මේ රට සිංහල බෞද්ධ සභ්‍යත්වය අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව පැවත එන්නෙකි. අතීතයේ දී සීහළද්විපය යන නමින් ප්‍රකට වූ මෙම දිවයිනට දිගින් දිගටම ආ සතුරු අන්තරායන්ගෙන් නමි හිඟ පාඩුවක් නො වී ය. මෙවන් වූසතුරු ආක්‍රමණයන්ගෙන් අනාගතයේ දී දඇති විය හැකි විපත් මැනැවින් තේරුමිගත් මහාවිහාර වාසී භික්‍ෂුවක වූ මහානාම හිමියන් විසින් මහාවංශය ලියන ලද්දේ එවන් විපත් වලින් මෙරට සභ්‍යත්වය රැක ගැනීම සඳහා අවශ්‍යය වන ච්න්තනය සකස් කර දීම සඳහා ය. වෙනත් වචන වලින් කියතොත් සිංහල සභ්‍යත්වයේ පදනම වූ ථේරවාද බුදු සමය රැක ගැනීම සඳහා වූ රාජ්‍ය දේශපාලන ච්න්තනය පාදා දීම උදෙසා ය. උන් වහන්සේ මහවංශය රචනා කිරීමෙිදීඑතෙක් පැවැති ආගමික, සාහිත්‍යය මූලාශ්‍ර මෙන්ම ජනශ්‍රැතිය ද යොදා ගත්තෝ ය. මහවංශය තුළ එතුමා නිර්මාණය කළ අසාමාන වූ වීර චරිතය යි ගැමුණු මහරජ තුමා.
මෙම චරිතය යොදා ගෙන ජයන්ත චන්ද්‍රසිරි නමි වූ සිනමාවෙිදියා නිර්මාණය කළ මහරජ ගැමුණු චිත්‍රපටය පිළිබඳව මෙම සටහන ලියන්නේ එය විශිෂ්ට වූ සිනමා කාව්‍යයක් වූ නිසාම පමණක් නොව මෙම නිර්මාණය තූළ රාජ්‍ය ආරක්‍ෂාව හා බුදු සමය රැක ගැනීම අතර ඇති සමිබන්ධය පිළිබඳව ජයන්ත විසින් ඉදිරිපත් කරනු ලබන මතවාදයේ ඇති කාලීන වැදගත් කමත් සළකා ය. සිංහල බෞද්ධ ච්න්තනය තුළ සකස් වුනු දෘෂ්ටියකින් නිර්මාණකරණයේ යෙදෙන සිනමා කරුවකු වූ ජයන්ත චන්ද්‍රසිරිගේ සෑම නිර්මාණයක් ම කාලීන වශයෙන් වැදගත් වන්නේ එම නිර්මාණ තුළින් නූතනත්වය තුළ සිංහල බෞද්ධ සභ්‍යත්වය මුහුණ දෙන අර්බුද සහ ගැටුමි ගැඹුරෙන් සංවාදයට ලක් කෙරෙන බැවිනි. එහෙත් අවාසනාව නමි ජයන්තගේ නිර්මාණ අරභයා ඇති විය යුතු වූ ආකාරයේ ගැඹුරු සංවාදයක් ඇතිකර ගැනීමට මෙරට ප්‍රේක්‍ෂකයන් මෙන් ම විචාරකයින් ද තවමත් අසමත් වී සිච්මයි. මහරජ ගැමුණු චිත්‍රපටයේ ඇති කාලීන වැදගත්කම සළකා බලන කළඑය ඓතිහාසික ච්ත්‍රපට රැල්ල අතර කාලයේ වැළි තලාව මත සැඟවී යෑමට කිසිසේත් ම ඉඩදිය හැකි නිර්මාණයක් නොවෙි.
මෙම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ’මහරජ ගැමුණු’ නම් වූ රූප කාව්‍යයක් බඳු වූ විශිෂ්ට සිනමා කෘතිය පිළිබඳව විචාරයක් ඉදිරිපත් කිරීමට නොව ඒ තුළින් බෞද්ධ රාජ්‍ය තන්ත්‍රය සහ රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳව මතු කරණ මතවාදයන් පිළිබඳව සමාජ කතිකාවතක් වහ වහා නිර්මාණය කරගැනීමෙි ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරවීමට යි. ඒ මෙි රට සුරැකීමත් ථෙරවාදය සුරැකීමත් යනු දෙකක් නොව එකක් යන්න එදාට මෙන්ම අදට ද එක සේ ම වලංගු වන යථාර්ථයක් වන බැවිනි.
අප්‍රමාණ වූ මනුෂ්‍ය ඝාතන වල යෙදිමින් දිග්විජය කළ චණ්ඩාසෝක නමින් ප්‍රකට වූ අසෝක අධිරාජ්‍යයා සිය ප්‍රචණ්ඩත්වය ගැන කළකිරී බුදු සමය වැළඳ ගත්තේය. ධර්මාසෝක නමින් ප්‍රකට වූ එතුමා මගධ දේශයට සීමා වී තිබුනු බුදු සමය මුළු ආසියාකරය පුරාම පැතිරවීමට පියවර ගත්තේ ය. අවිහිංසාව මුල් කරගෙන රාජ්‍ය පාලනයෙහි යෙදුනුූ අසෝක අධිරාජ්‍යයාගෙන් පසුව එතුමා විසින් ප්‍රචලිත කරන ලද ථේරවාදය (විභජ්ජවාදය) ඉන්දියාව තුළ වැඩි කලක් සුරැකුනේ නැත. එම දහම අදට ද පවතින සේ රැක ගන්නා ලද්දේ ආක්‍රමණිකයන්ගෙන් රට රැක ගැනීම සඳහා යුද වැදුනු ශ්‍රේෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ගැමුණු මහරජතුමා විසින් ය. සැදැහැවත් බෞද්ධයකු වූ එතුමා ආක්‍රමණිකයාට එරෙහිව යුද වැදුනේ මෙි රට සුරැකීමත් ථේරවාදය සුරැකීමත් යනු දෙකක් නොව එකක් බව මැනැවින් අවබෝධ කරගෙන සිටි බැවිනි.
මහවංශයේ මෙන් ම ජයන්ත චන්ද්‍රසිරි ගේ සිනමා නිර්මාණය තුළ ද දැක්වෙන පරිදිම ගැමුණු රජතුමා යුද ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන්නේ බුද්ධ ශාසනයාගේ පිහිටු වීම පිණිස ම මිස කිසි කළෙකත් රජ සැප පිණිස නොවෙි ය යන ප්‍රකාශය කරමිනි. බෞද්ධ රජෙකු වූ ගැමුණු රජුගේ මෙි ප්‍රකාශය අතිශයින් වැදගත් වනුයේ, එතුමාගේ එම මැදිහත් වීම නොවන්නට අද වන විට ථේරවාදී බුදු සමය මෙරටින් පමණක් නොව මුළු ලෝකයෙන් ම තුරන් වී යෑමට බොහෝ සෙයින් ම ඉඩකඩ තිබුනු බැවිනි. ථෙරවාදී බුදු සමය සජීවී දහමක් බවට පත් වූයේ එය සීහළද්වීපය තුළ දී සිංහල බුදු දහම බවට පත් වීම මඟිනි.
ඉන්දියාවෙන් බුදු සමය තුරන් වී යෑමත් සමඟම බුදු දහම විවිධ රටවල සුරැකුනේ එම රටවල් වල සංස්කෘතික ලක්‍ෂණ උකහා ගනිමින් ඒවා සමඟ සමිමිශණය වෙමින් යන අදීන දහමක් බවට පත් වෙමිනි. විවිධ රටවල ස්ථාපිත වුනු එම බුදු දහම හඳුන් වන්නේ ද ච්න බුදු දහම, ජපන් බුදු දහම, ටිඛෙටි බුදු දහම යන නමි වලිනි. ඉහත සඳහන් රටවලට මහායාන බුදු සමය සංක්‍රමණය වීමට බොහෝ කලකට පෙර සිහළද්වීපයට සංක්‍රමණය වූ සථවිරවාදී සමිප්‍රදායක් වූ විභජ්ජවාදය කාලානුරූපව විකාශය ච් සිංහල බුදු දහම බවට පත් විනි. මෙසේ නො වන්නට සර්වස්ත්‍රවාදය, සෞතන්ත්‍රවාදය ආදී අනිකුත් මුල් සථවිරවාදී සමිප්‍රදායන්ට අයත් වූ ඉරණම ම අත් වී ථෙරවාදී බුදු දහම හුදු ශාස්තී්‍රය වැදගත් කමක් පමණක් ඇති විෂයක් බවට පත් වීම නොවැළක්විය හැකි වනු ඇත. අද ථෙරවාද බුදු සමය ලෙස හඳුන්වන්නේ සිංහල බුද්ධාගම ම බව බොහෝ දෙනාට අමතක වී ඇතුවා සේ ය. යුදයට වන් ගැමුණු කුමරු බුදු සසුන රැක ගැනීමත් සිංහල දේශය රැක ගැනීමත් දෙකක් නොව එකක් බව ප්‍රකාශ කරන්නේ මෙි අර්ථයෙනි.
කවර තත්වයන් යටතේ වුන ද හිංසනය හා ඝාතනය සමිපූර්ණයෙන් ම පිටු දකින දහමක් අදහන ගැමුණු කුමරුන් හට යුද්ධ ක්‍රියා මාර්ගයට අවතීරණ වන්නට සිදු වන්නේ මේ යුතුකම ඉටු කරනු උදෙසා ය. මහානාම හිමියන් විසින් සුවිශේෂී වීර චරිතයක් බවට පත් කරණ ලද ගැමුණු රජුගේ ඓතිහාසික මැදිහත් වීම එතුමාගෙන් පසුව මෙරට පහළ වූ බොහෝ ශ්‍රේෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයනට පූර්වාදර්ශයක් විය. මහරජ ගැමුණු සිනමා පටය තුළින් ජයන්ත ප්‍රතිනිර්මාණය කරනු ලබන ගැමුණු රජතුමා බොහෝ දෙනාගේ සිත සුව පිණිස රැකගත යුතුව ඇති බුදු සමය රැක ගැනීම සඳහා බදු සමයේ එන ඒකායන විමුක්ති මාර්ගය වූ නිර්වාණ මාර්ගය ඉවත ලයි. මෙි ජීවන දර්ශනය එතුමාට කියා දෙන්නේ සිංහල බුදු සමයේ ඉමහත් පූජනීය සංකේතය වූ සිරි මහ බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ සම්ප්‍රදායික සටන්කාමී පරපුරකින් පැවත එන නන්දිමිත්‍ර විසිනි. ශ්‍රාවක බෝධිය විමුක්ති මාර්ගය ලෙස ගැනෙන තරමක් දුරට ආත්මර්ථකාමි ප්‍රතිපදාවක් ලෙස ඇතමුන් විසින් සළකනු ලබන ථෙරවාදී සමිප්‍රදාය ඈත අතීතයේ සිට ම මේ රට තුළ අදීන සංස්කෘතික ලක්‍ෂණ උකහා ගනිමින් වැඩුනු දහමක් බව තේරුමි ගැනීමට ඉහත සඳහන් කරුණ උපකාරී වෙතැයි සිතමි. මෙය අනිකුත් ලෝකවාසී සත්වයන් සියළු දෙනාම සසරින් එතෙර කරන තුරු තම පුද්ගල විමුක්තිය පමා කර ගන්නා මහායාන සමිප්‍රදාය අනුකරණය කිරීමක් ලෙස ම සැළකීමට තරම් අප ඉක්මන් විය යුතු නොවෙි. තම රට මෙන් ම ජනතාව ද සුරැකීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට ද වඩා විශාල පරිත්‍යාග කිරීමට බෞද්ධ රටවල නායකයිනට සිදුවන බව පමණක් මෙහි ලා සටහන් කරමි.
ආක්‍රමණිකයාට (එළාරට) එරෙහිව යුද්ධය කෙරීගෙන යන අතරතුරදී පරාජිතයන්ට නිදහසේ පලා යෑමට ඉඩ සළසා දෙන මෙන් ගැමුණු රජතුමාසිය සෙනවියන්ට උපදෙස් දෙයි. එහිදී ගැමුණු රජතුමා බලාපොරොත්තු වන්නේ පලායන්නා කුමන ජන පදනමකට තරාතිරමකට අයත් වුවද කාලයත් සමඟ ඔවුනට සිය අනන්‍යතාවය රැක ගනිමින් සිංහල බෞද්ධ සභ්‍යත්වය තුළට අවශෝෂණය ච්මට හැකි වාතාවරණයක් ඇති කිරීම තුළ ඔවුන් තව දුරටත් ආක්‍රමණිකයන් නොවන තත්වයකට පත්වෙන බව ය. ගැමුණු රජුගෙන් පසුව ද ඔහු අනුගමනය කරමින්මෙරටින් ආක්‍රමණිකයන් පලවාහැරි සියළුම රජවරු මෙවන් වූ සහනශීලී පිළිවෙලක් අනුගමනය කළ හ. මෙ රට ආක්‍රමණය කළ බටහිර අධිරාජ්‍යවාදීන් විසින් සිය දේශපාලන ආර්ථික හා සංස්කෘතික න්‍යාය පත්‍රයන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා මෙරට සුළු ජාතීන් නිර්මාණය කර ඔවුන් සිංහල බෞද්ධ සභ්‍යත්වයට අනුගත නොවන බලවිගයක් ලෙස බල ගන්වන තුරු ම සිංහල නරපතියන්හට පලායන්නන් හඹා යෑමෙි අවශ්‍යයතාවයක් නොවී ය. මන්ද පලායන්නන් අවසනදී මෙරට සභ්‍යත්වය වැළඳ ගන්නා බැවිනි. මෙරට වෙනම ද්‍රවිඩ ජනවර්ගයක් මුලින් ම නිර්මාණය වූයේ බටහිර අක්‍රමණිකයන් විසින් මෙරට සභ්‍යත්වයේ පදනම වූ කෘෂි ආර්ථිකය බිඳ දමමින් ඇති කරණ ලද වෙළඳ භෝග වතාව සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද කමිකරුවන්ගෙන් බව ආචාර්ය නලින් ද සිල්වා මහතා විසින් වරින් වර පෙන්වා දී තිඛෙි. ඉන් අදහස් වන්නේ ඊට පෙර යුග වලදී මෙරටට දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් නොපැමිණි බව නොව එසේ පැමිණියවුන් ක්‍රම ක්‍රමයෙන් මෙරට පැවැති සභ්‍යත්වයට අනුගත වූ බව යි. අනාදිමත් කාලයක් තිස්සේ මෙරටට සංක්‍රමණය වූ මුස්ලිමි ජාතිකයින් සිංහල ජනතාව අතර සිය අනන්‍යතාවය රැකගෙන ජීවත් වූ අතර ඔවුන් වෙන ම ජන වර්ගයක් ලෙස කි්‍රයා කිරීමට පටන් ගත්තේ පසු ගිය සියවසේ අවසන් කාලයේ දී සෝවියටි දේශය ඇතුළත් වූ සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු සභ්‍යත්වයන් අතර ගැටුමි නිර්මාණය (ජක්ිය දෙ ජසඩසකසz්එසදබි) වීමෙි ප්‍රවණතාවය ලෝකය තුළ ආරමිභ වීමත් සමඟ ය.
සිය යුද ක්‍රියා දාමයේ දී ගැමුණු මහරජ තුමාට මුහුණ දීමට සිදු වූ තවත් ගැටළුවක් නම් ආක්‍රමණිකයා ධර්ම දේශකයාගේ වෙස්ගෙන ධර්මය දේශනා කරන විට දී එයට එරෙහිව ක්‍රියා කළ යුතු ආකාරය කෙසේදැයි යන්න තීරණය කිරීමයි. ගැමුණු මහරජ ද මුහුණ පෑ මෙම උභතෝකෝටිකය වර්තමානයට ද එක සේ වලංගුය. මෑත ඉතිහාසයේ දී මෙරට ක්‍රියාත්මක වුනු කොටි ත්‍රස්තවාදය මෙන් ම වර්තමානයේ දී ද මෙ රටට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින මෙි රට දෙකඩ කිරීමෙි න්‍යාය පත්‍රය ද බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයින්ගේ උවමනාව මත ම ක්‍රියාත්මක වන්නක් බව තව දුරටත් වසං කළ නො හැකි ය. මෙහිදී අධිරාජ්‍යවාදීන් මෙන් ම ඔවුන්ගේ දේශීය ඒජන්තයන් ද ධර්මයට මුවා වෙමින් බුදු දහම කිසිසේත් ම යුද්ධය අනුමත නොකරන මානව හිතවාදී ආගමක් බව ද ඉවසීම බෞද්ධයන් සතු වියයුතු අනිවාර්ය ගුණයක් බව කියමින් දිගින් දිගටම මෙරටට විරුද්ධව ආක්‍රමණය මුදා හැරීම අනුමත කරනු දක්නට ලැබිනි.
යටත් විජිත යුගයේ දී මෙ රටට පැමිණ බුදු සමය හැදෑරූ බටහිර පඬුවන් හා බුද්ධිමතුන් විශ්මයට පත් කිරීමට සමත් වූ එය තුළ වු එක් ගුණයක් නම් අනෙකුත් ආගම් හා මතවාද ඉවසීමේ ගුණය යි. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තුළ මෙරට බුදු සමය සුරැකුනේ සිංහල බෞද්ධ සභ්‍යත්වය තුළ එයට සාපේක්‍ෂව බව තේරුම් නොගත් බටහිර උගත්තු බුදු සමය විශ්ව ආගමක් ලෙස දුටු හ. මෙරට බුදු දහම වැඩුනු සංස්කෘතික පරිසරය නොසළකා හැරි ඔවුහු බෞද්ධයින්ගෙන් විශ්ව සාධාරණ ප්‍රතිපදාවක් අපේක්‍ෂා කළෝ ය. එනම් බෞද්ධයන් තමනට විරුද්ධ ව ක්‍රියාත්මක වන බලවේග වුව ද ඉවසා සිටිය යතු ය යන මතයක් ගොඩ නැගීම යි. මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතික බෞද්ධ පඬිවරයෙකු වූ ෆ්‍රැන්සිස් ස්ටේා්රි (අනගාරික සුගතානන්ද) මහතාට අනුව බෞද්ධයින්ගේ ඉවසීමෙි ගුණය තරම් අන්‍යාගමිකයින් විසින් තමන්ගේ වාසියට යොදා ගත් තවත් දෙයක් ලොව නොමැති තරම්ය.
ගැමුණු මහරජ විසින් රට රැකීමත් ථේරවාදය සුරැකීමත් එකක් ලෙස සළකා ක්‍රියා කර ඒ සඳහා අවශ්‍ය චින්තනය ද සකස් කර දෙන ලද බැවිනි ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරමම් ඈත කාලයේ සිටම සිංහලද්වීපය ලොව ථේරවාදී බුදු දහමෙි මූලස්ථානය බවට පත් වූයේ. එදා සිටම අද දක්වාත් සිය වස් ගණනාවක් තිස්සේ ලොව ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය වශයෙන් පැවතුනේ මේ රට යි. මෙරට යළිත් ලොව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්කරන බව වර්තමාන රාජ්‍ය නායකයින් ප්‍රකාශ කරයි. එය සැබැවින් ම ක්‍රියාවට නැගීමට අවශ්‍ය නම් කාලයේ වැලිතලාව හරහා මහානාම හිමියන් විසින් රැකගෙන ආ ගැමුණු කුමරුන්ගේ පණිවුඩය හොඳින් තේරුම් ගත යුතු ය. එනම් ඒ සඳහා මුලින් ම කළයුතු වන්නේ ආක්‍රමණිකයා උපක්‍රමශීලීව හා තීරණාත්මක ලෙස පරාජය කිරීම යි.
ආක්‍ර්‍රමණිකයා පරාජය කිරීමට නම් අප ආක්‍රමණිකයා නිවැරදිව හඳුනා ගත යුතු ය. දහ අට වැනි සියවසේ සිටම මෙි දක්වාත් අප රටට විරුද්ධ ප්‍රධාන ආක්‍රමණික බලවේග බවට පත් ව ඇත්තේ එංගලන්තය හා අනිකුත් බටහිර රටවල් ය. අද මේ රට ඛෙදා වෙන් කිරීම සඳහා වළිකන දෙමළ ජාතිවාදී කොටස් මෙ රටට බලපෑම් ඇති කරන්නේ එම රටවල් හරහා ය. මෙම බටහිර රටවල් එදත් අදත් හෙටත් මෙි රටට විරුද්ධ වන්නේ ඔවුන් දැනටත් මෙි රට ථෙරවාද බුදු සමයේ මූලස්ථානය ලෙස සළකන බැවිනි. අනිකුත් මතවාද නොඉවසන ඔවුන් මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වය විනාශ කිරීමට කාලයක් තිස්සේ සැළසුමි ක්‍රියාත්මක කරයි. ඔවුහු සියවස් ගණනාවක් තිස්සේ මෙරට තුළ ක්‍රියාකාරී වූයේ මෙම අරමුණ සාක්‍ෂාත් කර ගැනීද උදෙසා ය. මෙරට වර්තමාන පාලකයන්ට මේ රට ථෙරවාද බෞද්ධ දර්ශනය ලොවටම බෙදා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය නම් ඔවුන් මුලින් ම කළ යුත්තේ මේ රට කැබැලි කිරීමට වෙර දරන බටහිර ආක්‍රමණිකයින්ගේ ආධිපත්‍යයෙන් මිදීමට උත්සාහ ගැනීම යි. නො එසේ නම් ආක්‍රමණිකයා ධර්ම දේශකයාගේ වෙස් ගෙන අපට බුද්ධ ධර්මයේ මූල ධර්ම කියා දෙමින් සිංහල (ථෙරවාද) බුදු සමයත්, රටත් යන දෙකම විනාශ වී යනතුරු ඉවසීමට අපට උගන්වනු ඇත. එවිට සිංහල බෞද්ධයාට ලොව සියලූම දේ මෙන්ම බුදු දහම ද අනිත්‍යයි කියා ධර්මය පසක් කළ හැකි වනු ඇත.
මහනාම හිමියන් විසින් මහාවංශය රචනා කරන ලද්දේ ථේරවාදය ආරක්‍ෂා කිරීමෙි මඟ කියා දීමටයි. ජයන්ත චන්ද්‍රසිරි මහරජ ගැමුණු රචනා කළේත් එය සුන්දර වූ රූප කාව්‍යයට නැගුවේත් ඒ සඳහාම ය. මෙි සිනමා පටය මේ යුගයේ දී අප ඉතාමත් ගැඹුරෙන් හැදෑරිය යුතු යැ යි මා යළි යළිත් පවසන්නේ එබැවිනි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි (0777920104)
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඇතැම් විකල්ප ගෝත්‍රයේ උන් කුහක ලෙස මේ චිත්‍රපටය ගැන ලියා තිබෙනවා දැක්කා. ඔබ තුමා එය නැවැරදි කර හොද අර්ථකතනයක් දී තිබෙනවා. ඔබට ජය!
ReplyDelete