3/17/2016

මරේ ..... මරු සුනිල්......

කතෘ:යුතුකම     3/17/2016   No comments



-නිර්මල කොතලාවලසුදු පාට රුලි ගැසුනු ‍කොණ්ඩය, බොර පාට බේබදු ඇස් වගේම අව්‍යාජ සිනාවක් අයිති ජයග්‍රාහී මිනිසා ඔහුය. පසුතැවීම පමණක් ශේෂ වූ විප්ලවයේ අතිත අයිතිය කියාපෑමටදෝ ඇඳ සිටි රතු පාට කමිසයේ උඩ බොත්තම වෙනදා වගේම අදත් නිදහස්ය. මේක ලියන මමත්, කියවන ඔබත් වැනි සොච්චම් මිනිසුන් අතර පිච්චන් නොවුනු වීරයා පසු කර මම වාඩි උනේ ශාලාව මැද පුටුවකය.

මේ සතියේ තීරු ලිපිය ඔබ අවසානය වනතුරු කියවිය යුතුමය. ඒ ලියන නිර්මල කොතලාවල නිසා නොව ලියා ඇති සුනිල් මාධව වෙනුවෙන්ය. අන්න ඒ සටහනට ඌණ පූර්ණය පටන් ගත්තේ ඇට මැස්සාගෙන්ය.

පොතත් - පාරත් අතර මාරුවෙන් මාරුවට රැඳුණු නෙත් මඳකට එක්තැන් වූයේ බසය පැමිණීමත් සමඟය. බම්බලපිටිය පොළිසිය ළගට වී කළුතරට යන්නට බලා සිටි කාලය පැයකට අධිකය. ඉතාලියේ තරුණයින්ගේ අපූරු විප්ලවයත් ඒ අතරතුර ගලා ගිය තරුණ පෙම්වතුන් යුවලකගේ ප්‍රේමයත් සමඟ මම සුගතපාල සිල්වාගේ ඇටමැස්සා එක හුස්මට බාගයකට වඩා ගෙවුණු කාලය තුල කියවා අවසන්ය. මේ ලියන්නේ අසූව ගණන් වල අවසාන හරියේ වෙච්ච දෙයක් ගැනය. ඒ කියන්නේ තැනින් තැන දළ රැවුළ වැවුණු කාලයේ වෙච්ච දෙයක් ගැනය.

වාඩි වෙන්න අසුනක් නොමැති බසයේ මම නතර වූ තැන් සිට ඇට මැස්සා කියවන්න ගත්තේ හිටගෙනය. ඒ රියදුරු අසුන ලඟම ඇති යකඩ පොල්ලට පිට තියා ගෙනය. පිටු තුන හතරකට වඩා කියවන්න වුනේ නැත. බසය එක පාරටම වැල්ලවත්ත පොළිසිය ඉදිරිපිට නැවැත්විය. බසයෙන් බැස්ස ඇල්පිටිය - කොළඹ ලංගම බසයේ රියදුරු දිව්වේ පොළිසියටය. පොත කියවිල්ල පැත්තකින් තබා මම බලා සිටියේ වෙන්න යන්නේ කුමක්ද කියාය.
UNP උණ්ඩය හමුවේ දණ නොනැමූ සුනිල්..
‍“සර් මෙන්න මිනිහා ....? පොළිසියට ගියපු රියදුරු කෑගහගෙන ආවේ එය ඇතුලේ ඉඳන්මය. තඩි මහත කොස්තාපල් මාව බෙල්ලෙන් අල්ලාගෙන කුදලාගෙන ගියේ පොළිසියටය. රියදුරාට අනුව චෝදනාව කියවපු පොතය. ඇතුලේ තිබ්බ දේවල් වලටත් වඩා හේතුව පිට කවරයේ තිබ්බ ෆොටෝ එකය. ඒ ලොකුවට පේන්න තියෙන තුවක්කුව හා නොපෙනෙන රෝස මලය. එදා පොළිසියට දස අතේ දේවල් කියා බේරී ආවේ අම්මාගේ වාසනාවටය.
ඔය අතීතයේ හැටිය. සුනිල් මාධවලා වීරයින් වන්නේ අන්න ඒ අතීතයට අයිති සැබෑ මිනිසුන් නිසාය. පැවැති පාලන ක්‍රමවේදයට කොන්ද කෙලින් තියාගෙන අභියෝග කරපු නිසාය. යම් දිනක පාලකයින්ගේ අනුහසින් ධර්මචක්‍රයේ කැරකෙන්න වෙන බව දැන දැන, ටයර් සෑ මත මහ මඟ බල්ලන් බළලුන් මෙන් මැරී දැවෙන්නට වෙන බව දැන දැන ලියපු නිසා ය.

