2/11/2015

මහින්දට තර්ජනයක්

කතෘ:යුතුකම     2/11/2015   2 comments

බටහිරයන්ට අද ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ය. ඔවුන්ට සිංහල ජාතිකත්වය 1506 සිට ම ප්‍රශ්නයක් වී ඇත. මහින්ද රාජපක්‍ෂගේ කෙතරම් දුර්වලකම් තිබුණත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසු සිංහල ජාතිකත්වයට ලැබුණු ප්‍රශස්ත ම නායකයා ඔහු ය. දෙමළ ජාතිවාදය රැකීම සඳහා එංගලන්තයත් ලෝක ආධිපත්‍යය රැකගැනීම සඳහා ඇමරිකාවත් රනිල් පුනරුච්චාරණය කරන ඔවුන්ගේ ම බසින් කියන්නේ නම් රාජපක්‍ෂ රෙජිමය එළවා දැමීමට කටයුතු කළහ. ඔවුන්ට ඉන්දියාවේ සහාය ද ලැබිණි. අප දෙමළ ජාතිකත්වයකට විරුද්ධ නැත. එහෙත් දහනවවැනි සියවසේ මුල් භාගයේ සිට බටහිරයෝ දෙමළ ජාතිකත්වය වෙනුවට දෙමළ ජාතිවාදයක් සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගනිති. අපට අවශ්‍ය වනුයේ රටේ ස්වෛරීභාවයට හා ඒකීයභාවයට තර්ජනයක් වන දෙමළ ජාතිවාදය මුළිනුදුරා දැමීමට ය. දෙමළ ජාතිවාදයෙහි කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට මහින්ද රාජපක්‍ෂ දේශපාලන නායකත්වය දුන්නේ ය.

අද බටහිර යටත්විජිතවාදීන්ටත් ඔවුන්ගේ හෙංචයි රනිල් මෛත්‍රිපාල ආණ්ඩුවටත් අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ දේශපාලන භූමියෙන් ම අතුගා දැමීමට ය. ලබන මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් ඉදිරිපත්වීමට එහි බලහත්කාරයෙන් නායකයා වූ මෛත්‍රිපාල සිරිසේන ඉඩ නො දෙනු ඇත. මහින්ද සංධානයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ හැකි ය. එහෙත් ඒ සඳහා පළමුව මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකත්වයෙන් ඉවත් කළ යුතු ය. එසේ කිරීමට නම් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වයෙන් ඉවත් කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වූයේ විධායක බලතල දඩමීමා කරගෙන බලහත්කාරයෙන් වැරදි අර්ථ නිරූපණ මත පදනම් වෙමිනි.

බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන චම්පික රණවකගේ වෛරී මුඛයෙන් නිතර කියැවෙන්නේ ජනාධිපති මුක්තිය පැත්තකට දමා මහින්දට දඬුවම් කළ යුතු බව ය. එහි දී ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවතට දැමීමට කියයි. මේ ආණ්ඩුව තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ව කටයුතු කරන තවත් ආණ්ඩුවක් මෙරට තිබී නැත. අගවිනිසුරු ඉවත් කිරීමේ දී ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කළේ ය. එයටත් වඩා ආණ්ඩුව පත්වූයේ ම ව්‍යවස්ථාවට පිටින් ගොස් ය. මේ ආණ්ඩුව නීත්‍යානුකූල නො වේ (මේ සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවියේ පළ වී ඇති ලිපි කියවන්න).

නීත්‍යානුකූල නොවන ආණ්ඩුවකට නීතියට පිටින් යෑම මහා කජ්ජක් නො වේ. ජනාධිපති දැන් සැරසෙන්නේ ඊනියා ජනාධිපති කොමිසමක් පත්කර වරදකරුවන්ට දඬුවම් කිරීමට ය. චම්පික රණවක මහින්දට දඬුවම් කළ යුතු යැයි බෙරිහන් දෙද්දී මේ කොමිසමෙන් සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට අටුවා ටීකා අවශ්‍ය නො වේ. බටහිරයන්ට ද ආණ්ඩුවට ද අද ඇති ප්‍රධාන තර්ජනය මහින්ද රාජපක්‍ෂ ය. ඔහු කිනම් ආකාරයකින් වුවත් ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රාශියකගේ සහාය ඇතිව මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැළැක්විය හැකි නො වේ.

මහින්්ද රාජපක්‍ෂ එසේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීම වැළැක්විය හැක්කේ ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමෙනි. ඒ සඳහා විශේෂ බලතල සහිත ඊනියා ජනාධිපති කොමිසමක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව පෙනෙයි. සිංහල ජාතිකත්වයට ලැබුණු නායිකාවගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට මින් පෙර බටහිරයන්ගේ නියෝජිත එ ජා පක්‍ෂය ක්‍රියා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගොස් වුව ද, සිංහල ජාතිකත්වයට ලැබුණු නායකයාගේ ද ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීම බටහිරයන්ගේත් ඔවුන්ගේ හෙංචයියලාගෙත් හෙංචක්කලාගේත් අවශ්‍යතාව වී ඇත.

-නලින් ද සිල්වා
2015 පෙබරවාරි 11

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. me rate bayagak unge thatha mahinda wagene me wajathakayo mahida ponnayata kadeyanne , adu kule ballage thama ara RAJA kale gathi thiyenne :P

    ReplyDelete
    Replies
    1. :D :D :D mahathmayaneni,.. oba pawasu wadan walinma "sithum pathuma walin ADU KULAYA" saha "niyama AWAJATHAKATHWAYA" niyojanaya karanne obama bawa kaa hata wuwath therum yanu etha. obe mathawadaya idiriyatama gena yanna. obata swabhaawa dharmayen himi niyana thena labenu etha. :D :D :D

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions