2/12/2015

මහින්ද පැරැද්දුවේ ඉන්දීය RAW ඔත්තු සේවයද?

කතෘ:යුතුකම     2/12/2015   3 comments

ඉන්දීය THE HINDU පුවත් අඩවිය ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණය අරභායා පලකල Indian spy's role alleged in Sri Lankan President's election defeat ” ලිපියේ සිංහල පරිවර්තනය "යුතුකම" මෙලෙස ඔබ වෙත ගෙන එයි.
 
ඉන්දියානු ඔත්තු සේවා මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට කටයුතු කර ඇති බව කියනු ලැබේ..

ජනාධිපතිවරණයට පෙර ,ඉන්දියානු ඔත්තු සේවා නිලධාරියෙකු පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති අතර චෝදනාව වනුයේ, ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමට විපක්ෂය සමග කුමන්ත්‍රණය කිරීමයි.

ඉන්දියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් “පිටුවහල් කිරීමේ” සිද්ධියක් සිදුවූ බව ප්‍රතික්ෂේප කල අතර, මෙම මාරුවට හේතුව සාමාන්‍යයෙන් කාලනුරුපිව සිදුවන ස්ථාන මාරුවක් බවයි.රොයිටර් පුවත් සේවය වාර්තාකරණ ආකාරයට , රාජපක්ෂ මහතා මැතිවරණයෙන් ජනවාරි අට වෙනිදා පරාජය වී සිය ධුරයෙන් පහ කරන ලදී. ප්‍රකාශකයා තවදුරටත් පවසන ලද්දේ , ඔහු සියලු තොරතුරු සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටියත්, කොළඹ නව රජය ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ, ඔවුන් මෙම වාර්තා පිලිබදව දැනුවත් බව සහ තවමත් නිශ්චිත තොරතුරක් පැවසීමට නොහැකි බවත් ය.


එනමුත්, කොළඹ සහ නවදිල්ලියේ වෙනත් ආරංචි මාර්ග කීපයකින් වාර්තා වන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීමට මග පාදමින් සහ ඉන් අනතුරුව ඔහුට අවශ්‍ය සහයෝගය ලබාගැනීමට අවශ්‍ය කටයුතුවලට සහයෝගය දැක්වීම නිසා , මෙම රහස් ඔත්තු සේවා නිලධාරියා නැවත කදවා ගන්නා ලෙස ඉන්දියාවට දෙසැම්බර් මස එවකට පැවති රජය විසින් දන්වා ඇති බවයි.

ශ්‍රි ලංකාවේ ප්‍රකාශයට පත්වන සන්ඩේ ටයිම්ස් පුවත්පත, දෙසැම්බර් 28 වෙනි දින පවසන්නේ . “ පොදු අපේක්ෂකයා සමග සම්බන්ධකම් පැවැත්වීම නිසා “රෝ” ඔත්තුසේවා අංශ ප්‍රධානියා ට කොළඹ තම රැකියාව අහිමිවෙයි.” යන්නයි.

ඉන්දියාව බොහෝ අවස්ථාවල මෙම කුඩා දුපත් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම දක්නට ලැබේ - 1987 දී ඉන්දියාව විසින් තම හමුදා රජය සහ දෙමල
ත්‍රස්ත්‍රවාදින් අතර අසාර්ථක සාමසාධක මෙහෙයුමක් සදහා පිටත්කර යැවිය.

ඉන්දියාවේ කලාපිය අභියෝගය වන චීනය සමග මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවාදී ප්‍රතිපත්තිය , ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ බලපෑම අවම වී යාමට හේතු වීම ගැන ඉන්දියාවේ ගොඩනැගිමින් පැවති අවධානය සහ , ධුරකාල දෙකකට පසු සිදුවූ රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තු නොවුන පරාජය, යන සිද්ධීන් දෙක අතර සහ සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට ඇත.

මෙම අවධානය අනතුරුදායි සංඥාවක් දක්වා වර්ධනය වීමට බලපාන ලද්දේ රාජපක්ෂ මහතා විසින් චීන සබ්මැරින් කිහිපයකට , ඉන්දියාවට දැනුම්දීමක් සිදු නොකර කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ඉඩ ලබා දීමයි.
නව ජනාධිපති සිරිසේන මහතා, තම පළමු විදේශ සංචාරය ලෙස ලබන මස ඉන්දියාවේ සංචාරය කරනු ලබන බවත්, ඉන්දියාව තමාගේ විදේශ ප්‍රතිපත්තියේ “ පළමු හා ප්‍රධාන සැලකිල්ල” බවත් ප්‍රකාශ කර ඇත.

ඉන්දියානු නිලධාරියෙක් පවසන ලද්දේ,පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සදහා ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් බිදී විසිරි ඇති විපක්ෂයේ පක්ෂ එකග කරවා ගැනීමට ක්‍රියා කරන ලදැයි චෝදනා ලැබ “රෝ” ඔත්තු සේවා ඒජන්තයෙක් නැවත කැදවන ලද බවයි. තවදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ එම ඔත්තුසේවා ඒජන්තයා ලද ඊලග චෝදනාව වන්නේ , මහින්ද රාජපක්ෂ මහතා ගේ රජයෙන් වෙන් වී යෑම උදෙසා සිරිසේන මහතා ඇතුළු නීති සම්පාදකයන්ගේ හමුවීම් උදෙසා පහසුකම් සපයන ලද බවයි.

මෙම රහස් ඔත්තු සේවා ඒජන්තවරයා ලද තවත් චෝදනාවක් ලෙස  එම නිලධාරියා තවදුරටත් පවසන ලද්දේ, රනිල් වික්‍රමසිංහ මහතා ජන්දයට ඉදිරිපත් නොවන ලෙස, සහ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයෙකුට අවස්ථාව ලබාදීමට ඒ මහතා එකග කර ගනු ලැබුවේය යන්නයි. මේ අදහසම ඉන්දියාව හා සමීප සබදකම් ඇති ශ්‍රී ලංකාවේ නීති සම්පාදකයෙකු ද පවසන ලදී.

මෙම චෝදනා ලැබූ ඔත්තු සේවා ඒජන්තවරයා, සිරිසේන මහතා ව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට එත්තුගැන්වීමට සුවිශේෂ කාර්යයක් ඉටුකරනු ලැබූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගද සමීප සම්බන්ධතා පැවැත්වූ බව එම නිලධාරියා සහ නීති සම්පාදකවරයා පවසනු ලැබිය. එලෙසම ඔහුව පිටත්ව යන ලෙස දැන්වූ බවද ඔවුන් විසින් තහවරු කරන ලදී.

මෙම නීති සම්පාදකයා රොයිටර් පුවත් සේවයට පවසන ලද්දේ “ ඔවුන් ක්‍රියාශීලි ලෙස සම්බන්ධ උනා, චන්ද්‍රිකා එක්ක කථා කරලා, දේවල් සැලසුම් කරලා , රනිල් එක්ක කථා කරලා..”

"Certain things you don't talk about"
“ සමහර දේවල් තියනව ඔබ කථා නොකළ යුතු”

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රකාශකයා පවසන ලද්දේ “ ජන්දයට මාස කීපයකට පෙර වික්‍රමසිංහ මහතා “ඒජන්තයෙක්” ලෙස හදුන්වා දෙනු ලැබූ පුද්ගලයෙකුව මුණ ගැසුන බවයි.එලෙසම ඔහු ඉන්දියානු මහා කොමසාරිස් වරයාද හමුවූ බව අග්‍රාමාත්‍ය ප්‍රකාශකයා පවසා සිටියේය.

“ ඔවුන් සාකච්චා කරනු ලැබුයේ වර්තමාන දේශපාලන තත්වයයි” යයි අග්‍රාමාත්‍ය ප්‍රකාශක පවසා සිටියේය. නමුත් ඉන්දියානුවා රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දුන් බව ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු වෙනත් දේශපාලකයන්ට උපදෙස් දුන්නේද යන වග වික්‍රමසිංහ මහතා දැනුවත්ව නොසිටි බවද ඔහු ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ මහතා තමන් මුණ ගැසෙන්නේ රහස් ඔත්තු කරුවකු බව මෙම හමුවීම තුලදී දැන සිටියාද යන්න පැහැදිලි නැත. වෙනත් රටවල ඔත්තුසේවා මෙහෙයුම් වල නිරත වීමේ දී , ඉන්දියාවේ“රෝ” ඔත්තුකරුවන් ට සාමාන්‍යයෙන් විදේශ සේවා නිලධාරි තනතුරු ලබාදෙනු ලැබේ.

හිටපු ජනදිපතිනි කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කලද ඇය එයට ප්‍රතිචාර නොදැක්විය.

රාජපක්ෂ මහතා ද තමාට විරුද්ධව ඉන්දියාව තම ජන්ද ව්‍යාපාරය තුල කටයුතු කල බව තහවුරු කිරීම ප්‍රතිෂේප කළේය.

“ මම දන්නේ නැ, නියම තොරතුරු ලැබෙනකම් මම කිසිවෙකුත් සැක කරන්නේ නැ.” යයි ඔහු ඔහුගේ පක්ෂ මුලස්ථානයේදී පැවසිය.

රාජපක්ෂ පවුලට සමීප අයෙක් පවසා සිටියේ, “සමහර දේවල් තියනව අපි කථා නොකරන, ඒ උනත් නිශ්චිත සලකුණු තියනවා විදේශ කණ්ඩායම් වල මැදිහත්වීම් ගැන ජන්ද ව්‍යාපාරයට” යනුවෙනුයි.

ඉන්දියානු නිලධාරියා තව දුරටත් කියා සිටියේ, පසුගිය නොවැම්බර් මාසයේ ඉන්දියානු ආරක්ෂක උපදේශක,අජිට්දොවාල් ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක සමුළුවකට සහභාගිවූ අවස්ථාවේදී, එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ධුරය දැරූ පසුගිය ජනාධිපතිවරයා ගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ඔතතු කරුවා ගේ ක්‍රියාකාරකම් පිලිබදව ආජිත්දොවාල් මහතාට පැමිණිලි කල බවයි.

කලාපයේ ආරක්ෂක තත්වය විමර්ශනය කරන තවත් ඉන්දියානු නිලධාරියෙකු පැවසුයේ හත් වරක් තම ධුර කාලය තුලදී චීනයේ සංචාරය කල රාජපක්ෂ මහතා යටතේ, ශ්‍රී ලංකාව තුල චීනයේ ක්‍රියාකාරිත්වය සහ අති විශාල ආයෝජන සිදුවන ආකාරය පිලිබදව නවදිල්ලිය ඉතා අවධානයෙන් පසුවූ බවයි.

නමුත් ඉන්දියාව පුදුමයට සහ කෝපයට පත්කළ කාරණාව වුයේ චීන සබ්මැරින් අවස්ථා දෙකකදී ශ්‍රිලංකාවේ නැංගුරම් ලෑමයි.මෙය ඉන්දියාව දුටුවේ , බිජිංහි“ මුතුඇට මාලය” හෙවත් තම බලය ඉන්දියානු සාගර කලාපයේ ස්ථාපිත කරගැනීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙසයි.

“සබ්මැරීන් තමා හැරවුම් ලක්ෂය ඉන්දු ලංකා සම්බන්ධතා වල, විශාල කෝපයක් ඇතිකළ සිද්ධිය” යනුවෙන් එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

ඉන්දියානු ආරක්ෂක නිලධාරින් කියා කසිටියේ මෙවැනි වරාය ක්‍රියාකාරිත්වයන් තම අසල්වැසියන්ට දැනුම් දීමට ශ්‍රී ලංකාව බැදී සිටන බව , නවදිල්ලිය මතක් කර දුන් බවයි. ඒ සමගම අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මේ බව මහින්ද රාජපක්ෂ මහතා සමග නිව්යෝර්ක් නුවර හමුවූ විට කියා සිටී බවද ඔවුන් පැවසිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඉන්දිය නියෝජිතයා , මහකොමසාරිස් වයි. කේ සිංහා මහතා, ජන්ද ප්‍රතිපල නිකුත් වූ ජනවාරි 9 දිනම,සියල්ලන්ටම පෙර නව ජනාධිපති සිරිසේන මහතාට මල් කලබක් පිරිනමා සුභපැතුම් එක කලේ එය පක්ෂපාතිත්වය වෙනස් වීමේ සලකුණක් යයි සිතිය හැකි පරිද්දෙනි. චීන තානාපතිතුමට නව ජනාදිපතිවරයා මුණගැසීමට හැකිවුයේ දින 6 කට පසුවයි.

The Hindu වාර්ථාව මෙතනින් කිවන්න.


- යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. විමලසේන2/12/2015 11:21 AM

    අපි කවදා නම් නිදහස දිනා ගනිමුද?

    ReplyDelete
  2. Indian imperialists directly involved in island politics in 1951 when Indian imperialists funded and set the agenda for Solomon West Ridgeway Dias Bandaranaike to leave the then government and form SLFP. Freedom from whom? Banda destroyed the emerging Sinhala (all non Indians) freedom and development of the Sinhalese and the country. Since then Indian colonial parasites have become the king makers of the island.

    ReplyDelete
  3. Research and Analysis Wing (RAW) is the international name, but for Indians who are involved and agents it is known as the Third Eye. The Third Eye of India is the worlds most secretive and ruthless intelligence service in the world. It was alleged to have been formed by Bose, Nehru and Mohandas long before the dissolution of the British-Indian Empire and the birth of the Indian Empire. During the WWII it was active in the Far Eastern war front. It was also active in the Socialists movements in Western countries. Third Eye is heavily involved in Indian colonies from Fiji to Guyana.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions