2/24/2015

අද රටට අවශ්‍ය වී ඇති නායකත්වය

කතෘ:යුතුකම     2/24/2015   1 comment

2015 පෙබරවාරි මස පළමු වැනි ඉරිදා ලංකාදීප පත්‍රයට ගුණදාස අමරසේකර මහතා විසින් සපයන ලද සිදු වෙමින් පවතින්නේ කුමක් ද යන ලිපිය පත්‍රයේ පළ කර තිබුනේ ඊට පිළිතුරු ලිපියක් ඊළඟ සතියේ දී ම පළ කරණු ලබන බවට සටහනක් ද යොදමිනි. ඒ අනුව ප්‍රියන්ත රාජකරුණා විසින් ලියන ලදුව 8 වැනි ඉරිදා දිනයේ දී රනිල් සහ එජාපය බලයට පත්වීම මහා අපරාධයක් ද යන ලිපිය පාඨකයා බලාපොරොත්තුවෙන් සිටි ලිපියකි.

අමරසේකර මහතාගේ ලිපියේ සඳහන් වන සිද්ධ වෙමින් පවත්නා ප්‍රධාන කරුණු දෙක වන වන මහින්ද රාජපක්‍ෂ බලයෙන් ඉවත් කිරීමත් රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමත් සමිබන්ධයෙන් රාජකරුණා මහතාගේ අවධානයට ලක් නොවූ කරුණු කීපයක් ගැන පාඨක යොමු කිරීමට කැමැත්තෙමි. රාජපක්‍ෂ මහතා පරාජය වූයේ ඇයි දැ යි යන්න සෙවීමට වඩා ඔහු ව පරාජය කිරීමට අවශ්‍යය වූයේ කාටදැයි යන්න විමසා බැලීම වඩාත් ඵලදායි ව්‍යායාමයක් වනු ඇතැයි සිතමි. ඒ තුළින් අනෙකුත් කරුණු කාරණා තේරුමි ගැනීම වඩාත් පහසු වනු ඇත.

වත්මන් ලෝකය තුළ බටහිර අධිරාජ්‍යවාදීන් ත්‍රස්ත සංවිධාන නිර්මාණය කරන්නේත් ඒවා පෝෂණය කරන්නේත් ලෝකය තුළ තම බල ආධිපත්‍යය රැක ගැනීමටයි. මෙය හුදෙක් ආර්ථික ආධිපත්‍ය පමණක් නොව බටහිර සංස්කෘතික ආධිපත්‍යය ද අවශේෂ රටවල ස්ථාවර කිරීමෙි අරමුණ පෙරදැරි කරගෙන දෙවැනි ලෝක සංග්‍රාමය අවසාන වූ අවධියේ සිට ම බටහිර රටවල් විසින් සිදු කරගෙන යන කි්‍රයාවලියේ එක්තරා වර්ධනයකි. මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට රණ චිරුවන් විසින් විනාශ කරනු ලැබුවෙි එවන් වූ ත්‍රස්ත ව්‍යාපාරයකි. මෙය ලෝක ආධිපත්‍යය තව දුරටත් රැක ගැනීමෙි සටනක යෙදී සිටින ඇමෙරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යයවාදීන් මෑත කාලයේ දී ලැබූ විශාලතම පසු බෑමයි.

ඒ පරාජයෙන් වියරු වැටුනු ඔවුහු ජගත් සංවිධානයේ මානව හිමිකමි කොමිසම හරහා කරන ලද නින්දිත වූ මෙහෙයුම් මෙරට ජනතාවටත් ප්‍රගතිශීලී ලෝකයටත් රහසක් නොවෙි. ඒ සඳහා ඔවුන් විසින් ඒක පාක්‍ෂිකව තමනතට රිසි අයුරෙන් සාක්‍ෂි රැස් කර සකස් කරන ලද වාර්තාව ලබන මාර්තු මාසයේ දී එක්සත් ජාතීනගේ සංවිධානය වෙත ඉදිරිපත් කර ඒ තූළින් රාජපක්‍ෂ ජනාධිපති තුමාටත් මෙරට ජනතාවටත් විශාල පීඩනයක් එල්ල කිරිමට බලාපොරොත්තුවෙන් සිටිය බව නොරහසකි. ඔවුන් විසින් මෙවැනි උපාය මාර්ගයන් ගනු ලබනු ඇත්තේ මින් ඉදිරියට කිසිම අවශේෂ රාජ්‍යයක රාජ්‍ය නායකයකු තම හිතු මතයේ බටහිර බලවෙිග වලට විරුද්ධව ක්‍රියා කිරීමෙන් වළකන ලෙස පාඩමක් ඉගැන්වීමට යි. ඒ නිසා ය මෙි අතරතුර කාලයේදී පැවැත්වුනු ජනාධිපතිවරණයේ දීබටහිර රටවල් මෙන් ම ඔවුන්ගෙන් යැපෙන රටවල් හා සංවිධාන ද වක්‍රව ද සෟජුව ද මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට දායකත්වය සපයන ලද්දේ. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලංකාව තුළ ද ඔවුන්ගෙන් යැපෙන ඔවුනට රිසි ලෙස ක්‍රියා කරන රාජ්‍ය නායකයෙකු පත් කර ගැනීමට තිබුනු අවශ්‍යතාවය යි.

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට අවශ්‍යය වූ අනෙක් කොටස නම් ලොව පුරා පැතිරි ඊළාම් වාදීන් හා ඊනියා දෙමළ ඩයස්පෝරාව යන නමින් පෙනී සිටින දෙමළ ජාතිවාදී කොටස් ය. අවාසනාවකට මෙන් ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන වසර පහක් ගත වී ඇතත් මෙරට දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂය වූ දෙමළ ජාතික සංධානය තවමත් ක්‍රියා කරන්නේ නමසිය හතළිහේ දශකයේ දී චෙල්වනායගම් මහතා විසින් ඉදිරිපත් කරන ලද බෙදූමිවාදී න්‍යාය පත්‍රයට අනුව ම බව ඔවුනගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වෙයි. ඔවුනට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කර ඒ වෙනුවට ඔවුනගේ ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමට පහසුකම් සළසන බවට විශ්වාස කළ හැකි රාජ්‍ය නායකයකු බලයට පත් කර ගැනීම යි.

මොවුන්ගේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට තෝරා ගත යුතුව තිබුනු සුදුසුම පුද්ගලයා අන් කිසිවකු නොව රනිල් වික්‍රමසිංහ යි. ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොකර මෛත්‍රීපාල සිරිසේන මහතා ව ඉදිරිපත් කළේ වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට තිබුනු ඉඩ කඩ ඉතාමත් ම අල්ප වූ බැවිනි. එසේ පත් වූ රජය ඊනියා ජාතික රජයක් ලෙස හැඳින්වීමට උත්සාහ ගත්ත ද එය එජාප රජයක් බව වසන් කිරීම අපහසුය. ගුණදාස අමරසේකර මහතා සඳහන් කරණ අයුරින් ම සිදු වී ඇත්තේ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නොව ජනාධිපති විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමෙන්තුවෙි සුළුතරයක් බලයට පත් කිරීමයි. රාජකරුණ මහතා ද ඒ බව ඉවෙන් මෙන් වටහා ගන්නා බැවින් විය යුතුය ඔහු සිය පිළිතුරු ලිපියට රනිල් සහ එජාපය බලයට පත්වීම මහා අපරාධයක් ද යන ශීර්ෂ පාධය යොදා ගන්නේ.

මෙය අපරාධයක් වුව ද නොවූවද සිහි බුද්ධිය ඇති සියල්ලන්ගේ ම අවධනයට යොමු විය යුතු මෙන් ම කණස්සල්ලට ද හේතු විය හැකි කරුණකි. විශේෂයෙන් ම වික්‍රමසිංහ මහතා මීට පෙර වතාවක දී අගමැති වශයෙන් මෙි රටෙන් තුනෙන් පංගුවක් ත්‍රස්තවාදීන්ට පවරා දුන් අයුරු ද, විපක්‍ෂය නායකයා වශයෙන් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට විරුද්ධව ක්‍රියා කළ අයුරු ද තවමත් අමතක වී නැති මෙරට ජනතාව තුළ මෙි පත්වීම ගැන සැක සංකා පහළ වීම සාධාරණය. දැන් ත්‍රස්තවාදීන් නැති බව ඇත්ත ය. නමුත් බටහිර රටවල ආශීර්වාදය හා අරක්‍ෂාව ලබමින් වර්ධනය වන දෙමළ ජාතිවාදය ව්‍යවස්ථාව හරහා ඊළමක් ලබා ගැනීමට උත්සාහ කරණ විටකදී වික්‍රමසිංහ මහතා සිය බටහිර හාමිපුතුන්ගේ බසට අවනත නොවෙතැයි සිතිය හැකිද? හමුදා වියදමි අඩු කිරීම, උතුරු ප්‍රදේශයෙන් හමුදා ඉවත් කිරීම, 13 ඉක්මවා යන බලය ඛෙදා හැරීමකට එකඟ වීම යන ප්‍රතිපත්තිමය කරුණු පිළබඳව රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර දැක්වූ අදහස් හා මතවාද අද වන විට සැබැවින් ම වෙනස් වී ඇද්ද යන්න බුද්ධිමත් ජනතාවගේ සිත් තුළ හොල්මං කරනු වැළැක්වීම අපහසුය. එමෙන් ම වොෂින්ටනයෙන් කෙළින් ම ලබා ගන්නා උවදෙස් මත රට කරනවා යැ යි පවසන රනිල් වික්‍රමසිංහ ඊළාම් අරගලය හා සමිබන්ධ වූ තීරණාත්මක අවස්ථාවක දී බහිරට න්‍යාය පත්‍රයට ගැති නොවී ක්‍රියා කරනු අතැයි විශ්වාස කළ හැකිද? මෙි සුළු කාලය තුළ රජය විසින් කරන ඇතැමි පත්වීම් ද විදේශ අමාත්‍යවරයා කරන ලද ඇතැම් ප්‍රකාශ ද ජනතාව තුළ ඇතිවන මෙම සැක සංකා තියුණු කරන බව අමුතුවෙන් කිව යුතු නොවෙි.

ප්‍රගතිශීලීන් යැ යි හඳුන්වනු ලබන්නන් කෙසේ අර්ථ දක්වූව ද දෙමළ ජනතාවගේ ඡන්දය පාවිචිචි කිරීම විග්‍රහ වන්නේ ද මෙවන් වූ දේශපාලන වට පිටාවක් තුළ ය. මෙය රටේ සියල්ලන්ම නිදහසේ තම මතය ප්‍රකාශ කිරීමට යොදා ගත් සුන්දර වූ ද අහිංසක වූ ද අත්දැකීමක් ලෙස ගිනිය හැකි නොවෙි. ත්‍රස්තවාදය පරාජය කරනු ලැබූව ද බටහිරයන් විසින් දෙමළ ජාතිවාදය තවදුරටත් පෝෂණය කරමින් සිටින වකවානුවක දෙමළ සංධානය එම ඡන්ද දායකයින්මෙහෙයවනු ලැබූවෙි සිය බෙදුම්වාදී න්‍යාය සාක්‍ෂාත් කර ගැනීම උදෙසා බව තේරුම් ගැනීම අපහසු නොවෙි.

ගුණදාස අමරසේකර මහතා සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න සාකචිඡා කරන්නේ මෙවන් වූ දේශපාලන වාතාවරණයක් තුළ ය.එය තේරුම් ගැනීමට තුන්කල් දක්නා නුවණක් අවශ්‍ය නොවූවද එවන් වූ නුවණක් නැති කෙනෙකුට විශිෂ්ට ගනයේ සාහිත්‍යකරුවකු විය නොහැකි බව නම් සත්‍යයකි. මහින්ද රාජපක්‍ෂ රජය විසින් ක්‍රියාත්මක කරන ලද මේ ඇති නැති පරතරය වැඩි වීමෙි ආර්ථිකය දැඩි ලෙස විවෙිචනය නරන්නෙකි අමරසේකර මහතා. අමරසේකර මහතා විසින් 2012 දී එළි දක්වන ලද කවන්ධයට හිසක් නමැති නිබන්ධය තුළ මෙම තත්වය වෙනස් නොකළහොත් අනාගතයේ දී ඇති වීමට ඉඩ ඇති දූර්භාග්‍ය සමිපන්න අනාගතය ගැන ද අනතුරු හඟවයි. එපමණක් නොව මෙම තත්වය ගැඹුරෙන් විග්‍රහ කරමින් එතුමාගේ කෙටි කතා කලාව පවා නව මානයකට ගෙන ගිය කෙටිකතා දෙකකි 2013 රාජ්‍ය සාහිත්‍ය සමිමානයෙන් පුදලද කියනු මැන දිවි අරුත කෙටිකතා සංග්‍රහයේ එන මැයි දිනය සහ මාලය කඩා ගැනීම යන කෙටි කතා දෙක. මහින්ද රාජපක්‍ෂ රජය මඟින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්තියට ආවෙිණික වූ මෙම දුර්වලතාවය විවෙිචනය කරන අතර තුර ම අමරසේකර මහතා නිරන්තරයෙන් ම පෙන්වා දුන්නේ රට හමුවෙි ඇති ප්‍රධාන ප්‍රශ්නය වූ බෙදුමි වාදයට මුහුණ දිය යුතු ආකරය යි.

රාජකරුණා මහතාගේ ලිපියේ එන ඕපදුප මත පාදක වුනු කාරණා ගැන සාකචිඡා කිරීමට මම උත්සාහ නොගනිමි. මා එසේ නොකරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයට එල්ල වන දූෂණ චෝදනා ප්‍රතික්‍ෂ්ප කරන නිසාම නොව නූතනත්වය තුළ අසීමිත පරිභෝජනය මූලික කරගත් සමාජ රටාවකට උචිත වන ලෙස සකස් කරන ලද දේශපාලන දර්ශනයක් වූ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණයෙන් තොරව පැවතිය නොහැකි බැවිනි. මෙි තත්වය ලංකාවට මෙන්ම ඇමෙරිකාව එංගලන්තය වැනි රට වලටද පොදු ය. අඩුම තරමින් කසි කබල් ඇමරිකානු ත්‍රාසජනක නවකතා කීපයක් හෝ කියවා ඇති අයකුට මෙි බව තේරුමි ගැනීම එතරමි අපහසු වෙතැයි නොසිතමි. මෙම දූෂණ වංචා චෝදනා මෙන්ම ඒ හා සම්බන්ධ ක්‍රියාදාමය ම හුදූ මාධ්‍ය සංදර්ශනයක් ලෙස අමරසේකර මහතා දකින්නේ එමඟින් පවතින ක්‍රමවේදයන් තුළින් අත්කර ගත හැකි ප්‍රතිඵලයක් නොමැති බැවිනි. රජයේ ඇතැම් ඇමතිවරුන්ට අද වන විට රාජපක්‍ෂ මහතා හිරබාරයට ගැනීමට අවශ්‍ය වී තිබෙන්නේ එතුමා යළි මැතිවරණයකට ඉදිරිපත් වීම වළක්වා ලීමටයි. මා විසින් ඉහතින් විස්තර කරණ ලද සියළු බලවෙිග වල අවශ්‍යතාවය එයයි.

රාජකරුණා මහතා සැක පහළ කරන අයුරින් ම ගුණදාස අමරසේකර මහතා ද ඇතුළු පනස් අටලක්‍ෂයක ජනතාවකගේ අභිලාෂය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ආගමනය යි. එය වළක්වන්නට උත්සාහ කිරීම පනස් අට ලක්‍ෂයක ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පිටු පෑමකි. ගුණදාස අමරසේකර මහතා විසින් මීට පෙර ද වරින් වර පෙන්වා දී ඇති පරිදි අපට අද අවශ්‍ය වී ඇත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්වය තුළ සියළුම ජන කොටස් වලට සිය අනන්‍යතාව රැකගෙන ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීමයි. සිංහල බෞද්ධ යනු ජාතිවාදී සථාවරයක් නොවන බවත් එය මෙරට සභ්‍යත්වය වන බවත් එය සියළු ජන කොටස් අවශෝෂණය කර ගැනීමට ඉඩ කඩ ඇති සභ්‍යත්වයක් බවත් අමරසේකර මහතා 2014 දීී එළි දක්වන ලද ජාතිකත්ව සංකථන යන කෘතියෙන් පෙන්නුම් කර දී ඇත. අමරසේකර මහතා සඳහන් කරන අයුරින් අද රටට අවශ්‍ය වී ඇත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්වයට විරුද්ධව ශතක ගණනක් තිස්සේ එල්ල වෙමින් පවත්නා බටහිර අධිරාජ්‍යවාදයේ තර්ජනයට නොබියව මුහුණ දිය හැකි අදීන නායකත්වයකි.


-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මෛත්‍රීපාල2/24/2015 12:10 PM

    මේ මෛත්‍රිය හරියන්නේ නෑ. මිනිහගෙන් බැරි නම් ගෑණිගෙන් වාඩුව ගනිව්..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions