3/01/2016

නිරුවත් නිර්මාල්ලාගේ ව්‍යාජ අඳෝනා..

කතෘ:යුතුකම     3/01/2016   No comments

නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය TNL නාලිකාවට ලබාදීම හරහා රනිල් වික්‍රමසිංහ අතින් තම රෙදි ගැලවී ඇතැයි නිර්මාල් දේවසිරි මහතා නගන අඳෝනාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණි. පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දමන විටත්, විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවත්දීත්, කිසිදු ජනවරමක් නොමැති පුද්ගලයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය හසුරවද්දීත්, ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වූ අනෙකුත් අවස්ථාවලදීත් රෙදි පමණක් නොව ශීත කබාද හැඳ කිසි අපහසුවකින් තොරව නිසොල්මන්ව සිටි නිර්මාල් දේවසිරි මහතා, සාපේක්ෂව සරල කාරණයක් වන විකාශන අයිතියක් සම්බන්ධයෙන් එක්වරම අඳෝනා දෙන්නේ ඇයි? නිර්මාල් තමන්ගේ රෙදි එසේ ගැලවෙනතුරු බලාසිටීවිද?

නිර්මාල් දේවසිරි ඇතුළු ඊනියා උගතුන් බුද්ධිමතුන්, පුරවැසි බලය, අලුත් පරපුර ආදී ක්‍රියාකාරීන් යහපාලනයක් පිළිබඳ චිත්‍ර මවමින් පෙර රජය පෙරළා දැමීමට ක්‍රියා කළද, මොවුන්ගේ සැබෑ අරමුණ වූයේ මෙරට ඇති සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුර දුර්වල කර දෙමළ බෙදුම්වාදය මෙරට තහවුරු කිරීමට පාර කැපීම බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නිර්මාල්ගේම වචනවලින්ම කිවහොත් නිර්මාල්ලා ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය වන්නේ "පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි". මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. ඒ සඳහා කුමක් හෝ විවේචනයක් කළ යුතුය. ඒ සඳහා මොවුන් තෝරාගන්නේ රටේ අනගාතයට සෘජු ලෙස බලපාන කරුණු නොව විකාශන අයිතිය වැනි සිල්ලර කාරණාය. එවැනි විවේචන වලින් ආණ්ඩුව වැටෙන්නේද නැත. තමන්ගේ ඊනියා මධ්‍යස්ථ බවද ලෝකයා ඉදිරියේ රැක ගනී.

වත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා මෙම ආණ්ඩුව ඔවුන්ගේ බෙදුම්වාදී අපේක්ෂා ඉතා කාර්යක්ෂම ලෙස ඉටුකර දී ඇත. නිර්මාල්ලාගේ සැබෑ අරමුණු කඩාකප්පල් කිරීමට නම් වත්මන් රජය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට වැඩදායක, දෙමළ බෙදුම්වාදයට එරෙහි අංශුමාත්‍රයක හෝ දෙයක් සිදුකළ යුතුය. නමුත් සිංහල බෞද්ධ විරෝධී, දෙමළ බෙදුම්වාදයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන රනිල් හෝ හීනමානය තම දේශපාලන දැක්ම කරගත් සරලසේන හෝ යටතේ කිසිදිනක එවන්දෙයක් සිදු නොවන බව නිර්මාල්ලාද අපිද හොඳාකාරවම දනිමු.

එසේනම් නිර්මාල්ගේ රෙදි ගැලවී ඇත්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිටම නිර්මාල්ලාගේ රෙදි ගැලවෙමින් පවතී. නමුත් ඒ බව වසන් කරන ඔවුහු යන්තම් ඉරුණු කමිස සාක්කුවකට පමණක් ඇඟිල්ල දිගුකර සැබෑ නිරුවත වසන් කරති. නිර්මාල්ලාගේ රෙදි ගැලවී ඇත. නමුත් නිරුවතින් හෝ නිර්මාල් ඇතුළු පිරිස තම බෙදුම්වාදී අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් ඇත.

-සදීර බණ්ඩාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions