2/10/2015

මහින්ද පරාජය ඇතුළේ ම ගේමක්?

කතෘ:යුතුකම     2/10/2015   3 comments

මහින්ද රාජපක්‍ෂ පරාජයට පත් කිරීම ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කළ අයගේ ම වැඩ පිළිවෙලක මස්තකප්‍රාප්තිය ලෙස සිතිය හැකි බව සිදු වූ බොහෝ දෑ එකට තැබීමේ දී දැන් පැහැදිළි ය. අප දන්නා පරිදි මහින්දගේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවන ලද්දේ ශ්‍රිලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ විසිනි. එහෙත් මෙම තනතුර විසින් ක්‍රියාත්මක කළ යුතු ව තිබූ බොහෝ දෑ විමතිය දනවන ලෙස මග හැරී ගොස් තිබුණි.එය ඔහුගේ නොහැකියාව ද එසේත් නැතිනම් ඔහු විසින් හිතා මතා කරන ලද දෙයක් ද යන්න ඉතිහාසය තීරණය කරනු ඇත. කෙසේ වෙතත්, මේ විට පැහැදිළි ඇත්තේ බැසිල් ප්‍රමුඛ සංධාන මැතිවරණ යාන්ත්‍රණය විසින් ‘සමූල ඝාතක’ ක්‍රියාමාර්ග කිහිපයක් මැතිවරණය නිවේදනය කිරීමට පෙර හා පසු ක්‍රියාත්මක කොට තිබුණු බව ය.

පළමුවැන්න ලෙස අප දකින්නේ වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයකට යාමට තීරණය කිරීම ය. දේශපාලන විඤ්ඤානයක් ඇති ඕනෑම කෙනෙකු විසින් එය නොකළ යුතු ව තිබුණි. ඌව ඡන්දය අපහසුවෙන් දිනා ගැනීමෙන් පසු කළ යුතු ව තිබුණේ ඩැමේජ් කන්ට්‍රොල් ක්‍රියාමාර්ගයකට යෑම තුළින් අහිමි වෙමින් පැවති ජනප්‍රියත්වය නැවත ලඟා කර ගැනීමට පියවර ගැනීම ය. මර්වින් සිල්වා වැනි පුද්ගලයින් අත ලොස්සකගේ ක්‍රිය කලාපයන් හේතුවෙන් බිඳ වැටුණ ජනතා විස්වාසය පළුදු වීම ප්‍රතිසංස්කරණය කළ හැකි අවංක ක්‍රියාමාර්ග ගත යුතු ව තිබුණි. බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ බල වපසරිය හරහා ගොඩ නැගුණු පවුල් පාලන චෝදනාව බිඳ දැමීමට පියවර ගත යුතු ව තිබුණි. එහෙත් මේ කිසිවක් නොකොට, ඇඳ සිටි ඇඳුම පිටින් ම ජනපතිරණයකට යාමට මහින්දට උපදෙස් දෙනු ලැබූයේ කවුද යන්න සොයා ගැනීම මහින්ද පරාජය පසුපස තිබෙන බලවේගය සොයා ගැනීමට කදිම අවස්ථාවකි. 
දෙවැන්න ලෙස අප දකින්නේ සිරස සටන වැඩ සටහන වර්ජනය කොට විපක්‍ෂයට රිසි සේ පාළුගෙයි වළං බිඳීමට අවස්ථාව සලසා දීමයි. සිරස යනු කය මිස හිස නැති, යටත් විජිත හීනමානයෙන් පහර කෑ, පරිභෝජනවාදි ලාංකීය මධ්‍යම පන්තියේ කොටසක ඇවතුම් පැවතුම් සාධාරණීකරනය කරන හා එසේ එසේ කර ගැනීමට අදාළ පන්තියට සදාචාර පදනම සපයන ‘ඉන්දියානු’ රූපවාහිනි චැනලයකි. පැහැදිළි දෘෂ්ටිවාදයක් හා දුර දැක්මක් නොමැති හෙයින් ලංකාවේ බොහෝ පාවෙන ඡන්ද මෙම චැනලයේ අනසකට යත් ව තිබේ. එවන් චැනලයක ජනප්‍රිය වැඩසටහනනක ගුවන් කාලය සපුරා විපක්‍ෂයට ලබාදීමට කටයුතු කිරීම සංධාන මැතිවරණ මෙහෙයුම්කරුවන්ගේ මුද්ධ ක්‍රියාවකි. මෙය විපාක නොදැන කළ ක්‍රියාවක් බව සිතිය නොහැකි ය. අප මේ පිළිබඳ ව බැසිල් රාජපක්‍ෂ මහතා ලඟින් ම සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගෙන් විමසා සිටිය දී ඔහු ප්‍රකාශ කළේ සිරස සටන වැඩ සටහන වර්ජනය කිරීම කවුරු විසින් ගන්නා ලද තීරණයක් දැයි තමා නොදන්නා බව ය. අනතුරු ව මා ඔහුගෙන් ම විමසා සිටියේ පොදුවේ මෙවන් වැඩ සටහන්වලට පුද්ගලයින් තෝරන්නේ කවුරුන් විසින් ද යන්න ය. ඔහු කීවේ රජයේ ජන මාධ්‍යයට සම්බන්‍ධ ඉහළ ම නිලධාරියෙකු විසින් එසේ කරන බව ය. මා ඔහුට මෙහි දී කියා සිටියේ මෙම සංවාද වලට යවන පුද්ගලයින්ට මහින්ද නැවත පත්විය යුත්තේ ඇයි ද යන්න තාර්කික ව කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි වනු කීපවිටත් දැකීමෙන් අනතුරු ව ය. මොහාන් යම් දෙයක් කළේ ය. එහෙත් ඔහු ඉදිරිපත් කරන දෙය තේරුම් ගැනීමට ලංකාවේ මධ්‍යම පන්තියට ප්‍රමාණවත් කියවීම් පසුබිමක් හා විනයක් නැත. දේශපාලන වේදිකාවක වැදගත් වන්නේ සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම ම නොව යම් කරුණක් සත්‍ය ලෙස හැඟී යන පරිදි හා සරල හා පැහැදිළි දවටන වල ඔතා ඉදිරිපත් කිරීම ය. දෙවැනි කරුණ සංධාන කථිකයන්ගෙන් කෙරුණේ ම නැත. එක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වර්ජනය කිරීමට පෙර ‘සටන’ වැඩ සටහනට පැමිණ කාලය කා දැම්මේ " මට විස්වාසයි මහින්ද දිනනවා. ඔන්න බලන්නකො 8 වෙනිදට" යන්න නැවත නැවතත් කියමින් පමණි. 
තෙවැනි කරුණ නම් ෆේස්බුක් තුළ ප්‍රචාරය වූ ‘මහින්ද හොරෙකි’ යන ව්‍යාජ විඤ්ඤානය ඛණ්ඩනය කිරීමට සන්ධාන මෙහෙයුම් යාන්ත්‍රණය ඉදිරිපත් නොවීම ය. හුදකලාව වැඩ කළ පාක්‍ෂිකයින් විසින් තමන්ගේ ම වීඩියෝ හා පෝස්ට් හරහා යමක් කළ ද නැගී ආ විපක්‍ෂයේ ‘බොරු බුබුළ’ සිදුරු කරන්නට එය ප්‍රමාණවත් නොවී ය. මහින්දගේ දිගු කාලීන සංවර්ධන වැඩපිළිවෙළේ සාරය තාර්කික ව ජනතාවට ඒත්තු යන ලෙස තේරුම් කර දීමට කිසිවෙක් නොවී ය. මේ පිළිබඳ ව ද අපි ඉහත පුද්ගලයාගෙන් ම විමසීමු. ඔහු කීවේ ‘ඒවා වෙලාවට එයි’ යනුවෙනි. එහෙත් වෙලාවට ආවේ නැති බව දැන් ඉතිහාසයයි. 
කෝච්චිය ගිය පසු සිරස ‘සටනට’ පැමිණි ධම්ම්ලා, වැල්ලවත්තලා වැනි අය පවා එදින කරුණු ඉදිරිපත් කළේ මේ තමා පැමිණ තිබෙන්නේ චම්පිකලා හා අනුර කුමාරලා ඩෙඟා නටා දෙවනත් කොට තිබෙන අමු සොහොනක බව මොහොතකටවත් නොසිතමිනි. විටෙක ඔවුන් සිටියේ ච්ත්ත ධෛර්ය සිඳගෙන ය. නැතිනම් ‘අපට ගේමක් නැත’ සිතුව්ල්ලේ ය.බොහෝ අයට තිබුණේ ජාතික අවශ්‍යතාවක් නිසා මහින්ද දිනවීමේ උවමනාවක් නොව තමා දිනවීම සඳහා වන මහින්ද දිනවීමේ තැතකි. 

මේ අතර, සල්මාන් ඛාන්ගේ පැමිණීම ඒ වන විට මහින්ද පිළිබඳ පාවෙන ඡන්දවල තිබූ අවසන් බලාපොරොත්තුව ද අහිමි කළේ ය. ඇත්තට ම සල්මන් ආවේ තම ‘බී හියුමන්’ පුන්‍යායතනයේ කටයුත්තක ය. එහෙත් උතුරු මැද ගංවතුර පසුබිමක මහින්ද ද අදාළ වැඩසටහනට සහභාගී කරවීම හරහා රටට ගලා ගියේ මෙය මහින්දගේ තවත් නොහොබිනා හා නාස්තිකාර වැඩක් ලෙස ය. මෙය ඒ වන විට රට තුළ මහින්දට එරෙහිව ගොඩනගා තිබූ මතය සනාථ කරන්නක් වූ අතර එවැන්කට ඉඩ නොතැබීමට සන්ධාන කඳවුර තුළ මොළේ කළඳක් ඇත්තෙකු නොසිටි තරම් ය. අවම වශයෙන් සිරස රූපවාහිනියේ සේවන කරන එකම ජනමාධ්‍යවේදියා වන කිංස්ලි රත්නායක විසින් සල්මන්ගේ පැමිනීම පිළිබඳ කළ ඉතා ප්‍රබුද්ධ පැහැදිළි කිරීම කොපිකර ගෙන හෝ රටට පැහැදිළි කිරීමට තාර්කික බවක් ඇති කෙනෙක් සංධාන වේදිකාවේ සිටියේ නැත. මේ අතර, තත්වය දරුණු කොට තිබුණේ ජනපති සල්මන් සමග සිටින අතරතුර ලාංකික කලාකරුවන් පිරිසකට කුරුණෑගල දී එල්ල වූ ප්‍රහාරයයි. පසුව පැමිණි වීඩියෝවකින් පැහැදිළි වූ ලෙස එකී ප්‍රහාරය අර්ධ ප්‍රබන්ධයක් වූව ද පැවති පසුබිම තුළ එය විපක්‍ෂ වේදිකාව කුල්මත් කළේ ය. 

සඳහන් කළ සියල්ල සහ තව බොහෝ මෙහෙයුම් දුබලතා නිසා වූ පරාජයේ දෝංකාරය වියැකෙන්නට ද ප්‍රථම මැතිවරණය මෙහෙය වූ ශ්‍රිලනිප ජාතික සංවිධායක රට හැර ගියේ ය. මහින්ද වියෝගයෙන් හෙළයා කඳුළු සලන විට අදාළ කඳුල අග ජයග්‍රහණයේ අපේක්‍ෂාව දල්වනු වෙනුවට අදාළ පුද්ගලයා රට හැර යෑම කොතරම් නොමනා කටයුත්තක්ද?. කිසිවෙකු අසල සිටිය යුත්තේ ජයග්‍රහණයේ දී නොව පරාජයේ දී ය. අව ම වශයෙන් තම සොහොයුරා වෙනුවෙන් ඔහු මෙරට රැඳී සිටිය යුතු විය. 

මේ සියළු කරුණු එකට තැබූ විට පෙනී යනුයේ ඒවා වෙන් වෙන් ව තිබෙනවාට වඩා වෙනස් චිත්‍රයකි. කෙසේ වෙතත්, එය තාමත් සම්පූර්ණ නැති එකකි. විටෙක මෙය කිසියම් දිනක සම්පූර්ණ වනු ඇත. එසේ නොවන්නට බැරි නැත. එහෙත් අවසානයේ සිදුවූයේ මහින්දට මහින්දගේ ම නොවූ පරාජයක් හිමිවීම ‍පමණි.

-කතිකාචාර්‍ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. http://www1.kalaya.org/2015/02/blog-post_10.html

    ReplyDelete
  2. ඔබෙ අදහස් ඉතා නිවරදි වන අතර අතපසු වු යමක් මතක් කරනු කමෑත්තෙමි. ඒ නාමල් රජපක්ස මහතගෙ ක්‍රියා කලපයය්. ඔහුට මොලෙ කලන්දක් හො තිබුනි නම් කාර් රෙස් පෑද රටෙ බුද්දිමත් තරුනයන්ගෙ මනප ලබගත නොහකි බව තෙරෙනු අත. පින් මද පුතුන් සියයක් වදුවත් නිසරු, ගුන නෙන බලෙන් යුතු පුතුමය ඉතා ගරු...රජ ගේ ඉපදීමට පින් කර තිබුනිද බුද්දිය කොන්ඩෙ ස්ට්‍රෙට් කරන වෙලෙ පිච්චිගෙන ගොස් අති ස් පෙනෙ....
    මීට ...
    සුදු සින්හලයා.

    ReplyDelete
  3. සුමතිපාල5/30/2016 5:15 PM

    // මහින්ද වියෝගයෙන් හෙළයා කඳුළු සලන විට අදාළ කඳුල අග ජයග්‍රහණයේ අපේක්‍ෂාව දල්වනු වෙනුවට අදාළ පුද්ගලයා රට හැර යෑම කොතරම් නොමනා කටයුත්තක්ද?. කිසිවෙකු අසල සිටිය යුත්තේ ජයග්‍රහණයේ දී නොව පරාජයේ දී ය.
    අවම වශයෙන් තම සොහොයුරා වෙනුවෙන් ඔහු මෙරට රැඳී සිටිය යුතු විය. //

    මේක ලිව්ව කෙනා දැන් හරීම වෙනස් . එයාට බැසිල් දැන් හරීම ෂෝක්.
    මේ ලිපිය ඉවත් කරන්න කියලා කියන්ඩත් ඉඩ තිබෙනවා.

    ReplyDelete

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions