2/04/2015

නිදහස අහිමි කරවන නිදහස

කතෘ:යුතුකම     2/04/2015   3 comments


පෙබරවාරි 4 අපගේ නිදහස් දිනයයැයි කියන්නට හෝ සිතන්තට අපි පුරැදු වී ඇත්තෙමු. අවුරුදු 300 ක් පමණ බලපෑම් සහිතව පැවතුණු බටහිර ආක්‍රමණය 1815 දී පුර්ණ යටත්විජිතවාදයක් බවට පත්විය. අවුරැදු දහස් ගණනක් ඉපැරණි සංස්කෘතියක් චින්තනයක් සතුව පැවති සිංහල ජාතිය දේශපාලනික, සමාජිය, සංස්කෘතික, ආගමික ආදී සැම අංශයක්ම ඔස්සේ දැඩි මර්ධනයකට ලක්විය. තුවක්කුවෙන් මෙන්ම දැනුමෙන්ද සිංහල බෞද්ධ ජාතිකත්වය අඩපණ කළේය.

පසු කාලීනව තුවක්කුව වෙනුවට දැනුම භාවිතා කර තුවක්කුවට වඩා පහසුවෙන් අප මත බටහිර ආධිපත්‍ය පැටවීය. සිංහල දැනුම(වෙදකම, ගොවිකම, විද්‍යාව,අධ්‍යාත්ම විද්‍යාව, කලාව, සාහිත්‍ය ආකල්ප ආදී මුළුමහත් සංස්කෘතියම)සිංහල බෞද්ධයන්ට භාවිතාකිරීමේ නිදහස දැඩි මර්ධනයකට ලක්විය. ඒ වෙනුවට බටහිර දැනුම අප මත බලෙන් පැටවීය. ඒ තුල තව දුරටත් සිංහල දැනුම, සිංහල බෞද්ධ සංස්කෘතිය,සිංහල බෞද්ධ ජාතිකත්වය නොවටිනා නොවැදගත් දේවල් බවට ඉගැන්වීය. ඒ තුලින් සිංහල දැනු‍මේ, සිංහල බෞද්ධ සංස්කෘතියේ,සිංහල බෞද්ධ ජාතිකත්වයේ නිදහස උදෙසා සටන් කිරීම අඩපණ කළේය.බටහිරයන් අපව කෙතරම් සිහිමුලාවටත් දීනත්වයටත් පත් කළේදැයි කිවහොත් 1948 දී ලැබුණු අඩු මට්ටමේ දේශපාලන නිදහස , පූර්ණ නිදහසක් ලෙස සිතීමට පවා අපව පුරැදු කරවීය. පූර්ණ නිදහසක් ලැබී ඇතැයි සිතන්නන්ට සිංහල දැනුම, සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බෞද්ධ ජාතිකත්වය තවමත් මර්ධනයටත් බටහිර දැනුමේ,බටහිර සංස්කෘතියේ ආධිපත්‍යටත් යටවී ඇති බව නොවැටහෙන දෙයක් විය.

තුවක්කු පෙනෙන්නට නොතිබුණද අවුරැදු සියගණනකට අධික යටත්විජිතවාදය තවමත් අවසන් වී නොමැත.බටහිර දැනුම හා බටහිර සංස්කෘතිය මගින් සිංහල දැනුම, සිංහල සංස්කෘතිය තව තවත් මර්ධනයත් යටපත්වීමත් සිදුවෙමින් පවතී.අවසන් නොවුණ යටත්විජිතවාදයක් තුල සිටීයදී පවා පූර්ණ නිදහසක් ලැබී ඇතැයි සිතන්නේ හෝ දැනෙන්නේ බටහිර දැනුමේ ආධිපත්‍ය මගින් අපව නිවටයන්,දාසයන්, සිහිවිකල් වූවන් බවට පත්කර ඇති හෙයිනි.ඊනියා නිදහසක් පිළිගැනීම තරම් සැබෑ නිදහස අහිමි කරවන තවත් දෙයක් නොමැති බව අප අද දිනයේ දී හෝ තේරැම් ගැනීම ජාතියක් ලෙස අප කළ යුතුම වන්නේය.එසේ නොවුනහොත් බටහිර දැනුම , බටහිර සංස්කෘතිය, බටහිර දේශපාලනය හමුවේ තැලි පොඩිවී විකෘති වී ගිය අනන්‍යතාවයක්,අදීනත්වයක්,නිදහසක් නොමැති සංස්කෘතිකයම අවජාත බෙලහීන ජාතියක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.


-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. සුගත්2/04/2015 8:14 AM

    හොද පැහැදිළි කිරීමක්..

    ReplyDelete
  2. 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙනා දවස නිදහස් දිනය ලෙස සැලකීම වඩා සුදුසු බවයි මගේ හැගීම.එක්කෝ මේ පවතින "රෝම ලන්දේසි නීති පොතයි" , " ඇමෙරිකන් + ප්‍රංශ " වයවස්තාවයි කටු ගාල දාල අලුත් නිදහසක් ගන්න කම් අපි තාමත් යටත් වෙලා ඉන්නේ කියල හිතා ගත්ත නම් හරි. නිදහසක් කියල එකක් නැ..

    ReplyDelete
    Replies
    1. මගුලක් කථා කරනවා....පොඩ්ඩක් ඔය හණමිටි බිමින් තියහල්ලකෝ...

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com