2/26/2015

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය

කතෘ:යුතුකම     2/26/2015   No comments

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මාර්තුවේදී ජෙනීවා සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ වාර්තාව සැප්තැම්බරයට කල් දැමීම පිළිබඳ විවිධ කතා දේශපාලන ක්‍ෂෙත්‍රයෙහි අසන්නට ලැබෙයි. ප්‍රධාන වශයෙන්ම එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට සම්බන්ධ භික්‍ෂූන් වහන්සේලා අරලිය ගහ මන්දිරයට වඩම්මවා රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ මානව අයිතිවාසිකම් කොමිසම ස්වෙච්ඡාවෙන්ම වාර්තාව ඉදිරිපත් කිරීම මාර්තුවේ සිට සැප්තැම්බරය දක්වා කල් දමා ඇති බවය.

දේශපාලනයේදී බොරු කීම සාමාන්‍යය වෙයි. එහෙත් වාර්තාව කල් දැමීම ගැන අපිද කාලයක සිට කතා කළෙමු. එය කල් දමන බව අපි ඒ දිනවලම කීවෙමු. (ජෙනීවා මානව හිමිකම් වාර්තාව කල් දමයි ලිපිය හා තවත් ලිපි කියවන්න) අපට ලැබුණු තොරතුරු අනුව ජයන්ත ධනපාල පසුගිය මාසයක පමණ කාලයක් එය කල් දමා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත. සමහර විට ඒ සාකච්ඡා ගැන රනිල් වික්‍රසිංහ නොදැන සිටින්නට ඇත! මංගල සමරවීර නම් මේ සම්බන්ධව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජොන් කෙරී සමග ඒ ගැන කතා කරන්නට නැත. මංගල කතා කරනු තබා තම ස්වාමියා සමග එකට හිටගෙන සිටියේත් මහත් අපහසුවෙනි. සිංගප්පූරුවේ විදේශ ඇමති සමග විහිළු තහළු කළ මංගල කෙනකු කෙරී ඉදිරියේ දැක ගත නොහැකි විය. එසේ වුවත් මංගලද වෙනත් අය සමග ඒ ගැන කතාකර ඇති බව පැහැදිලිය. ඔවුන් ඒ සාකච්ඡා ගැන රනිල්ට නොකියන්නේ ඇයිද යන ප්‍රශ්නය නම් නොඅසා සිටීමට නොහැකිය. රනිල් ඇත්ත කියන පුද්ගලයෙකි

ඒ කුමක් වුවත් ලංකාවේ ඉල්ලීමට බටහිරයන් එකඟ වී වාර්තාව ගෙන ඒම මාස හයකින් කල්දමා ඇති බව පැහැදිලිය. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී එ ජා පක්‍ෂයට වාසි ලබා ගැනීමටය. එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තියේ හොඳකම නිසාම එය කල් දැමුණු බව රනිල්ට පැවසිය හැකිය. එහෙත් එය කල් දැමුවේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත් වීමට ලංකාණ්ඩුව එකඟවූ බැවිනි. ආණ්ඩුව ඒ බව ප්‍රතික්‍ෂෙප කරනු ඇත.

මේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය එතැනින් නොනවතින බවද අපි කීවෙමු. එය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකින්ම කෙළවර වනු ඇත. අද මේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් අතර ප්‍රධාන වශයෙන් මත දෙකක් ඇත. සුමන්තිරන් (ඔහුට අනුව ඔහු සමාජවාදියෙකි) ඇතුළු පිරිසක් කියා සිටින්නේ හුදු අභ්‍යන්තර පරීක්‍ෂණයක් ප්‍රමාණවත් නොවන බවය. ඔවුන්ට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂකයන් (විනිශ්චයකරුවන්)ද එයට සහභාගි කරවා ගැනීමට අවශ්‍ය වෙයි. එහෙත් විසුරුණු දෙමළ ජනයා එයටද අකමැති වෙති. ඔවුන්ට අවශ්‍ය වනුයේ මුළුමනින් ම ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීම ගැන විරුද්ධ වෙති. අප කලින් ලිපියක සඳහන් කළ පරිදිම බටහිර රටවල් විසිරුණු දෙමළ ජනයාට කන් නොදී වාර්තාව ගෙන ඒම කල් දැමීමෙන් පෙන්නුම් කරන්නේ බටහිර රටවල් විසුරුණු දෙමළ ජනයාට අවශ්‍ය ආකාරයෙන්ම කටයුතු නොකරන බවය.

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය යාපනය විශ්වවිද්‍යාලයේ සිට නල්ලුර් කෝවිල දක්වා ගමන් ගෙන ඇත්තේ වාර්තාව කල් දැමීමට විරෝධය පෑමටත් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර කොමිසමක් ලබා ගැනීමටත්ය. රනිල්ට අනුව රායප්පු ජෝසෆ්ලා ජාතිවාදියෝ නොවෙති. ඔහුට අනුව ජාතිවාදීන් ඇත්තේ සිංහලයන් අතරය. රායප්පු ජාතිවාදයකු යැයි කිවහොත් බටහිරයන් හා ඔවුන් විසින් නඩත්තු කෙරෙන කසිකබල් පඬියන් ආණ්ඩුවට විරුද්ධ වනු ඇත. රායප්පු දේශප්‍රේමියෙකි! ඔහුට ජාතිවාදියා යැයි කියන්නෝම පමණක් ජාතිවාදීහු වෙති.

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය අද අමතක කෙරෙනු ඇත. එහෙත් නොබෝ කලකින් මැතිවරණයක් පවත්වා එ ජා පක්‍ෂය බලයට පත්වුවහොත් මේ වසර අවසාන වන විට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වෙනු ඇත. රායප්පු ක්‍රියා කරන්නේ ඒ වෙනුවෙනි. ඇතැම් විට මේ සියල්ල තීර නාටකයකට අනුව සිදුවනවා ද විය හැකිය. බටහිරයන්ටද දෙමළ ජාතිවාදීන්ටද පඬියන්ටද රනිල්ලාටද නින්ද යන්නේ මහින්ද හා ගෝඨාභය දංගෙඩියට දැක්කවීමෙන් පසුවය.

- නලින් ද සිල්වා


නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions