2/08/2015

ප්‍රභාකරන් නැති රටකට, මහින්ද කුමකට?

කතෘ:යුතුකම     2/08/2015   6 comments

ගෞරවාන්විත සාමය, ආශ්චර්ය හා යහපාලනය

'යහපාලනය' 2015 දී ඔහු පැරදවූ සටන් පාඨය විය. දීන, නිවට සාමය වෙනුවට 'ගෞරවාන්විත සාමය' 2005 දී ඔහු දිනවූ සටන් පාඨය විය.

ගෞරවාන්විත සාමය සහ යහපාලනය අතරමැද වූ සටන් පාඨය වූයේ "ආසියාවේ ආශ්චර්යය" වේ. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී අප මීට වසර දහයකට කලින් නොසිතූ අධිවේගී මාර්ග, නව වරායක් හා ගුවන් තොටුපලක්, ඈත ගම් නියම් ගම් වලට කාපට් පාරවල් ආදිය ඉදිවිය. පදික වේදිකාවන්ට සහ කුඩා පාරවල් වලටත් ගල් අල්ලවන ලදී. කොළඹ නගරය මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් විය. 7%කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත් කර ගන්නා ලදී. ඒකපුද්ගල ආදයම සැළකිය යුතු ලෙස ඉහළ යන ලදී. ඒ ක්‍රියාදාමය තුළ ඇති අය වැඩි වන ලදී. නැති අය අඩුවන ලදී. නමුත් නැති අය අඩුවනවාට වඩා වේගයෙන් ඇති අය වැඩෙන ලදින් ඇති අය හා නැති අය අතර පරතරය වැඩි වන ලදී. ගුණදාස අමරසේකරයන් එහි විපාකය මෙලෙස සඳහන් කර තිබුනි.

"ජනතාවගේ හදවත් තුළ දූෂණ චෝදනා රෝපණය කිරීමට සහාය වූයේ මේ විෂම ඇති නැති පරතරයයි. පීඩනයෙන් ඊර්ෂියාවෙන් පෙළෙන හදවත එය පිට කළේ දූෂණ චෝදනා මගිනුයි."

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ හා දූෂණ චෝදනාවලට අනුකූලතාව දැක්වූවෝ එකතු වු විට සිංහලයන්ගෙන් 45% ක් පමණ ත්‍රස්තවාදය නිමවා වසර පහක් පමණක් ගතවන තැන, මහින්ද රාජපක්ෂ මහතා පැරදවීම සදහා සිය කතිර භාවිතා කළෝය. එය ප්‍රමාණවත් විය.

2005දී රට බේරා ගත්තේ කාගෙන්ද?

2005දී ඔහුට රට බේරා ගන්නට තිබුනේ කාගෙන්ද? අද එයට පිලිතුරු දෙන අයෙක් ඔහුට රට බේරා ගැනීමට තිබුනේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් යයි පවසන්නට ඉඩ ඇත. නමුත් අප දස වසක් ආපස්සට ආවර්ජනය කර බැලුවහොත්, 2005 දී ඔහු ජනපති කරවුයේ ප්‍රභාකරන් නමැති කුරිරු ඝාතකයා මරා දමා මේ රට ඔහුගේ බිහිසුණු උන්මත්තක ත්‍රස්තවාදයෙන් සහමුලින්ම ගලවා ගැනීමට  නොව, ඊට වඩා ආසන්න හා හදිසි වූ කාර්යයක් සදහා බව පසක් විය යුතුය.

භූමිය වෙන්වන සීමා, අවි ආයුධ සන්නද්ධව එම භූමි භාගය තුළ සැරිසැරීමේ අයිතිය, වෙනම බැංකු පද්ධතියක්, වෙනම උසාවි පද්ධතියක්, සෘජු විදෙස් සබධතා යනාදී සියල්ල එදා කොටි ත්‍රස්තයන් විසින් නීත්‍යානුකූල වෙසකින් භුක්ති විඳිමන් සිටින ලදී. යමක් ගිවිසුමක් මඟින් හිමිකර ගැනීම, අවි බලයෙන් බලහත්කාරයෙන් හිමි කර ගන්නවාට වඩා භයානකය. එවැන්නක් ආපසු හැරවීම ඉතා දුෂ්කරය. ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ක්‍රියා නොවන්නට එය ආපසු හැරවිය නොහැකි වන්නටද තිබුනි.

චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයද ෆෙඩරල් රටක් බව තහවුරු කොට තිබුනි. 1994 පමණ පටන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙකම ෆෙඩරල් ස්ථාවරයක පිහිටියේය. එය සාක්ෂාත් නොවූයේ ප්‍රධාන කාරණා දෙකක් නිසාය. පළමු කාරණය නම් රනිල්, චන්ද්‍රිකා යන දෙදෙනාම සුද්දන්ගේ නොබෙල් සාම ත්‍යාගය තමාට ගන්න බලා සිටියවුන් වීමය.

චන්දිර්කාගේ පැකේජය, එයට සියළු එකගතාව ලබාදී සිටියදී රනිල් විසින් පාර්ලිමේන්තුවේදී ගිනි තබවන ලදී. රනිල්ගේ නායකත්වයෙන් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කල්හි චන්ද්‍රිකා අවසන් මොහොතේදී ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ තුනක් පවරා ගැනුමෙන් පසු නොබෝ දිනකින් රනිල්ගේ ආණ්ඩුව වැටුනි. පසුව චන්ද්‍රිකා සුනාමියෙන් හෝ රට ෆෙඩරල් දෙසට රැගෙන යාමට තැත් දැරුවේ සුනාමි සහන මණ්ඩලය සකස් කරන්නට යාමෙනි. එකල ජවිපෙ (මෙකල ජවිපෙට වඩා හාත්පසින්ම වෙනස් පක්ෂයකි) රජයෙන් ඉවත්ව අධිකරණය හරහා සුනාමි සහන මණ්ඩලය ව්‍යවස්ථාවට පටහැනි යැයි ලබා ගත් තීන්දුව නිසා චන්ද්‍රිකාගේ දෙවන වෑයමද ව්‍යවර්ථ විනි.

මේ අනුව බලන කල චන්ද්‍රිකා, රනිල් මාරුවන් මාරුවට මෙරට ඒකීයභාවය නැති කරන්නට උත්සාහ කළ බව පැහැදිලිය. 2005 දී මහින්ද පැරදවූයේ රනිල්ව පමණක් නොව. ඔහු චන්ද්‍රිකාවත් පරාජය කළේය. ඉතා අඩුවෙන් මතු කරන ලද නමුදු මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ ඉතා වැදගත් කාර්යයක් වූයේ චන්ද්‍රිකා විසින් මෙරට ඒකීයභාවයට පිටුපා ෆෙඩරල් ස්ථාවරයක පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ඒකීයභාවය වෙත නැඹුරු කරවීමය.

කරුණු මෙසේ නම් 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට රට බේරා ගන්නට තිබුනේ ප්‍රභාකරන්ගෙන් නොව, ෆෙඩරල් වාදීන් වූ චන්ද්‍රිකා රනිල් යුග්මයෙනි. 2005 දී ඒකීයභාවය මතවාදීමය ජයක් ලැබීය. ත්‍රස්තවාදය පරාජය කර රටේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනුමට සැලැස්වූයේ මුලින් චන්ද්‍රිකා-රනිල් යුගලයෙන් රට ගලවා ගත් පසුවය.

ආරක්ෂකයාගේ භූමිකාව ඉටුකළ ප්‍රභාකරන්

එදා රට දෙකඩ කෙරුමට අවැසි සියළු කාරණා රනිල් වික්‍රමසිංහ විසින් සම්පූර්ණ කර තිබියදීත් 2005දී උතුරේ මිනිසුන් ඡන්දය දැමීම ප්‍රභාකරන් විසින් වැලැක්වූයේය. එසේ නොවන්නට මෙදා ප්‍රභාකරන් ඊළමේ ජනාධිපතිවරයාය. එපමණක් නොව මින් පෙර පැවති සෑම සාම සාකච්ඡාවක්ම කඩාකප්පල් කර දමා රට බෙදෙන දිශාවට ගමන් කරවීමෙන් වැලැක්වූයේද ප්‍රභාකරන් මිස අපගේ ඥානවන්ත දේශපාලකයින් නොවේ. සිංහල මිනිසුන්ගේ අනුවණකම්වලින් ඔවුන් හා සමස්ථ රට දිගින් දිගටම බේරාගන්නා ලද්දේ ප්‍රභාකරන් විසින් යයි කීම ඉතා සාධාරණ ප්‍රකාශයක් යයි සිතමි. රනිල්ට හෝ චන්ද්‍රිකාට හෝ රට ෆෙඩරල් කර ගැනීමට නොහැකි වූ දෙවන ප්‍රධාන හේතුව වූයේ ප්‍රභාකරන්ය. ඔහු දේශපාලනයට බියක් දැක්වූයෙකි. සාම කතාවලට මුවා වී සිය යුධ ශක්තිය වඩවා ගැනීම ස්ඳහා කල් ගැනීමට පමණි ඔහුට අවැසි වූයේ. වඩා ප්‍රායෝගික ලෙස දේශපාලනිකව ටිකින් ටික ඊළම වෙත පිය නගින්නට වුවමනාවක් ඔහුට නොවීය. ඒ වෙනුවට ඔහුට තිබුනේ යථාර්ථයක් කිරීමට ඉතා අසීරු ඉලක්කයකි. ඒ එකවරම සටනක් මඟින් ඊළම දිනා ගැනීමයි.

නිවැරදි ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ නම් සිංහලයා යුද්ධයෙහි ශූරය. නමුත් සිංහලයා දේශපාලනික ගිවිසුම්ගත වීමේදී ඉතා දුර්වල බව ඉතිහසය අපට පෙන්වා දෙයි. මීට වසර දෙසීයකට පෙර 1815 දී ඉංග්‍රීසීනට රට පාවා දෙනු ලැබුවේද යුද්ධයකින් නොව ගිවිසුමකිනි. චන්ද්‍රිකා-රනිල් පාලන සමය තුළ සාමයේ නාමයෙන් ගෙන යන ලද බෙදුම්වාදී මාවත වෙනතකට හැරවීම මහින්ද රාජපක්ෂ මහතාටද එකවරම කළ හැක්කක් නොවීය. එදවස, ලෝකය අදටත් වඩා ඒකධ්‍රැවීය වූවකි. ඒ ඇමරිකාව සහ බටහිර දෙසටය.

මේ රටේ වාසනාවකට එදත් අප පිහිටට පැමිණියේ හැමදාමත් මස් රාත්තලම වුවමනා වූ ප්‍රභාකරන්ය. ඔහු යම් එකඟතාවයකට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී එය කඩාකප්පල් කර දමා සිංහලයාත් රටත් බේරා ගන්නා පුරුද්දක් ප්‍රගුණ කළ එකෙකි. කැළෑ සතෙකු වූ ඔහුට ඝාතන මිස දේශපාලනය අවිෂය විය. අවසන් අවස්ථාවේදී ඔහු මාවිල්ලාරු සොරොව්ව වසා දමා සාමාන්‍යය ජනයාට ජලය අහිමි කළේය.

2015 දී උතුරු නැගෙනහිර ජානතාවගෙන් 80%ක් පමණ ජාතිවාදී බෙදුම්වාදී නායකයින්ගේ වුවමනාවට අනුව හැසුරුනි. එම ආන්තික හැසිරිම මඟින් යහපාලනය සහ ඒකීයභාවය යන දෙක අතරේ දෝලනය වූ සිංහලයන්ගේ බහුතර මතය නිෂේදනය කෙරුනි. 2005 දී උතුරේ ජනතාව ජන්දය දැමීමෙන් වලකා අඥාන සිංහලයාත් රටත් බේරා ගන්නා ලද්දේ මිස්ට ප්‍රභාකරන් විසිනි. නමුත් 2015 දී දුර නොදක්නා සිංහලයාත් රටත් බේරා ගැනීමට 2005දී දුර නොදුටු ඔහු ජීවතුන් අතර නොසිටියේය.

පුනරාගමනය කුමකටද?

දශක තුනක් පුරාවට, සාමයේ සහ සහජීවනයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන්, විටෙක ධර්මයේ නාමයෙන් ගිවිසුම්, අවබෝධතා, එකඟතා ආදී වෙස් ගත් බෙදුම්වාදය නමැති රකුසා ක්‍රියාත්මක වන්නට සැරසුනි. මිනිස් බිලි ගනිමින් හෝ එම රකුසා පළවා හැරි යකැදුරා ප්‍රභාකරන්ය. චන්ද්‍රිකාලාගෙන් රනිල්ලාගෙන් මෙරටට වන්නට ගිය විනාශය වැලැක්වුයේ ඔහුය. ඒ නයින් ගත් කළ ඔහුට මිස්ට ප්‍රභාකරන් යයි කීම වටනේය. තව නොබෝ දිනකින් එළැඹීමට නියමිත ඊලමේ මුල් අදියර වන ෆෙඩරල් රටකට පාර කැපෙද්දී ඉන් රට මුදවාලන්නට මිස්ට ප්‍රභාකරන් අද අප අතර නැත.

ඉහත කී පරිදි ෆෙඩරල් ගමනට වූ අනෙක් බාධාව වූයේ රනිල් චන්ද්‍රිකා ගැටුමයි. අද මේ බාධාවන් දෙකම ඉවත් වී ඇති බව අප වටහා ගත යුතුය. රනිල් සහ චන්ද්‍රිකා එක පිලකට ගෙන ඒමට අද ඉන්දියාවේ සහ බටහිරයන්ගේ වුවමනාව වී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර මහ මැතිවරණයෙන් පසු එජාපය හා ශ්‍රීලනිපය එක් කළ යුතු බව ඔවුන් වටහාගෙන ඇත. එය කළ හැකි හොඳම ක්‍රමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතා ප්‍රසාදය හිමි මහින්ද රාජපක්ෂ මහතාට ඒ තුළ තැනක් අහිමි කර නැවත ශ්‍රීලනිපය චන්ද්‍රිකා හරහා ඒකීයභාවයට එරෙහි ආස්ථානයක් වෙත දක්කාගෙන යාමය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් එම කොන්ත්‍රාත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇතිද නැතිනම් ඔහුද චන්ද්‍රිකා මෙන්ම තම පැවැත්ම සඳහා මහින්ද මහතා වෙත ඇති ජනතා ආකර්ෂණය තමාට තර්ජනයක් ලෙස දකිනවාදැයි අපි නොදනිමු. නමුත් ඔහු ඒ වෙනුවෙන් තමා රටේ ජනපතිවරයා වශයෙන් වුව මුසා බස් දොඩන්නට  පවා පසුබට නොවන බව අපි දුටිමු. ඔහුගේ පළමු රූපවාහිනී සංවාදයෙන් වැඩිම කාලයක් වෙන්වූයේ මහින්ද මහතාට සෘජුව සහ වක්‍රව දොස් කීමටය.

මුළු රටටම හොරෙන්, කැබිනට්ටුවට හා පාර්ලිමේන්තුවට හොරෙන් ප්‍රභාකරන්ට රට කොළයකට ලියා දුන් රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අනතුර පෙනි පෙනී තිබියදීම මේ ලංකාද්වීපයේ මිනිසුන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් එනම් 48.43% ක් 2005දී ඡන්දය ලබා දුන් බව අප අමතක නොකළ යුතුය. එදා ඇස් පනාපිට සිටි රකුසා මෙරට මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් නොදිටීය. මෙවර රනිල් චන්ද්‍රිකා, හකීම් සහ සම්බන්ධන් යන ෆෙඩරල්වාදීන් සිටියේ යහපාලනයට මුවා වීය. එය නොදිටීම අරුමයක් නොවේ.

අද ලංකාව, 2005 දී මහින්ද මහතා බලයට පත් වන්නට පෙර තිබූ තැනට වඩා භයානක තැනකට පත්වී ඇති බව අපට පෙනී යා යුතුය. අද ජවිපෙ සහ හෙළ උරුමය මෙන්ම ජන මාධ්‍යයද යොදා ගැනෙන්නේ මිනිසුන් නා නා සිහිනවල ගැන්වීම සදහාය. අවධානය අවදානමෙන් විතැන් කොට යහපාලන ස්වප්නයක නොහැකි වුවහොත් හොරුන් ඇල්ලීමේ ස්වප්නයක හෝ ජනතාව නිද්‍රෝපගත කිරීම ඔවුන්ගේ කාර්යය වී ඇත. රනිල් සහ චන්ද්‍රිකා එදා පටන් තමන් තැත් කර ව්‍යවර්ථ වූ ෆෙඩරල් වෑයම ගන්නා බව අර සිහින බලමින් නින්දේ සිටින ජනයා නොදකියි, නොදනියි.

2005 දී ඉතිහාසය විසින් මහින්ද රාජපක්ෂ මහතා කැදවන ලද්දේ රනිල් චන්ද්‍රිකා යුගලය විසින් වනසන්නට ගිය මේ රටේ ඒකීයභාවය රැක ගැනුමේ ඓතිහාසික කාර්‍ය්ය සඳහාය. වසර දහයක් ඇවෑමෙන් 2015 දී නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසය විසින් යලි ඉල්ලා සිටින මොහොතකි මේ. අවාසනාවකට මෙන් ඒ අළුත් කාර්යභාරයක් පැවරීමට නොව. මින් දශකයකට ඉහත දී ඔහු වෙත පවරන ලද කාර්යය වූ රනිල්-චන්ද්‍රිකා යුග්මයෙන් ප්‍රභාකරන් නමැති ආරක්ෂකයා ද නොමැති මේ රට ගලවා ගැනුමටය.

අද, එදාටත් වඩා මෙය තීරණාත්මක වන්නේ රනිල්-චන්ද්‍රිකා යුග්මය ගනුදෙනු කරන්නේ නාහෙට නාහන, ඉන්දියාවත් සමග විරසක වූ ප්‍රභාකරන් සමඟ නොවන නිසාය. ඒ වෙනුවට දැන් ගනුදෙනුව ඇත්තේ දැන් ටිකක් පසුව හුඟක් න්‍යාය අනුගමනය කරන, ඉන්දියාවට වුවමනා පරිදි කටයුතු කරන, සිය අරමුණ කරා යාමේදී ප්‍රභාකරන්ට වඩා ප්‍රායෝගික වන දෙමළ සන්ධානය සමඟය. අපගේ වත්මන් ජනපති අදින මෝදිගේ ඇදුමේ හුදු ඇදුමකට එහා ගිය දේශපාලන අර්ථයක්ද ඇති බව අප තේරුම්ගත යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාට වුව රනිල් චන්ද්‍රිකා ග්‍රහණයෙන් ගැලවී මෝදිගේ ඇදුමද ගලවා දමා නිදහස් විය හැකි එකම පිළියම මහින්ද රාජපක්ෂ පමණි. එසේ නොවුනහොත් සිය දහස් ගණන් දිවි පුදා රැක ගත් මේ රට ඇමරිකානු, බටහිර සහ ඉන්දියානු අභිලාෂයන්ට ගොදුරු කළ මෙරට පහළ වූ අපකීර්තිමත්ම ජනාධිපති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝකාලීනව ඉතිහාසයට එක්වීම වැලැක්වීම ඉතා දුෂ්කර වනු ඇත. කෙටි කාලීනව එම සත්‍යය නොයෙකුත් සංදර්ශන මඟින් ජනතාවගෙන් ඈත් කර තැබීමට ඔහු වටා සිටින කේවට්ටයින් සමත් වනු ඇත.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com


, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. විමලසේන2/08/2015 10:31 PM

    අමරසේකර මහතා වැනි බුද්ධිමතුන් හා මෙරට මහා සංඝ රත්නය එක්ව, බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ මෙහෙයවීමෙන් සකස් කරන ලද බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව 2014 පෙබරවාරි 6 වනදා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. එය නිසි දේශපාලන බරකින් වටහා ගෙන ඊට ප්‍රමුඛතාව දී ඔහු ක්‍රියා කරන ලද නම් රටට යහපතක් වන අතරම විපක්ෂයට යහපාලනය යන තේමාව මෙරට ජනතාව වෙත ගෙනයාමට ඇති ඉඩකඩද ඇහිරී යන්නට තිබුනි.

    ReplyDelete
  2. සුදු පුතා2/09/2015 10:05 AM

    මහින්ද ඕනෑ කුමකටද යන්න මනාව පැහැඳිලි කර ඇත. යහපාලන සෙට් එකට තේරෙයිද දන්නේ නෑ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions