3/01/2016

නිරුවත් නිර්මාල්ලාගේ ව්‍යාජ අඳෝනා..

කතෘ:යුතුකම     3/01/2016   No comments
නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය TNL නාලිකාවට ලබාදීම හරහා රනිල් වික්‍රමසිංහ අතින් තම රෙදි ගැලවී ඇතැයි නිර්මාල් දේවසිරි මහතා නගන අඳෝනාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණි. පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දමන විටත්, විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවත්දීත්, කිසිදු ජනවරමක් නොමැති පුද්ගලයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය හසුරවද්දීත්, ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වූ අනෙකුත් අවස්ථාවලදීත් රෙදි පමණක් නොව ශීත කබාද හැඳ කිසි අපහසුවකින් තොරව නිසොල්මන්ව සිටි නිර්මාල් දේවසිරි මහතා, සාපේක්ෂව සරල කාරණයක් වන විකාශන අයිතියක් සම්බන්ධයෙන් එක්වරම අඳෝනා දෙන්නේ ඇයි? නිර්මාල් තමන්ගේ රෙදි එසේ ගැලවෙනතුරු බලාසිටීවිද?

නිර්මාල් දේවසිරි ඇතුළු ඊනියා උගතුන් බුද්ධිමතුන්, පුරවැසි බලය, අලුත් පරපුර ආදී ක්‍රියාකාරීන් යහපාලනයක් පිළිබඳ චිත්‍ර මවමින් පෙර රජය පෙරළා දැමීමට ක්‍රියා කළද, මොවුන්ගේ සැබෑ අරමුණ වූයේ මෙරට ඇති සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුර දුර්වල කර දෙමළ බෙදුම්වාදය මෙරට තහවුරු කිරීමට පාර කැපීම බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නිර්මාල්ගේම වචනවලින්ම කිවහොත් නිර්මාල්ලා ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය වන්නේ "පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි". මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. ඒ සඳහා කුමක් හෝ විවේචනයක් කළ යුතුය. ඒ සඳහා මොවුන් තෝරාගන්නේ රටේ අනගාතයට සෘජු ලෙස බලපාන කරුණු නොව විකාශන අයිතිය වැනි සිල්ලර කාරණාය. එවැනි විවේචන වලින් ආණ්ඩුව වැටෙන්නේද නැත. තමන්ගේ ඊනියා මධ්‍යස්ථ බවද ලෝකයා ඉදිරියේ රැක ගනී.

වත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා මෙම ආණ්ඩුව ඔවුන්ගේ බෙදුම්වාදී අපේක්ෂා ඉතා කාර්යක්ෂම ලෙස ඉටුකර දී ඇත. නිර්මාල්ලාගේ සැබෑ අරමුණු කඩාකප්පල් කිරීමට නම් වත්මන් රජය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට වැඩදායක, දෙමළ බෙදුම්වාදයට එරෙහි අංශුමාත්‍රයක හෝ දෙයක් සිදුකළ යුතුය. නමුත් සිංහල බෞද්ධ විරෝධී, දෙමළ බෙදුම්වාදයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන රනිල් හෝ හීනමානය තම දේශපාලන දැක්ම කරගත් සරලසේන හෝ යටතේ කිසිදිනක එවන්දෙයක් සිදු නොවන බව නිර්මාල්ලාද අපිද හොඳාකාරවම දනිමු.

එසේනම් නිර්මාල්ගේ රෙදි ගැලවී ඇත්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිටම නිර්මාල්ලාගේ රෙදි ගැලවෙමින් පවතී. නමුත් ඒ බව වසන් කරන ඔවුහු යන්තම් ඉරුණු කමිස සාක්කුවකට පමණක් ඇඟිල්ල දිගුකර සැබෑ නිරුවත වසන් කරති. නිර්මාල්ලාගේ රෙදි ගැලවී ඇත. නමුත් නිරුවතින් හෝ නිර්මාල් ඇතුළු පිරිස තම බෙදුම්වාදී අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් ඇත.

-සදීර බණ්ඩාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/30/2015

ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය

කතෘ:යුතුකම     9/30/2015   1 comment
පාර්ලිමේන්තුව තුල විපක්ෂයට අත්වී ඇති ඉරණම මේ වන විට සක්සුදක් සේ පැහැදිළිය. විපක්ෂනායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර හංස සන්ධානය මගින් පැහැරගැනීමේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ "අයිසේ" ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන අයුරු අපි අත්දකිමින් සිටිමු. නමුත් අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මේ කාරණය ගැන නොවේ. අපි සාකච්ඡා කරන්නේ පාර්ලිමේතුවෙන් පිටත විපක්ෂයට අද දවසේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් පිරිස ප්‍රධාන වශයෙන් අපි කොටස් තුනක් ලෙස දකිමු. ඉන් පළමු කොටස නම් අවංකවම කැපුවත් කොළ එජාප පාක්ෂිකයන්ය. ප්‍රභාකරන් වුවද එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් ඔහුට ඡන්දයක් දීමට මැළි නොවන මේ පිරිස ගැන කතා කිරීමට අපි කාලය අපතේ නොයවමු. නමුත් ඔවුන්ගේ පාක්ෂිකත්වය පිළිබඳ ඇති අවංකභාවයට අපි ගරු කරමු. දෙවන පිරිස වන්නේ ඊනියා "පාවෙන" ඡන්ද දායකයන්ය (මොවුන් "පාවෙන" ඡන්ද දායකයන් වන්නේ හුදු පාක්ෂික මානසිකත්වයක් නැති නිසා නොවේ. ඒ ගැන වෙනම කතා කළයුතුය ). ඡන්ද පොළට යන අතරතුර වන සිදුවීමකින් පවා තමා ඡන්දය දෙන පක්ෂය වෙනස් කරන මෙම පිරිසේ දේශපාලනික මනස මෙලොව ප්‍රාණියෙකුට තේරුම් ගත නොහැකි බැවින්, ඔවුන් පිළිබඳවද අපි පසුව සොයා බලමු. තෙවන කොටස වන්නේ උගත් බුධිමත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා ඊනියා විදග්ධ පිරිසය.

මෙම තෙවන කාණ්ඩයට අයත් පිරිසෙන් කොටසක් ජවිපෙ ඇතුලු මාක්ස්වාදීන් වේ. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පිරිසක්ද මෙහි වෙයි. ඉතිරි අතිමහත් බහුතරය එජාප පාක්ෂිකයන්ය. නමුත් මොවුන් තම පාක්ෂිකත්වය සැමවිටම සඟවයි. ඔවුන් එළිපිට පෙනී සිටින්නේ මධ්‍යස්ථ මතධාරීන් ලෙසය. පවතින ආණ්ඩුවෙහි ක්‍රියාකලාපය නිසා ඇති වන ලජ්ජාව හමුවේ මොවුන්ගෙන් සමහරෙක් දේශපාලනික නිද්‍රාවට පත්ව සිටිති. තවත් සමහරෙක් ලජ්ජාව වසාගැනීමට ආණ්ඩුවේ යම් යම් වැරදි විවේචනයට ලක් කරමින් සිටී. එසේ කිරීමෙන් තමන්ගේ ව්‍යාජ මධ්‍යස්ථභාවය උලුප්පා දක්වමින් සිටී. මෙයට හසුවන මහින්දවාදීන්ද ඔවුන්ගේ ප්‍රකාශ අගය කරති. බෙදා හරිති. එවැනි ඊනියා බුද්ධිමතුන් වත්මන් ආණ්ඩුව මගින් රැවටීමකට ලක් කර ඇතැයි සිතමින් මෙම මහින්දවාදීන් තාවකාලික වින්දනයක්ද ලබති. විශේෂයෙන්ම facebook අවකාශය තුළ මෙම තත්වය පැහදිළිව දක්නට ලැබේ.
මෙම බුද්ධිමතුන් පවසන්නේ තමන් පත් කළ ආණ්ඩුවේ වැරදි පවා විවේචනය කිරීමට තරම් ධෛර්යයක් මොවුන්ට ඇති බවයි. නමුත් මොවුන්ගේ විවේචනයට හසුවන්නේ නිශාන්ත මුතුහෙට්ටිගමට ඇමතිකමක් ලැබීම, අමාත්‍ය මණ්ඩලය ප්‍රමාණය ඉක්මවා යෑම, අමාත්‍යවරුන් දෙදෙනෙකු තම විෂය පථයන් වෙනස් කිරීම වැනි හුදෙක් පරිධියේ ඇති කාරණා පමණය. ඉඳහිට එකෙකු දෙන්නෙකු පමණක් දහම් සිරිසේන රට සවාරි යෑම පිළිබඳ නන් දොඩවති. නමුත්
 
1. ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දැමීම
2. 2/3කට ආසන්න ආසන සංඛ්‍යාවක් තිබූ සන්ධානය විපක්ෂයට ඇද දමමින් ආසන 50ක්වත් නොතිබූ එජාපය ආණ්ඩු පක්ෂය බවට පත් කිරීම
3. කිසිදු ජනවරමක් නොතිබුණු පුද්ගලයින් ජාතික විධායක සභාවට පත් කර ගැනීම
4. මහ බැංකු වංචාව හා එය සැඟවීමට දරන උත්සාහය
5. රනිල් වික්‍රමසිංහ මහතා නම් සඳහන් කරමින්ම පුවත් කතුවරුන්ට තර්ජනය කිරීම
6. විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවීම
7. ආණ්ඩු පක්ෂය හා එහි හෙන්චයියන් විසින් ව්‍යවස්ථාධායක සභාවය මුළුමනින්ම ආක්‍රමණය කිරීම
8. මෛත්‍රී විරෝධීන් විසින් උපයාගත් ජාතික ලැයිස්තු ආසන, මෛත්‍රීපාල විසින් සදාචාර විරෝධී ලෙස පැහැරගැනීම
9. රණවිරුවන් යුධ අධිකරණවලට දැක්කීම
10. ඉන්දියාව, බටහිර රටවල් සහ එජා සංවිධානය කෙරෙහි ආණ්ඩුව දක්වන දීන විදේශ ප්‍රතිපත්තිය
 
ආදී එකී නොකී, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට, ස්වෛරීභාවයට හා රටේ අනාගතයට සෘජුව බලපාන ප්‍රශ්න පිළිබඳ සිහිනෙන්වත් විවේචනය කිරීමට මෙවැන්නන්ට එම ධෛර්යය ඇති නොවීම පුදුම සහගතය.
සිදුවන දේ පැහැදිළිය. මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ හොඳ නම ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. මහින්දවාදීන්ගේ සහය ලබමින්ම විපක්ෂයේ හඬ ලෙස සමාජය ඉදිරියේ කිරුළු පැළඳීම මොවුන්ගේ අභිප්‍රාය වේ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පිටත සැබෑ විපක්ෂය යට ගොස් ව්‍යාජ විපක්ෂයක් කල එළි බසිනු ඇත. බෙදුම්වාදය, යුධ අධිකරණ, බටහිර ඉදිරියේ රටේ ස්වෛරීත්වය බාල්දු කිරීම, ජනමතයට පයින් ගැසීම වැනි රට ඉදිරියේ ඇති සැබෑ අභියෝග අමතක කර ඉතාම සරල කාරණා කෙරෙහි විපක්ෂ ජනතාවගේ විවේචන පල්ලම් බසිනු ඇත. මීලඟ තීරණාත්මක මැතිවරණයකදී විපක්ෂයේ ජනමතය හැසිරවීමේ බලයද මෙම ව්‍යාජ බුද්ධිමතුන් විසින්ම පැහැරගනු ඇත.
 
මේවා ලෝකයට අළුත් දේවල්ද නොවේ. බටහිර ප්‍රධාන ධාරාවේ මාධය ආයතන, තම රටවල ආණ්ඩු ජාත්‍යන්තර තලයේදී සිදුකරන බලහත්කාරකම් තම රටවල ජනතාවගෙන් සැඟවීමට මෙම උපක්‍රමයම යොදා ගනියි. මෙම බටහිර මාධ්‍ය බොහෝවිට සිදුකරන්නේ රට අභ්‍යන්තරේ සිදුවන තරමක් සංවේදී කාරණා දැඩි ලෙස විවේචනය කිරීමයි. මෙයින් තෘප්තිමත් වන රටවැසියන් සිතන්නේ මෙම මාධ‍ය ආයතන අවංකවම රටවැසියන් වෙනුවෙන් පෙනී සිටින මධයස්ථ මතධාරී මාධ්‍ය බවත්, ඔවුන් වාර්තා කරන සියල්ල සත්‍ය බවත්ය. මෙය ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර තලයේ සිදුවන දෑ පිළිබඳ ජනමතය හැසිරවීමේ බලය මෙම මාධ‍ය සියතට ගනී. සදාම් හුසේන් සතුව සමූල ඝාතන අවි තිබූ බවට ඇමෙරිකානු ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මෙම ආයතන කළ කාර්ය භාර්යය අපට හොඳින් මතකය. වර්තමානයේ සිරියාව හා රුසියාව සම්බන්ධයෙන්ද මෙම පිළිවෙතම අනුගමනය කෙරේ.

-සදීර බණ්ඩාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions