නුගේගොඩ රැලියට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබා දුන් සංඥාව නිවැරදි ව කියවීමට සමත් වීම එම පක්‍ෂයේ අනාගතය තීරණය කරන ප්‍රමුඛතම සාධකය වනු ඇත. එජාපය වැනි පක්‍ෂ ශක්තිමත් නායකයෙකු නොමැති තැන අන් පක්‍ෂයක නායකයෙකු යටතේ බලය ගන්නට හිත හඳාගත් පසුබිමක ශ්‍රිලනිපය තම මුවහත් කඩුව ගෙයි මුල්ලක සඟවා තබා යුද්ධ කරන්නට සැරසෙනු බව පෙනේ. නුගේගොඩට පිටුපෑම ශ්‍රිලනිපයට පමණක් නොව, රටට ද සියදිවි නසා ගැනීමට කරන ඇරයුමක් බව අවධාරණය විය යුතු ය. මින් වඩ වඩාත් සතුටු වනු ඇත්තේ මෙරට බහුතරය බෙදා වෙන්කොට, තීරක බලය තමා වෙත නතු කොට ගෙන මෙම රට නැවත අරාජික කරන්නට, අස්ථාවර කරන්නට මාන බලමින් සිටින දෙස් විදෙස් බෙදුම්වාදී කණ්ඩායම් බව අප සිහිතබා ගත යුතු ය.
සිය පුද්ගලික අපේක්‍ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හා තවත් අතලොස්සක් දෙනා නුගේගොඩ රැලිය හා එහි බලපෑම පිළිබඳ මාධ්‍යයට කරනු ලබන ප්‍රකාශ ශ්‍රි ලංකා නිදහස් පාක්‍ෂිකයින් මහත් කළ කිරීමට පත්කරන ඒවා බව කිව යුතු ය. විශේෂයෙන් ම මහින්ද ඉලක්ක කර ගනිමින් ශ්‍රිලනිප ජයග්‍රහණ එක් පුද්ගලයෙකුගේ පමණක් නොවන බවට වූ ප්‍රකාශය දේශපාලන කුහක බව උපරිමයෙන් පළ කරන බව අවධාරණය කරමි. තවද මහින්ද වෙනුවෙන් වූ නුගේගොඩ රැළියේ අපේක්‍ෂාව විමල්ට අගමැති කම ලබා ගැනීමේ උත්සාහයකට ලඝු කිරීම දේශපාලනික ව නොමේරූ ප්‍රකාශයකි. නුගේගොඩ වන් රැළියක අවශ්‍යතාව මෙරට බහුතරයේ ඉල්ලීක් වූ බව ඊට සහභාගී වූ හා ඊට ආශීර්වාද කළ විශේෂයෙන් මෙරට තරුණ කොටස් ඇතුළු සබුද්ධික ජනතා හරස්කඩෙන් පිළිබිඹු වේ. ශ්‍රිලනිපය නුගේගොඩ සාධකය සම්බන්‍ධයෙන් ආඩම්බර විය යුතු ය. ඇත්ත වශයෙන් ම නුගේගොඩ වන් රැළියක් සංවිධානය කළ යුතු ව තිබුණේ ශ්‍රිලනිප නායකත්වයෙනි. අන් පක්‍ෂ එකී කාර්ය වෙනුවෙන් කර ගැසූවේ මේ පිළිබඳ ශ්‍රිලනිපයෙන් පළ වූ කන් පැළෙන තරමේ නිහඬත්වය නිසා නොවේ ද?
ශ්‍රිලනිපය ලැබූ ජයග්‍රහණ මහින්දගේ පමණක් නොවන බව සැබෑවකි. එනම් ඒවා මහින්ද නැමැති පංචස්ඛන්‍ධයේ ජයග්‍රහණ නොවේ. කොටින් ම මෙහි දී අප සිහිකරගත යුත්තේ මහින්ද යනු හුදු පංචස්ඛන්‍ධයක් පමණක් නොවන බව ය. ඔහු දෘෂ්ටිවාදයකි. ඔහු මතයකි. ඔහු අදහසකි. පසුගිය සමයේ රටට ගෙනා සියළු ජයග්‍රහණ මෙම දෘෂ්ටිවාදයේ, මතයේ හා අදහසේ ජයග්‍රහණයන් ය. නුගේගොඩට මිනිසුන් පැමිණියේ ද අද ලක්‍ෂ ගණනින් මැදමුලන යන්නේ ද ද මහින්ද නැමැති පුද්ගලයා වෙනුවෙන් පමණක් නොවේ, ඉහත කී ඔහු නියෝජනය කළ දෘෂ්ටිවාදය හා මතය වෙනුවෙන් ය. ඔහුට පසුගිය ජනපතිවරණයේ දී ඡන්දය ලබා දුන්නේ ද එම මතය නියෝජනය කළ මෙරට බහුතරයේ බහුතරය හා මෙම දිවයින එක් රටක් ලෙස තිබිය යුතු යැයි විස්වාස කරන දේශප්‍රේමී සුළුතරයේ කොටසකි.
මහින්ද යනු වැය වූ බලයක් නොවේ (spent force). මියගිය තරුවක් ද නොවේ. ඔහු බුර බුරා නැගෙන අග්නියකි. ඔහුගෙන් විහිදෙන න්‍යෂ්ටික ශක්තිය තව වසර ගණනාවක් දැවෙනු ඇත. දෙව්දත් විසින් නාලාගිරිට රා පොවා බුද්ධත්වය පැහැර ගන්නට කළ උත්සාහය අසාර්ථක වූයේ බුද්ධත්වය යනු බුදුන් වහන්සේ මත කිසිවෙකු විසින් පැට වූ හෝ කිසිවෙකු විසින් උන් වහන්සේට පැවරූ දෙයක් නොව, උන් වහන්සේ විසින් ම දැන අවබෝධකරගත් දෙයක් නිසා ය. එහි දී උන් වහන්සේගේ නොයෙක් ගුරුවරුන් හා හිතවතුන් ඊට සහායක් වූ බව සෑබෑ ය. එහෙත් බුදු වූයේ බුදුන් ය. මහින්ද මෙරට ආධ්‍යාත්මයේ මුදුන බවට පත් වීමේ දී ද ඔහුට සහාය වූ පිරිසක් සිටිති, පක්‍ෂ තිබෙති. එහෙත් අවසානයේ මහින්දත්වය ලැබූයේ මහින්ද ය. අන් කිසිවෙකු නොවේ. ශ්‍රිලනිප නායකයින් වත්මන් දෙව්දත් චරිතයට පණ පෙවිය යුතු නැත යන්න අපගේ හැඟී ම ය.
ඉදිරි මහමැතිවරණයක දී මහින්ද නොමැති ව ශ්‍රිලනිප අපේක්‍ෂකයින් ගමට යන්නට සිතාගෙන සිටී නම් එය මේ සියවසේ ඔවුන්ගේ ලොකුම මුළාව බව වටහාගත යුතු ය. ශ්‍රිලනිප පාක්ෂියා තම ඡන්දය ලබා දුන්නේ පක්‍ෂයකට නොව මහින්දට ය. මහින්ද නමැති මතයට ය. ශ්‍රිලනිප නිර්මාතෘ ශ්‍රීමත් එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකයන්ගේ දියණිය වූ ද දෙවරක් මෙරට ජනපති වූ ද මෙවර ජනපතිවරණයේ දී මෛත්‍රී වෙනුවෙන් උපරිමයෙන් දර දිය ඇද්දා වූ ද, මහින්ද තමාට කළ ඊනියා හිරිහැර මතක්කර දුන්නා වූ ද චන්ද්‍රිකා බණ්ඩාරනායකට තමන්ගේ පමණක් නොව සමස්ත බණ්ඩාරනායක දේශපාලනයේ ම උපන් බිම වූ අත්තනගල්ල ආසනය පවා දිනාගත නොහැකි වූයේ ශ්‍රිලනිප පාක්ෂිකයා ඉහත කී සියල්ල මහින්ද නැමැති මහා සාධකය වෙනුවෙන් නොසැලකා හැරි නිසා නොවේ ද? ශ්‍රිලනිපය තිත්ත වුවත් ඇත්ත යාථාර්ථය වටහා ගැනීම රටේ පමණක් නොව, පොදුවේ ශ්‍රිලනිපයේ ද, පුද්ගලික ව තමන්ගේ ද අනාගතය හා පැවැත්ම තීරණය කරනු ඇත.
පසුගිය මැතිවරණවල දී ශ්‍රිලනිපයේ බහුතර මන්ත්‍රීවරුන් තම අසුන් දිනාගත්තේ මහින්ද සෙවණේ සිටිමින් ය. තම නායකයා පිළිබඳ ඔවුන්ගේ තිබෙන ආඩම්බරකාර හැඟීම ද විශ්වාසය ද ඉන් පිළිබිඹු වේ. ගමේ දී ද නගරයේ දී විකුණන්නට බැරි රනිල් වික්‍රමසිංහ යම් එජාප අපේක්‍ෂකයෙකුගේ පොස්ටරයක හෝ දැන්වීමක සිටියානම් ඒ කළාතුරකිනි. මේ ඇත්ත ය. ඒ මහින්ද දෘෂ්ටිවාදයේ හා රනිල් දෘෂ්ටිවාදයේ වෙනස ය. මේ අතර, බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා පළාත් සභාවේ අති බහුතර මන්ත්‍රීවරුන් මෙම තත්වය හඳුනාගෙන ඇති බව රට ඉදිරියේ තිබෙන සුබ ලකුණු ය. සෙසු පළාත් සභාවලට ද ප්‍රසන්න ගත් මාවත තාමත් ගැනීමට නොහැකි ව ඇත්තේ මන්ද යන්න ගැටළුවකි. ඉදිරියේ දී ඔවුන් ද රට පැත්තේ සිටගනු ඇත යන්න නුගේගොඩ අපේක්‍ෂාවයි.
තවත් අතිශය වැදගත් කරුණක් මෙහි දී සිහිපත් කළ යුතු ය. එනම් පරාජිතයෙකු ලෙස මහින්ද ගෙදර යැවීමට මෙරට අතිශය බහුතරය කිසිසේත් ම එකඟ වන්නේ නැත. කළගුණ සැලකීම වැනි උත්කෘෂ්ට ගුණාංග ලේ ඇට මස් මිදුළු දක්වා කිඳා බැස තිබෙන ජනතාවකගේ හෘද සාක්‍ෂිය පරාජිත මහින්ද නිසා සදාකල් වරදකාර හැඟීමක තබනු ඇත. එකී වරදකාර හැඟීමෙන් ජනතාව ගැලවිය හැකි එකම මග නම් මහින්ද අගමැති පුටුවේ යළි වාඩි කිරීම ය. එපමණකින් ම මෙරට ජන විඤ්ඤානය සුවපත් කළ හැකි ය. නුගේගොඩ සංඥාව ඒය. මෙය දැකීමට ශ්‍රිලනිපයට ප්‍රඥාව පහළ වේ වා !
-මහින්ද පතිරණ
(ජ්‍යෙෂ්ඨ කථිකාවාර්ය -සබරගමුව විශ්වවිද්‍යාලය)
යුතුකම සංවාද කවය
www.yuthukama.com

එදා යුද සමයේ කොටින්ට එරෙහිව වචනයක් කතා නොකරපු රනිල්...
ReplyDeleteවිදේශ ඇමති ලක්ෂ්මන් කධිරගමර් මැරුවේ කොටි කියන්න කොන්ද පන නැති රනිල්...
ත්‍රස්ත වාධයට විසධුම ලෙස බලය බෙදීම තොර ගත් රනිල්..
ඒකීය නායකන් හිටි එක්සත් ජාතික පක්ෂය එක්සත්, ෆෙඩරල්, බලය බෙදීම් මාවතකට රැගෙන ගිය රනිල්...
යුද්දය දින කොටි පරද මල්වට්ටියක තබා මහින්දගෙන් ගත් ඒකීය රට නැවත එක්සත් ( ෆෙඩරල් ) මතයට රැගෙන යන රනිල්...
මේ සිංහල රටේ බලය බෙදා සිංහලයට යන එනමන් නැති කරන රනිල්...
රටේ සිංහලයන්ගේ අවාසනාව රනිල්....
මිට එරෙහිව අධිරාජ්‍ය විරෝධී,
බලය බෙදීමට විරෝදී ,
ෆෙඩරල් විරෝදී,
එක්සත් විරෝදී,
ඒකීය සිංහල බෞද්ද
මේ තුන් සිංහලය රජ කාලෙන් පස්සේ එක කොඩියක් සෙවනට ගෙන ආ
ත්‍රි සින්හලාදිශ්වර මහින්ද රාජපක්ෂ...
ශ්‍රී ලංකා නිදහස් පක්ශය විනාශ කිරීමේ ශාපයෙන් ගැලවෙන්න ට මෛත්‍රීපාල මහතාට කිසිදාක නොහැකි වෙයි.යූ ඇන් පිය දිනුවත්, ශ්‍රීලනිප දිනුවත් ඔහු ජනාධිපති බැවින් ඔහුට දිනන්නේ කවුදැයි ලොකු ප්‍රශ්නයක් නැත.
ReplyDeleteපක්ශයේ නිලතල ගැනීම එකකි. පාක්ශිකයාගේ හිත දිනා ගැනීම තවෙකෙකි.මහින්ද රාජපක්ශ කෙරෙහි මේ රටේ බහුතර සිංහල වැසියාගේ සිතෙහි ඇති ආදර භක්තිය කිසිදා නැති නොවන එකකි.ඔහුට මඩ ගසන්නට ගසන්නට මිනිස්සු තවතවත් ඔහුට ආදරය කරති.
ඔවුන්ට සිරිසේන මහතා ගැන ඇත්තේ නොපහන් සිතකි.හේතුව නම් යූ ඇන් පීය දෙමල මුස්ලිම් සමග එකතුව ඔහු ශ්‍රීලනිපය පැරද වූවායැයි ඇති හැඟීමය.
මහින්ද යනු නමක් නොවේ... මහින්ද යනු රටයි!
ReplyDeleteසිංහලයන්ගේ ඓතිහාසික නායකයායි...
පොඩ්ඩක් අතීතයට යමුද? සොවිඑට් රුසියාව කඩ බිඳ දමන්න ගොර්බචේෆ් කල දේවල් මතකද? අපි දකින්නේ ලංකාවේ ගොර්බච්ෆ් ද?
ReplyDeleteරුස්සිඅවත් අපහු නැගිට්ට. ලංකාවත් නැගිටිනවා.