 
ඒ කාලයේ කළුතර ටවුමෙන් බැස පත්තරයක් ගන්න යන්නේ ස්ටේෂන් පාර දිගේය. උඩු රැවුලක් වවා ගත් අවුරුදු හතලිකට වඩා වයස නැති පත්තර මුදලාලි අපිට ඕන පත්තරය දෙන්නේ වෙනත් පත්තරයක යටින් තියලාය. අපි කරන්නේ අන්න එහෙම දුන්න ත්‍රිශූලය, යුක්තිය වගේම ලක්දිව පත්තරයත් තුනට හතරට නවා යට ඇඳුම අස්සේ ගසා ගෙන ගෙදර එන එකය. අන්න එහෙම හොර රහසේ ගමට එන පත්තරය ඊට පහුවෙනිදා සිට යන්නේ ගම වටේය.

මෙන්න මෙතනදී කියවන අපට තිබුණු උවමනාවට වඩා වැදගත් ‍වන්නේ ලියන උදවියගේ තිබුණු නිර්භීතකමය. මම අර මුළින් කියපු ස්ටේෂන් පාරේ පත්තර මුදලාලිට වෙඩි තබා තිබ්බේ ඔළුවටය. එතකොට උපන්ගෙයි යූඇන්පීකාරයෙක් උන දොඩන්ගොඩ පත්තර කඩේ සිරිසේන මහත්තයාට වෙඩි තිබ්බේ පත්තර විකිණීමේ වරදටය.
ඩලස් , විමල් ලා සමග උනිල් එදා
ලෙනින්ට විප්ලව කරන්න රුසියාවේ මිනිසුන්ගේ මොළය හැදුවේ මැක්සිම් ගෝර්කිලා, අයිත්මාතව්ලා සහ දොස්ත්‍රෝස්කිලාය. පැවැති 89 භීෂණකාරී ආණ්ඩුව පෙරලා දමන්න ලාංකීය නිදි වැදුණු මිනිසුන්ගේ මොරාල් හැදුවේ සුනිල් මාධව, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, ඩලස් අලහප්පෙරුම, රෝහිත භාෂන, විමල් වීරවංශ ඇතුළු පිරිසය. මේ හැමදේම කරපු සුනිල් තමන් නොමැරී ජීවත් වීම ගැන මාර කතාවක් කියන්නේ 2010 මැයි 30 වැනිදා සිළුමිනටය.

“....... ඉස්සර ප්‍රේමදාස මහත්තයා කොල්ලා කාලේ සිළුමිණ පත්තරේට එනවා ලියපු කවි වල සල්ලි අරගෙන යන්න. මගේ තාත්තා තමයි ඒ වෙලාවට උදව් කරලා තියෙන්නේ. සමහර වෙලාවට මීමනගේ පුතා හින්දා මගේ ජීවිතය බේරුනා කියලා මට හිතෙනවා. ........”

ස්ථිර ප්‍රතිපත්තියක් නැති නිසාම සුනන්ද දේශප්‍රියලාගේ, වික්ටර් අයිවන්ලාගේ වීරත්වය නිකන්ම දිය වී ගියේය. ඩලස්ලා විමල්ලා දේශපාලනයට එකතු විය. අවසා‍නයේ මාධ්‍ය ලෝකයේ අතීත වීරයන්ගෙන් නොමැරී සිටියේ ‍මෙන්න මේ සුනිල්ය. අනික සුනිල් වර්තමානයට වැදගත් වෙන්නේ මෙන්න මේ නිසාය. ඔය සුනිල් කඩේ ගියේ ජනතා විමුක්ති පෙරමුණටය. ඒ සමාජවාදයක් මේ රටේ ගොඩනඟන්නටය. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට ඕ
වෙලා තිබ්බේ මේ රටේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ධනවාදයක් ගොඩනඟන්නටය. ඔය දේ සුනිල් මාධවට මේ මොහොතේ තේරෙන්නේ නැත. තේරුම් ගන්න උත්සාහ ගන්නේත් නැත. සුනිල් මාධව ගැන ලියන ජයවිලාල් රෝහණ නම් සොයුරු විද්වතා ඔයදේම කියන්නේ මෙන්න මෙහෙමය.

දැන් වීප්ලවීය පක්‍ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් “සුනිල් අයියා” සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.

“පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ... ” [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] “මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු. ”

ජයවිලාල්ගේ උපුටා ගැනීම අවසන්ය.

සුනිල්, සරත්, සමන් කියා මැණික් තුනක් තිබුනේ මීමන ප්‍රේමතිලකටය. මගේ පුතා රවිඳුය. තාත්තා කෙනෙක් විධියට මතු යම් දවසක මේ රටේ මිනිස්සු නිර්මල කොතලාවලගේ පුතා තමයි ඔය රවිඳු කියන්නේ කියා හඳුන්වනවාට මම කැමති නැත. ඇත්තටම මම කැමති රවිඳු කොතලාවලගේ තාත්තා නිර්මල කියා හඳුන්වා දෙන එකටය. විනයක් ඇතිව හොඳට උගන්වන්නේ අන්න ඒකටය. මීමනගේ පුතා උන සුනිල් මාධව ගැනත් කියන්න වෙන්නේ අන්න ඒ ටිකය. අද රටේ මිනිස්සු සුනිල් හඳුන්වා දෙන්නේ සුනිල්ගේ තාත්තා මීමන ලෙසය. සුනිල් වැනි දරුවකු වැදූ ජීවත්ව සිටින අම්මාට සතුටු වෙන්න ඔය කාරණාවත් හොඳටම ඇතිය.
චූලානන්ද සමරනායක කියන විදියට සුනිල් මාධව හිමි කර ගත් දේට වඩා පසුගිය පනස් වසර තුල අහිමි කර ගත් දේ බොහෝය. හැබැයි මොන දේ අහිමි කර ගත්තත් මේ රටේ තාමත් මිනිසුන්ගේ හදවත් තුල ජීවත්වෙන මාධ්‍යවේදියා සුනිල්ය. හොඳම උදාහරණය ඔය සුනිල් ගැන අහන්න ගිය ඉරිදා කතා කරපු සුනිල්ය. නාගොඩ මහා විද්‍යාලයේ උගන්වන සුනිල් සර් මට කතා කර ඇසුවේ සුනිල් මාධවගේ වැඩේට ගියාද කියලාය. ඊට පස්සේ කිව්වේ මම ගෙනාපු නොනිමි ජීවිත කතාව කියවන්න දෙන්න පුළුවන්ද කියලාය. සුනිල් මාධවගේ පුතා එක්ක එකම පන්තියේ ඉගෙන ගන්න මගේ පුතා ඔය පොත කට පාඩම් වන තුරු මේ දවස් වල කියවන නිසා මම කිව්වේ ලබන සතියේදී දෙන්නම් කියලාය.

බලන් ගියාම අපට කැමති අකමැති සියළුදෙනාම සුනිල්ට කැමතිය.

 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions