උතුරට වෙනම ස්‌වයංපාලනයක් අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.
විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා 70% ක වැඩි ජන්දයෙන් මෛත්‍රීපාල මහතා ජනාධිපති ලෙස පත්කර රනිල් වික්‍රමසිංහගේ ඊනියා ආණ්ඩුවට සහයෝගය දෙන්නේ කුමක් නිසාදැයි යන්න පැහැදිලිය. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා, හකීම්, සාලිලා, ගනේෂන්ලා මෛත්‍රිපාලට සහයෝගය දැක්වුයේ යහපාලනයක් උදෙසා නොව තම තමන්ගේ ජාතිවාදී න්‍යායපත්‍ර උදෙසා බව නම් ස්ථිර වෙමින් පවතී.
ඇමෙරිකාව,එංගලන්තය යටතේ ක්‍රියාත්මක වන රනිල් -චන්ද්‍රිකා ප්‍රධාන දකුණේ බෙදුම්වාදී නඩය මෛත්‍රීපාලව තමන්ගේ රෑකඩ අත බවට පත්කර ගන්නා බව දෙමළ බෙදුම්වාදීන් දැන සිටියහ.මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ බෙදුම්වාදයට ඉඩක් නොවීය.ඔහු බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි වැනෙන නායකයෙකු ද නොවීය.දෙමළ ජාතිවාදීන්ගේද,මුස්ලිම් ජාතිවාදීන්ගේද,ඇමෙරිකාව ඇතුලු බටහිරයන්ගේද ඉන්දියාවේද ,ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබූ රනිල්, චන්ද්‍රිකා,අනුර කුමාරලාගේද සිංහල බෞද්ධ විරෝධීන් වු නිර්මාල් රංජිත්, සන්නස්ගල, ආදි උගතුන්ගේද පොදු සතුරා ජාතිකත්වය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ විය.
මේ කිසිවෙකුටවත් යහපාලනයක් අවශ්‍ය නොවීය. අවශ්‍යවුයේ මහින්දගේ බලය කොල්ල කා ගැනීම පමණය. සිංහල ජනයා තුල මහින්දට තිබුණ ප්‍රසාදය අහිමි කිරීම සදහා රටවල් ගණනාවක ජාතික නායකයින් බොහෝ දෙනෙක් පරාජයට පත්කළ යහපාලන තුරැම්පුව අප රට තුලද ක්‍රියාත්මක කළේය. ගොබෙල්ස්සියානු තියරිය අනුව මහින්ද දූෂිතයයෙක්, ඒකාධිපතියෙක් නීතියක් සාදාචාරයක් නැත්තෙක් බවට ඒත්තු ගන්වන අති විශාල සටකපට ව්‍යාජ ප්‍රචාරණ යාන්ත්‍රණයක් ඇති කළේය. විශේෂයෙන්ම facebook ඇතුලු සමාජ ජාල හරහාද ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය හරහාද එකම බොරැව අතොරක් නැතිව කියවන්නට විය. ඉවක් බවක් විමසීමක් නැතිව මේවා පිලිගත් බොහෝ දෙනාට මහින්ද දුෂිතයෙක් ඒකාධිපතියෙක් යන්න ක්‍රමයෙන් පත්තියන් විය. ඉර පායන තරම් විශ්වාසයෙන් මහින්ද හොරෙකු දුෂිතයෙකු ඒකාධිපතියෙකු බව අදහන්ට විය. අදටත් මහින්දලාගේ හොරකමක් දුෂණයක් චංචාවක් ඔප්පු කීරිමට ඊනියා දුෂණ විරෝධීන්ට නොහැකි වී ඇත. එසේ තිබියදීත් අදටත් මහින්ද අන්ත දුෂිතයැයි සිතා මෛත්‍රීපාලට ජන්දය දුන් බොහෝ දෙනෙක් මහින්ද දුෂිතයැයි යන අදහස ඉවත් කර නොමැති බව පෙනෙන්නට ඇත. ඒ දේශපාලනික ළදරු මනස් ගොබෙල්ස්සියානු තියරියට සහ යහපාලන තුරැම්පුවට යටවූ බැවිනි.
අඩුම තරමින් අවුරැදු 100ක් තිස්සෙවත් ජාතිවාදයෙන් බෙදුම්වාදයෙන් සහ ත්‍රස්තවාදයෙන්(ත්‍රස්තවාදය පරාජය කළද ජාතිවාදය පරාජය කිරීමට අපට නොහැකි විය) අනේක පීඩාවන්ට පත්වු රටක ඒකියත්වයට සහ ජාතිකත්වයට වඩා ඊනියා යහපාලනයක් විශේෂයෙන්ම සිංහලයන්ට වැදගත් විය. (විශේෂයෙන්ම මධ්‍යම පන්තියට සහ බටහිර දැනුමේ අනුකාරකයන්ට) ලැම්බෝගිනිවලින්, රත්තරං අශ්වයන්ගෙන්, හෙලිකොප්ටර් වලින් සමාන්‍ය ජනයාගේද මුණු පොතේ බහුතර නොදරුවන්ගේද දැඩි මහින්ද විරෝධයක් ඇති කළේය. නීතියේ ස්වාධිපත්‍ය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන සදාචාරය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, රෙජිමය වෙනස් කිරීම, මෙගා දුෂණ, සංඛ්‍යා ලේඛන වාර්තා ආදි දහසකුත් කතා මගින් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේද බටහිර දැනුම වන්දනාමාන කරන සාමාන්‍ය උගතුන් ආදීන් තුලද මහින්ද විරෝධයක් ඇති කළේය. රටෙහි ඒකියත්වයද ජාතිකත්වයද පසෙක දමා දෙමළ ජාතිවාදීන්, මුස්ලිම් ජාතිවාදීන් බටහිර රූකඩ දේශපාලකයින් සිංහල බෞද්ධ විරෝධීන් ආදීන් සමග මහින්ද එලවීමට අත්වැල් බැදගත්හ. ඒ දේශද්‍රෝහී රැල වෙනුවෙන් පෙනී සිටීම සිදු කළහ. විශේෂයෙන් සැලකිය යුතු සිංහල බෞද්ධ පිරිසකගේ දේශපාලනික ළදරු මනස් ගොබෙල්ස්සියානු තියරියට සහ යහපාලන තුරැම්පුවට අසුවී මහින්දව අතුගා දැමීමේ නාමයෙන් දේශපාලන තලයෙන් ජාතිකත්වය අතුගා දැමීමට ඡන්දය ප්‍රකශ කළහ. අදටත් ඔවුන් කළේ කුමක්දැයි අවබෝධ වී ඇතැයි සිතිය නොහැක.
ඒ කෙසේ හෝ අද නැවතත් රටෙහි ජාතිකත්වයද ඒකියත්වයද දුර්වල වී ඇත. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා,සම්බන්ධන්ලා, රනිල්ලා, චන්ද්‍රිකාලා දේශපාලන තලයේ බෙදුම්වාදය සදහා පාර කපමින් සිටී. සන්නස්ගලලා ආදී දහසකුත් පඩියෝ සිංහල බෞද්ධ විරෝධී මතවාද ජනමාධ්‍ය ඇතුලු බොහෝ තැන්හි සමාජ ගතකිරීමට අවස්ථාව සලසාගෙන ඇත. කෙසේ හෝ විග්නේෂ්වරන්ලා මේ අතගසා ඇත්තේ බෙදුම්වාදය සදහා වු මුලික පියවර වලටය. ඔවුන්ට ඇමෙරිකාවේද එංගලන්තයේද මානව හිමිකම් කවුන්ලයේද පුර්ණ සහයෝගය හිමි වනු ඇත. වචනයෙන් ප්‍රකාශ නොකළද රනිල් -චන්ද්‍රිකා සංයෝගය ඒ සදහා රජයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැනටමත් විධායක අගමැති ලෙස හැසිරෙන රනිල්ට අවශ්‍ය පරිදි හැසිරෙමින් සිටියි. සන්නස්ගලලා වියන්ගොඩලා නිර්මාල් රංජිත්ලා මේ සියලු ක්‍රියා ලොකු දේශපාලන වචන හරඹයකින් සාධාරණීකරණය කරනු ඇත. මේ සියලුදෙනා තවත් ඉදිරියට ගියහොත් රට බෙදා වෙන්වීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණී. රටෙන් කෑල්ලක් කඩා වෙන්කරගෙන සිංහලයන්ට දෙකොනින් හිනා වී තම තමන්ගේ දේශපාලයන් මතවාදයන් දීනු බවට උදම් අනනු ඇත. ජාතිවාදී විසෙන් දෙකඩ කොට වෙන්කරන ලද රටක බෙදුම්වාදී ජාතිවාදය තස්ත්‍රවාදයක් දක්වා වර්ධනය වී දහස් ගණනකගේ ජීවිත අහිමි වීම බෙදුම්වාදී නඩය හුදු තම ආත්මාර්ථය සදහා බලෙන් අමතක කර දමා ඇත.
මෛත්‍රීපාලට ජන්දය දුන් බොහොමයක් අයට මේ පිලිබදව අවබෝධයක් නැති බව පෙනෙන්නට ඇත. දුෂණ චංචා ඇල්ලීම, යහපාලනය ආදියෙන් ඇස් නිලංකාර වී ඇති ඔවුනට විග්නේෂ්වරන්ලාගේ දේශපාලනය පෙනෙන්නේ නැත. ඒ බව පෙනෙන කිහිප දෙනා නිහඩව සිටින්නේ කුහකකම නිසාවෙනි. රට බෙදනවට අපිත් විරැද්ධයි එහෙම උනොත් අපිත් පාරට බහිනවා කෝ තාම එහෙම එකක් පෙන්න නෑනේ මෛත්‍රිට ඡන්දය දුන් බොහෝ දෙනාගේ පිලිතුරය. රටක් බෙදනවා යනු ඉඩම් කට්ටි කිරීමක් වැනි පොඩි දෙයක් ලෙසත් ඒ සදහා වසර ගණනාවක දේශපාලනික වුද මතවාදී වුද ක්‍රියාමාර්ග නැති බවත් සිතන්නට තරම් ඔවුන් අද බාල ද නැත්නම් රටෙහි ඒකියත්වය තුට්ටුවකටවත් මායිම් නොකරන්නේද යන්නත් මේ ලබා දෙන පිලිතුර අනුව විමසා බැලිය යුතුය.
-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

සිරිසේන දැන් ඉන්දියානු සිරකරුවෙකි.
ReplyDeleteසිරිසේන දැන් ඉන්දියානු සිරකරුවෙකි.
ReplyDelete