නිදහස් පක්ෂය අද නිදහස් නැත. නිදහස් පක්ෂය නිදහස් වන්නේ එය ජාතිකත්වය මත පදනම් වූ විට සහ වූ විටම පමණකි. රාජිත මහතාගේ භාෂාවෙන් ෆන්ඩමෙන්ටලි මෙන්ම පොලිටිකලි ද ජාතිකවාදී වීමෙන් පමණි. හේතුව නිදහස් පක්ෂය වටා රොක් වී ඇති අති මහත් බහුතරය ජාතිකවාදීන් ( අවිඥාණික හෝ සවිඥාණික ) වීමයි. ඔවුන්ට හදවතින්ම ශ්‍රි ලාංකා වීමට නිදහස් පක්ෂය හදවතින්ම ජාතිකවාදී වීම අවශ්‍යය. අනෙක් අතට එ.ජා.ප විජාතික බලවේගවල සෘජු ඒජන්තයා වීම රනිල් මහතා අතින් කූට ප්‍රාප්තියට ගෙන එන ලදි. 2001සිට මේ දක්වා ඒ මහතා එම ස්ථාවරයෙන් අඟලක් පිටු පසට ගොස් නැත. විජාතික න්‍යාය පත්‍රය එ.ජා.ප ය හරහා ක්‍රියාත්මක වීමේදී පක්ෂයේ යටි පෙලින් නැගෙන විරෝධය නිදහස් පක්ෂයේ තරම් තීව්‍ර නොවේ. හේතුව පක්ෂයේ පාලන බලය සෘජු විජාතික ඒජන්තයින් තමන් නතු කරගෙන සිටීමත් ඔවුන් දැඩිව එය පාක්ෂිකයා මත පටවා තැබීමත්ය.
සිරිසේන කුමාරතුංග හවුල හරහා සිදු වෙමින් ඇත්තේ විජාතික බලවේගවලට එ.ජා.පය හරහා රටේ පාලන බලය ලබා ගැනීමට හැකි වන පරිදි නිදහස් පක්ෂය දුර්වල කිරීමයි. පෙබරවාදි 14 පැවැත්වූ සභා වලින් සිරිසේන කුමාරතුංග ජෝඩුව මුල පිරුවේ ඒ වැලන්ටයින් කර්මයටයි. පක්ෂය ජාතිකත්වයෙන් ගලවා නැවතත් විජාතික බලවේගවල අතකොළුවක් කිරීම ඒහි දිගු කාලීන අරමුණයි. කුමාරතුංග මහත්මිය ෆන්ඩමෙන්ටලි ඒ සඳහා පෙනී සිටියි. අවාසනාවකට මේ පීළි පැන්නීමට ෆන්ඩමෙන්ටලි විරුද්ධ වීමේ විභවයක් තිබුණු සිරිසේන මහතා අද රූකඩයක් වී ඇත. එතුමා නැවතත් ෆන්ඩමෙන්ටලි සහ පොලිටිකලි ජාතිකවාදී වන්නේ නම් එය කාගේත් හිත සුව පිණිස වනු ඇත. නමුත් ඒවන් සංඥාවක් මෙතෙක් ඔහුගෙන් පිට වී නැත.
නිදහස් පක්ෂය මෙවන් රූපාන්තරකරණයකට ලක්වීම විජිතමුණි සොයිසා, මර්වින් සිල්වා වැනි පොලිටිකලි නිදහස් පක්ෂයේ සිටින්නවුන්ට කිසිදු ගැටළුවක් නැත. එවැන්නවුන්ගේ ෆන්ඩමෙන්ටල් එක නායකත්වය දෙන ෆන්ඩමෙන්ටල් එකට හූ මිටි තැබීමය. වාසනාවට හෝ අවාසනාවට නිදහස් පක්ෂයේ නායකයින් බහුතරය එසේය. ඒ අතර එහි නායකයින් අතලොස්සක් අවිඥාණික ජාතිකවාදීන් ද වේ. අනෙක් අතට එන මැතිවරණයෙන් තම ආණ්ඩුවක් යටතේ තම පාර්ලිමේන්තු ආසනය හා/හෝ ඇමතිකම රැක ගැනීම සහ ඒ හරහා තම පයිල් එක වසා තබා ගැනීමට අනිවාර්ය සාධකය අගමැති අපේක්ෂක මහින්ද වීම බවද ඔවුන් දනී. එසේම ඔවුන්ගේ ජන පදනම ජාතිකවාදී නිසා පොලිටිකලි හෝ ජාතිකවාදී වීමද වාසි සහගත බව ඔවුන් කාටත් වඩා හොඳින් දනියි. 14 වැනිදා නිදහස් පක්ෂ රැස්වීමේදී ඔවුන් තුලින් පිටවූ විරෝධයේ මූලය වූයේ මේ පොලිටිකලි ජාතිකවාදී නොවීමෙන් තමන්ට වන අවාසියේ ඉව ඔවුන්ට දැනීමයි. පක්ෂය විජාතිකත්වයට වැලන්ටයින්කරණය කිරීමෙන් පළමුවම පහර වදින්නේ ඒ අයට බව ඔවුන් හොඳාකාරවම දනී. 18 රැලියේ වැදගත් කම
සිරිසේන මහතා ජනාධිපතිවරණ රැළිවලදී කීවේ , මේ පාර අපි ගෙම දෙන්නෙ ඇතුලිනුත් , පිටිනුත් දෙකෙන්මයි. පිටින් කට්ටියක් ගේම ගහනව. ඇතුලින් තව කට්ටියක් ගේම ගහනවා. මම එහෙමයි මේක සැට් කරල ආවේ, කියලයි. මේ සැට් කිරීමම අපටද දැන් කල හැක.18 රැලිය හරහා සිදු කල යුත්තේ පිටින් ගේම ගැසීමය. ඇතුලින් ගේම ගැසීම පොලිටිකලි ජාතිකවාදී වී සිටින නිදහස් පක්ෂ බහුතරය සිදු කරනු ඇත. ඔවුන්ට අවශ්‍ය උත්තේජනය ජනතා රැලි හරහ පිටින් සිට දිය හැක. ඒ හරහා අවසානයේ ජාතිකත්වය පදනම් කර ගත් එක්සත් ජනතා නිදහස් සංධානයක් යටතේ මහින්ද අගමැති අපේක්ෂකයා කරගෙන මැතිවරණයට ඉදිරිපත් කරවීම මේ සැට් කිරීමේ අරමුණ විය යුතුය. ඒ අරමුණ සඳහා උපරිම පීඩනය නිදහස් පක්ෂයට මේ පෙරමුණ හරහා යෙදිය යුතුය. නමුත් මේ පෙරමුණ එයින්ද නොනැවතිය යුතුය. ජාතිකත්ව මතයේ සිටින අපේක්ෂකයින් හැකි පමණ සංධාන ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමට කටයුතු කල යුතුය. ඉන් ඉදිරියට සංධානය හරහා ජාතිකත්වයට රාජ්‍ය බලයට බලපෑම් කිරීමේ පාලම බවට මොවුන් පත් විය යුතුය. සංධානය ෆන්ඩමෙන්ටලි ජාතිකවාදී කිරීම ඔවුන්ගේ දිගු කාලීන අරමුණ විය යුතුය. සංධානයට නැති ජාතිකවාදී ෆන්ඩමෙන්ටල් පෙරමුණ ගම්මන්පිල, දිනේෂ්, විමල් හරහා පහසුවෙන්ම ලබා දිය හැකිය. නමුත් වර්ථමාන තත්වය යටතේ මහින්ද අගමැති වීම ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි. එනිසා කෙටිකාලීනව මෙම පෙරමුණේ අරමුණ මහින්ද නැවත ගෙන ඒම වුවත් දිගු කාලීනව එහි අරමුණ විය යුත්තේ සංධානය ෆන්ඩමෙන්ටලි ජාතිකවාදී කිරීමයි.
ඒ අතරම ඔවුන් 3 වන පාර්ශවය විය යුත්තේ සංධානය තුල මිස පිට නොවේ. ඔවුන් හරහා සංධානය දෙකට බෙදුනහොත් එය ජාතිකවාදීන්ට අනිවාර්ය පරාජයකට පාර කපනු ඇතුවා පමණක් නොව එම පරාජය වසර 6කට නොඅඩු කාලයක් විඳීමටද සිදු වනු ඇත. ඒ පරාජය රටේ ඒකීය භාවයට හානි සිදු කිරීමට ද බොහෝ ඉඩ ඇත.



මොකෙන් හරි කමක් නෑ මහින්ද එන්න ඕනා..ඊළඟ මහ මැතිවරණයෙදි ආයේ රනිලුයි මහින්දයි දෙපැත්තෙන් එන්න ඕනා. හැංගි හොරා නැතිව දෙපැත්තෙන්ම ඇත්ත කියලා මිනිස්සුන්ගෙන් ඡන්දේ ඉල්ලන්න පුළුවන් එතකොට. 13 දීම/නොදීම, ඒකීය/ෆෙඩරල්. මේ යථාර්තය තමා ඊළඟ මැතිවරණයේ මිනිස්සුන්ට තීරණය කරන්න තියෙන්නේ.. ව්‍යාජ යහපාලනය වගේ තව එකක් නෑ ආයේ එල්ලෙන්න. ඇත්තට මුහුණ දීලා දෙපැත්තෙන් ජන්දේ ඉල්ලමු. අන්න එතකොටයි මිනිස්සුට නැතිව කෙළින්ම ප්‍රතිපත්තිවලට ඡන්දය ඉල්ලන්න පුළුවන් වෙන්නේ..
ReplyDelete