2/15/2015

ශ්‍රී ලංකාව අරාජිකත්වයේ පාමුළ ?

කතෘ:යුතුකම     2/15/2015   5 comments


වත්මන් ආණ්ඩු සභාගයේ තිබෙන පිරිමැසිය නොහැකි න්‍යාය පරස්පරතා ඉතා නුදුරේ දීම ශ්‍රි ලංකාව අත්කරගෙන තිබෙන ආරක්‍ෂක හා ආර්ථික ජයග්‍රහණ ආපසු හැරවිය හැකි මට්ටම දක්වා පැතිර යාමේ අවදානමක් මතු ව තිබේ. විශේෂයෙන් ම දැනට න්‍යායික මට්මේ පවතින පතුල නොපෙනෙනෙ තරම් වන පරස්පරතා පූර්ණ ප්‍රාගෝගික ක්‍රියාමාර්ග දක්වා වර්ධනය වුවහොත් කෙනෙකු සිතනවාට වඩා අසුභවාදී විපාක ජාතියට රැගෙන එනු නියත ය.... එජාපය, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ජාතික සංධානය, කුඩා අන්ත වාංමාංශික පක්‍ෂ, වාමාංශික ඇකඩමික් කණ්ඩායම් යන මේවා කිසි දිනෙක එක් ව තබා ගෙන ජාතික සංවර්ධන ඉලක්ක පසුපස හඹා යත හැකි නොවේ. ඔවුන් උඩට පහළට දිගට හරහට ජාතික රාජ්‍ය අදිනු ඇත. යාන්තම් නැගී එන සංවර්ධනයේ ලංකාව වන් තැනක තිබෙන රටකට ප්‍රබල න්‍යෂ්ටියක් නැති එවැනි අරාජික සංධාන විනාශකාරී ය.

මහතිර් මොහොමඩ් මැලේසියාව අද තිබෙන තැනට ඔසවා තැබීමේ දී ද ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම්, දූෂණය වැනි මහින්ද මුහුණ දුන් තරමේ අභියෝගවලට මුහුණ පෑවේ ය. මහතිර්ගේ ම මුදල් ඇමතිවරයා වන අන්වර් ඊබ්‍රහිම් යොදා ගනිමින් රට ආපස්සට හැරවීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් උත්සාහ කළ ද ශ්‍රී ලංකිකයින් මෙන් මැලේසියානු ජනතාව කුමන්ත්‍රණයට හසු වූයේ නැත. බැරී වේන් (2010) මහතිර්ගේ චරිතාපදානය ලියමින් මෙසේ ලියයි: නැගී ආ ජීවන මට්ටම, ආචාර්ය මහතිර්ගේ රුව සහිත ගොඩනැගිලි හා මැලේසියානු ජාතික අභිලාෂයන් නොවළහා ආරක්‍ෂා කිරීම වැනි දෙය ඒ තාක් රට තුළ නොවූ විරූ ජාතික අනන්‍යතාවක්, ප්‍රෞඩබවක් හා ආත්ම විස්වාසයක් ජනිත කළේ ය. ඔහු මැලේසියාව, ලෝක සිතියම මත, බොහෝ මැලේසියානුවන් ආදරය කරන තැනක ස්ථාපනය කළේ ය. මහින්ද රාජපක්‍ෂ කළේ ද මෙය නොවේ ද?

ගැඹුරු දේශපාලන පරස්පරතා නිදහසින් පසු වසර 60 තුළ ම ලංකාව තුළ පැවතුණි. විශේෂයෙන් ම ජේ ආර්, ප්‍රේමදස හා චන්ද්‍රිකා යුගවල දී රට එක් දිශානතියක් කරා යොමු කොට බෙදුම්වාදය පරාජය කළ නොහැකි වූයේ එකී පරස්පරතා අතික්‍රමණය කළ නොහැකි නායකත්වයක් රට තුළ නොතිබූ නිසා ය. එහෙත්, බෙදුම්වාදය පරාජය කිරීමට ද ඉන් පසු ව රට දැවැන්ත සංවර්ධන ඉලක්ක වෙත රැගෙන යාමට ද මහින්දට හැකි වූයේ මෙකී විනාශකාරී පරස්පරතා ජාතික රාජ්‍ය ඒකකයට හානි නොකරණ දුරක තැබීමට ඔහු සමත් වීම නිසා ය. මහින්ද සියළු දෘෂ්ටිවාද එක් තැනකට ගොනුකරමින් ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ අර්ථයෙන් ‘ඉතිහාසය අවසන් කළේ ය’. එහෙත්, මහින්දගෙන් පසු බලය ගත්තේ ඔහුගේ දෘෂ්ටිවාදයට කට්ටි පනිමින් සිටි මෙරට සමාජ-සංස්කෘතික මූලයන්ගෙන් බහිෂ්කරණය වූ ආන්තික (marginalized) පිරිසකි. ලාංකේය ඓතිහාසික මුල් තමා විසින් ම සිඳ ගැනීම හේතුවෙන්‍ මහින්ද තන්ත්‍රය තුළට පෑහීමට නොහැකි ව කලක් ස්වයංකොන්කරණයකට පත්ව සිටීම නිසා ම ඇති කරගත් මහින්දට එරෙහි ජන්මාන්තර වෛරය මෙම කණ්ඩායමේ පොදු දේශපාලන අවිය විය. එජාප, ජවිප, හා හෙළ උරුමයට අයත් බහුතර පොදු ජන ඡන්ද දායකයා තම නායකයින් සේ මෙවන් ආන්තික මනෝභාවයන් සිය කැමැත්තෙන් දරණු නොපෙනේ. එහෙත්, තම නායකයින්ගේ කියුම් කෙරුම් හා සමපාත වීමට සිදුවීම නිසා ඔහු වත්මනෙහි සිටින්නේ දැඩි අනන්‍යතා අර්බුදයක ය.

පුද්ගලික අනන්‍යතා අර්බුද මෙසේ දිස්වන විට සාමූහික වශයෙන් වන අනන්‍යතා අර්බුදයකට ද හංස පාක්‍ෂිකයින් දැන් මුහුණ දී තිබේ. ඒ මහින්දට සාපේක්‍ෂ ව තමා ගොඩ නැගීම හේතුවෙන් මහින්ද නැති තැන තමා යනු ඇත්ත වශයෙන් ම කවුදැයි තමන්ට ම හඳුනා ගැනීමේ දැවැන්ත අභියෝගයයි. රන්ජන් රාමනායක, වසන්ත සමරසිංහ වැනි නොමේරූ මන්ත්‍රීවරුන්ගේ ‘හොරු ඇල්ලීමේ මෙහෙයුම්’ හරහා හංස සංධානය ඉටුකර ගනිමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොරු අල්ලා ගැනීමේ කාර්යක් නොව ‘තමා අල්ලා ගැනීමේ’ කාර්යයි, එනම් තමා කවුදැයි හඳුනා ගැනීමේ කාර්යයි. සියළු පාපයන්ට වග කිවයුත්තා මහින්ද බවත් එනිසා ඔහු අත් අඩංගුවට ගතයුතු බවත් කියමින් ඇතැම් ඇමැතිවරුන් තවදුරටත් මහින්දට එරෙහි වෛරය වැපිරීමට උත්සාහ ගන්නේ ද තම සන්ධානය නුඳුරේ දී ම කැඩී බිඳී යතැයි යන බිය නිසා ය.

පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාවලිය මදක් නිරීක්‍ෂණය කිරීමෙන් පවතින සභාගයේ අභ්‍යන්තර පරස්පර මනාව දත හැකි ය. උදාහරණයක් ලෙස මැතිවරණ සමයේ දැඩි විවේචනයට ලක් වූ මහින්දගේ පෝර්ටි සිටි පිළිබඳ කැබිනට් ප්‍රකාශකවරයා එකක් කියන විට අගමැතිවරයා පාර්ලීමේන්තුවේ දී අනෙකක් කියන්නේ ය. ජවිප නායක අනුර කුමාර කියන්නේ තෙවැනි කතාවකි. ඇමති අර්ජුන රණතුංග සිව්වැන්නකි. ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයාට අනුව වත්මනෙහි එවැනි ව්‍යාපෘථියක් මෙසිරිලක පවතින්නේ ම නැත. හෙළ උරුමය මේ පිළිබඳ හඬ ඇසෙන තරම් නිහඬ ය. තවත් සටන් පාඨයක් වූයේ හොරු, කුඩුකාරයින් හා එතනෝල්කරුවන් ය. එසේ සිටිතැයි කියන වුන් අඩංගුවට ගන්නැයි රංජන් රාමනායක, හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අය දිනපතා මාධ්‍ය හමුවේ දෙස් දෙවොල් තබති. එහෙත් රජය කරවන කිසිවෙකු මෙම ප්‍රකාශ බැරෑරුම් ඒවා ලෙස සලකන බවක් නොපෙනේ. මේ අතර, මෛත්‍රීපාල සිරිසේන ජනපතිකරවීම සඳහා සුවිසල් සේවයක් කළ දෙමළ සංධානය උතුරේ සිට ලංකා රාජ්‍යයට එරෙහි ව සමූල ඝාතක චෝදනා අඩංගු ප්‍රඥප්තියක් සම්මත කරගන්නා විට රාජිත ඇමැතිවරයා එය විවේචනය කරනු පෙනේ. තව බොහෝ පරස්පරතා ය. ප්‍රශ්නය වන්නේ මෙවන් තත්වයක දී, කුමන පාර්ශවය නියෝජනය කරන මතය රජයේ මතය ලෙස ගන්නේ ද යන ගැටළුවයි. උදා; ලෙස වරාය නගර ගැටළුවේ දී අප අත්පොළසන් දිය යුත්තේ රාජිත ඇමැතිවරයාට ද අගමැතිවරයාට ද? සමූල ඝාතක ප්‍රඥප්තිය හමුවේ උතුරු පළාත් ජනයා විසින් පිළිගත යුත්තේ තමාගේ පළාත් සභාව ද එසේත් නැතිනම් තමා විසින් පත්කළ ජනාධිපතිවරයා ද?

මේ අතර, කරලියට නොපැමිණිය ද සැඟ වී තිබී එළියට ඒමට නියමිත පරස්පරතා ද බොහෝ ය. එක්සත් ජාතික පක්‍ෂය නවලිබරල් ය. ජවිපය හා මෙම රජය පත්කිරීමට දර දිය අදින හා ඇදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය වැනි සංවිධාන වාමාංශික බව කියවේ. (වත්මන් ජවිපය වාමාංශික ද දක්‍ෂිණාංශික ද යන්න නිශ්චිත ව කිව නොහැකි ය. අධීරාජ්‍යවාදී ඇමරිකාවට එරෙහි ව තිබෙන එකම විකල්ප කඳවුර වන චීනය හා රුසියාව ජවිපයට නයාට අඳු කොල සේ පෙනීම මෙම සැකයට හේතුවයි. වසන්ත සමරසිංහ රුසියානු තානාපති කාර්යාල භූමියට එරෙහි ව රන්ජන් රාමනායක භූමිකාව කරන අතර අනුර කුමාර චීන පෝර්ටි සිටිය කෙසේ හෝ වළකන බවට සපත කරයි). මෙවන් පසුබිමක ජවිපය වැනි පක්‍ෂ සාම්ප්‍රදායික ව පුද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි ය. එහෙත් නවලිබරල් එජාපය මෙම මතයේ නැත. ඔවුන් ශ්‍රිලනිප රජය ඉක්මවා පුද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නියමිත ය. පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා වත්මන් රජය මහින්දට වඩා රුපියල් බිලියනක් පමණක් වෙන් කොට අධ්‍යාපනයට “සියයට 6 ක් ක්‍රමානුකූලව” දෙන බව කියූ දේශපාලන පොරොන්දුවට ෆූටා වැනි සංවිධාන මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් උත්මාචාර වෙඩිමුර පවත්වන විට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සියයට 6 සටනට කණේ පහරක් ගසමින් මේතාක් නොවූ විරූ ලෙස පාසැල්වල මුදල් එකතු කිරීමට නෛතික බලයක් ලබා දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මේ මසක් වැනි ඉතා කෙටි කලක් තුළ මතු ව ආ පරස්පරතා පිළිබඳ රට ම දන්නා කාරණා ය. එහෙත් මේ වන විට සැලසුම් කරමින් යන තවදුරටත් විදේශ ණය ලබා ගැනීම් වැනි එකී නොකී බොහෝ කාරණා කරලියට ඒමට නියමිත ව තිබේ. හෙළ උරුම නායකයින් විසින් සැදූ ‘ඒක පුද්ගල ණය උගුල’ සියයට සියයකින් ම වැඩි කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවේ.

මේ අතර, රුපියල් 350 ක සහතික මිලක් නියම කළ රබර් මිල දැන් මහින්ද රජයේ 300 න්ද බැස 220 වී තිබේ. රුපියල් 80 සහතික මිලක් නියම කළ තේ දළු කිලෝවක මිල රුපියල් 55 කි. ඩීසල් හා පෙට්‍රල් මිල අඩු වූව ද එළවලු හා සෙසු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වූයේ නැත (කොත්තමල්ලි හා උඳු වැනි දෙය අපගේ සාමාන්‍ය ගොසරි ලැයිස්තුවේ නැත) සහල් මිල එන්න එන්න ම වැඩි වෙමින් තිබෙනු පෙනේ. මේ අතර, සරදියෙල් වැනි බදු ප්‍රතිපත්ති, ආර්ථික කළමනාකරණ දුබලතා හා ඉදිරියේ දී අපේක්‍ෂිත අස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොල ද කඩා වැටෙමින් තිබේ. මේ සියල්ල ම නිසා මහා පරිමාණ විදේශ ආයෝජන ලංකාවට පැමිණීම පිළිබඳ නව සැක සංකා මතු වෙමින් තිබේ.


මේ සිදු වෙමින් තිබෙන්නේ අප විසින් ඉහත සාකච්ඡා කරන ලද න්‍යාය පරස්පරතා කෙමෙන් ප්‍රායෝගික තලයට සේන්දු වීමේ මූලික සලකුණු නොවේ ද ? ශ්‍රී ලංකාව පිළිබඳ ජාතික හැඟීමක් නොමැති පුද්ගලයින්ගේ ක්‍රියා නිසා විනාශ වීමේ අවධානමට ලක් ව තිබෙන ශ්‍රී ලාංකික ජාතික අභිලාෂ නොවේ ද?

-මහින්ද පතිරණ
(ජ්‍යෙෂ්ඨ කථිකාවාර්ය -සබරගමුව විශ්වවිද්‍යාලය)
යුතුකම සංවාද කවය
www.yuthukama.com


, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. අලුත් පරම්පාරාව හැමෝම සිංගප්පුරුව , මැලේසියාව, ගැන කථා කරනවා..අපි කවද එහෙම වෙන්නද කියල දුක් වෙනවා. ඒ උනාට ලෝකය ගැන දැනගන්නේ ෆේස්බුක් එකෙන්. ලි ක්වාන් යු ගැන කියවන්නේ නැතිව සින්ගපුරුව ගැන කථා කරනවා..මහතීර් මොහොමඩ් ගැන දන්නෙවත් නැතිව මැලේසියාව වගේ වෙන්න කවදද හිතනවා ලංකාව. අන්තිමට ෆේස්බුක් බොරු ටික අහල..ලංකාව යම් තත්වෙකට ගන්න පුළුවන් මිනිහව ගෙදර යවල දැන් විරිත්තාගෙන ඉන්නවා..

    ReplyDelete
  2. වර්තමානය කැප නොකර අනාගතය වෙනුවෙන් ප්‍රාග්ධනයක් ගොඩනැගිය නොහැකි බව බකන් නිලාගෙන පිනට කකා බිබී ඉන්න උත්සාහ කරන අපේ සිංහලයින්ට, FB පන්ඩිතයින්ට, රටක් ජාතියක්, අනාගතයක් වැඩක් නැත. සිරස, ගොන් FM නාලිකා සහ එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් නැති FB වැනි කාලය කා දමන සමාජ web ජාලා මගින් අපගේ අනාගත පරපුර ගිලගෙන අවසන්ය. පෙර අපගේ මුතුන් මිත්තන් රැක ගෙන ආ ඒ ප්‍රවුඩ අභිමානවත් සංස්කෘතිය, සිරිත් විරිත්. වර්තමාන පරපුර කුණු කූඩයට දමා ඇත. මෙවන් වාතාවරනයක් හමුවේ අප රට දිනෙන් දින ගමන් කරන්නේ ඉතාම කේදනීය දිසාවකටය. එදා අපගේ ගවුරවනීය සෝම හාමුදුරුවෝ දේශනාකළ දේවල් අද යථාර්තයක් වෙමින් පවතී. සෝම හාමුදුරුවන්ගේ පිහිටෙන් දියවන්නාව තරණය කල පිරිස් අදවනවිට ජාතිය පාවා දී හමාරයි. මේවා බලමින් දුක්වෙමින් සිටින දේශහිතැයිශී පිරිස් ඔවුනට නිවැරදි නායකත්වයක් ලැබෙනතුරු අසරණව ඒ දෙස බලා සිටිනවා. --- Indika ------

    ReplyDelete
  3. මහින්ද රට සියයට පන්සියයකින් ඉදිරියට ගෙනාවා. දැන් ආණ්ඩුව ඒක ඒවගේ ගණනකින් ආපස්සට අදින්නෙ, තමන් නවත්තපු තැනින් පටන් ගන්න හිතාගෙන වෙන්න ඇති.

    ReplyDelete
  4. මේ වගේ පොස්ට් දාන්න ඕන අර fb එකේ ලැගගෙන ඉන්න ගොන් හරක්ට, තප්පුලන ගමන්වත් කියව කියව ඉන්න. මහලොකු යහපාලනය කරන්නේ අමාරුවෙන් ඉස්සරහට ගෙනාපු රට ලේසියෙන්ම ආපස්සට ඇදලා දාන එක. ලංකාවේ ඉන්න කුහක හැත්තට කන්න බොන්න තියනකම් රටක් කියල දෙයක් මතක නෑ.

    අර චම්*කයා කිව්ව මහින්ද ගසාකාපු ඒව කෝ? කෝ ලැම්බොජිනි? කෝ ගෙවල්? මඩ ගහලා ගහලා රටේ ඉන්න මිනිස්සුන්ගේ චන්දේ අරගෙන දැන් ඉන්නවා බබ්බු වගේ. අන්තිමෙදි මේ සිංහල රටට ඉතුරු උනේ සුලු ජාතියකට ගැතිකම් කරන කොන්ද පණ නැති මිනිහෙක්.

    ReplyDelete
  5. 18 වැනිදා අපි නුගේගොඩ යමු. මේ අපි සැවොම රට වෙනුවෙන් කැප කිරීම් කල යුතු කාලයයි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions