2/20/2015

නුගේගොඩ මිනිස් ගඟ

කතෘ:යුතුකම     2/20/2015   4 comments

කොහේ සිට ගැලූවාද මේ මහා මිනිස් ගඟ
කවුද කාගේ කවුද කියා මම නොදනිමිය
තෙරක් නැති මිනිස් ගඟ රළ පෙළක් සේ නැගෙන
සිනාසෙන වැළපෙනා මහ හඬින් ගොස නඟන

ඔද්දල්වු සිත් සතන් නැවත පිළිසකර කර
එකම අරමුණක් වෙත එකට එක්වන සිතැඟි
නාඳුනන්නන් නොවේ මගේ හද ගැබ නැගෙන
සිතැඟි ලොවටම කියන සුහදයින් කැළ උන්ය

දිවි දෙවැනි කොට සිහළ බුදු සමය අත නෑර
සිය පුතුන් මියෑදෙනු බයිනෙත්තු තුඩු අගදි
බලා වැළපෙන්න ඇති දරාගෙන දැඩි සිතින
නොසැලූනෙන් මදකිනුදු සසුන වෙත ඇති බැතිය

මුදනු වස් උපන් බිම සටන් වැද රුපුන් මැඩ
වැළලෙන්න ඇති එදින වෙල්ලස්සෙ බිම් පියසෙ
අසාගෙන ඉන්න ඇති වදන් දම්පල් සමිඳු
විටෙක විළියෙන් බරව නැගෙන අබිමනින් හද

පරපුරෙන් පරපුරට රකිනු වස් බුදු සමය
නිවන් මඟ අතැර දිගු සසර සරනා සත ය
පෝ දා ට පන්සලේ නිති සරන වැඳ පුදන
කටින චීවර මහන සිරීපාදෙත් නගින

එවන් පරපුරෙකිනා පැවත එන සොයුරන්ය
රැස්වුනේ යළි එදින නුගේගොඩ හංදියේ
එකම පැතුමකි ඔවුන් හද ගැඹර තෙරපුනේ
ඒ පැතුම මැ යි ම හද ඔවුන් හද යා කරේ

අමතකව නැත මරණ බිය පිරුණු එම යුගය
ගැහුනු හද තැවුනු නිති සියන් එනතුරු ගෙදර
හිමි සඳුන් සමඟ එක බස්රියට ගොඩ නොවුනු
නිදහසේ වැඳ ගන්න බෝ සමිඳු ඉඩ නොලද

රැක ගනුවඋරුම බිම නසා රුපු සතුරු සෙන්
මර බියෙන් සිටි දනන් මුදා ගත් අප නයුන්
යළිත් රජ කරවන්න සතුරු බිය දුරැලන්න
කෙමි බිමක් වනු පතා මෙබිම සිත් සංසිඳින


නවම් මස 18 වැනි දා නුගේගොඩදී ය




විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. මෛත්‍රී පල ජනාදිපතිතුමා ලියමින් සිටින්නේ දොන් ජුවන් දමාලගේ චරිතයයි. ඔහුට ඉන් බැහැරවී රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ බලහත්කාරී කුමන්ත්‍රණ වලට අනුගත වනවා හැර විරුද්ද වීමට තරම් සක්තියක් ඇත්තකු නොවේ. එනිසා නැවත නිවැරදි කල නොහැකි ලෙස කොටියට ලබා දෙන රට බෙදීමේ බලය නවතාලීමට මයිත්‍රිට හැකියාවක් නැහැ. එනිසා කල හැකි හොදම දේ ප්‍රබල දෙසප්රෙමි නායකයෙකුට බලය පවරා ද්‍රෝහියකු වන්නට පෙර නායකත්වයෙන් ඉවත්වීමයි.

    ReplyDelete
  2. රට ජාතිය ආගම ආරක්ෂා කරන්නා සියල්ලන්ගේ ගෞරවය දිනාගනී
    https://www.youtube.com/watch?v=RQXiwjMyM7k

    ReplyDelete
  3. වික්ර මබාහු ට අනුව මේ ෆොටෝ එකේ ඉන්නේ බස් කාර් හිර වෙලා යන්න බැරි උන කට්ටිය. මම අහල තියනවා එතුමා රසායන විද්‍යාව පිලිබඳ පෘතුල දැනුමක් තියන මනුස්සයෙක් කියල. එත් සාමාන්‍ය දැනීම නම් බින්දුවයි වගේ

    ReplyDelete
  4. මැතිවරණ ජයග්‍රහණයක් යනු ඓතිහාසික ජයග්‍රහණයක් නොවේ. මේ බව තේරුම් නොගත් මෛත්‍රීපාල මහතා ඓතිහාසික දේශද්‍රෝහී ක්‍රියාවක් කිරීමේ අභිමුව සිටින බව පෙනේ...

    ජාතිය එළඹී ඇති අතිශය තීරණාත්මක මොහොතේ, වසර දහස් ගණනක් පුරා ලක්ෂ ගණනින් ජීවිත පූජා කර රැකගත් දිවයිනේ ඒකීය භාවය, සිංහල ජාතිය හා බුදුසසුනේ අනාගතය, සතුරන්ට අවශ්‍ය දෙයක් කරගන්නට හැකි වන ලෙස පාවා දුන් ඓතිහාසික ද්‍රෝහී නරුමයා ලෙස ඔහු ඉතිහාස ගත වීමට නියමිතයි...

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions