3/03/2016

ජනවාරි 08 රටට අහිමි වූ පිළිවෙල හා නායකත්වය යළි ගොඩනැගීම එකම විකල්පයයි

කතෘ:යුතුකම     3/03/2016   2 comments

උසාවි අසල හා මහදවල් මහපාරේ දිනක් නෑර නාදුනන තුවක්කුකරුවන් අතින් වෙඩි වැදී මියෙන පුද්ගලයින් දකිනකොට ගෝඨාභය රාජපක්‍ෂත්, නායකත්වයක් නොමැති ව අයාලේ යන රටේ ආර්ථිකය පිළිබඳ දිනපතා පිරිහෙන ඉලක්කම් දකින විට බැසිල් රාජපක්‍ෂත්, මේ සිද්ධි දෙකම එකවර සිහිවන විට මහින්ද රාජපක්‍ෂත් මේ රටේ පුරවැසියන්ට මතක් නොවෙනවනම් ඔවුන්ට ප්‍රභාකරන් කීවා සේ සති දෙකෙන් අමතක වීමේ සින්ඩ්‍රෝමය හැදිල තියෙන්න ඕන. රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු මිසක් මේසන් බාස් නොවන බව මේ තුන් දෙනා සීන් එකෙන් ඉවත් වුනාම රටට වෙච්ච හරියෙන් දැන් හොඳට ම පේනවා.

නිදහසින් පස්සේ මේ රටට නොතිබුණු එකම දෙය උජුපටිපන්න නායකත්වය හා ඉලක්කය විතරයි. රටකට නායකත්වය තියෙනවනම් වෙන මොනවත් ඕන නැ. අවුරුදු 500ක් අපට අහිමි ව තිබූ එය අපට ලැබණෙ 2005 දී. බොහෝ පමා වී ආවා වුනත් මහින්දල 2005 ඉඳල මේ රටට පිළිවෙළ (order) ගෙනාව. ඒ තම ඍජු නායකත්ව ගුණාංග දේශපාලන මෙහෙයුමක් බවට පරිවර්තනය කිරමින්. මහින්දල අතින් යම් ‘කොස්මෙටික්’ වැරදි සිදු වුණත් ඒ වැරදිවල මුල් සොයාන ගියාම ඒවා ඔහුට පෙර සිටි නායකයින්ගේ ප්‍රවේණිගත රෝගවල සම්බන්ධ වෙන්නෙ. ‘කොස්මෙටික් වැරදි’ කියන්නේ පද්ධතියට හානි නොකරනසුළු එහෙත් මතුපිටින් දිළිසෙන වැරදි. මේ මතුපිට දිළිසෙන වැරදි ම අතිශෝක්තියට නංවල තමා, මහින්ද පාලනය මගින් කාටත් නොපෙණී රට‍ට ගෙනා අභ්‍යන්තර පිළිවෙල හා ආර්ථිත සෞභාග්‍ය පරාද කරන්නෙ. දළ දේශීය නිෂ්පාදය 2005 දී ඩොලර් බිලියන 25 ඉඳලා 2014 වෙනකොට 76ක් කිරීම ලෙහෙසි පහසු දෙයක් ද? ඒක පුද්ගල ආදායම ඩොලර් 800 ඉඳලා 3000 වීම කොහොම ද?. අපේ අසල්වැසි රටවල් පවා ඊර්ෂ්‍යව ‍කළ මේ ගමනයි ජනවාරි 08 වෙනිදා පරාජය කළේ. ඇත්තට ම ඒ ඊර්ෂ්‍යාව නේද අපට කනකොකා ගෙනාවේ !

‘යහපාලනය’ හා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හා ‘නිදහස’ වැනි ‘ලොකු වචන’ තුන්වැනි ලෝකය නතුකරගැනීම යොදා ගැනීම යෝජනා කළේ 1919 ඇමරිකාව පාලනය කළ වුඩ්රෝ විල්සන් නම් ජනපතිවරයා. ඒකම නේ ද ලංකාවේ ජනවාරි 08 සිදුවුණේ. අපි හැමෝම දන්නවා බඩගින්න හැදුනාම ඔය එක වචනයක්වත් වලංගු නැතිබව. ජාතික ආරක්‍ෂාව හා ජාතික ආර්ථිකය අතින් අවිනිශ්චිත අනාගතයක් ගැන කියන රටක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පැළවෙන්නෙ? මෙතනයි මේ සියළු සංකල්පවල හෙළුව පේන්නේ. විකල්ප සෙවිය යුත්තෙ මෙනිසායි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික ප්‍රශ්නයක්.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
http://www.mahindapathirana.com/

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මට හිතෙන විදියට නම් රට අරාජික වීමට වග කිව යුත්තේත් 'මහින්ද රාජපක්ෂ' ම තමයි. මිනිස්සුන්ව (ලියන මමත් ඇතුළුව) ගොනාට අන්දනවා කියල දැක දැක නිකන් හිටියා. අපිට ලෝකේ වෙන දේවල් ඔක්කොම තේරෙන්නේ නෑ.

    අලි යන කපොළු වැහුවම කූඹි යන කපොළු පෙන්න ගන්නවා. ඒක ලෝක ස්වභාවය. මිනිස්සු බලාපොරොත්තු වුනේ ඒවත් වහයි කියල.

    අන්තිමේදී වුනේ නයි යන කපොළු අලුතින් හදපු එක විතරයි. දැන් අලි,කූඹි, නයි තුනම...

    ReplyDelete
  2. " අවුරුදු 500ක් අපට අහිමි ව තිබූ එය අපට ලැබණෙ 2005 දී." - Mahinda Pathirana

    Please don't tell lies Mr. Pathirana.

    එතකොට 1972 අපිට ලැබුනේ මොනවද? 1972 අපි බ්‍රිතාන්යෙන් වෙන් වෙලා ස්ව්යිරි රාජ්‍යක් වුනේ නැද්ද? ඒක කෙරුවේ මහින්ද රාජපක්ෂගේම පක්ෂේ, ඒ කියන්නේ නිහස් පක්ෂේ නෙමෙයිද?

    කවදද කොටි ත්‍රස්තවාදය පටන් ගත්තේ??? 1983. පොඩි සිද්දි වුනාට (අල්ෆ්‍රෙඩ් දොරේඅප්පා 1975 මැරීම වගේ) 70 ගණන් වල, සිරාවට පටන් ගත්තේ 1983 කියලා පිළිගන්ඩ වෙනවා.

    මැතිනි මොකද කලේ 1972කේ අවුරුදු 500කට පස්සේ ඉස්සිස්සෙල්ලම නිදහස හම්බුනාම? අවුරුදු පහකින් රට පාම් පෝලිම් යුගයට තල්ලු කලේ
    නැද්ද?

    1975 තියන්ඩ තිබ්බ චන්දෙ අවුරුදු දෙකකින් කල් දැම්මේ නැද්ද?

    So, please don't talk nonsense Mr. Pathirana. We have not been born yesterday.
    We know the history very well.

    We got freedom in 1972 and we messed it up. Mahinda Rajapaksha did not do something
    extraordinary. He defeated a "කැරැල්ල", just like Prez. Premadasa defeated the JVP "කැරැල්ල".

    Although I will give 25% of credit to MR, very few people will believe
    that MR brought freedom to SL after 500 years. That is just absurd.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions