3/28/2016

ඉට්‌කා ලෙඩේ අස්‌සේ ඉන්දියානු ගිලන්රථ එන්නේ මොකාටද...?

කතෘ:යුතුකම     3/28/2016   No comments

-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර-අපේ රටේ පාලකයන්ගේ යම් ප්‍රකාශවලට අනුව ඔවුන්ට ඉන්දියානු ආණ්‌ඩුවෙන් ඉල්ලන ඕනෑම දෙයක්‌ ලබාදෙන මහා පුදුම වරමක්‌ ලැබී ඇතැයි සැක පහළ වේ. ඔවුන් කියන ආකාරයට ඔවුන් ඉන්දියාවට ගොස්‌ සිටි අවස්‌ථාවක ''බයිසිකල් ඇම්බියුලන්ස්‌'' දැකීමෙන් ඇති වූ ආශ්චර්ය නිසා ලංකාවටද එවැනි සේවාවක්‌ ලබාදෙන ලෙස ඉන්දියානු ආණ්‌ඩුවට ඉල්ලීමක්‌ ඉදිරිපත් කොට ඇත. එම ඉල්ලීම පිළිබඳව සිත උණු වූ ඉන්දියානුවන් ඩොලර් බිලියන 7.6 ක්‌ වටිනා ගිලන්රථ සේවාවක්‌ වහාම ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නිර්ලෝභී වී ඇත. ඒ පුදුම සහගත පැහැදිළි කිරීම මගින් හදිසියේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ මෙතෙක්‌ නොතිබූ අංගයක්‌ එහි පිටතින් ඇලවීම සඳහා ඉන්දියානු පාලකයින් විසින් ඉදිරිපත් කළා යෑයි විශ්වාස කළ හැකි සහ ශ්‍රී ලංකාවේ පාලකයින් විසින් පැනලා භාරගත් එම යෝජනාවේ බරපතලකම සැ`ගවිය හැකිද?

පළමුවෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවෙන් මහජනයා ඇසිය යුත්තේ ඉන්දියාවේ ''සෞඛ්‍ය පද්ධතියට'' බයිසිකල් ගිලන්රථ අවශ්‍ය වන්නේ කුමක්‌ නිසාදැයි සොයා බැලුවාද යන ප්‍රශ්නයයි. සෞඛ්‍ය පද්ධතියක තිබිය යුතු විවිධ නිර්ණායක අනුව බලන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ විශිෂ්ටත්වය අසලකටවත් ළඟා වීමට ඉන්දියානුවන්ට හැකියාවක්‌ නැත. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව සමග සසඳන විට සංවිධිත පද්ධතියක්‌ ලෙස ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවයක්‌ ඉන්දියාවේ නැත. එසේම ශ්‍රී ලංකාවේ මෙන් රටේ සෑම පුරවැසියකුටම සමානව සලකන නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ ඉන්දියාවේ නොමැත. එහි ඇත්තේ අහඹු ලෙස සේවා සපයන රෝහල් සමූහයක්‌ සහ සමාජ සංවර්ධනයේ පසුගාමීත්වය සහ භූගෝලියව ජනගහනයේ පැතිරීම ආශ්‍රිත සාධක නිසා ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවකි.

ඉන්දියාවේ ශ්‍රී ලංකාවට වඩා ''දියුණු'' විශාල රෝහල් තිබෙන බව සැබෑවකි. එහෙත් ඒවා සංවිධිතව පද්ධතියක්‌ ලෙස පහළ සිට ඉහළට ගැටගැසී නැත. ඒ ආකාරයට සංවිධිත සෞඛ්‍ය පද්ධතියක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ ප්‍රාථමික සේවාවේ අහඹු අංගයක්‌ ලෙස "පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවයක්‌" ඉන්දියාවට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම එවැන්නක්‌ වැදගත් වෙන්නේ ඉතා දුෂ්කර ප්‍රදේශවල පවතින භූගෝලීය සාධක මෙන්ම සමාජයේ පහළ ස්‌ථරවල සෞඛ්‍ය සේවාවට ප්‍රවේශවීමේ ගැටලු හේතුකොට ගෙනය. ඒ මගින් හදිසි රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ ප්‍රමාණය අඩුකර ගැනීමට මෙන්ම මහජන ඇස්‌ ඉදිරියේ පද්ධතියේ දුර්වලතා වසා ගැනීමටද හැකි වේ. ඉන්දියාවේ ජනගහනයෙන් 65% කට වැඩි පිරිසකට රාජ්‍ය නොවන හෝ රජයේ රෝහලක සේවාවක්‌ ලබාගැනීම සඳහා කි.මී. 15 කට වැඩි දුරක්‌ ගෙවීමට සිදු වේ. එසේම ඉන්දියාවේ ආයතනගත (රෝහලක සිදුවන) දරු ප්‍රසුති ප්‍රතිශතය 25% ක්‌ වන විට එම ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 95% කි. එවැනි තත්ත්වයක්‌ තුළ ඉන්දියාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාවක අවශ්‍යතාවය තේරුම්ගත හැක. කෙසේවෙතත් ඉන්දියාවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ලබාදෙන එම සේවාව සඳහා මහජනයාට Rජුව තම සාක්‌කුවෙන් මුදල් ගෙවීමක්‌ කිරීමට සිදුවේ.
ඉහතදී සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ එකකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90% කට කි.මී. 5 ක්‌ ඇතුළත සෞඛ්‍ය පද්ධතිය තුළ ස්‌ථානගත වී තිබෙන රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ඇත. ඉතිරි 10% ටද අවම වශයෙන් කි.මී. 10 කට අඩු දුරක්‌ ඇතුළත රජයේ රෝහලකින් සේවාවක්‌ ලබාගත හැක. අප රටේ විවිධ මට්‌ටම්වල රජයේ රෝහල් 1085 ක්‌ ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස අනුව බලන විට එක්‌ කොට්‌ඨාසයකට රෝහල් 3 ක්‌ ලෙස ඓaවා බෙදී යයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ද්විතීයික සේවා (විශේෂඥ සේවා) සපයන මහා රෝහලක්‌ පිහිටුවා ඇත. ඒවා අතරින් ශික්‍ෂණ රෝහල් ලෙස සැලකෙන රෝහල් ප්‍රමාණයක තෘතීයික මට්‌ටමේ ප්‍රතිකාර සේවාද ලබා දේ. කොළඹ ජාතික රෝහල මගින් අංග සම්පූර්ණ තෘතීයිssක සේවා පරාසයක්‌ නොමිලේ ලබාදේ. මෑත කාලීනව මූලික රෝහල්වලද ද්විතීක සේවා හෙවත් විශේෂඥ වෛද්‍ය සේවා ආරම්භ කොට ඇත.

මෙම රෝහල් ජාලය සම්බන්ධ කරමින් පහළ සිට ඉහළට ප්‍රතිකාර අවශ්‍යතාව අනුව රෝගියා යොමු කිරීම සඳහා රට පුරා 1100 කට ආසන්න රජයේ ගිලන්රථ සේවාවක්‌ ක්‍රියාත්මක වේ. උදාහරණයක්‌ ලෙස ජනගහනයෙන් 90%ට වැඩි පිරිසකට කි.මී. 5 කට අඩු දුරක්‌ ගෙවා රෝගියා රජයේ රෝහලක්‌ වෙත රැගෙන ඒමෙන් පහසු සියලු ඉදිරි පත්‍රකාර සඳහා රජයේ වියදමින් ගිලන් රථ සේවාව සැපයේ. රෝගියාට හෝ ඥාතීන්ට ඒ පිළිබඳ තවදුරටත් කරදර වීමට හෝ මුදල් ගෙවීමට සිදුවන්නේ නැත. ඒ අනුව ශ්‍රී ලංකාවේ අතිබහුතර රෝගීන්ට හදිසි වෛද්‍ය සේවා අවශ්‍යතාවයකදී පුද්ගලික හෝ මහජන ගමනාගමන සේවාවක්‌ (ත්‍රී රෝද රථ සහ කුලී රථ ද මහජන ගමනාගමන සේවා ලෙස සැලකේ) මගින් කි.මී. 5 කට අඩු දුරක්‌ ගෙවා රජයේ රෝහලකට ළඟාවිය හැක.

ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ ලක්‍ෂ 8 ක්‌ ධාවනය වන අතර කොළඹ නගරයේ පමණක්‌ 5000 කට ආසන්න කුලී රථ ධාවනය වේ. දුරකථන ඇමතුමකින් හෝ ජංගම දුරකථනයේ ''ඇප්'' එකක්‌ මගින් ළ`ගම ඇති කුලී රථ කැඳවා ගැනීමේ හැකියාවද අද අප රටේ ඇත. එවැනි තත්ත්වයක්‌ තුළ මධ්‍යගත මධ්‍යස්‌ථානයකින් ගිලන්රථයක්‌ කැඳවා එම රෝගියා සිටින ස්‌ථානයට ළඟාවීමට ගතවන කාලයද ඉතිරි කර ගනිමින් ඉතා කෙටි වෙලාවකින් හදිසි රෝගියකු රෝහල්ගත කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ඇත. ඒ නිසා එම රෝගීන්ට පූර්ව රෝහල් මූලික ප්‍රතිකාර ලබාදීම සඳහා හදිසි ප්‍රතිකාර තාක්‌ෂණික ශිල්පීන්ගේ අවශ්‍යතාවයද අවම වේ.

මීට වසර 2 කට පමණ පෙර කොළඹ නගර සභාව විසින් ගිනි නිවන හමුදාව සහ ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ ආධාර උපකාර ඇතිව පූර්ව රෝහල් ගිලන්රථ සේවයක්‌ නගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සහ කළේය. එහෙත් එවැනි සේවාවක අවශ්‍යතාවය සහ ශක්‍යතාවය තහවුරු නොවීම නිසා එම උත්සාහය අත්හැර දැමුණු බව වාර්තා විය. අද වන තුරු එවැනි සේවාවක අවශ්‍යතාව පිළිබඳව බරපතළ මහජන ඉල්ලීම් ඉදිරිපත් වී නොමැති අතර එවැන්නක ශක්‍යතාවය හෝ අවශ්‍යතාවය පිළිබඳව කිසිදු විධිමත් අධ්‍යයනයකින් ඔප්පු වී නොමැත. ශ්‍රී ලංකාවට ගිලන් රථ සේවාවක්‌ ලබාදීමට වලිකන ඉන්දියානු රාජ්‍ය නොවන සංවිධානය එවැනි අධ්‍යයනයක්‌ සිදුකළ බව ස\හන් වුවත් එම වාර්තා ඔවුන් විසින් එළිදක්‌වා නැත. මෙම සේවාව අවශ්‍ය යෑයි පොළොවේ හැපෙන ඇමැතිවරුන් දැන් කළ යුත්තේ එක්‌ ප්‍රධාන රෝහලක්‌ තෝරාගෙන එම රෝහල වෙත හදිසි රෝගීන් ප්‍රවාහනය කෙරෙන ආකාරය දුර ප්‍රමාණය සහ ප්‍රතිකාර අවශ්‍යතාවය ආදී පිළිබඳ සරල දත්ත ප්‍රමාණයක්‌ එකතුකර ගැනීමය. එම තොරතුරු මහජනයාට ලබානොදුන්නත් අඩු තරමින් එමගින් ඔවුන්ට තම මොළය පාදාගෙන ආත්ම ගරුත්වයද බේරාගෙන හෙමින් පසුබැසිය හැක.
මේ වන විට මෙම කරුණු කිසිවක්‌ පිළිබඳ අධ්‍යයනය කිරීමකින් තොරව සහ කිසිදු පාර්ශ්වකරුවකුගේ අදහස්‌ විමසීමකින් තොරව අමාත්‍ය මණ්‌ඩලය විසින් ඉන්දියානු පර්යේෂණ ආයතනයක්‌ වන හදිසි ප්‍රතිකාර කළමනාකරණ සහ පර්යේෂණ (ඵරැS ඨඪණ- ඵRෂ) ආයතනය නැමති රාජ්‍ය නොවන ආයතනයකට මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇත. ඉන්දියානු රජයේ වුවමනාව සහ ඔවුන්ගේ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක සැපයුම්කරුවා නම් කිරිමේ අයිතිය ඔවුනට ඇත. අවශ්‍ය නම් එම ඉල්ලීම මෙන්ම පරිත්‍යාගය ප්‍රතික්‌ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ද ඇත. මෙවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එසේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරනු ලබන තෝරා ගැනීමකින් බැවින් ඒ පිළිබඳ වාද කිරීම පලක්‌ නැති ක්‍රියාවකි.

අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය අනුව එම ඉන්දියානු පර්යේෂණ ආයතනයට බඳවා ගැනීම් කිරීමේ බලය ඇත. ඒ අනුව පළමු වටයේදී බස්‌නාහිර සහ දකුණු පළාත් සභා සඳහා ගිලන් රථ 88 ක්‌ සඳහා සේවකයින් 600 ක්‌ බඳවාගැනීම සඳහා එම ආයතනය විසින් පෙබරවාරි 09 වැනිදා ජාතික පුවත්පතක දැන්වීමක්‌ පළකොට තිබුණි. ඊට අනුව 10 වැනිදා අයදුම්කරුවන්ට Rජුව සම්මුඛ පරීක්‍ෂණයට පැමිණෙන ලෙස පැය 24 ක කාලයක්‌ ලබාදී තිබුණි. එම කලබලකාරී හාස්‍යජනක ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ අවශ්‍ය පිරිස්‌ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් නොවන බව තහවුරු කොට ඒ සඳහා ඉන්දියානුවන් බඳවා ගැනීම සාධාරණීකරණය කිරීම නොවේද? අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව අනුව එම ආයතනය විසින් ඉන්දියානුවන් බඳවා ගනු ලැබුවහොත් ඔවුනට වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී. අනෙක්‌ පැත්තෙන් ගත්විට පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්‍ෂණික ශිල්පීන් ශ්‍රී ලංකාවේ පුහුණු කරන්නේ නැත. එසේම ඊට අදාළ පුහුණු කිරීම් විෂය මාලා, ප්‍රමීතින් හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරිමේ ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නැත. එම තත්ත්වය තුළ එම ශිල්පීන් ඉන්දියාවෙන් ආනයනය කිරිමේ වැඩි ඉඩක්‌ ඇති අතර ''එට්‌කා ගිවිසුමේ'' සේවා වෙළඳාමේ 4 වැනි ක්‍රමවේදය අනුව ඔවුනට අවසර ලබාදීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනු ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ තාක්‍ෂණික අවකාශයක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ එහි පිටතින් ඇලවීම සඳහා එක්‌තරා ආකාරයකට බලහත්කාරයෙන් නොමිලේ ලබාදෙන මෙම සේවාව නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට සිදුවන බලපෑම කුමක්‌ද? ඉන්දියාව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදල සෑහෙන්නේ මූලික ප්‍රාග්ධන වියදම් සහ වසරක කාලයක පුනරාවර්තන වියදම් දැරීමට පමණි. ඒ අනුව එම කාලයට පසුව අදාළ පිරිවැය ඉන්දියානු රජය, ශ්‍රී ලංකා රජය හෝ රෝගීන් විසින් දැරිය යුතු වේ. ඉන්දියානු රජය විසින් තම ආධාර මුදල වැයකරන ආකාරය ගැන නිශ්චිත සඳහනක්‌ කොට ඇත. ඒ අනුව අදාළ පිරිවැය දැරීමට සිදුවන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෝ දෙපාර්තමේන්තු සහ රෝගියා එක්‌ව පිරිවැය බෙදාගැනීමෙනි. එසේ නොමැතිව රෝගියා විසින් පුද්ගලිකව එම පිරිවැය සම්පූර්ණයෙන් දැරිය යුතු තත්ත්වයක්‌ උදා වුවහොත් එම සේවාව ආර්ථික සහ වාණිජ වශයෙන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක්‌ උදා වේ. එයට හේතුව සේවකයින් 5-6 ක්‌ විසින් මෙහෙයවන එම ගිලන්රථයක සැබෑ පිරිවැය රෝගියා විසින් පෞද්ගලිකව දරා ගන්නවාට වඩා වෙනත් විකල්ප ප්‍රවාහන සේවා වඩා ලාබදායී වීමයි. එවැනි තත්ත්වයක්‌ තුළ පූර්ව රෝහල් ගිලන්රථ සේවාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට පිළිලයක්‌ වීමේ ඉඩකඩ ඉතා විශාල වේ.

අනෙක්‌ පැත්තෙන් ගත් විට එම පිරිවැය රෝගීයා සහ ආයතනය විසින් මේ අනුපාතයට අනුව දැරිය යුතු නම් තත්ත්වය තවත් බරපතළ වේ. එවැනි තත්ත්වයක්‌ සාමාන්‍ය තත්ත්වයක්‌ බවට පත්වුව හොත් ඉදිරි යොමු කිරීමේ ගිලන්රථ සේවයට අදාළ පිරිවැයෙන් කොටසක්‌ ද රෝගීන් විසින් දැරීමට සිදුවන තත්ත්වයක්‌ උදාවිය හැක. ඒ අනුව වසරකට පසුව මෙම සේවාව සෞඛ්‍ය සේවාව විසින් වාණිජ වශයෙන් බාහිරව ලබාගන්නා සේවාවක්‌ බවට පත්වීමේ වැඩි ඉඩකඩක්‌ ඇත. එම ආරම්භය අවසන් වන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමස්‌ත ගිලන්රථ සේවාව පෞද්ගලික අංශයට බදු දීම මගිනි. දැනට ආරක්‍ෂක සේවා සහ පිරිසුදු කිරීමේ සේවා ඒ ආකාරයට බාහිරින් මිලදී ගැනීම සිදු වේ. ඒ අනුව සෞඛ්‍ය සේවා වෙළඳ පොළක්‌ බිහි කිරීමේ හෙවත් සෞඛ්‍ය සේවා පුද්ගලීකරණය කිරීමේ වර්තමාන රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියානු ගිලන්රථ සේවය පිටිවහළක්‌ වනු ඇත.

ඊට ප්‍රතිඋපකාර ලෙස ඉන්දියාවට ලැබෙන්නේ කුමක්‌ද? එනම් ඔවුන්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය කුමක්‌ද? එය ඉතා පැහැදිලිව ඉන්දියානු ඔත්තුසේවාවල අවශ්‍යතා සැපයීමක්‌ විය හැක. පර්යේෂණ ආයතනයක්‌ විසින් මෙම ක්‍රියාන්විතය දියත් කිරීම නිසා එම සැකය තවත් වර්ධනය වේ. ලෝකයේ වැඩිම පිරිස්‌බලය යොදවන ඔත්තුසේවාවක්‌ ලෙස සැලකෙන්නේ පාකිස්‌තානයේ එස්‌.අයි.එස්‌. ඔත්තු සේවාවයි. එම පිරිස්‌බලය 10000 ක්‌ යෑයි සැලකේ. එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක්‌ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සහ ක්‍රියාත්මක වන බවටද සැක කෙරේ. එවැනි තත්ත්වයක්‌ තුළ ගිලන්රථ 88 ක නැගී සැරිසරන 600 ක මිනිස්‌ බලමුළුවක්‌ "රෝ" ඔත්තු සේවාවට ඉතා වැදගත්වන බවට සැකයක්‌ නැත. රට පුරා එම ව්‍යාපෘතිය දියත් වුවහොත් එම ප්‍රමාණය අඩුම වශයෙන් තවත් තුන් ගුණයකින් වැඩිවනු ඇත. එම ආයතනයට රට පුරා නිදහසේ සැරී සැරීමට අමතරව විශාල දත්ත පද්ධතියක්‌ පවත්වාගෙන යාමට අවශ්‍ය බලය සහ හැකියාවද ලැබේ. ඒ අනුව ඉන්දියානු ගිලන්රථ සේවය අපට බලෙන් තැගි දෙන ට්‍රොaජන් අශ්වයෙකු බවට කිසිදු සැකයක්‌ නැත.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions