-පුනර්ජි දඹොරගම-
සසර ගමනක උරුම යුතුකම ඉටු කරන්නට බැති පෙමි න්
සතර දිග සේසත් දරන්නට එදා හෙළ කුමරෙකු ලෙසි න්
වෙහෙර මව් කුස එළිය දුටු ලෙස රුහුණු මාගම්පුර දෙසි න්
කවර කලෙකද පැතුම් පිරුවේ යලිත් උපදින්නට ඉති න්
අමුණු වැව් නෙක වෙහෙර බැඳ බැඳ එකල නිරිඳුන් තෙද පි රී
නැමුනු පිටකොඳු නිවටයින්ගේ මෙකල පරගැති මොළ පි රී
හමනු මිහිමත සුළඟ ලෙස කෙත ඉසුරුබර දවසක් පි රී
ගැමුණු කුමරුණි අපට අද නම් වකුටු වී නිදනුද බැ රී
කඩොල් ඇතු පිට නැගූ අබිමන් සිංහ නාදය යලි මැ වේ
තැනූ වෙහෙරේ රැසින් බැබලුනි නිසල දිය කඳ මත වැ වේ
එවැනි නිරිඳුන් නොමැති කල අද අහෝ!! අප හදවත් තැ වේ
ගැමුණු කුමරුණි යලි වඩිනු මැන ඉපිද ඉපදී හෙළ දි වේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .