2/20/2015

ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ වෙනස

කතෘ:යුතුකම     2/20/2015   1 comment

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වී ඇති පරිසරය සහ වර්තමාන දේශපාලන වටපිටාව සම්බන්දයෙන් සැකෙවින් සාකච්ඡා කිරීම මාගේ මේ ලිපියේ අරමුණයි.

කවර නිශේධනීය තත්වයන් යටතේ වුවද සාධනීය ලක්ෂණ බොහොමයක්ද දැක ගත හැකිය. මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමට හේතුවක් වූ තොර තෝංචියක් නැතිව ඇසුනු ප්‍රශස්ති දැන් ඇසෙන්නේ නැත. ජනප්‍රිය චන්ද පොරොන්දු ඉටු වන බව පෙනේ. මේ අහිමි වන රාජ්‍ය ආදායම නැවත ලබා ගන්නා අයුරු පැහැදිලි නැතත් ඉදිරි මැතිවරණයකට හොඳ ආයෝජනයක් බව නම් කිව හැක. කවර පක්ෂයක් බලයට පත් වුවද එකතු වී රාජ්‍ය පාලනය කළ හැකියැයි විශ්වාසයක් දැනට ඇතිවී තිබේ. දූෂණයට සහ වංචාවට මින් මතු කිසිදු ඉඩක් නොතැබිය යුතු බව ඉතාමත් තදින් ජනතා සිත් තුළ තහවුරු වී ඇත. කිසි දින හසු නොවේ යැයි සිතා දූෂණ සහ වංචා කිරීමට කවරෙකු හෝ දෙවරක් සිතනු ඇත. මෙය කවරාකාර බල පෙරැලියකදී වුවද බලාපොරොත්තු විය යුතුය. කෙසේ වුවද මේ අනුන්ගේ වැරදි සොයන්නේ සුදනුන් නොවන නිසා, දිනෙන් දින පිරිහීමකට ඉඩ ඇති ජනතා විශ්වාසය හමුවේ තවත් බොහෝ දේ සිදුවනු ඇත. එසේම, රාජ්‍ය ආදායමට එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බදු මුදල් ලබා ගැනීම දුෂ්කර වන විට ජනප්‍රිය නොවන විකල්ප කරා යාම ද  අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ජනාධිපතිවරයා සහ රජය විසින් අනාගතයේ දී දෝෂාභියෝගයකට අවශ්‍ය කරන බොහෝ සාධකද දැනටම නිර්මාණය කරමින් පවතින බව ප්‍රදර්ශනය වෙමින් තිබේ.

නව ජනාධිපතිවරයෙක් පත් වී ඇත. මැතිවරණ සමයේදී, බොහෝ කතා බහට ලක් වූ අදහස වූයේ රටට වෙනසක් අවශ්‍යද නැත්ද යන්නයි. මේ වෙනස ඇති කිරීම සඳහා ප්‍රධානම සාධකය වශයෙන් සාකච්ඡාවට ගන්නා ලද්දේ, සලකා බලන ලද්දේ රාජපක්ෂ පවුලේ අය විසින් සිදු කරන ලදැයි පැවසෙන දූෂණ, හොරකම් සහ නාස්තියයි. රට තුල පැහැදිලි ලෙසම වෙනසක් සිදු වී තිබේ. එයින් බොහෝ දෙනෙකු සතුටු වන බව පැහැදිලිය.  එලෙසම හිටපු ජනාධිපතිවරයාට ජන්දය දුන් බොහෝ දෙනෙකුත් ජන්දය නොදුන් බොහෝ දෙනෙකුත් එක ලෙස ශෝකවන බව අපගේ අත්දැකීමයි. සමහරකු ප්‍රරකාශ කළේ සමහර නිවෙස්වල කෑමක් බීමක් පවා නොගෙන ගත කළ අයුරුයි. තවමත් ජනතාව ඔහුගේ නිවසට නොකඩවා පැමිණෙන අයුරු ප්‍රසිද්ධ කරුණකි. මෙය නම්, මින් පෙර පැවති කිසිදු ජනාධිපතිවරණයක අත් නොදුටු සුවිශේෂී ලක්ෂණයකි. තවමත් රටේ වඩාත්ම ජනප්‍රිය ම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවට සැකයක් නැත.

රටේ බහුතර ජනතාව වෙනසක් සඳහා සිය චන්දය භාවිතා කර ඇත. චන්ද්‍රිකා, මංගල, රාජිත, රවි, රනිල් සහ ෆොන්සේකා සමග යහ පාලනයක් ඇති කිරීමට ජනතාව තීරණය කිරීමම විශ්මය ජනකය. කෙසේ වුවත් ජනතාවට අවශ්‍ය වූයේ යහ පාලනයකට වඩා, රැල්ල නිසා ඇතිවුණු මානසික තත්වය මත හිටපු පාලකයින් ඔය හිටියා ඇති යන්න මිස, නව පාලනය විසින් දූෂණ, හොරකම් සහ නාස්තිය සිදු නොකරනු ඇතැයි යන විශ්වාසය නොවේ. නමුත් ඔවුන් විසින් නොසලකා හරින ලද හෝ අමතක කරන ලද වැදගත්ම කරුණ වන්නේ අප විසින් අත්විඳිමින් සිටි පශ්චාද් යුදමය සාමකාමී සහ ප්‍රගතිගාමී වටපිටාවයි. දැනට පෙනෙන කරුණු අනුව මේ නව වෙනස නිසා ජාතීන් අතර තිබූ සංහිඳියාව සම්බන්ධයෙන් අප 2009 වසර දක්වාවත් ආපස්සට ගොස් ඇත.

මා සිතන ලෙස සිදුවී ඇති විශාලම වෙනස නම් රට තුළ නිර්මාණය වී තිබෙන අවිනිශ්චිත ස්වභාවයයි. යමක් කොයි මොහොතේ හෝ සිදු වේ යැයි දැනෙන ස්වභාවයයි. දෙමළ ඩයස්පෝරාවට ලැබුණු උත්තේජනය සහ උතුරේ ඇතිවුනු නව හැසිරීම් රටාව, පිටතට නොපෙනෙන හෝ නැතැයි නැතැයි කියමින් නොපෙන්වන වැදගත්ම සහ භයානකම වෙනස ලෙස අප විසින් හඳුනා ගත යුතුව ඇත. රාජිත විසින් පවසන, උතුරේ ඇති කළ හැකි යැයි පැවසෙන කැළඹීම කිසිදු පෙලඹවීමක් නොමැතිවම දැනුදු සිදු වී ඇත්ද යන සැකය ඔහු ගේ අතීත ක්‍රියාකාරකම් දෙස බලන්නෙකුට ඇතිවන්නට හැකිය. මහ හඬින් අණ බෙර ගසමින් ගෙන ආ යහපාලනය විසින් තිත්ත සත්‍යය පළමු පැයේ සිටම යටපත් කරන ආකාරය ගැන ඉතා විමසිලිමත් විය යුතුය.

ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනිව පත්කරන ලද අගමැතිවරයා සහ සාහසික බලහත්කාරය යොදවමින් සිදු කරන ලද අග්‍ර විනිශ්චයකාරවරයා ගේ ඉවත් කිරීම රට තුළ ඉදිරියේ දී ඇති විය හැකි භයානක මර්දනයක පූර්ව සංඥා ලෙස ජනතාව විසින් හඳුනා ගත යුතුය. දැන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කොට ඇත. එජාපයේ 9 දෙනෙකුට හැර ඉතුරු සියලු දෙනාටම ඇමති තනතුරු ලබා ගෙන තිබේ. ඇමති තනතුරු ලැබූ සමහර පුද්ගලයින් සහ සමහර පුද්ගලයින්ට ලබා දී ඇති ඇමති තනතුරු දෙස බලන විට මේ තනතුරු ලබා දීමේ දී හිතුවක්කාරයම මිස කිසියම් සාධනීය සාමූහික එකඟතාවයක් හෝ පාලනයක් නොතිබුනු බව පැහැදිලිය. උදාහරණයක් ලෙස ජාතික අධ්‍යාපනය බාර දී ඇති අය වන අකිල විරාජ් සහ රජීව විජේසිංහ ගත හැකිය. ඒ රනිල් සහ ඔහුගේ කණ්ඩායම තීන්දු කළ හැටිය.

මේ සිදුවී ඇති වෙනස ඒ සඳහා මූලික වූ අයට දරා ගත හැකිද? මේ සම්බන්ධයෙන් චම්පිකට සහ ජවිපෙ ට පැවසීමට ඇත්තේ කුමක් ද? දැන් ඔවුන්ගෙන් දැන ගැනීමට කිසිවක් ඇත් දැයි සැකයකි. ඔවුන්ගේ වර්තමාන දේශපාලන භාවිතාව කුහක සහ කෝප ගන්වන සුලු ය. ජවිපෙ දේශපාලනය කියැවීමට උනන්දුවක් තිබූණිබොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදිම ඔවුන්ගේ(අනුර කුමාරගේ) සහාය එජාපයේ ජයග්‍රහනය පිණිස හැසිරවූ අයුරු දැක ගත හැකි විය. මෙය ජවිපෙ කෙසේ වෙතත් අනුර කුමාර විසින් මෙහෙයවනු ලබනවා යැයි පැවසෙන ක්‍රියාදාමයක් පිළිබඳ ඇති සැකය වඩාත් තහවුරු වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය එසේ වන්නේ විජේවීර නොසලකා හැරීම, වීරවංශ හැර යාමෙන් ජවිපෙ දෙකඩ වීම, සෝමවංශ ඉවත් කිරීම, පෙරටුගාමීන් ලෙස ඉවත් වීමෙන් නැවත දෙකඩ වීම යන සියල්ලෙහිදීම අනුර කුමාර ගේ භූමිකාව නිසාය.චම්පිකගේ හැසිරීම විදහා පාන්නේ, පැරදී, පසුව ප්‍රතිමල්ලවයාට කෙසේ හෝ පහර දී සතුටු වන අයෙකුගේ හැසිරීම මිස ප්‍රබුද්ධ දේශපාලන ක්‍රියාකාරිත්වයක් නොවේ. මේ අනාවරණය වෙමින් පවතින්නේ ඔහු ගේ විශ්ව විද්‍යාලයීය සහ මුල් කාලීන දේශපාලන හැසිරීම මගින් පෙන්නුම් කළ කෙසේ හෝ ප්‍රමුඛයා වීමට තිබෙන නොතිත් ආශාව ය. ඔහුගේ මෑත කාලීන හැසිරීම අධ්‍යයනය කරන්නෙකුට පෙනිය යුතු විශේෂත්වය වන්නේ නුදුරු මැතිවරණය ඉලක්ක කොට ගත් මහින්ද රාජපක්ෂ ට එරෙහිව වන සාහසික ප්‍රහාරයයි. මේ නම් අප විසින් සැමදා දැක පුරුදු සුලභ දේශපාලනඥයකුගේ හිරිකිත හැසිරීමයි.

මේ සිදු වී වෙමින් ඇති දේ සම්බන්ධයෙන් කිසියම් හෝ සාධනීය මැදිහත් වීමක් ඔවුන් විසින් සිදු නොකරන බව අපි දනිමු. පැවති පාලනය තුළ පවා ඔවුනට අපේක්ෂා කළ තීරණාත්මක මැදිහත් වීම සිදු කළ නොහැකි විය. එවිට ඔවුන් විසින් කළ යුතුව තිබුනේ, මහින්ද රාජපක්ෂ හමුවේ පරාජය බාර ගෙන ඊළඟට ගත හැකි රටට හිතැති හොඳම පියවර ගැනීම මිස, රාජපක්ෂලාට වෛරයෙන් යුතුව පහර දීමට රටට සතුරු බලවේග සමග එකතු වීම නොවේ. ඔවුනගේ වත්මන් ක්‍රියාකාරිත්වය අපට පෙන්නුම් කර දෙන්නේ සුලබ අවස්ථාවාදී අතිශය ප්‍රාථමික හැසිරීමක් සහිතව ක්‍රියාත්මක වන්නාවූ සැඟවුණු න්‍යාය පත්‍රයක කොටසක් ලෙස මිස, ප්‍රබුද්ධ දෑ හිතකාමී දේශපාලනයක් නොවේ.

මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය නිසා ජවිපෙ සැහැල්ලු වී ගියේය. චම්පිකලාට මහින්දව නම්මවා ගත නොහැකි විය. මේ නිසා බලවත් වූ දේශපාලන සහ පෞද්ගලික වෛරයකින් යුතුව දැන් ඔහුට පහර දෙනු දැකිය හැකිය. ජවිපෙ ෆයිල් ඉදිරිපත් කරනුයේ පසුගිය වසර 10 තුළ පමණක් දූෂණ සිදුවී ඇති පරිදිය. එසේ කරනුයේ මහින්ද රාජපක්ෂ විනාශ කරන තරමේ කෝපයෙන් යුතුව ඔහුව කේන්ද්‍රගත කර ගෙනය. එපමණක් නොව පැරණි රජයෙන් අලුත් රජයට පනින ලද කිසිවකුගේ වරදක් දැන් ඔවුන් විසින් දකින්නේ නැත. පිටුපසට වසර 10ක් පමණක් සොයා බැලීමට සහ දඬුවම් කළ යුතු පුද්ගලයින් තෝරා ගත් ගැනීමට යොදා ගත් නිර්ණායක කවරේ දැයි ඔවුනට ප්‍රකාශ හැකි යැයි මම නොසිතමි. මේ අවස්ථාවාදී පිළිකුල් සහගත හැසිරීම රටේ ජනතාව හොඳින් වටහා ගෙන ඇතැයි අපි සිතමු. අනුර කුමාර පවසන ලෙසම අපටද කිව හැක්කේ, ලැජ්ජයි කියාය. ඔවුන් විසින් මේ කරමින් සිටිනුයේ අප රටේ බිහිවූ අද්විතීය ජාතික නායකත්වයක් ලෝකයා ඉදිරියේ සැහැල්ලුවට ලක් කිරීමට, විනාශ කිරීමට උත්සාහ කිරීමය. මෙයට ජනතාව පිළිතුරු දෙනු නිසැකය. මේ තීරණාත්මක මොහොතේදී ගම්මන්පිලගේ සහ වීරවංශගේ දේශපාලනය, චම්පිකගේ සහ අනුරගේ වත්මන් දේශපාලනයසමග සැසඳීම අනාගතයේ දී ජනතාව විසින් සිදු කරනු ඇත.

අප රටේ එදා මෙදා තුර දේශපාලනඥයන් කෙරෙහි දක්නට ලැබුනු නිර්ලජ්ජීතම සහ ජුගුප්සාජනකම හැසිරීම් මැතිවරණයට පෙර සහ පසු සමයන්හිදී ප්‍රදර්ශනය විය. මේ සමහරකුට අංශු මාත්‍රයක හෝ ලජ්ජාවක්, ප්‍රතිපත්තියක් තිබේද යන්න සැක සහිතය. දැන් ආපසු හැරී බැලීමේ දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මොවුන් සියලු දෙනා එකට තබා ගෙන වසර 10 ක කාලයක් රට, කැපී පෙනෙන ප්‍රගතියක් කරා ගෙන යාමට හැකි වීම ම විශ්මය ජනක කටයුත්තක් ලෙස සැලකිය යුතුය. ඔහුට නැගෙන බරපතලම චෝදනාවක් වන, ඔහු වටා සිටින්නන්ගේ දූෂණ, හොරකම් කෙරෙහි ඔහු විසින් අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය ට හේතුව කුමක්ද යන්න දැන් ඕනෑවටත් වඩා පැහැදිලිය. ඔහු ගේ අතිශය ජනප්‍රිත්වයත්, පෞරුෂයත් නොවන්නට වසර 10 ක් කෙසේ වෙතත් වසර 5 කින් රජය බිඳ වැටිය හැකිව තිබුනු බව දැන් අපට වටහා ගත හැකිය. එසේම මෙම, මෛත්‍රී, රාජිත, මංගල සහ තවමත් හෙලිදරව් නොවූ බලවේගයන්ගේ කුමන්ත්‍රණය මීට කලකට ඉහතින් සිදු වීමට ඉඩ තිබිණි.

එරික් සෝල්හයිම් ද ජනාධිපතිවරණය ගැන විග්‍රහයක් සිදු කර ඇත. ඔහු තවමත් අප රට ගැන උනන්දු ඇයි ද යන්න ගැන චන්දය ප්‍රකාශ කළ ‘බහුතරය’ විසින් දැන්වත් අවබෝධ කරගත යුතුය. ඔහුට අනුව රාජ්‍ය සේවයේ එඩිතර මිනිසුන් නොවන්නට මේ ජයග්‍රහනය නොලැබෙනු ඇත. මෙය චම්පිකගේ සහ අනුර කුමාරගේද විග්‍රහය වීම අහම්බයක් නොවන බව මගේ හැඟීම යි. ඒ රාජ්‍ය සේවයේ සිටිතැයි පැවසෙන එඩිතර මිනිසුන්ටත්, චම්පිකටත්, අනුර කුමාරටත්, එරික් සෝල්හයිම් වැන්නන් හා එකට සමපාත විය හැකි දැයි සිතා බැලීමට දැනුදු ප්‍රමාද නැත. දැන් සිදු වෙමින් පවතින මේ විදේශීය බලවේගයන්ගේ ආදරණීය වටලෑම අප හට කළමනාකරණය කරගත හැකි ද? මෙය රටට ආදරය කරන සැමගේ දැඩි අවධානයට ලක්විය යුතු ය.

මේ ඇතිවී තිබෙන දේශපාලන විකෘතිය සහ රට හමුවේ ඇති දැවැන්ත අවදානම හැකි ඉක්මනින් යම් පමණකට හෝ නිවැරදි කර ගත යුතුව ඇත. ජනතා මතය නිවැරදි ලෙස පාර්ලිමේන්තුවේදී පිළිබිඹු විය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට ආදරය කරන සැබෑ ජනතා නියෝජිතයින් සොයා ගෙන  රටට හිතකර වෙනසකට නව ගමනක් යාමට මිනිසුන් පෙළ ගැස්සවීම එක්සත් ජනතා නව සන්ධානයකට ඇති තීරණාත්මක කාර්ය භාරයයි. එවැනි වෙනසකට රටේ විද්වත් වෘත්තිකයින් තීරණාත්මක ලෙස එකතු විය යුතුය. මෙය ඉතාමත් සංවිධානාත්මකව සහ බුද්ධිමත්ව, දෙමළ සහ මුස්ලිම් ජනතාවට ආදරණීය ඇමතුමක් සහිතව, කැප කිරීම් සමඟ සිදු කළ යුතු ඉතා පුළුල් කාර්යයක් විය යුතුය.මේ රට පවතින දේශපාලන අස්ථාවරභාවයෙන් සහ ව්‍යාකූලත්වයෙන් මිදීම පමා නොවී සිදු විය යුතුය.




-වෛද්‍ය කේ. සුරන්ප්‍රිය. (ksuranpriya@gmail.com)
යුතුකම සංවාද කවය
www.yuthukama.com


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විමලසේන2/20/2015 12:59 PM

    අපි දැන් ඉන්නේ ඉන්දායාවේ සාක්කුවේ..අහෝ රණ විරුවන් දිවි පුදා සුරැකි මෙබිම ඉන් වසර පහක් යන්නට මත්තෙන් කුමන්ත්‍රණකාරීනට නතුවූ අන්දම බලනු. කිනම් කපටි කමකටද රට අසු වුනේ..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions