එට්‌කා ගැන විපක්‌ෂය හරියට නොකියන දේ
එදා මහින්ද රාජපක්‌ෂ යුගයේදී ''සීපා'' නමින් ඉන්දු ලංකා විස්‌තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන විට ඊට එරෙහිව එල්ල වූ මහජන විරෝධතා මහින්ද රාජපක්‌ෂ පාලනයට ආශිර්වාදයක් විය. එදා එම ගිවිසුම අත්සන් නොකර සිටීම සඳහා එම විරෝධතා නිදහසට කාරණා ලෙස භාවිතා කෙරිණි. එම නිසා විරෝධතා එල්ල කළ සුළු පිරිසක් වූ විද්වතුන්ට සහ දේශීය ව්‍යාපාරිකයන්ට මහා බරපතල සටනක් කිරීමට සිදු වූයේ නැත. ඔවුන් විසින් එක්‌තරා මට්‌ටමක බුද්ධිමය සංවාද තුළින් සහ අධ්‍යාපන ප්‍රකාශනවලින් කරන ලද දැනුවත් කිරීම් හරහා ගිවිසුමට පක්‌ෂපාත අදහස් ප්‍රකාශ කළ පිරිස් යටත් කෙරිණි. එදා එම යටත් කිරීමේ ක්‍රියාවලිය පහසු වූයේ එම උපදේශකයින් විසින්ම සිදු කළ යම් වරදවා ගැනීම් නිසාය.
එදා ''සීපා'' ගිවිසුමේ කෙටුම්පත ඒ 4 ප්‍රමාණයේ පිටු 72 කින් සමන්විත වූ අතර ඒ තුළ විස්‌තරාත්මක කරුණු අඩංගු විය. උදාහරණයක් ලෙස සේවා වෙළෙඳාමට අදාළව ලෝක වෙළෙඳ සංවිධානය විසින් නිර්දේශ ක්‍රමවේද 4ම එහි අඩංගු කොට තිබුණි. ඒ අනුව 4 වන කරුණ වන සොබාවික පුද්ගලයා දේශසීමා හරහා සේවා සැපයීම ගිවිසුමට අයත් වන බව ඉතා පැහැදිලිව වචනයෙන්ම එම ලේඛනයේ සඳහන් විය. නමුත් ''සීපා'' ලේඛනය ''එක්‌ටා'' ලෙස රූපලාවන්‍ය ප්‍රතිකාරයට ලක් කිරීමේදී ඉතා සූක්‌ෂමව විස්‌තරාත්මක කරුණු ඉවත්කොට මූලික ගිවිසුම් රාමුවට අවශ්‍ය වචන පමණක් ඉතා පරිස්‌සමින් තෝරා බේරා ඇතුළත්කොට ඇත. ඒ මගින් මුල් අවධියේදීම විරෝධතා එල්ල කරන පිරිස් නිරායුධ කිරීම අපේක්‌ෂා කරන බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැක. චෙක් එකට ගණන් දැමූ විට ගණන පෙනෙන බැවින් දැන් පසුව ගණන් දැමීම සඳහා චෙක් එකක් නොව පොතක්‌ම අත්සන්කර ඉන්දියාව අතට දෙන බව පැහැදිලිව තිබේ.
ඒ අනුව සීපා ගිවිසුමට එක්‌ටා නමින් පිටකවරයක් දැමීමේ සූක්‌ෂම ක්‍රියාවලිය තුළ මතභේදයට තුඩු දිය හැකි විස්‌තර ඉවත්කොට ඇත. ඒවා සියල්ල ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇමුණුම් ලෙස, වට්‌ටෝරු ලෙස, පිළිගැනීම් ලිපි, බාර ගැනීමේ ලිපි, රැස්‌වීම් වාර්තා හෝ අතුරු ගිවිසුම් ලෙස ගිවිසුමට ඇතුළත් කළ හැක. ඒ බව ''ගිවිසුම් රාමුව'' ලෙස මහජනයා නොමග යෑවීම සඳහා වචනයෙන් හඳුන්වන එහෙත් සැබෑ ගිවිසුමේ සඳහන්වේ. ඉහත කී රූපලාවන්‍ය ප්‍රතිකාරවලට පසුව දැන් ඒ ගිවිසුම සමන්විත වන්නේ පිටු 11 කිනි. ඒ අනුව මාර්තු මාසයේ අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ''ගිවිසුමේ රාමුවක් පමණි'' සහ සම්පූර්ණ ගිවිසුම අත්සන් කරන්නේ ඊට පසුවය යන පට්‌ටපල් බොරුව එළිදරව් කිරීම ඉතා වැදගත්වේ. එහෙත් විපක්‌ෂය විසින් මාධ්‍ය වලට නිකුත්කර තිබූ නිවේදනයක් මගින් ආණ්‌ඩුවේ උපදේශකයන්ගේ ව්‍යාජ තර්කය සනාථකොට තිබුණි.
එම නිසා සීපා මෙන්ම එක්‌ටා ගිවිසුමට විරුද්ධ විද්වතුන් සහ විපක්‌ෂය විසින් පළමුවෙන්ම කළ යුත්තේ ආණ්‌ඩුවේ උපදේශකයන්ගේ පට්‌ටපල් බොරු හෙළිදරව් කිරීම සහ ඒවා තාක්‍ෂණිකව අභියෝගයට ලක් කිරීමය. එවිට සැබෑ ගිවිසුම ගෙන ඒමට තව කල් තිබෙනවායයි මහජන මතයක් හැදීමට ඇති ඉඩද අවමවේ. මේ එක්‌ටා නමින් සහ ගිවිසුම් රාමුවක් පමණි යන ලේබලය යටතේ එන්නේ වචන වලින් සහ මතුපිටින් සැර බාල කළ සීපා ගිවිසුම බව සහ ඒවා එකම ගිවිසුමක් බවත් වෙනත් ගිවිසුමක් නොමැති බවත් හොදින් තහවුරු කිරීම ඔවුන්ගේ මූලික වගකීමවේ.
රාජ්‍ය නායකයා විසින් අත්සන් කිරීම අවශ්‍ය වන්නේ එම ඊනියා ගිවිසුම් රාමුව පමණක් බවත් ඉන් පසුව එකතුවන ලේඛන මගින් අදාළ ගිවිසුම ක්‍රමයෙන් පුළුල් කෙරෙන්නේ දෙපාර්ශවයේ නිලධාරීන්ගේ අත්සනින් බවත් මහජනයාට පෙන්වා දිය යුතුය. ඉතා සරල උදාහරණයක් ලෙස ජී.එල් පීරිස් මහාචාර්යතුමාගේ වචනවලට අනුව ඉඩමේ මායිම් සළකුණුකොට ඉඩම ලියා දී එහි භුක්‌තිය ලබාදුන් පසුව එහි හදන ගොඩනැගිලි මොනවාදැයි පසුව තීරණය වේ. මුල් අවස්‌ථාවේදී එම ගොඩනැගිලි මොනවාදැයි සළකුණු කිරීම අවශ්‍ය නැත. එවිට අසල්වැසියන්ගෙන් ප්‍රශ්න ඇති විය හැක. එම ඉඩමේ හදන්නේ සමාජ ශාලාවක් කැසිනෝ මධ්‍යස්‌ථානයක් යයි ඉඩම ලියන අවස්‌ථාවේදීම ප්‍රසිද්ධ කළහොත් මහජනයා ඊට විරුද්ධ වන නිසා ඉඩමේ අයිතිකාරයාට ඉඩම ලිවීමේදී බලපෑම් ඇතිවේ. නමුත් පසුව ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගිල්ල ඉදිකොට අවසානයේදී බෝඩ් ලෑල්ල ගැසීමේදී අසල්වැසියාට නීතියෙන් සහ බොහෝවිට දේශපාලනිකවද කළ හැක්‌කේ සීමා සහිත විරෝධය පළ කිරීමක් පමණි. එවිට යම් පිරිසක් එසේ විරෝධය පළ කළත් බහුතරය වැඩේ අත්හරින ප්‍රවනතාව වැඩිවේ. මෙම කරුණ දිගින් දිගටම පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ එම උපක්‍රමය පිළිබ`ද මහජන අවධානය යොමුව නැති නිසාය.
අගමැතිවරයාගේ ලකුණු දමා ගැනීම සඳහා පට්‌ටපල් බොරු කියන විද්වතුන් යයි කියා ගන්නා ඇමතිවරයෙක් සේවා අංශයේ 4 වැනි ක්‍රමවේදය විවෘත නොකරන බව කියන විට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහතික කොට කියා සිටියේ තොරතුරු තාක්‌ෂණය සහ නාවික අංශ වල විද්වතුන්ගේ සහ පුහුණු ශ්‍රමිකයන්ගේ හිගයක් පවතින බැවින් රටේ සංවර්ධනය සඳහා ඔවුන්ට අවස්‌ථා ලබාදිය යුතු බවයි. ගිවිසුම් රාමුවේ වචන වලට අනුව සේවා වෙළෙඳාමේ ක්‍රමවේද හතරටම අදාළ විස්‌තරාත්මක කරුණු පසුව ඇතුළත් කළ හැක. එම නිසා ඉතා සරලව විරුද්ධ පාර්ශවය රජයට අභියෝග කළ යුත්තේ සේවා අංශයේ 4 වැනි ක්‍රමවේදය ඊනියා ගිවිසුම් රාමුව මගින් ආවරණය නොවන බවට පැහැදිලි වගන්තියක් ඊට ඇතුළත් කරන ලෙසය. එය කිසිසේත්ම සිදු නොවන බව සියයට දෙසීයකින් සහතික කළ හැක. එයට හේතුව පුද්ගලයන්ගේ පැමිණීම හරහා ආර්ථික පමණක් නොව දේශපාලන සහ සමාජ සංස්‌කෘතික ආක්‍රමණයකටද මගපාදා ගැනීම ඉන්දියාවේ ප්‍රධාන අරමුණක් වීමය. එමනිසා ආණ්‌ඩුවේ ඇමතිවරු කටේ තොලේ නොගෑවී කියන පට්‌ටපල් බොරු පසුව ක්‍රම ක්‍රමයෙන් එළිදරව් වීම ප්‍රශ්නයක් නැතැයි ඔවුන් කල්පනා කරන බැවින් විපක්‌ෂයේ අභියෝගය වන්නේ මහජනයා විසින් යම් කාලයකදී ඒවා බොරු බව තේරුම් ගැනීමට ඉඩ හැරීම වෙනුවට ගිවිසුම් අත්සන් කිරීමට පෙර එම බොරු පැහැදිලිව හෙළිදරව් කිරීමය.
තුන්වනුව මේ ඇමතිවරු මහජනයාගෙන් පොදුවේ අහන්නේ විදේශ ආයෝජන අවශ්‍යද නැද්ද යනුවෙනි. එහෙත් ඔවුන් විරෝධතාකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට විරුද්ධ වන්නේ මහින්ද රාජපක්‌ෂගේ උවමනාවටද යනුවෙනි. ඊට ඉතා සරල පිළිතුර වන්නේ දැනටමත් ලෝකයේ ඕනෑම රටක ආයෝජකයෙකුට ශ්‍රී ලංකාවට පැමිණ ඉතා සුරක්‌ෂිතව තම මුදල් යෙදවීමට සුදුසු නීතිමය රාමුවක් ශ්‍රී ලංකාවේ තිබෙන බවය. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩල පනත මගින් ලබාදෙන සහන වලින් 50% වත් ඉන්දියාවට ලබා දෙන්නේ නැත. එසේම දැනට තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේද ආයෝජන දිරිගැන්වීමේ ප්‍රතිපාදන ඇත. නමුත් ඔවුන් අපේ රටට ගෙන ආවේ පරණ යකඩ උණු කිරීමේ කසළ කර්මාන්ත සහ ෆාම් තෙල්වලට හයිට්‍රජන් වායුව ගසා ව්‍යාජ ගිතෙල් හදන ඊනියා කර්මාන්ත පමණි. හතරවැනි කාරණය වන්නේ සේවා වෙළෙඳාමට අදාළ පළමු ආකාර 3 ම දැනටමත් ක්‍රියාත්මක වන බව පෙන්වාදීමය. දේශසීමා හරහා පාර්ශව දෙක විසින් සේවා වෙළෙඳාම කිරීම හෙවත් පළමු ක්‍රමය අන්තර්ජාලය හරහා දැනටමත් සිදුවේ. දෙවන ක්‍රමය වන දෙවන පාර්ශ්වයේ රටට ගොස් සේවාව ලබා ගැනීමය. අප රටේ රෝගීන් දැනටමත් ඉන්දියාවට ගොස් සේවා ලබා ගනිති.
තුන්වන ක්‍රමය වන වාණිජ වශයෙන් සමාගමක් ආරම්භ කොට හෝ ශාඛාවක් පිහිටුවීම මගින් අනෙක් පාර්ශවයේ රට තුළ සේවා සැපයීමද ශ්‍රී ලංකාවේ හොඳින් සිදුවේ. ඇපලෝ රෝහල ඊට හොඳ උදාහරණයකි. එම ඉන්දියානු ආයතනවලට මෙන්ම ශ්‍රී ලංකාවේ ආයතන වලට අවශ්‍ය ඉන්දියානු වෛද්‍යවරුන්ටද ශ්‍රී ලංකාවට පැමිණ රක්‌ෂා ලබා ගැනීමටද ඉඩ සලසා ඇත. නමුත් එය සිදුවන්නේ එක් එක් ඉල්ලුම්පත්‍රය අනුව වෙන් වශයෙන් අවශ්‍යතාවය සලකා බැලීමෙන් පමණි.
ඒ අනුව 4 වන ආකාරය වන පුද්ගලයන්ට නිදහසේ පැමිණීමට ඉඩ කඩ ලබාදීම පමණක් දැනට සිදු නොවේ. එනම් ඒක පාර්ශවීයව ශ්‍රී ලංකාව විසින් ඉන්දියානුවෙකුට රට තුළට ඒමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කරනවා වෙනුවට පොදු පූර්ව එකඟතාවයක් මගින් ඉල්ලුම් කරන ඕනෑම අයෙකුට විරෝධතාවයකින් තොරව රට තුළට ඒමට ඉඩ සැලසීමය. මේ වෙනස මහජනයාට හොඳින් පැහැදිලි විය යුතුය. ඒ අනුව විදෙස් ආයෝජනවලට පොදුවේ එපා කීමක් හෝ ඉන්දියානු ආයෝජනවලට විශේෂයෙන් එපා කීමක් සිදු නොවන බව විරෝධතාකරුවන් ඉතා හොඳින් රටට පැහැදිලි කළ යුතුය.
අවසාන වශයෙන් කලාපයේ භූ දේශපාලන අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාව තමාගේ නිල නොවන ''කොලනියක්'' බවට පත්කර ගැනීමට මාන බලන රටක් සමග විශේෂ වරප්‍රසාද ලබාදෙන ගිවිසුම් අත්සන් කිරීම ප්‍රඥාගෝචර නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ඓතිහාසිකව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කරන ලද අකටයුතුකම් පිළිබඳව දිගින් දිගටම කතා කරමින් ඉන්දියානු විරෝධයක් හැදිය යුතු යයි මින් අදහස් නොකෙරේ. අවශ්‍ය වන්නේ වර්තමානයේදී අපට බලහත්කාරයෙන්ම නොමිලේ ආදම්ගේ පාලම ලබාදෙන්නේ කුමක් නිසාද ත්‍රීකුණාමලයේ සිට තලෙයිමන්නාරම හරහා රාමේෂ්වරම් දක්‌වා කි.මී 126 ක් දිග රේල් පාරක් යෝජනා කරන්නේ කුමක් නිසාද යන කරුණු මහජන අවධානයට ලක් කිරීමටයි. හොඳම උදාහරණය උතුරු මුහුදේ නීතිවිරෝධීව බලහත්කාරයෙන් අප රටේ මුහුදු සම්පත් කොල්ල කෑමය. පළමුව රජය විසින් වෙළ`ද ගිවිසුම් වලට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. දෙවනුව නිදහස් වෙළ`ද ගිවිසුමේ ගැටලු එම ගිවිසුම යටතේ විස¹ ඉන්දියාවේ සත්භාවය තහවුරු කළ යුතුය.

කේ. එම්. වසන්ත බණ්‌ඩාර
[Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .