ජවිපෙ නායක රෝහණ විජේවීර එජාපයේ භීම සමයක මරා දැමුවේ පණපිටින් අල්ලාගෙන බොරැල්ල කනත්තට රැගෙනවිත් දසවද දී පණපිටින් පුළුස්සා දැමීමෙන් බව ඉතිහාසයයි. මේ ඉතිහාසය අද එම පක්ෂයේ නායකයන්ගේ සිට බිම් මට්ටමේ පහලම සාමාජිකයා දක්වා නොදන්නවා විය නොහැකිය. එහෙත් වර්තමාන නායක අනුර කුමාරට විජේවීර ඝාතනය කිරීම ගැන කොටි හිතවාදීයකු යැයි සැලකෙන එක්නැළිගොඩ අතුරුදන් වීම තරම්වත් කැක්කුමක් ඇති බවක් පෙනෙන්නට නැත. එසේ ඇත්නම් හෘදසාක්ෂ්‍යයක් එක්ක ඔහුට එජාපය සමග මේසා ඒකාත්මික ගනුදෙනුවක් කළ නොහැකිය. දේශපාලන අර්ථයෙන් ගත්තත් ජවිපෙ පංති සතුරා එජාපයයි. එහෙත් අනුර කුමාර අද නිර්ධන පන්තියේ විප්ලවය කරන්නෙත් එජාපයේ සල්ලි වලින් බව තවමත් සමාජවාදී සිහිනයෙන් හිරිවැටී සිටින බිම්මට්ටමේ සහෝදරයින් වටහාගන්නා පාටක් නැත.හිටපු නායක සෝමවංශ අමරසිංහද ශුද්ධ සිංහලෙන් අද අනුර කුමාර අලියාගේ බෙල්ලේ සීනුව ගැටගැසූ න්‍යායික හිල් පෙන්වා දුන්නේය.

කුමාර ගුණරත්නම්ගේ වැඩසටහන ප්‍රචාරය වීම වැලක්වීමේ සිට ඔහුව සිරගත කිරීම දක්වා සියල්ල සිදුවන්නේ අනුර සහ රනිල් අද ගතකරන දේශපාලන මදුසමයේ ප්‍රතිඵලයක් ලෙසය. ඔහු විජේදාස රාජපක්ෂ සමග මුහුණට මුහුණලා ප්‍රසිද්ධ සංවාදයක් කිරීමේ අභියෝගයද රනිල්ට කෙදිරිගා වලක්වා ගත්බව විජේදාස මාධ්‍යට හෙළි කළේය. ජවිපෙන් කැඩුන කුමාර ගුණරත්නම් කුමන දේශපාලන ස්ථාවරයක් ගත්තද ඔහුට උරුමකර දුන් ඉරණම ගැන අනුර කුමාර ලජ්ජා විය යුතුය. ඔහුට ඉංග්‍රීසි හෝඩිය පවා කියා දී ඇත්තේද අද තමන් නොදන්නේ යයි කියන කුමාර ගුණරත්නම් ගේ අම්මාය. එහෙත් අද අනුර කුමාර, ගුණරත්නම්ට මෙච්චරම බය කුමකටද ?
මගේ අදහස කුමාර ගුණරත්නම් වහා නිදහස් කළ යුතුබව ය. කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ හොරු,කැලෑ පාලුවෝ, රේස්බුකිකාරයෝ ආදී වශයෙන් ජනවාරි 8 ට පෙර නහුතයක් දෙස් දෙවොල් තැබූ අය අද ආණ්ඩුවේ ඇමැති තනතුරු දරන්නේ නම්, මහජන ඡන්දයෙන් ප්‍රතික්‍ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් ගත්තේ නම්,සතොස,මහ බැංකුව, කොල්ල කෑ අය නිදහසේ නම් කුමාර ගුණරත්නම් තම වලංගු වීසා කාලය ඉක්මවා මෙරට රැදී සිටීම අරට වඩා මහා අපරාධයක් වන්නේ කෙසේද ? ඇරත් ඔහු මේසා කාලයක් අත්අඩංගුවේ රදවාගෙන සිටින්නේ ඇයි? ලංකාවේ දිගටම රැදී සිටීමට අවශ්‍ය පුරවැසිභාවය ඔහුට නැත්නම් ඔස්ට්‍රේලියාවට පිටුවහල් නොකරන්නේ ඇයි? අනික ඩයස්පෝරාකාරයින්ටත් ලංකාවට එන්න ආරාධනා කළ රජය කුමාර ගුණරත්නම්ට ඒ අයිතිය නොදෙන්නේ ඇයි? වරක් මෙන් තානාපති කාර්යාල ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද පෙරට නොඑන්නේ ඇයි.?අනුර රනිල් ප්‍රේමය එතරම්ම ගැඹුරුද ? මේ සිර කිරීම නිගමන හා ප්‍රශ්න රාශියක්ම ඉතුරු කරවන්නකි. මනුෂත්වයටත් එරෙහිව කළ මේ සිරකිරීම වූ කලි , විශ්ව සාධාරණවාදී ඊනියා සිවිල් සංවිධාන, මානව හිමිකම් කොන්ත්‍රාත්කරුවන්, ආදී සියල්ලම එක්වී ප්‍රසූත කළ යහපාලනය තුළද රටේ නීතිය අධිකරණය පාලකයන්ට උවමනා ආකාරයට හසුරුවන බවට කදිම සාක්ෂියකි. 19 සංශෝධනයෙ කොමිෂන්සබා වලින් සුවාධීන කළ නීතිය තියෙන්නේ කොහෙද ? කඩුවෙල උසාවියේ පමණද ? ගුණරත්නම්ට සාධාරණය ඉටුවන සුවාධීන උසාවියක් රටේ වෙන නැද්ද ?
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .