3/19/2016

එක්නැලිගොඩ සැමරිය යුතු නිවටයෝ සුනිල් මාධවගේ කරට ගොඩවූ හැටි

කතෘ:යුතුකම     3/19/2016   No comments

සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය මාර්තු 10 වැනිදා කොළඹදී පැවැත්විණි. එය තරුණ පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර ඒ වෑයම බෙහෙවින් අගය කළ යුත්තකි. මෙය සංවිධානය කළ අයගේ අරමුණු, ආස්ථාන මොනවා විය හැකි වුවත් අවසානයේදී මේ උත්සවය පෙරටුගාමීන්ගේ හා යූඇන්පී වාමාංශිකයන්ගේ විගඩම් මඩුවක් බවට පත්වූ බව අසන්නට ලැබිණි. විකල්ප ගෝත්‍ර මතධාරීහු අති විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූ අතර සුනිල් මාධවගේ පිහිටෙන් හෝ විප්ලවවාදී වෙස් ඇඳ ගන්නට ඔවුන්ට අවස්ථාවක් උදාකරදීමද එක්තරා පුන්‍ය කර්මයකි. මේ අවස්ථාව ගැන දේශපාලන පසු විපරමක් සිදු කිරීමට අප අදහස් කළේ ඔවුන්ගේ දේශපාලනය හා සුනිල් මාධවගේ දේශපාලනය අතර ඇති බරපතල පරස්පරතාව පෙන්වා දීම සඳහාය. එය මේ සමස්ථ වැඩසටහන හෝ එහි සංවිධායක පිරිස සමඟ අපට ඇති කිසිදු ආරෝවක් හෝ නොවේ.

එජාපය අන්ත දක්ෂිණාංශික පක්ෂයකැයි බොහෝ දෙනා කීවද එජාපය වටා රොක්වූ අති විශාල වාමාංශික ඇටිකිච්චෝ පිරිසක් සිටිති. අති වාමවාදී මුහුණු ලා ගනිමින්, අන්ත විනාශකාරී දක්ෂිණාංශික දේශපාලනයේ තුත්තිරි සුද්ධ කිරීම ඔවුන්ගේ චූල කාර්යයභාරය වෙයි. උතුරේ යුද්ධය යනු දෙමළුන් මැරීමක් යැයි සිතා සුනිල් මාධවට ගොන් විවේචන එල්ල කරන චූල ආනන්දලාගේ සිට, පශ්චාත් නූතනවාදී ක්‍රමයට රනිල්ගේ අසූචි ලෙවකමින් සිටින දීප්ති කුමාරලාගේ සිට, අනුර කුමාරලා, කුමාර ගුණරත්නම්ලා ආදී සියලු කුමාරවරු අයත් වන්නේ එජාපයේ වාම පෙරමුණටය. විවිධාකාරයේ වාමවාදී, පශ්චාත් නූතනවාදී, මූණූ ලාගත් සුනිල් සෙනවි පන්නයේ ඊනියා විකල්ප විචාරකයන් සියල්ලෝද එහිම ලැඟුම්ගත් අනාථයෝ වෙති. අද පෙරටුගාමීහු රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව යම් යම් සිඟිති විරෝධතා දක්වමින් සිටියද ඔවුහු දෘෂ්ටිවාදීව මෙන්ම ව්‍යවහාරිකවද රනිල්ගේ ෆනී බෝයිලා කල්ලියක් වන්නේ කෙසේදැයි අප නොයෙක්වර පෙන්වා දී තිබේ. මේ අනුව මෙකී උත්සවයේදී සුනිල් මාධව වෙනුවෙන් කෑ කෝ ගැසීමට පෙරමුණ ගෙන ඇත්තේ, එදා සිටම රනිල්ගේ කලිසම අස්සට රිංගාගෙන සිටින විකල්ප පුස්සන් පිරිසකි. විකල්ප නරිවාදම් ඔස්සේ රනිල් නම් වූ අන්ත විනාශකාරී විකෘති සත්ත්වයාට මේ රට ගොදුරු කිරීමට දැනුවත්ව මැදිහත් වූ මේ පිරිස අද සුනිල් මාධවගේ කරේ එල්ලී විමුක්තිකාමීහු වීමට උත්සාහ දරමින් සිටිති. එසේ වුවද මේ දීනයන්ගේ දේශපාලනය හා සුනිල් මාධවගේ දේශපාලනය අතර ඇති ගැලපීම කුමක්ද? ඔවුන්ට තම නාඩගම සඳහා කෙසේවත් තමන්ට නොපෑහෙන සුනිල් අයියා කෙනෙකු තෝරා ගැනීමට සිදුවී ඇත්තේ කුමක් නිසාද? මේ ඉල ඇදෙන සුළු කාරණය මෙහිදී මඳක් විමසා බැලිය යුතුවෙයි.

බෙහෙවින් හැඟීම්බර පුද්ගලයෙකු වන සුනිල් මාධවගේ දේශපාලන ස්ථාවරයන් ගැන විවිධ වාද විවාද තිබිය හැකිය. ඔහු මෑත කාලයේදී කිසිදු දේශපාලන ප්‍රවාහයක් දැඩිව නියෝජනය කළ අයෙක්ද නොවේ. එසේවුවද පොදුවේ අප දන්නා ආකාරයට සුනිල් මාධව කිසිදා මිනීමරු කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියේ නැත. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියේ නැත. චූල ආනන්දලා මෙන් මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් කවි පැබදූයේද නැත. රටේ පදනමට හා අක්මුල්වලට වෛර කිරීමේ හීනමාන රෝගයද කිසිදා සුනිල් මාධව තුළ නොවීය. කුමන අඟහිඟකම් තිබුණද ඔහු කිසිදා එන්ජීඕ ඩොලර් හමුවේ කොඳු කඩා නොගත්තේය. ඔහු රනිල්ගේ ලිබරල් ශිෂ්ඨත්වය ගැන හෙංචයියන්ගේ රාවයට ලිපි ලීවේද නැත. ජවිපෙ ස්වයං විනාශයෙන් පසුව සුනිල් මාධව සමපාත වූයේද ජවිපෙ දේශපාලනය සමඟ නොව ජවිපෙ පරම සතුරා වූ විමල් ප්‍රමුඛ ජාතිකවාදී දේශපාලන කඳවුර සමඟය. සුනිල් මාධවට නැති බැරි අවස්ථාවලදී උදව්පදව් ලැබුණේද ඒ කඳවුරෙන් හා තම හිතමිතුරන්ගෙන් මිස ජවිපෙන් හෝ පෙරටුගාමීන්ගෙන් නොවන බවද මෙහිදී සිහිපත් කළ යුතුය. අතීතයේදී සුනිල් මාධව සමපාත වූයේද විජේවීරලා ගොඩනැඟූ අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණ සමඟය. ඒ සැබෑ ජනතා විමුක්ති පෙරමුණ යනු කැප්පෙටිපොළගේ රූප පෙරටු කරගත් දේශප්‍රේමී, අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණක් මිස ඩීල් කුමාරලාගේ සහ අලුත් පරපුරු හෙංචයියන්ගේ සහවාසයෙන් බිහිවූ කොටලු පෙරමුණක් නොවීය. ප්‍රෝඩාකාරී මිනීමරු යුධ විරෝධය වෙනුවට සැබෑ අව්‍යාජ යුධ විරෝධියකු වූ සුනිල් මාධව, ඒ නිසාම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. මෙවන් දේශපාලන ස්ථාවරයන් නිසාම සුනිල් මාධව, චූල ආනන්දලා, සුනිල් සෙනවිලා, සිරිමල්වත්තලා ප්‍රමුඛ පරපුටු නඩයේ වෛරයට හා සරදමට පාත්‍ර වූයේ වරක් දෙවරක් නොවේ. එසේම සමාජවාදය තක්කඩියාගේ අවසාන නවාතැන බවට පමණක් පත් කරගත් පිරිසකට සුනිල් මාධවගේ සමාජවාදය සමඟද සමපාත වීමට කෙසේවත් පුළුවන් කමක් නැත. රනිල්ගේ නපුංසක සිනහවට වහවැටුණු සුනිල් සෙනවිලා වැනි දීනයන්ට, ප්‍රේමදාසගේ වෙඩි උණ්ඩවලට බිය නොවූ සුනිල් මාධවගේ නිර්භීතකමෙන් පලක් නැති බව අමුතුවෙන් පෙන්වා දිය යුතුව තිබේද?

එපමණක්ද නොවේ. පසුගිය කාලයේදී සන්නස්ගලගේ පොත් සංස්කරණය කළ අයෙක්ද මේ උත්සවයට සහභාගී වී නරිවාදම් දෙඩුවේලු. ඔහු පෙරටුගාමී පක්ෂය ඊළාම්වාදී මදි යැයි කියමින් රනිල්ගේ මද නැති ඇට ලොවන පත්තරයක සේවයට එක්වූ මාධ්‍ය ගල් කොල්ලෙක් බව කියැවේ. සන්නස්ගල යනු එදා සිටම යූඇන්පී කාරයෙකි. නිකම්ම නිකම් යූඇන්පී කාරයෙකු නොව අතිශය දූෂිත හා නන්නත්තාර පසුබිමක් සහිත ජරාජීර්ණ යූඇන්පී කාරයෙකි. එදා සුනිල් මාධව යූඇන්පී භීෂණයට එරෙහිව සටන් වදින විට සන්නස්ගලලා එජාප ස්වාධීන ශිෂ්‍ය සංගමයේ බාල ගෝලයෝ වූහ. ප්‍රා කල්ලිය නිර්මාණය කරමින් ජවිපෙ මර්දනය කිරීම සඳහා කටයුතු කළ කේ.එල් ධර්මසිරි මේ ශිෂ්‍ය සංගමයේ නායකයාය. එදා සුනිල් මාධවලා වැනි අය ටයර් උඩ යැවීම සඳහා ඔත්තු බැලූ පුද්ගලයන් අතර ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඇතැමුන්ද සිටි බව ප්‍රකටය. සන්නස්ගලලාගේ අඳුරු පසුබිම එවැන්නක් වුවද මෑතක් වන තුරුම මෙකී යූඇන්පී සන්නස්ගල පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද නැතුවම බැරි සටන් සගයෙකු වී සිටියේය. මේ දෙපාර්ශවයේම බොහෝ සංස්කෘතික වේදිකාවල, පත්තර සඟරාවල සන්නස්ගලගේ වඳුරු කුනහරුප අනිවාර්ය අංගයකි. ජවිපෙ ඇලවූ පෝස්ටර්වලට අනුව ගෝර්කිගේ අම්මාගෙන් පසු කියවිය යුතුම පොත සන්නස්ගලගේ අම්මාය. දූෂිත සන්නස්ගලලා විප්ලව වීරයන් කිරීමෙන් නොනැවතී, ඡන්ද ප්‍රචාරය සඳහා එළිදක්වන ලද ඔහුගේ ඊනියා පොත්වල සංස්කාරක බත් ගොට්ටන් ලෙස කටයුතු කළ මාක්ස්වාදී නිවටයෝ පවා අද සුනිල් මාධවට බණ කියන්නට ඉදිරිපත් වී සිටිති. උපහාරයක නාමයේන් දියත් වූ මේසා දරුණු දේශපාලන සරදමකට සුනිල් මාධව මීට පෙර කිසිදා මුහුණ දී තිබේද ?

මේ අනුව මේ කොයි අතින් ගත්තද සුනිල් මාධවගේ දේශපාලනය හා විකල්ප පුස්සන්ගේ දේශපාලනය අතර ඇත්තේ අහසට පොළව බඳු පරතරයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මෙය මෑතකදී පුස්සන් විසින් රඟදැක්වනු ලැබූ සෞදි නාඩගම, දළදා නාඩගම, භාෂි මධුෂානි වන්නම, නිදහස් චතුරස්‍ර තොවිලය, ආදියේම අපූරු දිගුවකි. මෙවැනි විහිළු සැපයීම්වලින් තොරව යූඇන්පී වාමාංශිකයන්ට කිසිදා මේ රටේ මිනිසුන් වෙනුවෙන් කළ හැකි කිසිදු පලදායක දේශපාලනයක් නැත. මේ විහිළු රනිල් විසින් රැකියා ඉල්ලා ලිප්ටන් වටරවුමට කැඳවන ලද අපූරු තරුණ තරුණියන්ගේ විහිළුවලටත් වඩා බේදජනකය. තමන්ට කොහෙත්ම නොපෑහෙන සුනිල් මාධවලාට පාඩුවේ ඉන්නට දී තමන්ට ගැලපෙන වීරයෙක් වෙනුවෙන් කතා පැවැත්වීමට මේ පිරිස කටයුතු කළේ නම් සුනිල් මාධවට කළ හැකි ලොකුම ගෞරවය එය වෙයි. සුනිල් මාධව වෙනුවට ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, හෝ උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්විය හැකි නම් එය සිරිමල්වත්තලාගේ, චූල ආනන්දලාගේ හා සුනිල් සෙනවිලාගේ සමාජවාදය සමඟ මනාව ගැලපෙන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions