3/22/2016

රනිල් සිරිසේන

කතෘ:යුතුකම     3/22/2016   1 comment

-දර්ශන කස්තුරිරත්න-
අද ලංකාව පාලනය කරන්නේ රනිල් සිරිසේන කියන තනි මිනිහෙකි. මේ මිනිහා දෙබිඩ්ඩෙකි. මේ මිනිහාගේ රනිල් පාර්ශවය නියෝජනය කරන්නෙ නාගරික සෘජු බටහිර ගැති අනුකාරකයෙකි. මේ අනුකාරකයාට බටහිරයන් කියන දේ කිරීම සහ ගැති භාවය කියන එක ඇත්තටම සතුටකි. ඔහුට ඒ ගැන කිසිම ලැජ්ජාවක්වත් 'ගිල්ටි' හැගීමක්වත් නැත. ඇත්තටම ඔහුගේ අනුකාරකත්වය සහ ගැති බව ඔහුට ආඩම්බරයට කරුණක්.

අනෙක් පැත්තෙන් මේ මිනිහාගේ සිරිසේන පාර්ශවය නියෝජනය කරන්නේ ගැමි සංස්කෘතියක ජීවත් වෙන, එහෙත් අර බටහිර සංස්කෘතියට රනිල් පාර්ශවය තරම් ඇතුළත් වීමට බැරි වීම ගැන දැඩි හීනමානයකින් පෙළෙන්නෙකි. මේකට ඕන්නං කියන්ඩ පුළුහන් ‘අත් මේස් මානසිකත්වය‘ කියලා. මේ හීනමානය නිසා සිරිසේන පාර්ශවය කරන්නේ රනිල් පාර්ශවයටත් වඩා බටහිර ගැති වීම සහ නිවට නියාලු තත්වයකට පත් වීම. සිරිසේන පාර්ශවය හිතෙනවා එතකොට රනිල් පාර්ශවයට තියෙන අනුකාරක ‘තත්වය‘ තමන්ටත් ලැබෙයි කියලා . දහම් කොලුවා රෝයල් තෝමියන් බිග් මැච් එකේ රනිල්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ත්‍යාග ප්‍රධානොත්සවයට බලෙන් ගොඩ වීම බලන්න. මොන වගේ මානසිකත්වයක්ද එතන තියෙන්නේ. එතනදී රනිල්ලාගේ මූණු ඇඹුල් වීමත් කොලම්බු ටෙලිග්‍රාෆ්
වගේ නාගරික අනුකාරකයන්ගේ ‘ප්‍රබුද්ධ‘ දේශපාලන ෆෝරම් එකක් සුදු මහත්තුරුන්ගේ සුද්ද ඉංගිරිසියෙන් දහම් කොලුවාට බැණ වැදීමෙනුත් පේනවා රනිල්ලා තමන්ගේ නොම්මරේ ඒකේ අනුකාරකත්වය සිරිසේනලාගේ නොම්මර දෙකේ (දෙකේ කිව්වට හතරේ පහේ වගේ) අනුකාරකත්වයට සමවීමට ඇති අකමැත්ත ["Daham Sirisena, What The Fuck Were You Doing Up There?" - Colombo Telegraph ] . එතන තියෙන්නේ වඩා හොද අනුකාරකයා, වඩා හොද ගැත්තා වීමට තරගයක්.

දැං රනිල් සිරිසේන කියන තනි පුද්ගලයා හරහා මේ දෙකේ දුසංයෝගයක් කියන්නෙ. (ඇත්තටම මේ පුද්ගලයාට සහය දෙන අය අතරත් මේ කුලක දෙක අපූරුවට දකින්ඩ පුළුවන්. දැං ඔය පේස්බුක් එකේ එහෙමත් දහම්ලා වගේ අය ඉන්නවා රනිල්ලා වගේ රගපාන්ඩ හදන. ඒකෙන් අර රනිල්ලාට තියෙන ‘තත්වය‘ ලබාගන්ඩ හදන. ඒ උනාට ඉතිං පිටිං ඉදලා බැලුවාම ඒ අය සිරිසේනලා කියලා අපිටනං පේනවා). ඉතිං රටක් විදියට අපි තනිකරම නිවට නියාලු ගැති ඕනම විදේශික රටකට හෝ සංවිධානයකට තමන්ට ඕන ඕන විදියට නටවන්ඩ පුළුවන් යටත්විජිතයක් වෙන එක අහන්ඩත් දෙයක්ද? Worst of both worlds තත්වයක් තමා තියෙන්නේ. 


පින්තූරය :nation.lk
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. හරියට හරි, දහම් කොල්ලා ගේ නාඩගම හරියට විග්‍රහකලේ ඔබතුමා විතරයි, ගොඩක් සිංහල බෞද්ධ කියලා කියාගන්න අයත් වහෙන් ඔරෝ බාසාවෙන් කලේ කොලොම්බෝ ටෙලිග්‍රාෆ් එකේ විග්‍රහයම තමයි.
    නමුත් මේ වැඩේ මලික් සමරවික්‍රම, හාන්ස් විජේසූරිය වගේ හයික්ලාස් කෙනෙක් ගේ කොල්ලෙක් ඕක කලානම් කොලම්බො ටෙලිග්‍රාෆ් කාරයෝ කියයි අයියෝ මේ තරුන ගැටයෙක් අහිංසක "ප්‍රෑන්ක්" (innocent prnak) එකක් කලා කියලා, වේදිකාවෙ ඉන්න් ඔක්කොම ටොයියලා හිනාවෙලා , විනෝදවෙලා ඒක ලිස්සලා යවයි, නමුත් ගොඩේ ගමරාලගේ පුතෙක් මේ "ශුද්ධ" වේදිකාවට නැග්ග එක මුන්ට ගැරඩියාට භූමිතෙල් වගේ, මේවා මෛත්‍රීට තේරෙන්නැද්ද එහෙම නැත්තම් තේරුනත් ඔහේ අහගෙන ඉන්නවාද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions