදහස් වෙළඳ ගිවිසුමේ අරමුණු සාක්‍ෂාත් කරගැනීමට නොලැබුනා පමණක් නොව මේ ප්‍රශ්ණ නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාව දක්වන ආකල්පය ගැනත් නිශේදනාත්මක මත මේ රට තුළ ප්‍රචලිත විය. යෝජිත ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම තුළින් දෙරට අතර සහයෝගිතාවය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන සවිස්තරාත්මක වගන්ති එහි තිබිය යුතුය. දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුමෙන් අප ලැබූ අත්දැකීම වන්නේ ගිවිසුමේ වගන්ති වල සවිස්තරාත්මක බව හා නිශ්චිත බව වැඩි වියයුතු බව මිස අඩුවිය යුතු බව නොවේ. එම නිසා නිශ්චිත කාරණා පසුව සාකච්ඡා කරනවා යැයි කියා ගිවිසුම් රාමුවකට අත්සන් තැබීමට ආණ්ඩුව යුහුසුළු නොවිය යුතුය යන්න මගේ මතයයි.

පසුගිය මාසයේ ශාන්තිකර කළාප රටවල් 12 ක් අතර අත්සන් තැබුණු ශාන්තිකර කලාපීය සහයෝගිතා ගිවිසුම ගැන වත්මන් ආණ්ඩුව ඉතා පැහැදීමකින් කතාකරනු අපට ඇසේ. එම ගිවිසුම අවුරුදු 07 ක් මුලුල්ලේම සාකච්ඡා වුණු අතර එයට දායකවන රටවල් අතර භාණ්ඩ හා සේවා වෙළඳාම සිදුවිය යුතු ආකාරය ගැන පරිච්ඡේද 30කින් යුත් නිශ්චිත හා සවිස්තරාත්මක එකඟතාවයක් ඇතිකරගෙන තිබේ. ඉන්දියාව “එට්කා” වැනි ගිවිසුම් දකුණු කොරියාව හා සිංගප්පූරුව සමඟත් ඇති කරගෙන තිබේ. නමුත් එම ගිවිසුම් ඉතා සවිස්තරාත්මක ලියවිලි වන අතර, ආර්ථික හා ජාතික සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් ඒ ගිවිසුම්වල අවශ්‍ය කොන්දේසි තිබේ. අපේ රටේ සේවා අංශය විවෘත කරන්නේ නම්, එයට අදාල සීමාවන් මොනවාදැයි අපි නිශ්චිතව දැනගත යුතුය.

ඉන්දියාව සමඟ “එට්කා” ගිවිසුමකට එළෙඹීමේදී එය අදියර දෙකකින් කළ යුතු බව මම ආණ්ඩුවට යෝජනා කර සිටිමි. පළමු අදියරේදී ඉන්දියාව සමඟ දැනට ක්‍රියාත්මක වන නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රශ්න නිරාකරණය විය යුතුය. එයත් සමඟ දෙරටේ ජනතාව අතර විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අද මහා අර්බුදයක් බවට පත්වී තිබෙන ලාංකීය මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මසුන් මැරීම වැනි කාරණාද එම අදියරේදීම විසදා ගත යුතුය. ලංකාවේ පාර්ශවයන් සෑහීමකට පත්වන ආකාරයට අවුරුදු කීපයක් ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරිමෙන් පසු එම සහයෝගීතාවය තවත් අදියරක් ඉදිරියට ගෙන යාම සඳහා“එට්කා” ගිවිසුමක් ඇතිකර ගැනීමට නිශ්චිත විධිවිධාන ගැන සාකච්ඡා ආරම්භ කල හැක.

අපේ රට දැනටමත් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් 4,000 ක වෙළඳපොළක් සපයයි. ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ දෙරට අතර වෙළඳාම සම්පූර්ණයෙන්ම සමතුළිත වියයුතු යැයි අපි කියන්නේ නැත. නමුත් ලංකාවෙන් අපනයනය කළ හැකි සියළු භාණ්ඩ උපරිම ධාරිතාවෙන් හා නිළධාරීවාදී බාධාවලින් තොරව ඉන්දිය වෙළඳපොළ තුළට යන බවට ශ්‍රී ලාංකික පාර්ශවයන් සෑහීමකට පත්විය යුතුය. අපේ ඉලක්කය විය යුත්තේ ඇඟලුම්, තේ වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වලට ඉන්දීය වෙළඳපොළ නිසියාකාරව විවෘත කර ගැනීමයි. දැනට දෙරට අතර වෙළඳාම පිළිබඳව පවතින ප්‍රශ්න විසදන්නේ නැතුව මේ සම්බන්ධතාවය තවත් පුළුල් කිරීමට උත්සාහ දැරීම ගැන ජනතාව අතරින් විරෝධයක් පැණනැගිම වැලැක්විය නොහැක.

ඉන්දියාව සමඟ මේ ගිවිසුම ගැන අවසන් තීරණයක් ගැනීමට පෙර එකී ලියවිල්ල පාර්ලිමේන්තුවේ සභාගත කොට ඒ පිළිබඳ වානිජ සංගම්, වෘත්තීය වේදීන්ගේ සංගම් හා මහජනතාවගෙන් අදහස් විමසා සිටිය යුතු බවද මම ආණ්ඩුවට යෝජනා කර සිටිමි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වා ඇති අධිපතිවාදී ආකල්පය නිසා අපේ අසල්වාසී රට සමඟ තිබෙන වෙළඳ සම්බන්ධතාවය හොඳ අතට හරවා ගැනීමට අපට තිබෙන අවස්ථාවක් නැති වී යාමට ඉඩ ඇත.

-මහින්ද රාජපක්‍ෂ (පා.ම)
හිටපු ජනාධිපති

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions