2/25/2015

'මෛත්‍රී' බ්‍රෑන්ඩ් එක ...

කතෘ:යුතුකම     2/25/2015   7 comments

මෙරට මැතිවරණ ඉතිහාසයේ පුද්ගලයකු වෙනුවට බ්‍රෑන්ඩ් එකක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වූයේ මෙවර ය. එය මෙරට marketing ක්ෂේත්‍රයට අලුත් විෂයකි.

මෛත්‍රීපාල, 'මෛත්‍රී' වන්නේ ඒ නිසා ය. මෙයට පෙර ජයා ලා, ප්‍රේමේ ලා, චන්දි ලා, රනී ලා, මහී ලා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වී නැත. ඒ අනුව මෛත්‍රී බ්‍රෑන්ඩ් එක දේශපාලනයේ නව කඩඉමකි.

මෛත්‍රී බ්‍රෑන්ඩ් එක නිර්මාණ කළ සුභාෂ් පින්නපොළ පවසන අදහස්, මෙහිලා ඉතා වැදගත් ය. ඔහු පවසන ආකාරයට, මෛත්‍රී දුටු මුල් දිනයේ ඔහු 'ජනාධිපති අපේක්ෂකයකු ලෙස' හැගී නො ගිය බව ප්‍රකාශ කර තිබේ. ඔහු කැම්පේන් එක නිර්මාණය කර තිබෙන්නේ එතැන් සිට ය. ජනාධිපති අපේක්ෂකයකු සේ නො පෙනුණු පුද්ගලයකු ඉතා කෙටි කාලයකින් ජනාධිපති අපේක්ෂකයකු ගේ තත්ත්වයට උසස් කර, ජනාධිපති කෙනකු දක්වා පරිවර්තනය කරවීම වූ කලි, රටේ ජයග්‍රහණයක් නො ව, marketing විෂයේ ජයග්‍රහණයකි.

ලාංකික දේශපාලනික ඉතිහාසය තුළ මෛත්‍රීපාල සිරිසේන චරිතය, සමාන වන්නේ ඩබ්. දහනායක චරිතයට ය. ඩබ්. දහනායක යනු, රටේ අගමැතිවීමට බලාපොරොත්තු වෙමින්, පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. මෛත්‍රීපාල යනු, ජනාධිපති තනතුර සදහා, අගමැති තනතුරේ හිදිමින් පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. ඒ නිසා, අද ඔහු කරන ගොන්පාට් පවා 'සරලකමට' (simple man) උෟනනය කරන අනුගාමිකයෝ පිරිසක් ඔහුට සිටිති‍. එය වූ කලි, 'මෛත්‍රී බ්‍රෑන්ඩ්' එකේ ප්‍රබලත්වයකි.

අලියා සිසිල් බීම, 'මළ ගෙවල පානය' බවට පත් ව තිබෙද්දී, එය 'යෞවනයේ පොපියන චමත්කාරය' බවට පරිවර්තනය කරන ලද්දේ මෙරට marketingකරුවන් විසිනි. අද 'මෛත්‍රී' යනු 'යහපාලනයේ පොපියන චමත්කාරය' වී තිබේ. දැන් ඔහු නැතිව යහපාලනයක් නැති තරමට, 'යහපාලන මේනියාව' සමාජයේ උත්සන්න ය. එය, 'යහපාලනය, නම් වූ සංකල්පය ලෝකයට හදුන්වා දුන්නේ මෛත්‍රී විසිනි' වැනි අදහසක් ජනිත කරන තරමේ එකකි. මේ 'බ්‍රෑන්ඩ් මුළාව' (brand myth) අද සමාජයට සිදු කරනුයේ සෘණ බලපෑමකි. ඊට උදාහරණ අපමණ ය.

'ඉතා සරල මිනිහා' යනුවෙන් නිතර උද්ධෘත කෙරෙන මෛත්‍රී (මෛත්‍රීපාල නොවේ) ගේ ප්‍රචාරණ පිරිවැය කෝටි 200කි. ඔවුන් ම පවසන ආකාරයට, මහින්ද ගේ ජනාධිපතිවරණය සදහා මහින්ද වැය කළ මුදල කෝටි 250කි. මේ අනුව සරලකම යනු කෝටි 50ක අඩුව ය. එමතු ද නො ව, මෛත්‍රී ගේ marketing ව්‍යාපෘතිය සදහා සුභාෂ්ට කථා කර තිබෙන්නේ UNP පාර්ශ්වයෙනි. අප ජනාධිපතිවරණ සමයේ කී ආකාරයටම, ඒ සාකච්ඡා සිදු ව තිබෙන්නේ චන්ද්‍රිකා ගේ නිවසේ දී ය. ඉන්පසු හමු ව තිබෙන්නේ මංගල ය. එයින් පසු සුභාෂ්ට අධ්‍යයනය සදහා ලබා දී තිබෙන්නේ මෝදි ගේ සහ ඔබාමා ගේ marketing ව්‍යාපෘති ය. ඒවා change/100 days බව අපි දනිමු. මේවා අන්තර් ජාතික කුමන්ත්‍රණයක වැඩ බව අප කීවේ මීට මාස කීපයකට පෙර ය.

2014 දෙසැම්බර් 03වැනි දා රාත්‍රී 8.00ට මගේ දුරකථනයට කථා කළ මාගේ මිත්‍රයා දන්වා සිටියේ, 'ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුත්තකට චන්ද්‍රිකා ගේ නිවසට ආ හැකි ද?' කියා ය. ඒ වෙනුවට මා කළේ ඔහු ගෙන් මේ ව්‍යාපෘතිය පිටුපස සිටින අය ගැන තොරතුරු විමසීම ය. ඔහු මට සියල්ල හෙළි කළේ ය. අප කථා කරන්නේ මනස්ගාත නො වේ. මහ‍පොළොවේ සිදු වෙමින් තිබෙන දේ ය.

කෙසේ වෙතත්, ඉතා සරල, අඩු වියදම් මෛත්‍රී ගේ 'ආයේ ආයේ නොම ඉවසන්' දැන්වීම රූගත කර තිබෙන්නේ ඉන්දියාවේදී ය. මේවා මහා සමාජයේ සාකච්ඡා නො වන, මෛත්‍රී පාර්ශ්වය රටට පෙන්වා දෙන 'නාස්තිකාර' වැඩම ය. එනම් මෛත්‍රී ගේ වැඩවලට 'අදාළ නැති' වැඩ ය. කෙ‍සේවෙතත්, අප පවසන්නේ 'මෛත්‍රීපාල' නමින් 'පාල' හැලී එය 'මෛත්‍රී' වන්නේ හුදෙක් marketing ව්‍යාපෘතිය සදහාම පමණක් නො වන බව ය. 'පාල' යනු පාලනයයි.

අද තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවකි. අද සිදු ව තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවේ බලය මත, මෛත්‍රීට යැපෙන්නට ය. මෛත්‍රී යනු රූකඩයකි. ඔහුට සිදු කිරීමට සිදු ව තිබෙන්නේ, රනිල්-රාජිත-සම්බන්ධන්-හකීම් හවුලේ නිර්දේශයන් ය. බොහෝ රැස්වීම්වලට වාඩි වන මෛත්‍රී, එබදු යෝජනා පොතේ ලියාගෙන 'මගහරින බව' අද දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.

'බ්‍රෑන්ඩ්' යනු ස්වයං හැසිරීමක් ඇති දේවල් නො වේ. ඒවා හසුරවනු ලබන ආකාරයට වෙනස් විය යුතු ය. නැත්නම් බ්‍රෑන්ඩ්වලට පැවැත්මක් නැත.


-කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. සුගත්2/25/2015 10:12 AM

    මේ මිනිහා රනිල් එක්ක එකතු වෙලා රට විකුණන්න යන්නේ සම්බන්ධන්ට දැන්.

    ReplyDelete
  2. Fantastic! This is the type of insight the" learned people" who voted for a "change" should have. Please give this the widest publicity. Those people must realize that they have gone wrong terribly somewhere and the country has to pay for it. They wanted a five star democracy but it is not a reality in a country like ours.

    ReplyDelete
  3. මෙව යාලුවනෙ පාලනය කරන්න බෑ. මොකද ලෝකයට අවශ්ය වෙලා තියෙන්නෙ කාල රෙන බෙට්ටටත් බ්‍රෑන්ඩ් 1ක්. අපි සිතන පතන දකින ජාතිකත්වය මෙ රටේ ගොඩනගන්න බැහැ. මේ රට කාලකන්නියන්ගෙ දෙශයක් මිසක් ජාත්යාලයෙන් ඔද වැඩුනු මිනිසුන්ගෙ රටක් නෙමේ. අපි අපෙ මතවාඩය හිතෙ තියාගෙන ඉන්ඩල මැරිල යනව මිසක්.

    ReplyDelete
  4. I am not sure how many people read this site compared to all the gossip sites which keep on flooding the negative stuff about Mahinda and previous government. Even sites like dailymirror I see still lot of comments supporting the current way of things. Surely Mangala has got his act together and still dominating the social media. So called educated people still see only these stuff. But that is different from ground realities. Again not trying to tell Mahinda is 100% white. He had mistakes and bad mistakes. But that cannot justify the current situation we are in..It is a real confusing state to be ..can anyone of us could predict what is going to happen in next week, next month as far as our countries political situation is concerned..sigh....

    ReplyDelete
  5. This marketing is no different to what happened in 1951 when Indian imperialists sold Solomon West Ridgeway Dias Bandaranayake to the majority non Indians of the island. It took five years then, but only a few weeks now. The snake oil was well wrapped and advertised, but it is bit different to marketing snake oil. In politics marketing is attacking the other product while promoting your product. In 1956 Indian merchants attacked Sir John Kotalawala, a great son of the island who stood up to Indian imperialists the same was repeated this time Indians attacked Mahinda in the same way they did in 1956 agains Sir John.

    ReplyDelete
  6. පෙර සිංහයන් රජ කළ දෙරණ මත
    අද කැණහිලුන් උඩු බුරති..
    රටට මක්ක උනාම මොකද බොලවු?
    ෆ්‍රී වයිෆයි දෙන්නෙ මෙගාබයිට් 100ක්ම!
    පිරබාහරන් මිස්ටර් වෙච්ච යුගයක,
    රටට කෙළ වෙන එක අහන්නත් දෙයක්ද?
    වෙනස!!
    අනෙ යහපාලනේ අම්මගෙ රෙද්ද!

    මේක මහ නරපතියො රජකම් කරපු පින් බිමක්!
    අපිට ඕනෙ රජෙක් බොලවු!
    රජ රූකඩයක් නෙමෙයි!

    ReplyDelete
    Replies
    1. රං මහත්තයා4/06/2015 11:34 AM

      අදහස නියමයි..

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions