2/18/2015

මෛත්‍රි වෙත සෙනෙහසින්

කතෘ:යුතුකම     2/18/2015   2 comments


මෛත්‍රි වෙත සෙනෙහසින්

ගරු මැතිඳුනි,

     ඔබ උපන් ශ්‍රී ලංකා නිදහස් ප‍ාක්‍ෂිකයෙකි. ඔබගේ සිරුර තුල දුවන්නේ ශ්‍රිලනිප ලේ ය. ඔබගේ හැඟීම්, සිතුම් පැතුම් ක්‍රියාත්මක වන්නේ ශ්‍රිලනිප මනසක ය. ඔබ සතුව ඇතුළට බර වූ සිතක් ඇත. ආධ්‍යාත්මික බවක් එහි ඇත. අන් අයගේ දුකේ දී උගුර හිරවෙන ගතියක් ද ඇත. එනිසා ම, ඔබ මේ රටට අසීමිත ව ආදරය කරන බව දනිමි. මේ මව්බිම බිත්තියට හිරකර පිහිය අතට ගැනීමට ආසන්න මොහොතකි. නුදුරේ දී ම සිදු කිරීමට නියමිත ව්‍යාවස්ථා සංශෝධන පිළිබඳ මම ඔබ අමතමි.

     මැතිදුනි, පසුගිය මැතිවරණයේ දී එජාපය ඔබව යොදා ගත්තේ හුදු පහුරක් ලෙස පමණි. එම පහුර කර මත තබාගෙන යාමේ උවමනාවක් ඔවුන්ට දැන් නැත. ඇත්ත වශයෙන් ම මේ වන විට ම ඔබ ඔවුන්ට කරදරයක්, ‘උදැල්ලක්’ වී තිබෙන බව තේරුම් ගන්න.

    තේරුම් ගන්න ! දැන් එජාපයට අවශ්‍ය වන්නේ ඔබගේ තටු කැපීමට ය. සුවිසල් කයක් තිබුන ද නොබෝ දිනකින් ම පියඹන්නට බැරි පැස්බරෙකු බවට ඔවුන් විසින් ඔබ පත්කරනු ඇත. එවිට කෙනෙකු ඔබ බලන්නට ඔබේ මැදුරට එනු ඇත්තේ කෞතුකාගාරයකට එන ප්‍රේක්‍ෂකයෙකු ලෙස පමණි. ඔබගේ හිටපු නායක මහින්ද යටතේ තිබූ බොහෝ ආයතන ඔබගෙන් ඉවත් කොට, ඔබ වෙනුවෙන් වෙන් කරන මුදල් ද අතුර අයවැයෙන් කපා දැම්මේ විධායකයේ බලය විමධ්‍යගත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බව මොහොතකටවත් නොසිතන්න. එජාපය තම පරාජිත අතීත කාලයේ දී බවුන් වඩා සියළු කෙළෙසුන් ප්‍රහීන කළේ නැති බව ඔබ දන්නෙහි ය. ඔවුන්ට සිතුසේ දැන් තම බල වපසරීය ව්‍යාප්ත කළ නොහැක්කේ ඔබ නිසා ය. විධායකය නිසා ය. මෙය හුදු කෙටි කාලීන බල පෙරලියක සෙයක් ලෙස කිසිසේත් ම නොසිතන්න. මම නුබට ඇමරිකාවෙන් නිදසුනක් ගෙන පෙන්වමි.

    වසර දෙදකට වරක් පැවැත්වෙන කොන්ග්‍රස් මැතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සඳහා අදාළ අපේක්‍ෂයින්ට මුදල් ලැබෙන්නේ එරට දැවැන්ත වෙළඳ සමාගම්වලිනි. ඒ පිනට නොවේ. කොන්ග්‍රසයට තේරී පත්වූවාට පසු මෙම කොන්ග්‍රස් සභිකයින් නිරන්තර ව පෙනී සිටින්නේ ඉහත සමාගම්වල අභිලාෂ වෙනුවෙනි. නිදසුනක් ලෙස, බිල් ක්ලින්ටන් 1998 දී ක්යෝතෝ ගිවිසුම අත්සන් කළ ද ඔහු එය සෙනට් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන්නේ නැත. ඒ ඊට නියත පරාජය හිමිවන බව ඔහු දන්නා නිසා ය. රිපබ්ලිකානු සභික චක් හේගල් (මෑතක් වනතරු ඔබාමාගේ ආරක්‍ෂ ලේකම්) එවකට පැවසූවේ “ජනපති මෙය අත්සන් කළ ද අපි නියත වශයෙන් ම මේක පරාජය කරනවා” යනුවෙනි. වත්මන් විදේශ ලේකම් ජෝන් කෙරී ද, ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික පාක්‍ෂිකයෙකු වෙමින් සිටින්මින් ම එවකට පැවසූයේ පනත සම්මත කර ගැනීමට ඉඩ නොතබන බව ය. සැලකිය යුතු විධායක බලයක් සහිත ව සිටින ඇමරිකානු ජනාධිපතිවරයා පවා බලගතු වෙළඳ ප්‍රජාව විසින් හසුරුවන්නේ එපරිදි ය.

