3/31/2016

මරණ හයක් ඇති ලංකා මාතාව

කතෘ:යුතුකම     3/31/2016   No comments

-දර්ශන කස්තුරිරත්න -
 
ලංකාවට මරණ හයක් ඇත.
එකක් නම් ව්‍යව්ස්ථාව හරහා රට කැඩීමයි. ඒකට අවශ්‍ය එන්ජීඕ ව්‍යවස්ථාදායක සභාව හදලා ඉවරයි. ඕනම දේකට අත උස්සන ගොන්නු රැලක් ඉන්නවා නාමික විපක්ෂයක් එක්ක. 2/3ට 5/6ක බලයක් තියෙනවා. ඉස්සර වෙලා සහ සන්ධීය රාජ්‍යයක් හදලා ඉන් පස්සේ ජනමත විචාරණයක් හරහා වෙන් කරන්ඩ පුළුවන් නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ කරා වගේ. කැඩුනට පස්සේ ඉතිං දේශසීමා සටන් එහෙම තමා. එකක් කැඩුන ගමන් වතුකරයේ, මුස්ලිම් ප්‍රෙද්ශ එහෙමත් කැඩෙන්ට බලනවානේ. හරි ලස්සන කාලයක් එයි.

අනෙක තමා යුධ අපරාධ නඩු කතාව. ඒකෙ ethnic cleansing උනා කියලා හයිබ්‍රිිඩ් අධිකරණයේ ලංකා ආණ්ඩුවේ සීල් එකත් එක්ක තීන්දුව ආවහම එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙනම රටක් හදන්ඩ පුළුහන් (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුධ රථ දැනටම මෙහේ කරක් ගහන්නේ ඒකට පෙරහුරුවකට විය හැකියි).

තුන්වෙනි එක අයිසිස් කතාව. දැනටම මේ කණ්ඩායම් රටට රිංගලානං නැවත සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්ඩ පුළුවන් ඒ හරහා. ඒක වෙන්ඩ මේ ආණ්ඩුව ඉඩ දෙන බවක් පෙනෙන්නේ. කලින් වතාවෙ වගේම මේ වතාවෙත් ඒකෙන් ගොඩයන්නේ දෙමළ බෙදුම්වාදයයි එය මෙහෙයවන බටහිර අධිරාජ්‍යවාදයයි.

හතරවෙනි එක ජාතික ආර්ථිකය එක්ටා ගිවිසුම හරහා ඉන්දියානු අධිරාජ්‍යවාදයට ලියලා දෙන එක. මේකෙන් ආර්ථිකය විතරක් නොවේ දේශපාලනිකවම ලංකාව ඉන්දියාවේ යටත්විජිතයක් වෙනවා. ලංකාවෙ ජන සංයුතිය, සංස්කෘතිය වගේම අනන්‍යතාවයත් වෙනස් වෙනවා. විනාශ වෙනවා.

පස් වෙනි එක ආර්ථිකය කඩං වැටිලා අයිඑම්එෆ් ණය උගුලේ හිර වෙන එක. අයිඑම්එෆ් එක ණය ගෙවන්ඩ තවත් ණය දෙනවා. ඒවාට දාන කොන්දේසි වලින් ආර්ථිකය තවත් සංකෝචනය වෙලා තවත් ණය ගන්ඩ වෙනවා. මේකෙන් ගැලවීමක් නෑ සියලුම රාජ්‍ය සම්පත් විකිණිම සහ බදු වැඩිකිරීම සහ සහන කප්පාදුව හැර. මේකෙන් නැවතත් ලංකාව ආර්ථික වහල්භාවයකට ඇදලා දානවා.

ඒ අස්සේ නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදයකුත් ඔලුව උස්සන බව ඊයේ පෙරේදා ඉදං එන නිව්ස් වලින් පේනවා. බුද්ධි අංශයට බඩු බනිස් කරලා තියෙන නිසා මේවා ගැන තොරතුරු දැනගන්ඩ ක්‍රමයකුත් නෑ බෝම්බ පත්තු වෙන්ඩ පෙර. අල්ලපු එකත් ගංජා අල්ලන්ඩ ගිහිල්ලා කණාවට සෙට් වෙච්ච එකක්නේ. මේක තමා හයවෙනි මරණය.

මේ මරණවලින් මොකක් ඉස්සර වෙයිද කියන්ඩ බැරි තරං ත්‍රාසජනක තත්වයක් තියෙන්නෙ. සමහර විට එක පාර මරණ දෙක තුනක් වෙන්ඩත් පුළුහන්. දැං මරණ හයක් ඇති විට ආණ්ඩුව කරන්නේ මොකක්ද? පුළුවන් තරම් ඒ මරණ හයටම ලංකාව දක්කන එක (ඒක සාධාරණයිනේ. ඒ මරණ ඇති කරෙත් මේගොල්ලමනේ තමන්ගේ බටහිර/ඉන්දිය ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව අනුව). ඒක නවත්තවන්ඩ දේශපාලන නායකත්වයක් දෙන්ඩ පුළුවන් හැකියාවක් ඇති තමන්ට ඇති එකම දේශපාලන තර්ජනය වන මහින්දට බැන බැන ඉන්න එක. ශ්‍රිලනිපය පුළුවන් තරං එජාප අතකොළුවක් කරලා විපක්ෂයක් හැදෙන එක නවත්වන එක. මහින්දත් වෙනම පක්ෂයක් හෝ සන්ධානයක් හදාගෙන එන එක නවත්වන්ඩ ඔහුට සහ ඔහුගේ පවුලේ අයට බලපෑම් කරන එක. ජේවීපි, ටිඑන්ඒ, ශ්‍රීලනිප ව්‍යාජ නාමික විපක්ෂය එක්ක බොරුවට රණ්ඩු අල්ලන එක (ඒකත් දැං කෙරෙන්නේමැ නැති තරං. බොරුවට රගපාන එකෙත් සීමාවක් තියෙනවනේ අප්පා). නැත්තං අර ලිංග මාරු වෙච්ච ආණ්ඩුකාරයා පත් කිරීම, කොණ්ඩයාගේ කතා වස්තුව, එච්අයිවී හැදුනේ (නැති) ළමයා, නිදහස් චතුරස්‍රෙය් ලව් කිරීම වගේ බොරු ඉෂුස් හදලා මේ මරණ හය කකුළු ජනතාවට අමතක කරවන එක.

[ඡායාරූපය :Alamy.com]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions