කොහේ සිට ගැලූවාද මේ මහා මිනිස් ගඟ
කවුද කාගේ කවුද කියා මම නොදනිමිය
තෙරක් නැති මිනිස් ගඟ රළ පෙළක් සේ නැගෙන
සිනාසෙන වැළපෙනා මහ හඬින් ගොස නඟන
ඔද්දල්වු සිත් සතන් නැවත පිළිසකර කර
එකම අරමුණක් වෙත එකට එක්වන සිතැඟි
නාඳුනන්නන් නොවේ මගේ හද ගැබ නැගෙන
සිතැඟි ලොවටම කියන සුහදයින් කැළ උන්ය
දිවි දෙවැනි කොට සිහළ බුදු සමය අත නෑර
සිය පුතුන් මියෑදෙනු බයිනෙත්තු තුඩු අගදි
බලා වැළපෙන්න ඇති දරාගෙන දැඩි සිතින
නොසැලූනෙන් මදකිනුදු සසුන වෙත ඇති බැතිය
මුදනු වස් උපන් බිම සටන් වැද රුපුන් මැඩ
වැළලෙන්න ඇති එදින වෙල්ලස්සෙ බිම් පියසෙ
අසාගෙන ඉන්න ඇති වදන් දම්පල් සමිඳු
විටෙක විළියෙන් බරව නැගෙන අබිමනින් හද
පරපුරෙන් පරපුරට රකිනු වස් බුදු සමය
නිවන් මඟ අතැර දිගු සසර සරනා සත ය
පෝ දා ට පන්සලේ නිති සරන වැඳ පුදන
කටින චීවර මහන සිරීපාදෙත් නගින
එවන් පරපුරෙකිනා පැවත එන සොයුරන්ය
රැස්වුනේ යළි එදින නුගේගොඩ හංදියේ
එකම පැතුමකි ඔවුන් හද ගැඹර තෙරපුනේ
ඒ පැතුම මැ යි ම හද ඔවුන් හද යා කරේ
ගැහුනු හද තැවුනු නිති සියන් එනතුරු ගෙදර
හිමි සඳුන් සමඟ එක බස්රියට ගොඩ නොවුනු
නිදහසේ වැඳ ගන්න බෝ සමිඳු ඉඩ නොලද
රැක ගනුවඋරුම බිම නසා රුපු සතුරු සෙන්
මර බියෙන් සිටි දනන් මුදා ගත් අප නයුන්
යළිත් රජ කරවන්න සතුරු බිය දුරැලන්න
කෙමි බිමක් වනු පතා මෙබිම සිත් සංසිඳින
නවම් මස 18 වැනි දා නුගේගොඩදී ය
විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
මෛත්‍රී පල ජනාදිපතිතුමා ලියමින් සිටින්නේ දොන් ජුවන් දමාලගේ චරිතයයි. ඔහුට ඉන් බැහැරවී රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ බලහත්කාරී කුමන්ත්‍රණ වලට අනුගත වනවා හැර විරුද්ද වීමට තරම් සක්තියක් ඇත්තකු නොවේ. එනිසා නැවත නිවැරදි කල නොහැකි ලෙස කොටියට ලබා දෙන රට බෙදීමේ බලය නවතාලීමට මයිත්රිට හැකියාවක් නැහැ. එනිසා කල හැකි හොදම දේ ප්‍රබල දෙසප්රෙමි නායකයෙකුට බලය පවරා ද්‍රෝහියකු වන්නට පෙර නායකත්වයෙන් ඉවත්වීමයි.
ReplyDeleteරට ජාතිය ආගම ආරක්ෂා කරන්නා සියල්ලන්ගේ ගෞරවය දිනාගනී
ReplyDeletehttps://www.youtube.com/watch?v=RQXiwjMyM7k
වික්‍ර මබාහු ට අනුව මේ ෆොටෝ එකේ ඉන්නේ බස් කාර් හිර වෙලා යන්න බැරි උන කට්ටිය. මම අහල තියනවා එතුමා රසායන විද්‍යාව පිලිබඳ පෘතුල දැනුමක් තියන මනුස්සයෙක් කියල. එත් සාමාන්‍ය දැනීම නම් බින්දුවයි වගේ
ReplyDeleteමැතිවරණ ජයග්‍රහණයක් යනු ඓතිහාසික ජයග්‍රහණයක් නොවේ. මේ බව තේරුම් නොගත් මෛත්‍රීපාල මහතා ඓතිහාසික දේශද්‍රෝහී ක්‍රියාවක් කිරීමේ අභිමුව සිටින බව පෙනේ...
ReplyDeleteජාතිය එළඹී ඇති අතිශය තීරණාත්මක මොහොතේ, වසර දහස් ගණනක් පුරා ලක්ෂ ගණනින් ජීවිත පූජා කර රැකගත් දිවයිනේ ඒකීය භාවය, සිංහල ජාතිය හා බුදුසසුනේ අනාගතය, සතුරන්ට අවශ්‍ය දෙයක් කරගන්නට හැකි වන ලෙස පාවා දුන් ඓතිහාසික ද්‍රෝහී නරුමයා ලෙස ඔහු ඉතිහාස ගත වීමට නියමිතයි...