     විදෙස් සංවිධානවල මුදල් පමණක් නොව මතවාද මත ද යැපෙන ඊනියා සිවිල් සංවිධානවලට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ධූරයේ බල හීන කොට තම අනුග්‍රහයෙන් පාර්ලීමේන්තුවට යවන පක්‍ෂවල හා පුද්ගලයින්ගේ මතයට නැමෙන පාර්ලීමේන්තුවක විධායක අගමැතිවරයෙකු පත්කර ගැනීමට ය. ශ්‍රී ලංකා වැනි රටකට පාර්ලීමේන්තු ක්‍රමය හඳුන්වා දීමට තාමත් කාලය නොවේ. ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලංකාව ඉලක්කකර ගත් බෙදුම්වාදී සංවිධානවල ක්‍රියාකාරකම් කිසි සේත්ම අවසන් වී නැත. පසුගිය දා උතුරු පළාත් සභාව තුළ සම්මත කරගත් ලංකා රාජ්‍යයට එරෙහි යෝජනාව ම ඔබගේ සැලකින්නට ගන්න. එයින් පැහැදිළි වන්නේ දෙමළ බෙදුම්වාදය තිබූ අයුරින් ම ක්‍රියාත්මක බවත් සුදුසු මොහොත එනතුරු පමණක් ඔවුන් බලා සිටින බවත් ය. තව ද විධායකය නැති රටක අනිවාර්යෙන් ම ලංකාවේ මූලෝපායික වැදගත්කම දන්නා විදෙස් රටවල් අපගේ පාර්ලීමෙන්තුව මුදලට ගනු ඇත. ඔවුන්ට අවශ්‍ය පනත් හා නීති සම්මත කර ගනු ඇත. අප මැතිසබය රූකඩ පොළක් කරනු ඇත. මේ අතර, අපගේ ආර්ථික ඉලක්ක වෙත යාමට ද ප්‍රබල විධායකයක් අවශ්‍ය බව ඔබ දන්නවා ඇත. සිංගප්පූරුව හා මැලේසියාව තම ගමන ගියේ එවන් සෙවණක ය.

    ගරු මැතිඳුනි, 13 වැනි සංශෝධනය තිබෙන තුරු විධායකයේ බල සිඳලන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙය අවස්ථාව නොවේ. එකී සංශෝධනය මගින් පළාත්වලට විමධ්‍යගත වන බලය නැවත තුලනය කොට ඇත්තේ ඔබ සතු විධායක බලය විසිනි. එකී බලය ඔබගෙන් ගිලිහීම යනු සූර්යාගේ ආකර්ෂණයෙන් මිදි ග්‍රහලෝක සේ සැම ඉබාගාතේ යාම ය. ඔබ බලයට ගෙනා කණ්ඩායම් පුන පුනා සිටින්නේ එම මොහොත එනතුරු ය. එජාපයේ දෙවැනි බල ස්ථරයේ සිට ගමේ පොදු ඡන්ද දායකයා දක්වා මෙම තත්වය පිළිබඳ සවිඥානික නැත. ඔවුන් උපතින් කොළ වූවා පමණි. ඔවුන් මීට වග කිවයුතු ද නැත. ඔවුන්ගේ ද පැතුම වනු ඇත්තේ නුඹ මේ මොහොතේ රට පැත්තේ සිට ගැනීම ය.

    ජවිපය යනු මෙරට අස්ථාවර වන තුර බලාහිඳ “උනුත් එකයි මුනුත් එකයි” න්‍යාය ඔප්පු කොට බොරදියේ මාළු බාන්නට සැරසී සිටින පක්‍ෂයකි. මහින්ද එළවන්නට ඔවුන් විශේෂයෙන් එකතු වන්නේ ඔහු යටතේ ලාංකිකයින්ගේ ජීවන මට්ට්ම ඉහළ මධ්‍ය සංවර්ධිත අවධියට ගියහොත් එතුළ ජවිපයට දේශපාලනය කිරීමට නොහැකි හෙයිනි. එකල සබරගමු විශ්වවිද්‍යාලයේ සීඝ්‍රයෙන් නැගුනු යටිතල පහසුකම් දැක එක් අන්තරේ කැඳවුම්කරුවෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට පවසා තිබුණේ “මල්ලි මෙහෙම ගියොත් අපිට කවුන්සිල් කරන්න වෙන්නේ නෑ” යනුවෙනි. මේ ජවිපයේ මානසිකත්වයයි.

     හෙළ උරුමය පිළිබඳ මම කතා නොකරමි. ඒ ඔවුන් අරමුණක් හෝ දිසාවක් නැති සිහි විකල්ලෙන් ක්‍රියාකරන පක්‍ෂයක් දක්වා පල්ලම් බැස තිබෙන හෙයිනි. දිවි පරදුවට තබා මේ දේශය රැකගත් වීර භික්‍ෂු පරපුරට ඔවුහු ‍නිගා දෙති. මැතිදුනි, මහින්ද රාජපක්‍ෂ ඔබගේ සතුරෙකු නොවේ. ඔබලාට එකතුවීමට කිසිදු බාධාවක් නැත. ඔහු ඔබට අගමැතිකම ලබා දුන්නේ නම් පොදු අපේක්‍ෂකයා වන්නේ වත්මන් විපක්‍ෂ නායකවරයා ය. තත්වය තිබුණේ එවන් තැනක ය. එහෙත් එම ගැටළුව කෙසේ හෝ කළමනාකරණය කොට ගෙන ඔබට එය දියයුතු විණැයි මම ද විස්වාස කරමි. අප දැන් මේ අතීතය පසෙකින් තැබිය යුතු ය.

     මේ අප අප බෙදිය යුතු කාලය නොවේ. ඔබට ද මහින්දට එකතූ ව මේ රට නැවතත් නියම දිශානතිය වෙත අභිමුඛ කළ හැකි ය. එපමණකින් ම මේ දේශය දිනිය හැක. එහෙත් ඊට ප්‍රථම ඔබ කළ යුතු දෙයක් ඇත. ඒ විධායකයේ බල සිඳින මුවාවෙන් මෙරට බහුතර ජනතාවගේ බලය සිඳුනු පිණිස ඔබ වෙත රැගෙන එනු ඇති ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අවම වශයෙන් එස් එල් ගුණසේකර පරපුරේ නීතිඥ මහතෙකු (සරත් එන් සිල්වා වුව කම් නැත- අවඥාවට නොවේ) සමග වරක් දෙවරක් නොව තෙවරක් ම කියවා බලා පමණක් ම අනුමැතිය දීම ය.
ඔබට තෙරුවන් සරණයි

මීට හිතවත්
මහින්ද පතිරණ


මහින්ද පතිරණ
කතිකාචාර්‍ය - සබරගමුව විශ්ව විද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. ලංකාදීප පත්තරේ comment දැම්මම රජයට පක්ෂ ග්‍රාහී නම් අනුමැතිය ලැබෙනවා..නැත්නම් ape චොම්මෙන්ට් පෙන්නන්නේ නැ…මේක යහපාලනයේ මද්‍ය නිදහස..

    ReplyDelete
  2. ලක්නුවන්4/06/2015 9:08 PM

    මහින්ද පතිරණ මහතාවෙත,
    වර්තමාන සමාජ පරිසරයේ ජීවත් වන මිනිසුන් කුමනාකාරයේ හැසිරීම් වලින් යුක්ත ද යන්න නුඔට පැවසිය යුතු නොවේ. මන්ද නුඔ විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක් වන බැවිණි. ඉහත කමෙන්ට් දැක්කම ඒක තවත් පැහැදිළියි. මිනිසුන්ට ඇගිල්ල දිගුකර යම් විටිනා දෙයක් පෙන් වන විට මිනිසුන් දකින්නට උත්සාහ කරන්නේ ඇඟිල්ලේ දිග, පළල හෝ ඇඟිල්ලේ ඇදයකි...සාරවත් දේ උකහා ගැනීමට මිනිසුන් දක්ෂ නෑ..එමෙන්ම සමාජයේ ජීවත් වෙමින් සමාජය විවරණය කරමින් එහි සාර්ථක දේ අසාර්ථක දේ විභේදනය කරමින් සාරවත් දේ උකහා ගැනීමට මිනිසුන් අති දුර්වලවී ඇත. මේ මිනිසුන්ට අප අනුකම්පා කළ යුතුය මන්ද මොවුන් මේ නිර්මාණය වන්නේ මෙම රාමු ගත, අපගේ අක්මුල් සොයා නොයන, අසංවිධිත අධ්‍යාපන ක්‍රමයෙන් වන බැවිණි...ඒ පරපුර වර්තමාන විශ්වවිද්‍යාල තුලද නියෝජනයෙන් පසු විප්ලවීය වෙනසක් ඔවුන් තුල සිදු නොවන බව පැහැදිළියි..ඒ නිසා අප සුවහසක් දෙනා නුඔගේ පාඨකයන් වෙමු..තවත් සමාජයේ දැනුවත් භාවය පිණිස ලියන්න..තෙරුවන් සරණයි!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions