3/19/2016

"ද්‍රෝහියා,දුෂ්ඨයා,සතුරා මහින්දයි - ප්‍රභාකරන් හොඳායි" - රනිල්ටම ඔබින මේ සරත්ගේ නන් දෙඩවීම

කතෘ:යුතුකම     3/19/2016   3 comments

"ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස" යනුවෙන් අප යුතුකම වෙබ් අවකාශයේ සටහනක් තැබුවේ ගිය සතියේය.
එහිදී අප වෙන්වා දෙන්නට උත්සාහ කළේ යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් එදා සරත් ෆොන්සේකා මහතා පාවිච්චි කළ නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහු පාවිච්චි කරමින් සිටිනුයේ දෙමළ බෙදුම්වාදය දිනවීමට සහ අධිරාජ්‍යවාදී උවමනාව මත යුද්ධය අවසන් කළ රණ විරුවන් සහ දේශපාලන නායකත්වය දං ගෙඩියට ‍යැවිමේ ද්‍රෝහී ක්‍රියාවලියට බවයි. විශේෂයෙන් විදෙස් විනිසුරුවන් සහිත යුධ අධිකරණ හරහා ඉදිරියේදී ජිනීවා පාවාදීම බලාත්මක වන විට එයට සුදු හුණු ගෑම සරත් ෆොන්සේකා මහතාට ඇමති මස් කට්ට සූප්පු කරන්නට දී රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන 'රිටර්න්' එකයි.

මේ සටහන කියවූ සරත් ෆොන්සේකා මහතාට හිතවත් අප හිතවතුන් බොහෝ දෙනෙකු අප වෙත පැවසුවේ සරත් ෆොන්සේකා මහතා මෙවැනි 'වෛරක්කාරී' භූමිකාවකට පණ දෙන තැනට පත් වූයේ එදා මහින්ද රාජපක්ෂලා විසින් ඔහුට එරෙහිව සිදුකළ 'පළිගැනීම්' ක්‍රියාමාර්ග නිසා බවයි.
නමුත් සරත් ෆොන්සේකා මහතා කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව කියූවේ මහින්ද රාජපක්ෂලා ඔහුගෙන් 'පළිගැනීමට' බොහෝ කළකට පෙර එනම් ජනාධිපතිවරණයටත් පෙර බව අමතක නොකළ යුතුය.

ඉරිදා ලංකාදීප (20
දා) පුවත්පත සමග සරත් ෆොන්සේකා මහතා පවත්වන සම්මුඛ සාකච්චාව හරහා තමන් ඒ රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ද්‍රෝහී ක්‍රියාවලියට කොයි තරම් සුදුසුද යන්න සරත් ෆොන්සේකා මහතාම පෙන්වා දෙයි. එහිදී ඔහු ප්‍රභාකරන් සමග තමන්ට පෞද්ගලික තරහක් නොමැති බව පවසන අතර මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ටත් වඩා අධමයෙක් බවත් ඔහු ප්‍රභාකරන්ට සම කිරීම ප්‍රභාකරන්ට කරන අවමානයක් බවද පවාන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

ඔහුගේම වචන වලින් කතාව අහමු.

ලංකාදීප ප්‍රශ්නය:
ඔබ කතා කරන හැටියට ඔබට හම්බ වෙච්ච සතුරා ප්‍රභාකරන්ටත් වඩා රාජපක්ෂලා වගේ?

සරත් ෆොන්සේකා මහතාගේ පිළිතුර:
"ප්‍රභාකරන් මගේ සතුරෙක් නෙවෙයි. ඒ සංවිධානයේ හිටපු කවුරුවත් අපේ පෞද්ගලික සතුරො නෙවෙයි. ඒ අය වෙනම මතයක ඉඳලා රට දෙකඩ කරන්න හදපු නිසා අපි අපේ රැකියාවේ වගකීම මත ඒ අයව විනාශ කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ ඊට වඩා පහත් මට්ටමේ පුද්ගලයෙක්. ඔහු ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා අපට පෞද්ගලිකව පහර දුන්නා. අපේ පවුලට පහර දුන්නා. මහින්ද ප්‍රභාකරන් එක්ක සංසන්දනය කරන එක ප්‍රභාකරන්ට කරන නිගරුවක්."
-සරත් ෆොන්සේකා
ලංකාදීප 2016-03-20

සරත් ෆොන්සේකා පවසන මේ අපබ්‍රංශය කුමක්ද?

අප ඇතුළු මෙරට බොහෝ දෙනෙකුට ප්‍රභාකරන් ද්‍රෝහියෙකු වන්නේ ඔහු පෞද්ගලිකව අපට සිදු කළ ද්‍රෝහීකමක් නිසාද?  එසේ සිතුවහොත් මෙරට සිටින බොහෝ දෙනාට ඔහු ද්‍රෝහියෙකු නොවිය යුතුය. මක් නිසාද යත් පෞද්ගලිකව ප්‍රභාකරන් මේ බොහෝ දෙනාට ද්‍රෝහීකම් කර නොමැති බැවිනි. නමුත් එය කොතරම් ළාමක තර්කයක්ද. සරත් ෆොන්සේකා මහතාගේ වෛරයෙන් විකෘති වූ මනසේ ස්වභාවය නොවේද මේ හරහා අපට විද්‍යාමාන වන්නේ?

මෙරට උතුරේ ගම්මාන පිටින් ළමුන් , බඩදරු මවවරුන් ඇතුළු අහිංසකයන් දස දහස් ගණන් කීතු කීතු වෙන්නට කපා කොටා බෝම්බ ගසා ඝාතනය කලේ මේ ද්‍රෝහියා නොවේද?
රට වටේම ගම්මාන වල ගස් ගල් වන් තරුණ දූ පුතුන් දහස් ගණනින් මිණී පෙට්ටි වල ගම් වලට ආවේ මේ දෝහියා නිසා නොවේද?
ආර්ථික මර්මස්ථාන සුනු විසුනු කරමින් මාරගෙන මැරෙන කළු කොටි එවා නිරායුධ අහිංසකයන් දහස් ගණනින් මරා දැම්මේ මේ තිරිසනා නොවේද?
අරන්තලාව , කාත්තන්කුඩියේ ,කැබිතිගොල්ලෑවේ මහ පොළව නුහුළන තිරිසන් අපරාධ කළේ මේ පාපතරයා නොවේද?
දළදා මාළිගාව , ශ්‍රී මහා බෝධිය වැනි ජාතියේ මුදුන් මල්කඩවල් සුණු විසුණු කර දැමුවේ මේ කැලෑ සතා නොවේද?

මේ ලැයිස්තුව ෆොන්සේකා වැනි ප්‍රතිකාර ගත යුතු මානසික තත්වයක නැති ඕනෑම අයෙකුට මතක ඇති බැවින් නැවත නැවත සටහන් කළ යුතු නැත.

මහින්ද ප්‍රභාකරන්ටත් වඩා ද්‍රෝහියෙක් බව කොටින්ගේ දේශපාලන පෙරමුණ වූ දෙමළ ජාතික සංධානයවත් නොකියන තාලේ විකෘති කතාවකි. මේ කතාව මීට පෙර කියා ඇත්තේ එලොවටත් මෙලොවටත් නැති වික්‍රමභාහු කරුණාරත්න නැමති ඊළාම්වාදී නිකමාය.
[ප‍්‍රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික‍්‍රමබාහු]
අපට ෆොන්සේකා මහතා සමග බේරගන්නට ගනුදෙනුවක් නැත. ඒ අප ඔහු ගැන දැනගත්තේ මීට බොහෝ කළකට පෙර බැවිනි. මහාචාර්‍ය නලින්ද සිල්වා මහතා මීට වසර ගණනකට පෙර ඔහු ගැන පළකළ මේ අදහස කියවා බලන්න.

"ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශද්‍රෝහී නඩයකට එකතු වූ සරත් ය."
-මහාචාර්ය නලින් ද සිල්වා
2009-12-16

[මේ සරත් හා ඒ සරත් ]
සිරිසේන මහතාම වරක් හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ‍යැයි පැවසුවේ මේවා දැනගෙනදැයි දැන් මේ නරි නාටක දකින විට නම් සැකයක් ඇතිවේ. එදා ජනවාරි 8 චම්පිකලා ෆොන්සේකලා නිසාම යහපාලන පාපයට කර ගැසූ අප මිත්‍රයන්ගෙන් අසන්නට ඇත්තේ වෙනස සැපද?ඔබට දැන් සතුටුද? කියා පමණි.
වික්‍රමසිංහලා තොප්පිගල කැලෑවක් කියද්දීත් කරුණානයකලා අලිමංකඩ පාමංකඩ ගැන කියද්දීත් කිරිඇල්ලලා ගොං කතා කියද්දීත් එදා අවංකවම ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳ හදවතින් සතුටු වූ එක්සත් ජාතික පාක්ෂිකයාගෙන්ද අසන්නට පැනයක් තිබේ. අද ෆොන්සේකලා නියෝජනය කරන්නේ ඔබද?
අප මීට පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ජනවාරි 8 'යහපාලන' ආණ්ඩුවේ ජාතියේ ආරක්ෂකයන් ලෙස අපට හඳුන්වා දුන්නේ රතන උන්නාන්සේ -චම්පික-ෆොන්සේකා යන මේ තුං කට්ටුවයි. අපට අද රතන හිමියන්ගෙන් අසන්නට සිදු වන්නේ උන්වහන්සේ උම්බල කඩ නොකෑවද කර ගසා ඇත්තේ අහස පොළව නුහුළන අපරාධයකට නොවේද? දේශයේ මුර බල්ලන් ලෙස ජනතාවට හඳුන්වා දී ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ දඩ බල්ලන් නොවේද?

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. sarath fonseka is destroying himself because of his unbridled rage. goes to show that not all characters can be all round leaders. Undoubtedly he was one of the main forces that helped eradicate terrorism, the heroic army commander fonseka would be given his due recognition,; if not for him and the white flag incident Sri Lanka would not be dragged on the coals by the international community. Fonseka the politician has become a gallery politician and soon because of his nonsensical utterances would be thrown even out of the gallery! This goes to show how mature former President Rajapaksa and former Defense Secretary Gotabaya Rajapaksa was in being able to put aside their personal reservations and select a man who would not hesitate to pounce on them due to the need of the hour! It is indeed a pity that he is unable to protect whatever little dignity he has due to his personal hatred!

    ReplyDelete
  2. It is very sad to read what Mr Fonseka has said.Is it true? Sri Lanka's future is in the clutches of ambiguous politicians. India made JR to drop his knees.Is Ranil smarter?

    ReplyDelete
  3. It is very sad to read what Mr Fonseka has said.Is it true? Sri Lanka's future is in the clutches of ambiguous politicians. India made JR to drop his knees.Is Ranil smarter?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions