බේරගන්න ලක්මව මගේ රුපුන් නසා
දිරිගත් නිසා සිත විකුමන් තදින් දරා
බියසැක නැතිව පෙරමුණ ගත් නුවන් පුරා
මා යුද වැදීමි මගේ පණනල නොතැක සිතා
තිස් වසරක්ව ලක්මව තුල සාප ලැබූ
රටදැය සමය උදෙසා දු පුතුන් පිදූ
මවුපිය වරුන්ගේ දෙනෙතින් බිමට හෙලු
කදුලැලි නිවන අරමුණ අප සිතෙහි දැරූ
විකුණා බඩ වදා ගත් නිවටුන් පොරණ දිනේ
නොමැතිව ලැබුණි එඩිතර තෙද නියමු බලේ
ඔද තෙද වැදුනි සිංහල ලේ රදුන ගතේ
වනසා දැමුවෙමු රුදු කොටි අදුරු බලේ
බඳවා තොරන් ජයදද ලක හතර වටේ
කිරිබත් කැවුම් ඉදුනා හැම දොරක ලකේ
අපමණ අභිමානයක් ලැබුණා සිතට අපේ
සිතුවේ සදාකාලික වේ සිහල සිතේ
යන්තම් ගෙවුණි පස්වසරක් නොමැත දැනී
රණ විරුවා යලිත් මියැදුණි ඉපිද මැරී
රුකඩ ලෙසට වූ නායක රැලක් වැදී
වනසයි මගේ ලක්මව උන් සිතැගි ලැබී
-චාමින්ද පන්නිපිටිය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .