2/17/2015

නිදහස ඉල්ලන නිදහස් පක්ෂය

කතෘ:යුතුකම     2/17/2015   1 comment

නිදහස් පක්ෂය අද නිදහස් නැත. නිදහස් පක්ෂය නිදහස් වන්නේ එය ජාතිකත්වය මත පදනම් වූ විට සහ වූ විටම පමණකි. රාජිත මහතාගේ භාෂාවෙන් ෆන්ඩමෙන්ටලි මෙන්ම පොලිටිකලි ද ජාතිකවාදී වීමෙන් පමණි. හේතුව නිදහස් පක්ෂය වටා රොක් වී ඇති අති මහත් බහුතරය ජාතිකවාදීන් ( අවිඥාණික හෝ සවිඥාණික  ) වීමයි. ඔවුන්ට හදවතින්ම ශ්‍රි ලාංකා වීමට නිදහස් පක්ෂය හදවතින්ම ජාතිකවාදී වීම අවශ්‍යය.

අනෙක් අතට එ.ජා.ප විජාතික බලවේගවල සෘජු ඒජන්තයා වීම රනිල් මහතා අතින් කූට ප්‍රාප්තියට ගෙන එන ලදි. 2001සිට මේ දක්වා ඒ මහතා එම ස්ථාවරයෙන් අඟලක් පිටු පසට ගොස් නැත. විජාතික න්‍යාය පත්‍රය එ.ජා.ප ය හරහා ක්‍රියාත්මක වීමේදී පක්ෂයේ යටි පෙලින් නැගෙන විරෝධය නිදහස් පක්ෂයේ තරම් තීව්‍ර නොවේ. හේතුව පක්ෂයේ පාලන බලය සෘජු විජාතික ඒජන්තයින් තමන් නතු කරගෙන සිටීමත් ඔවුන් දැඩිව එය පාක්ෂිකයා මත පටවා තැබීමත්ය.

සිරිසේන කුමාරතුංග හවුල හරහා සිදු වෙමින් ඇත්තේ විජාතික බලවේගවලට එ.ජා.පය හරහා රටේ පාලන බලය ලබා ගැනීමට හැකි වන පරිදි නිදහස් පක්ෂය දුර්වල කිරීමයි. පෙබරවාදි 14 පැවැත්වූ සභා වලින් සිරිසේන කුමාරතුංග ජෝඩුව මුල පිරුවේ ඒ වැලන්ටයින් කර්මයටයි. පක්ෂය ජාතිකත්වයෙන් ගලවා නැවතත් විජාතික බලවේගවල අතකොළුවක් කිරීම ඒහි දිගු කාලීන අරමුණයි. කුමාරතුංග මහත්මිය ෆන්ඩමෙන්ටලි ඒ සඳහා පෙනී සිටියි. අවාසනාවකට මේ පීළි පැන්නීමට ෆන්ඩමෙන්ටලි විරුද්ධ වීමේ විභවයක් තිබුණු සිරිසේන මහතා අද රූකඩයක් වී ඇත. එතුමා නැවතත් ෆන්ඩමෙන්ටලි සහ පොලිටිකලි ජාතිකවාදී වන්නේ නම් එය කාගේත් හිත සුව පිණිස වනු ඇත. නමුත් ඒවන් සංඥාවක් මෙතෙක් ඔහුගෙන් පිට වී නැත.


නිදහස් පක්ෂය මෙවන් රූපාන්තරකරණයකට ලක්වීම විජිතමුණි සොයිසා, මර්වින් සිල්වා වැනි පොලිටිකලි නිදහස් පක්ෂයේ සිටින්නවුන්ට කිසිදු ගැටළුවක් නැත. එවැන්නවුන්ගේ ෆන්ඩමෙන්ටල් එක නායකත්වය දෙන ෆන්ඩමෙන්ටල් එකට හූ මිටි තැබීමය. වාසනාවට හෝ අවාසනාවට නිදහස් පක්ෂයේ නායකයින් බහුතරය එසේය. ඒ අතර එහි නායකයින් අතලොස්සක් අවිඥාණික ජාතිකවාදීන් ද වේ. අනෙක් අතට එන මැතිවරණයෙන් තම ආණ්ඩුවක් යටතේ තම පාර්ලිමේන්තු ආසනය හා/හෝ ඇමතිකම රැක ගැනීම සහ ඒ හරහා තම පයිල් එක වසා තබා ගැනීමට අනිවාර්ය සාධකය අගමැති අපේක්ෂක මහින්ද වීම බවද ඔවුන් දනී. එසේම ඔවුන්ගේ ජන පදනම ජාතිකවාදී නිසා පොලිටිකලි හෝ ජාතිකවාදී වීමද වාසි සහගත බව ඔවුන් කාටත් වඩා හොඳින් දනියි. 14 වැනිදා නිදහස් පක්ෂ රැස්වීමේදී ඔවුන් තුලින් පිටවූ විරෝධයේ මූලය වූයේ මේ පොලිටිකලි ජාතිකවාදී නොවීමෙන් තමන්ට වන අවාසියේ ඉව ඔවුන්ට දැනීමයි. පක්ෂය විජාතිකත්වයට වැලන්ටයින්කරණය කිරීමෙන් පළමුවම පහර වදින්නේ ඒ අයට බව ඔවුන් හොඳාකාරවම දනී.

18 රැලියේ වැදගත් කම

සිරිසේන මහතා ජනාධිපතිවරණ රැළිවලදී කීවේ , මේ පාර අපි ගෙම දෙන්නෙ ඇතුලිනුත් , පිටිනුත් දෙකෙන්මයි. පිටින් කට්ටියක් ගේම ගහනව. ඇතුලින් තව කට්ටියක් ගේම ගහනවා. මම එහෙමයි මේක සැට් කරල ආවේ, කියලයි. මේ සැට් කිරීමම අපටද දැන් කල හැක.

18 රැලිය හරහා සිදු කල යුත්තේ පිටින් ගේම ගැසීමය. ඇතුලින් ගේම ගැසීම පොලිටිකලි ජාතිකවාදී වී සිටින නිදහස් පක්ෂ බහුතරය සිදු කරනු ඇත. ඔවුන්ට අවශ්‍ය උත්තේජනය ජනතා රැලි හරහ පිටින් සිට දිය හැක. ඒ හරහා අවසානයේ ජාතිකත්වය පදනම් කර ගත් එක්සත් ජනතා නිදහස් සංධානයක් යටතේ මහින්ද අගමැති අපේක්ෂකයා කරගෙන මැතිවරණයට ඉදිරිපත් කරවීම මේ සැට් කිරීමේ අරමුණ විය යුතුය. ඒ අරමුණ සඳහා උපරිම පීඩනය නිදහස් පක්ෂයට මේ පෙරමුණ හරහා යෙදිය යුතුය. නමුත් මේ පෙරමුණ එයින්ද නොනැවතිය යුතුය. ජාතිකත්ව මතයේ සිටින අපේක්ෂකයින් හැකි පමණ සංධාන ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමට කටයුතු කල යුතුය. ඉන් ඉදිරියට සංධානය හරහා ජාතිකත්වයට රාජ්‍ය බලයට බලපෑම් කිරීමේ පාලම බවට මොවුන් පත් විය යුතුය. සංධානය ෆන්ඩමෙන්ටලි ජාතිකවාදී කිරීම ඔවුන්ගේ දිගු කාලීන අරමුණ විය යුතුය. සංධානයට නැති ජාතිකවාදී ෆන්ඩමෙන්ටල් පෙරමුණ ගම්මන්පිල, දිනේෂ්, විමල් හරහා පහසුවෙන්ම ලබා දිය හැකිය. නමුත් වර්ථමාන තත්වය යටතේ මහින්ද අගමැති වීම ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි. එනිසා කෙටිකාලීනව මෙම පෙරමුණේ අරමුණ මහින්ද නැවත ගෙන ඒම වුවත් දිගු කාලීනව එහි අරමුණ විය යුත්තේ සංධානය ෆන්ඩමෙන්ටලි ජාතිකවාදී කිරීමයි.

ඒ අතරම ඔවුන් 3 වන පාර්ශවය විය යුත්තේ සංධානය තුල මිස පිට නොවේ. ඔවුන් හරහා සංධානය දෙකට බෙදුනහොත් එය ජාතිකවාදීන්ට අනිවාර්ය පරාජයකට පාර කපනු ඇතුවා පමණක් නොව එම පරාජය වසර 6කට නොඅඩු කාලයක් විඳීමටද සිදු වනු ඇත. ඒ පරාජය රටේ ඒකීය භාවයට හානි සිදු කිරීමට ද බොහෝ ඉඩ ඇත. 
 
- චරිත කාරියවසම්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ලසන්ත වික්‍රමසිංහ2/18/2015 12:05 PM

    මොකෙන් හරි කමක් නෑ මහින්ද එන්න ඕනා..ඊළඟ මහ මැතිවරණයෙදි ආයේ රනිලුයි මහින්දයි දෙපැත්තෙන් එන්න ඕනා. හැංගි හොරා නැතිව දෙපැත්තෙන්ම ඇත්ත කියලා මිනිස්සුන්ගෙන් ඡන්දේ ඉල්ලන්න පුළුවන් එතකොට. 13 දීම/නොදීම, ඒකීය/ෆෙඩරල්. මේ යථාර්තය තමා ඊළඟ මැතිවරණයේ මිනිස්සුන්ට තීරණය කරන්න තියෙන්නේ.. ව්‍යාජ යහපාලනය වගේ තව එකක් නෑ ආයේ එල්ලෙන්න. ඇත්තට මුහුණ දීලා දෙපැත්තෙන් ජන්දේ ඉල්ලමු. අන්න එතකොටයි මිනිස්සුට නැතිව කෙළින්ම ප්‍රතිපත්තිවලට ඡන්දය ඉල්ලන්න පුළුවන් වෙන්නේ..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions