දේශප්‍රේමය තක්කඩියාගේ අවසාන නවාතැන බව විකල්ප පඬියෝ නිතර පවසති. ඒ කතාවම පාර්ලිමේන්තුවේද හඬගා කියන අපූරු ජනාධිපතිවරයෙක් අද මේ රටට පහල වී තිබේ. අපූරු ජනාධිපතිවරයාට ඉතා විදග්ධ කියමනක් ලෙස දැනෙන්නට ඇති මේ වාක්‍ය සිඟිත්ත ඔහු තමන් වටා කැරකෙන එන්ජීඕ නැන්දා කෙනෙකුගෙන් හෝ මාමා කෙනෙකුගෙන් අහුලා ගත්තක් විය හැකිය.
දේශප්‍රේමය පමණක් නොවේ. ඕනෑම ප්‍රේමයක්, ඕනෑම වාදයක්, තක්කඩිකමේ ආවුද බවට පත්කර ගත හැකිය. දේශප්‍රේමය, මාතෘප්‍රේමය, පන්ති ප්‍රේමය, සමාජවාදය, මානව හිතවාදය, ආදී මේ ඕනෑම තැනක තක්කඩියන්ට නවාතැන් ගැනීම කළ හැක්කකි. එය පඬියන් විසින් අමුතුවෙන් පෙන්වා දිය යුත්තක් නොවේ. එහෙත් එය එසේ වූ පමණින් මානව හිතවාදය හෝ මාතෘ ප්‍රේමය හෝ තක්කඩියාගේ අවසාන නවාතැන බව කියමින් මොර දෙන්නෝ කොහේ හෝ සිටිත්ද? මේ සරල කාරණය පවා තේරුම් ගත නොහැකි විකල්ප පැඟිරෝ “දේශප්‍රේමය තක්කඩියාගේ අවසාන නවාතැන” යන්න සදාතනික හා විශ්ව සාධාරණ සත්‍යයක් වේ යැයි සිතා සිටිති. ප්‍රශ්නය වන්නේ විකල්ප පැඟිරන් පමණක් නොව රටේ ජනාධිපතිවරයාද ඒ කතාවම හඬ ගා කීමය. රටට ආදරය කිරීම තක්කඩිකමක් නම් ශ්‍රේෂ්ඨකම වන්නේ රටට වෛර කිරීමද? වත්මන් ජනාධිපතිවරයාගේ සැබෑම පිළිවෙත එය විය හැකි වුවත් එය පාර්ලිමේන්තුවේ කෑ ගසා ප්‍රකාශ කිරීම ඔහුගේ මොලයේ තරම පිළිබඳ ගැටලුවක් මිස අන් යමක් නොවේ.
ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ සමුළුවක් ඊයේ (පෙබ. 28) පැවැත්විණි. ඒ “සමාජවාදය ජීවිතය සහ අනාගතය උදෙසා” යන තේමාව යටතේය. දේශප්‍රේමය පමණක් නොවේ. සමාජවාදයද තක්කඩියාගේ නවාතැන් පලක් බවට පත්ව ඇති ආකාරය වටහා ගැනීම සඳහා මෙවැනි බොරු සමුළු හා ජවිපෙ වත්මන් දේශපාලනය දෙස මඳක් හැරී බැලිය යුතුය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය තරමටම නැතත් වත්මන් ජනතා විමුක්ති පෙරමුණද එන්ජීඕ සහ යූඇන්පී වාමාංශික පක්ෂයකි. ඔවුහු ව්‍යවහාරිකව මෙන්ම දෘෂ්ටිවාදීවද රනිල්ගේ ෆනී බෝයිලා වෙති. එන්ජීඕ කාරයන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද අද තම ප්‍රධාන සතුරා ජාතිකත්වයයි. අද බෙදුම්වාදය හා අන්තවාදයේ තර්ජන ගැන කතා කරනවිට ”ජාතිවාදය අවුස්සනවෝ” යැයි මොර දෙන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් නොවේ. අනුර කුමාර අද තරුණයන්ට කියන්නේද ඒ කතාවමය. අද ජවිපෙ ෆේස්බුක් සාමාජිකයන් බොහෝ දෙනා සිංහල විරෝධයේ ආබරණ එල්ලාගෙන වීරයෝ වන්නට දඟලන්නෝ වෙති. ටොයි බයි යන බෙදීමේ දේශපාලන පදනම පවා කුමක්දැයි නොදන්නා මේ බාලයෝ ස්ව කැමැත්තෙන්ම තමන් ටොයියන් බව ප්‍රකාශ කරති. බෙදුම්වාදය, අධිරාජ්‍යවාදය, මානව හිමිකම් මර උගුල් ආදී ප්‍රශ්න ඔවුන්ට අනුව නූතන ලෝකය තුළ නැත. අද ජවිපෙට සහය දෙන අලුත් පරපුරු සෙවලයෝ කොකාකෝලා සමාගමේ ගුණ වයන නිවටයෝ වෙති. මේ මතවාදී ව්‍යසනයට අමතරව එදා සිටම ජවිපෙ තුළ තිබූ සියලු ස්වයං විනාශකාරී ලක්ෂණ සියල්ලද තවමත් එසේමය. මෙවන් පරගැති භූමිකාවක් ඔස්සේ ජවිපෙට කළ හැක්කේ රනිල්ට රට ගොදුරු කිරීමේ මෙහෙයුමේ කුඩා බළල් අණ්ඩක් වීම පමණක් බව අප නොයෙක්වර පෙන්වා දී ඇත්තෙමු. ඒ බව අවසාන මැතිවරණ ප්‍රතිපලයෙන්ද සනාථ වූයේ ජවිපෙට තනිව ආසන විස්ස තිහ ලැබෙන තුරු බලා සිටි මෝඩයන්ගේ දෑස් නිලංකාර කරමිනි. ජාතිකත්වයට එරෙහි ප්‍රවේශයක් ඔස්සේ ජවිපෙට කිසිදා කෙලින් සිට ගැනීමට තියා මුනින් පෙරළීමටවත් හැකි නොවේ. එසේ සිට ගැනීමට එහි ඔත්තුකාර නායකයන්ට වුවමනාවක්ද නැති අතර ඔවුහු තම කොන්ත්‍රාත් මැනවින් ඉටු කරමින් සිටිති.
මෙවන් පසුබිමක් තුළ තම බැතිමත් සාමාජිකයා මුලා කර තබා ගැනීම සඳහා ජවිපෙට ඇති හොඳම තුරුම්පුව වන්නේ සමාජවාදයයි. ඒ සඳහා කාලයකට වරක් රතු ටැපටා රෙදි කිලෝමීටර් ගණනක් නාස්ති කර දමන මෙවන් සමුළු සම්මේලන වුවමනා වෙයි. අනාගත සමාජවාදී රතු ඉරක් ගැන කවි කතා කියවීම තම දෛනික දේශපාලනයේ තක්කඩිකම් වසා ගැනීම සඳහා හොඳ උපායමාර්ගයකි. සමාජවාදය අතීතයේදී ඔවුන්ට අවංක අභිලාෂයක් වුවද, අද එය එසේ වන්නේ සමාජවාදය නියත යථාර්ථයකැයි සිතා සිටින ජවිපෙ බැතිමත් සාමාජික අතලොස්සකට මිස අනුරලා වැනි එහි කපටි නායකයන්ට නොවේ.
ජවිපෙ සාමාජිකයා සිතන ආකාරයට සමාජවාදය යනු නියාම පාලිතව අනිවාර්යෙන්ම පහල වන බිබික්කමක් නොවේ. පරමාදර්ශී සමාජයක් කිසිදා කිසි තැනක බිහි කිරීමද කළ නොහැක්කකි. සමාජවාදී ආණ්ඩු සහිත රටවල් ගණනාවක් ලෝකයේ තිබී ඇතත් ඒ එක රටකවත් විප්ලව සිදුවූයේ මාක්ස්ගේ පොත්වල ඇති සමාජ සංවර්ධන සිද්ධාන්ත අනුවද නොවේ. සමාජවාදයේ ප්‍රබලතා මෙන්ම දුබලතා දෙසද විවෘතව බැලිය හැකි අත්දැකීම් ප්‍රමාණයක් සහිත ලෝකයක එය නියත වශයෙන් පහල වන ස්වර්ගයක් යැයි සිතා සිටින්නෝද සිටීම කණගාටුදායකය. එසේ වුවද ප්‍රායෝගිකව මේ රටේ යහපත් වෙනසක් ඇති කළ හැකි ව්‍යාපාරයකට සමාජවාදයෙන් හා වාමාංශික ව්‍යාපාරයෙන් උගත හැකි බොහෝ දෑ ඇති බව ඇත්තකි. අප ලංකාවේ සිටින තකතීරු වම්මුන්ට එරෙහිව කරන විවේචන සමාජවාදය ගැන ඇති වෛරයක් ලෙස වරදවා වටහා ගත යුතු නොවේ. තකතීරු වම්මුන්ගේ සිද්ධාන්ත අනුමත නොකළද මූලික කඳවුරු බෙදීමේදී මමද සමාජවාදයට පක්ෂ වන්නෙක් වෙමි. එසේවුවද අද අන් කවරදාකටත් වඩා සමාජවාදය තක්කඩියන්ගේ නවාතැනක් බවට පත්වී තිබේ. අද ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව මෙරට බොහෝ එන්ජීඕ වාමාංශිකයන්, යූඇන්පී වාමාංශිකයන්, මිනීමරු යුධ විරෝධීන්, කොටි කවියන්, ආදී විවිධ වර්ගයේ තක්කඩියන් රැසකගේම අවසාන නවාතැන වන්නේ සමාජවාදයයි. චේ ගුවේරාගේ පොටෝ ඉස්සර කර ගනිමින් බැරැක් ඔබාමාගේ අසූචි සේදීම මේ නිවටුන්ගේ රාජකාරිය වෙයි. ඒ නිසා සමාජවාදී විප්ලවයට පෙර සමාජවාදීන් කළ යුත්තේ සමාජවාදය තක්කඩියන්ගෙන් බේරාගැනීමේ කටයුත්ත ගැන කල්පනා කර බැලීමය. මේ ප්‍රශ්නය වටහා ගැනීමට අවංක ජවිපෙ සාමාජිකයාට බුද්ධිය පහල වේවායි ප්‍රාර්ථනා කරමි.
ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
This is pad advertisement
ReplyDelete