සරත් ෆොන්සේකා පිලිබඳ මා තුල අද වෙනතෙක් කිසියම් ගෞරවයක් තිබුණි. යුධ හමුදාපතිව සිට තීරණාත්මක කාර්යභාරයක් කළ ඔහු කවර තත්වයක් යටතේ වුවද සිරගත කිරීම පවා මා අනුමත කලේ නැත. එය පැහැදිලිවම දේශපාලන පලිගැනීමක් බව මා තුළ පැවති විශ්වාසයයි. එහෙත් ඔහු අද පාර්ලිමේන්තුවේ කළ කතාව ඇසූ විට මේ ෆොන්සේකා ගැන ඇති වුයේ දැඩි අප්‍රසන්න සහගත පිළිකුලකි. දේශපාලන අනාථයකු වූ ඔහු සැබවින්ම මේ ඔප්පු කරන්නේ තමා තරම් ජඩයකු මේ ලංකා ඉතිහාසයේම පහළවී නැති බව විය යුතුය.
ඔහු කියන්නේ කුමක්ද ? යුධඅපරාධ පිලිබඳ කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය අනිවාර්යෙන් කළයුතු බවය. ඒ සඳහා විදේශීය නිරීක්ෂකයින්ට විදේශීය උපදේශකයින්ට සහය දී ජාත්‍යන්තරයේ මනදොල පූරණය කළයුතු බවය. සුදු කොඩි පරීක්ෂණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවය. තමන් යුද්ධය මෙහෙයවුයේ ජිනීවා සම්මුතීන්ට අනුව බවත් ඒවා කඩකළ අතලොස්සක් සිටී නම් අනිවාර්යෙන් දඩුවම් කළයුතු බවය. ඔහු කියන මේ අතලොස්ස කව්ද ? මහින්ද ,ගෝටාභය ඇතුළු තමන් සමග පසුගිය කාලයේ අත්වැල් බැඳ නොගත් හමුදා නිලධාරීන්ය. වසර 40ක හමුදා දිවියේ එදා මෙදාතුර තමන්ට කීකරු නොවූ සෙසු නිලධාරී ටිකය. ශවේන්ද්‍ර සිල්වා ,කරන්නාගොඩ වැනි තමාගේ පරම සතුරන් සේ සලකන අයත් ඔහුගේ මේ අතලොස්සක් වූ සතුරු ලයිස්තුවේ ඉහලින්ම සිටී. ජිනීවා සම්මුතීන්ට අනුකූලව සටන් කිරීමට අප දන්නා පරිදි ඔහුටම කියා වෙනම රාජ්‍යක ස්වායක්ත බලයක් තිබුනේ නැත. ඔහුද ආණ්ඩුවේ එක උපකරණයකි. ඔහුට සිදු වුයේද සේනාධිනායක හා ආරක්ෂක ලේකම්ගේ නියෝග පිළිපැදීමය. එත් දැන් ඔහු රාජ්‍ය යාන්ත්‍රණයෙන් විනිර්මුක්ත වූ වෙනම ශීලයක් ආරක්ෂා කළ එකම සුදනා තමන් බව කියමින් ජාත්‍යන්තර පරීක්ෂණයකට ආරාධනා කෙරේ. ප්‍රභාකරම් නන්දිකඩාල් කලපුවේ ගිල්වා තැබූ වරදට පරවේණි ගත වෛරයකින් පෙලෙන විකල්ප ගෝත්‍රයේ මෘග්ධයින්ට හැරෙන්නට ෆොන්සේකාගේ කතාවේ ඇති කැකෑරෙන වෛරය කොතෙක්දැයි සාධාරණව බලන ඕනෑම මනුෂ්‍යකුට වටහා ගැනීම අමාරු නැත.
ෆොන්සේකාගේ වර්තමාන කියුම් කෙරුම් හරහා ඔහුට හිමිවන්නේ ඉතිහාසයේ යුධ වීරයකුගේ භූමිකාවක් නොව රාජපක්ෂලා සමග ඇති පෞද්ගලික වෛරයක් නිසා රටම පාවා දුන් ද්‍රෝහීයකුගේ තත්වයයි. රාජපක්ෂවරු සමග ඇති වෛරී කෝන්තරය සමස්ත රට ජාතියකින් පිරිමැසිය යුතු නැත. ඔහු අද ඒ තැනට තිරස්චීන වී ඇත්තේ එජාප පිළිකන්නේ ළගිමින් ඉදුල් බුදින්නෙකු ලෙසය. තමන් ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කියූ, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියූ, තොප්පිගල මුදාගැනීම කජ්ජක් නොව කැලෑවක් කියූ, අලිමංකඩ වෙනුවට පාමංකඩ යනවා කියූ, කරන්න පුළුවන් හැම නින්දාවක්ම හැම අපහාසයක් ම කල මිලේනියම් සිටි බුද්ධි අංශ පවාදුන්, එජාපය සමග සම අසුන් ගනිමිනි. මෙවැනි නීච පුද්ගලයකුට හිටපු හමුදාපති යයි කලකට හෝ අපට කීමට සිදුවීම ගැන ලජ්ජා විය යුතුය.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
bath bala jathiyakata jathikathwaya gana agayak nahane! Fonseka vage aya darana mathaya thamai boho denek piliganne! Thamange rata jathiya pava dena me vage aya lanka ithihasaya purawatama bihiwela thiyenawa. me ratata hariyanne me wage aya thamai! Sinhalaya modaya kavum kanna yodaya. aparade yudde ivara kale. Prabhakaranwa raja keruwanam me kisi prashnayak nehene! Ilamath hadala me wage jathi drohiyanta amathi pattam aragena yahathin wejabenna thibba. ane ape ratata giya kala!
ReplyDelete