2/15/2015

උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි

කතෘ:යුතුකම     2/15/2015   2 comments


උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.
උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් ගේ ප්‍රධානත්වයෙන් සම්මත කරගෙන මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ඊළාම් රාජ්‍යයකට පාර කපා ඇති බවත් එය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑකර ගැනීමට දරන උත්සාහයක්‌ බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

වසර විස්‌සකට වැඩි කාලයක්‌ මුළුල්ලේ කිසියම් ජාතියකගේ බලවත් පීඩනයකට වෙනස්‌කමකට භාජනයවී සිටින සුළු ජාතියකට තමා පෙළන මහා ජාතියෙන් වෙන්ව ස්‌වයංපාලනයක්‌ ලබා ගැනීමට හැකිය යන එක්‌සත් ජාතීන්ගේ න්‍යායට මුවා වෙමින් උතුරු පළාත් සභාව දැන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ තම ජාත්‍යන්තර වැඩපිළිවෙළ අරඹා ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.

තිරසාර සහජීවනය සඳහා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා වෙත මහත් ඕනෑ කමින් දෑත් දිගු කළ මෛත්‍රී පාලනයේ සුහදතාව ද මුළුමනින්ම නොතකමින් උග්‍ර බෙදුම්වාදී පිළිවෙතක නිරත වන ද්‍රවිඩ සන්ධානය පිටු 11 කින් යුත් සාවද්‍ය චෝදනාවලියක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

ද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය නමින් හඳුන්වා ඇති මෙම චෝදනාවලින් වර්ෂ 1956 පටන් අද දක්‌වාම සිදු වන්නේ යෑයි කියන අඛණ්‌ඩ දෙමළ ජන ඝාතන ක්‍රියාවලියක්‌ පිළිබඳ අතිශය බලවත් අසත්‍ය තොරතුරු රැසක්‌ ඉදිරිපත් කරයි.

ඉන් සමහරක්‌ මෙසේය.

1. 1956 ජුනි 05 දා සිංහලයන් ද්‍රවිඩයන්ට පහරදීම

2. 1958 මැයි සිට බෞද්ධ භික්‍ෂුන් සහ සිංහල ජාතිවාදීන් ද්‍රවිඩයන් 300 ක්‌ මරා දැමීම ද්‍රවිඩ කාන්තාවන් 200 ක්‌ අතවරවලට ලක්‌කිරීම.

3. 1974 ජනවාරි මාසයේදී යාපන අර්ධද්වීපය තුළදී එල්ල කෙරුණු පොලිස්‌ ප්‍රහාරයක්‌ මගින් ද්‍රවිඩයන් 9 ක්‌ මරණයට පත්කිරීම.

6. 1977 අගෝස්‌තු 12 - 20 අතර කාලයේදී යාපනයේ සිට කොළඹට පැමිණි දුම්රියට ප්‍රහාර එල්ල කිරීම සහ උඩරට කඳුකරයේ ඇති වූ සිද්ධි මාලාවක්‌ මගින් ද්‍රවිඩයන් 300 ක්‌ මියගොස්‌ 1000 ක්‌ තුවාල ලැබීම.

5. 1983 ජූලි කලබලය ද්‍රවිඩයන් 300 ක්‌ මරා දමා ද්‍රවිඩ ස්‌ත්‍රීන් 500 කට අතවර කිරීම ද්‍රවිඩ ව්‍යාපාරික ස්‌ථාන 5000 ක්‌ විනාශ කිරීම.

6. 2008 - 2009 වන්නි සංහාරය (වන්නි යුද මෙහෙයුම)

7. පසුගිය වසර 27 තුළ ද්‍රවිඩයන් 100000 ක්‌ මරුමුවට පත්වීම

8. 2009 ජනවාරි මස සෑම දිනකම ද්‍රවිඩයන් 33 සිට 116 දක්‌වා මරා දැමීම.

9. 2009 මැයි 19 දා වනතුරු දිනකට ද්‍රවිඩයන් 1000 ක්‌ බැගින් මැරීම

10. වන්නියේ 146679 ක්‌ ආගිය අතක්‌ නැත.

11. චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේගේ වාර්තාවට අනුව ද්‍රවිඩ කාන්තාවන් සහ තරුණයන් 200 ක්‌ මරා දැමීම.

12. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයකට ඇති හිමිකම් උල්ලංඝනය කිරීම්.

කීර්ති වර්ණකුලසූරිය
දිවයින

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මේක නේ යහපාලන කාරයෝ ඉල්ලුවේ...කෝ මේ අපිව බේරා ගන්නවා කිව්වා රතන හිමි? චම්පික උගත් බුද්ධිමත් ඉංජිනේරු තුමා, දේශපාලක තුමා, උතුම් ජාතික වාදියා, උගත් තරුණ තරුණියන්ගේ පරමාදර්ශී චරිතය..දැන් කියපියව් අපිට අපි කාලකන්නි සතුටක් විදිනව කියල , සතුටක් නෙමේ ඔයි..අඩන්න කදුළු..නැ

    ReplyDelete
  2. What we build for 2500 years seems to be at risk. Who is going to clean up this mess? Don't say me that Ranil or Mythree will be the savior ..pls. Do not mention the name of Chandrika. either.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions