2/25/2015

ජාතික ආරක්ෂාව අනතුරේ

කතෘ:යුතුකම     2/25/2015   1 comment

 ජාතික ආරක්ෂාව

ඕනෑම රටක ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් තැනක් ලැබෙන අතර ජාතික ආරක්ෂාව ස්ථාවර වීම රටේ ආර්ථික දියුණුවට , ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පවත්වා ගැනිමට අත්‍යවශ්‍ය වේ. රජයන් වෙනස් වීමෙන් වෙනස් නොවිය යුතු රාජ්‍ය ආරක්ෂක උපාය මාර්ග පවතී. ඒවා රටක යහපැවැත්ම වෙනුවෙන් ඕනෑම රජයක් ක්‍රියාත්මක කළ යුතු දේ වන අතර ඒ පිළිබද හිටපු බ්‍රිතාන්‍ය අගමැති වරයෙක් වන Lord Palmerston මෙලස පැවසිය.

“Nations have No Permanent Friends or Foes, they only have Permanent Interests”

මෙරට ජාතික ආරක්ෂාව වැදගත් වන්නේ ඉහත කි අර්ථයන්ගෙන් පමණක්ම නොවේ. වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය අවසන් ව ගෙවීයන වසර කිහිපය වීමත්, යුදමය වශයෙන් පරාජය කළද , මතවාදීව හා ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බෙදුම්වාදයක් තවමත් සක්‍රියව පැවතීමත් නිසා මෙරට ජාතික ආරක්ෂාව අතිශය තීරණාත්මකය. ත්‍රස්තවාදයට මතවාදීව හා මුදලින් ආධාර කළ හා එයින් වාසි ලැබූ පිරිස් තවමත් මෙරට තුළ බෙදුම්වාදය ඇති කිරීමට ඉතා ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටිත්.

 වර්තමාන තත්වය

මෙ වන විට දින 100 වැඩසටහනින් දින50 ක් පමණ ගෙවී ගොස් ඇති අතර එම කාලය තුළ ඉටුකර ඇති පොරොන්දු පිළිබද ජනතාවට නිසි තක්සේරුවක් ඇත. දින 100 වැඩසටහන තුළ ඇතුලත් නොවූ රජයේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙල නිසා මෙම දින 50 තුළ රටේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස අනතුරකට පත්වී බෙදුම්වාදය යළි ඉතා ප්‍රබල ලෙස හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන තත්වයකට පත්ව ඇත.

පසුගිය දින 50 තුළ මෙරට ජාතික ආරක්ෂාව හා සම්බන්ධව බරපතල සිදුවීම් රැසක් සිදුවූ අතර අතර එම සිද්දි එකිනෙක වෙනම ගත් වි ටඇති හානිවලට වඩා විශාල හා දරුණු අනතුරක් මෙම සිද්දි සියල්ල හා ඒ සමග බැදුණු දේශපාලන අරමුණ සමග බැදී පවතියි. පැහැදිලිවම මේවා එකිනෙකට බැදුණු බලය බෙදා රට බෙදන වත්මන් රජයේ වැඩපිළිවෙලේ ක්‍රියාය.

මේ පසුබිම සකස් කරමින් තිබෙනුයේ බලය බෙදීම සදහාය. එමගින් රටේ ජාතික ආරක්ෂාවත් ඒකීයභාවයත් බරපතල ලෙස අනතුරේ හෙලා ඇත. බලය බෙදීමේ සදහා;

  •  දේශපාලනිකව
  •  මතවාදීව
  • හමුදාමය


යන ආකාර තුනෙන්ම මෙලෙස පසුබිම සකස්කරමින් පවතී.

පහත අපි ඉදිරිපත් කරනුයේ පසුගිය දින 50තුළ මෙරට ජාතික ආරක්ෂාව හා සම්බන්ධ සිදු වූ බරපතල හා ප්‍රසිද්ධියට පත් වූ සිදුවීම් සමහරක්ය.
( සෑම සිද්දියක් සමගම වැඩිදුර කියවිඉම සදහා පුවත් ප්‍රභවයක් ද මෙ සමග පළකර ඇත . )

දේශපාලනික ක්‍රියාදාමයන්

  •  13 වැනි සංශෝධනය සම්පුර්ණයෙන් කරිුරරයාත්මක කරන බවත් පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ TNA සමඟ සාකච්ඡා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය NDTV නාලිකාවට පැවසීය. මෙය ඉතා බරපතල තත්වයක්වන අතර මෙසේ 13 වන සංශෝදනය ක්‍රියාත්මක කරීමට ජනතාව කිසිදු ජනවරමක් නොමැත
http://www.ndtv.com/article/world/sri-lankan-prime-minister-ranil-wickramasinghe-s-interview-to-ndtv-full-transcript-650555 
  •  උතුරු නැගෙනහිර පුර්ණ ස්වයං පාලනයකට එකඟ යැයි ඇමති මංගල ඉන්දියානු මාධ්‍ය වලට පැවසීම.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=118038

  •  ජාත්‍යන්තර යුද අපරාද පරීක්ෂණයක් සහ දෙමල ජනතාවට වෙනම ස්වයං පාලනයක් ඉල්ලා උතුර පළාත් සබාව තුල පනතක් සම්මත කිරීම සහ එම පනත ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම. රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ එයට වක්‍රව සහය පල කිරීම. මෙය රටේ ජාතික ආරක්ෂාව ඉතා දරුණු ලෙස අනතුරේ හෙලන අතර අත්තනෝමතික ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටි. 



http://www.divaina.com/2015/02/15/news01.html
  • ජිනීවා සම්මුතිය පදනම් කරගත් යුද අපරාද පරීක්ෂණයක් සදහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ඇමති Hugo Swire උතුරට ගොස් ඒ සදහා සාක්ෂි එකතු කිරීම සහ සහ රජය ඒ සදහා පහසුකම් සැලසීම. ඊනියා යුද අපරාද පරීක්ෂණයකට තොරතුරු රැස් කිරීමට රජය මෙමගින් අවසර ලබා දී ඇත.

http://tamilnet.com/art.html?catid=79&artid=37621

  • දෙමළ ජාතික සන්ධානයේ දීර්ඝ කාලීන ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්රසිරි මහතා එම තනතුරින් ඉවත් කිරීම.
http://www.nytimes.com/2015/01/16/world/asia/new-sri-lankan-leader-replaces-governor-of-tamil-stronghold.html
පුලිදේවන් නම් ත්‍රස්තවාදියාට මචං කියු, තමිල් සෙල්වම් නම් ත්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය ඔස්ටින් ප්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්ෂතක ලේකම් වරයා නැගෙනහිර ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම. 
http://www.ft.lk/2015/01/21/austin-fernando-tipped-to-take-over-as-eastern-governor
  • කදිරගාමර් මහතා ඝාතනයට චෝදනා එල්ල කර රටින් පිටුවහල් කළ චාල්ස් ඥානකෝන් සහ මෙරට හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා නගමින් චිත්‍රපටි හැදු කැලම් මැක්රේ ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්නතයෙන් මෙරටට පැමිණිම.
http://www.divaina.com/2015/01/16/news40.html
  •   උතුරේ විදේශිකයින්ට සංචාරය කිරීමට තිබු බාධා ඉවත් කිරීම සහ උතුරට ගෙනයන භාණ්ඩ පරික්ෂා කිරීම අත්හිටුවීම.
  •  ආරක්ෂහතඅමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව නාවික හමුදාවේ අධීක්ෂණය සහිතව ඉන්දීය සාගරයේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන් මැඞීමේ අරමුණින් පවත්වාගෙන ගිය නෞකාව ගැන තොරතුරු හෙලිදරව් කිරීම.
http://www.divaina.com/2015/01/22/feature03.html
  •  යුධ අපරාද චෝදනාව විභාගයට ගැනීම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් කල් දැමීම.
http://www.divaina.com/2015/02/21/feature02.html

  •  සටන් විරාම සමයේ LTTE යට සන්නිවේදන උපකරණ ලබාදීමට උපකාර කල මතබේදාත්මකMuhunthanCanagey නැමැත්තා ශ්රීන ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ICTA ) ප්‍රධානියා ලෙස පත් කිරීම. 
http://www.asianmirror.lk/news/item/6913-controversial-dealer-muhunthan-canagey-appointed-as-icta-chief

 හමුදාමය ක්‍රියාමාර්ගයන්

  •  උතුරු පලාත තුල ඇති හමුදා කඳවුරු ගැන පරික්ෂණයක් ආරම්භ කිරීම සහ ‘අනවශ්‍ය' කඳවුරු ඉවත් කිරීමට පියවර ගැනීම. 
http://www.lankadeepa.lk/index.php/articles/290677
  • ඒ යටතේ ඕමන්ත මුරපොළ ඉවත් කිරීම සහ පරීක්ෂා කිරීම නැවත්විම. 
http://sinhala.asianmirror.lk/local-news/item/9676-2015-02-03-06-53-58
  •  මාන්කුලම් පොලිස් කොට්ටාශයට අයත් පොලිස් ස්ථාන 6 ක් ඉවත් කිරීම 
http://asianmirror.lk/news/item/7139-mankulam-police-division-removed
මල්ලාවි යනු LTTE සංවිධානයට ඉතා වැදගත් ප්‍රදේශයක් විය. එය ඔවුන්ගේ පරිපාලන දිස්ත්‍රික්කය ලෙස යොදා ගත් අතර ඊනියා ඊළමේ අග නගරය ද විය. එය අල්ලා ගැනීම 2008 වර්ෂයේ පහත ආකාරයට සදහන් ව තිබුණි. මාන්කුලම් යනු මල්ලාවි වලට 13 KM දුරින් පිහිටි ප්‍ධාන නගරය වන අතර යුද්ධයකදී ඉතාමත් තීරණාත්මක ස්ථානයකි. (http://www.asiantribune.com/node/13041). යුද සිතියම තුල එය පහත දක්වා ඇත.

  • හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට පියවර ගැනීම. ඒ අනුව ජාතික ආරක්ෂාව සම්භන්ධයෙන් ආරක්ෂක අංශයේ ප්‍රකාශ වලක්වා ඇත.
https://www.youtube.com/watch?v=avLol1V70KU


 මතවාදී ක්‍රියාමාර්ගයන් 

  • මෙරට ජාතික ආරක්ෂාව ගැන ජාතික පුවත්පතක පලවන හොඳම විශේෂාංගය වන දිවයින ඉරිදා පුවත්පතේ කීර්තී වර්ණකුලසුරිය ගේ ‘‘අරක්ෂාව’ ලිපිය බලපෑම් කර අත්හිටුවීම.
  •  LTTE සංවිධානයේ නිල වෙබ් අඩවිය වු, උතුරේ දෙමළ ජනයා අතර බෙදුම් මතවාද පතුරුවන, මෙරට තුල අවහිර කර තිබු ‘‘ටැමිල්නෙට්’’ වෙබ් අඩවිය නැවත මෙරට තුල විකාශනය කිරීමට ඉඩ හැරීම. 
http://www.tamilnet.com/art.html?catid=13&artid=20559
  • බෙදුම්වාදයට එරෙහිව මතවාදිව හඩ නැඟු දේශ හිතෙශී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම. 
http://www.dailymirror.lk/61607/rioter
  •  LTTE නායක ප්‍රබාකරන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් සහිත Frontline සගරාව ආරක්ෂක අංශ විසින් ගුවන් තොටුපල තුළදී රදවාගත් අතර එය අගමැති රනිල් ගේ අනින් නිදහස් කිරීම සහ මෙරට තුල එය ප්‍රචාරණයට අවසර ලබාදීම.
 http://www.adaderana.lk/news/29848/pm-orders-the-release-of-frontline-magazine 

  • බෙදුම්වාදයට අතීතයේ සිට සහය දුන් පිරිස් පමණක් සම්බන්ධ කරගෙන ඊනියා“ජාතික ගැටලුවට “ විසදුම් සෙවීමට යාම. ( ජාතික විධායක සභාව වුව මොවුන්ගෙන් සමන්විත වේ ) 
  •  හිටපු ආරක්ෂක ලේකම්ට එල්ල වී ඇති චෝදනා ගැන පකාශයක් කළ නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් ජනාධිපතිවරයා නිදහසට කරුණු විමසීම.
http://www.lankadeepa.lk/index.php/articles/291925
  •  වැලිකඩ බන්ධනාගාර සිද්දිය රණවිරුවන්ට එරෙහිව යොදා ගැනීමට උත්සහ කිරීම.
http://www.divaina.com/2015/02/22/feature15.html

අනතුර මෙරට තුල හා අන්තර්ජාතිකව සිදු කරන මෙ වැඩපිළිවෙල තුලින් බෙදුම්වාදය ශක්තිමත් වන අතර හමුදාව පසුබැසීම තුල සංවිධානාත්මකව ගොඩනැගීමට ඇති ආරක්ශාවත් පොලිසිය ඉවත් කිරීම තුල ඇති නීතිමය නිදහසත් රජයේ සහය සමඟ එන ජාත්‍යන්තර සහයත් පළාත් සභා වැනි ව්‍යුහයන් තුලින් ලැබෙන නෛතික භාවය හා ව්‍යවස්ථානුකූල සහයත් තුලින් බෙදුම් වාදීන්ට වෙනම රටක් තුල ස්වයං පාලනයකට යාමට හැකිවනු ඇත. එවිට දිනාගත් සාමයත් ළඟා කරගත යුතු සංවර්ධනයත් නැති වී යනු ඇත. කාලින සිද්දි සලකා බැලීමෙන්ද වර්තමාන රජයේ පාර්ශව කරුවන්ගේ මතයන්ගෙන්ද, අගමැති රනිල් ගේ අතීත ක්‍රියා වලින්ද පැහැදිලි වන කරුණ නම් මෙම රජය පැහදිලි ලෙසම බලය බෙදීමක් පදනම් කරගත් විසදුමකට ක්‍රමයෙන් ලඟා වන බවයි. ඒ සදහා කිසිදු ජන වරමක් නොමැති අතර එය දින 100 වැඩපිළිවෙල තුළ අන්තර්ගත වී නැත. බෙදුම්වාදය පරාජය නොකර අත්තනෝමතික විසදුම් දීමට යාමෙන් ජාතික ආරක්ෂාව බිදවැටෙන අතර, රණවිරුවන් දිවිපුදා සුරැකි රටේ ඒකීයභාවය අවසන් වනු ඇත. බෙදුම්වාදය සහිත බෙදුණු රටක ස්ථාපිත වන්නේ යහපාලනයක් නොව බෙදුම්වාදයේ සහ ජාතිවාදයේ මීළඟ පියවර බව නොඅනුමානය.

-චින්තක විජයවර්ධන
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සුදු පුතා2/25/2015 9:14 AM

    මොනවද මේ කියන්නේ? කොත්තමල්ලි, උඳු, උම්බලකඩ අඩු කළාම ඒක පේන්නේ නෑ. මොකක් හරි පොඩි අඩුපාඩුවක් දැක්කොත් ලිපි ලියනවා..ඒකද යහපාලනය?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions