2/23/2015

FUTA 6%, ෆන්ඩමැන්ටල්ද? පොලිටිකල්ද?

කතෘ:යුතුකම     2/23/2015   6 comments

නිදහස් අධ්‍යාපනය උදෙසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනු! ඒ ඔවුනගේ ප්‍රධාන සටන් පාඨය විය. මාස ගණනක් විශ්ව විද්‍යාල එම වර්ජනය නිසාවෙන් වසා තැබුනි. ඔවුහු පා ගමන් ගියහ. මහ මාවත්හි කෑ මොර දුන්හ. උතුරේ සටන් නිමව තිබූ එකල 6% සටන විසින් ජන මාධ්‍ය අරක් ගත්තේය. 6% සටනට එකල රජයේ සිටි හෙළ උරුමයේ නොනිළ සහයද ලැබුනි. හෙළ උරුමය නි‍යෝජනය කරන අනුරුද්ධ ප්‍රදීප් විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු ලෙස එම සටනේ ඉදිරියෙන්ම සිටියෙකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එම සටනට එක් විය. ධවල පත්‍රිකාව ගෙනා රනිල් වික්‍රමසිංහගේ එජාප සහයද ඔවුනට ලැබුනි.

ලංකාව තුළ සමාජ ජාලා වෙබ් අඩවි හරහා කිසියම් සමාජ උද්ඝෝෂණයකට ජවයක් අත්හදා බැලුනු ප්‍රථම සටන එය විය. ඉන් පසුව එවැනි ජවයක් ෆේස්බුක් හරහා ලබා ගත්තේ හලාල් විරෝධය අවුලුවාලීමටයි. චම්පික රණවක ජාතිවාදය අවුලුවනවා යන චෝදනාව මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා තහනම් කෙරිනි. 6% සටන මෙන්ම හලාල් විරෝධී සටන හරහා ආමන්ත්‍රණය කෙරුනේ තරුණයාටය. පරාජයෙන් කෙළවර වූ හලාල් සටනෙන් පසුව චම්පික සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැපවුනි. පරාජයෙන් කෙළවර වුනු 6% සටනෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ක්‍රියාකාරීන් ද සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප වුනි.

එකල FUTA සභාපති වූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා, පසුව මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛව අරඹන ලද සාධාරණ සමාජයක් සඳහා සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශකයා වූ අතර වත්මන් යහපාලන වෙනස ඇති කිරීම සඳහා උර දී කටයුතු කළේය.

6% සටනට සහ හලාල් විරෝධය හරහා ආණ්ඩු විරෝධී වූ බොහෝ තරුණයන්ගේ සරල මනස යහපාලනය සහ සොරුන්ට දඬුවම් දීම පිලිබදවද ඇති කර ගත්තේ යහපත් බලාපොරොත්තුවකි. නමුත් පසුගිය පෙබරවාරි 17 දා දෙරණ වාද පිටියට සහභාගි වෙමින් දේවසිරි මහතා හොරුන් නොඅල්ලන බව පවසා සිටියේ  එය අනපේක්ෂිත තත්වයක් නොව එය ඔවුන් බලාපොරොත්තු වූ තත්වයක් බව හගිස්සවමිනි. යහපාලනය යනු ඒ අවස්ථාවේ යොදාගත් අලංකාරිකයක් බව ඒ මහතා පැවසීය
.
නිර්මාල් දේවසිරි මහතාට අමතරව 6% සංගමයේ කැපී පෙනෙන චරිත වුනු දඹර අමිල හිමි  සහ අනුරුද්ධ ප්‍රදීප් වැන්නවුන් සෘජුවම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප විය. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති පමණක් නොව අගමැති හා කැබිනෙට්ටුවද මාරු විය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයකින් අගමැතිවරයෙක් ලංකාවෙන් බිහි විය. ඔහු 6% සටනට සහය පල කළ නායකයෙකි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය 6% විරෝධාතාව ප්‍රධාන වශයෙන් එල්ල කළ 2012 වසර තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්ව තිබුනේ 1.9% කි. 2012 පැවති මහින්ද රාජපක්ෂ "රෙජීමය" දළ දේශීය නිෂ්පදනයෙන් 6%ක් වෙන් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ බව කීවේය. නමුත් එවිට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රතිචාරය වූයේ ප්‍රතිපත්තිවලින් පලක් නැත, එය ඉටු කරනු වැනියකි. මෛත්‍රීපාල සිරිසේන රෙජීමය, හා හා පුරා කියා 1.8% ක් 2015 වසර සඳහා අධ්‍යාපනයට වෙන් කළේය. මොවුන්ද පෙරවුන් සේම 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම  ප්‍රතිපත්තියක් ලෙස පමණක් එකඟ විය. ආශ්චර්යය නම් මෙවිට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය එය ආදරයෙන් වැලඳ ගනිමින් සිරිසේන රෙජීමය වෙත මල් කළඹක් දිගු කිරීමයි.



වත්මන් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා අධ්‍යපන පිරිවැය ඉහළ දැමිය යුතු බව පිලිගෙන තිබීම පිලිබඳ තම සංගමය ඉතා සතුටට පත්වන බව ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්ය. මෙතැනදී එසේ සතුටින් පිනා යාමට දෙයක් සිදුව ඇත්ද? වෙන් කර ඇත්තේ 1.8% ක් පමණි. අනෙක් කාරණය රජය මේ අවස්ථාවේදී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියනු විණා වෙන කුමක් කියන්නද? ප්‍රායෝගිකව පෙරටත් වඩා අඩු මුදල් ප්‍රමාණයක් වෙන් කර ප්‍රතිපත්තියක් ලෙස එකඟයි පවසන දේශපාලකයන්ගේ බස් විශ්වාස කොට ඔවුනට සතුට පළ කිරීමට තරම් මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මෝඩද?  ආචාර්යය වරුන්ගේ සංගමයට මෙම අනාගත පොරොන්දුව පිලිබඳ විශ්වාසයක්  ඇති වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ධවල පත්‍රිකාවක් ගෙනා රනිල් අගමැතිව සිටින රෙජීමයක් පිලිබඳවය. නිර්මාල් දේවසිරි මහතා මෙදා 1.8% ක් වෙන්කොට පසුව 6% දක්වා වැඩි කරනවා යයි යන්න විශ්වාස කරන්නේ ඔහු මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉදිරියේදී ක්‍රමයෙන් අඩුවන බවක් දැන සිටින නිසාවත්දැයි අපි නොදනිමු. අනෙක් අතට අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ සිරිසේන රෙජීමයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසල් සිසුන්ගේ දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීමට පාසල්වලට අවසර දෙමින් නිකුත් කළ චක්‍රලේඛයෙන් කියවෙන්නේ රෙජීමයේ ප්‍රතිපත්තිය සහ භාවිතාව අතර පරස්පරය නොවේද? දැයේ දරුවන්ගේ ඇස් පාදන්නට ඉන්නා ආචාර්යවරුන්ට මෙම වෙනස නොපෙනේද?

අපට නොතේරෙන කරුණ නම් විශ්ව විද්‍යාලවල සිටින අනෙක් බහුතරයක්  බුද්ධිමත් උගත් ආචාර්යවරුන්ට  මෙය නොපෙනෙන්නේද එසේත් නැත්නම් ආචාර්ය වරුන්ගේ සංගමයේ එහෙයියින් බවට මේ උගතුන් පත්ව ඇත්ද යන්නයි.

විවෘත මනසකින් මෙම 6% නාටකීය ජවනිකා නරඹන්නෙකු විසින් කුමන නිගනයකට එළැඹිය හැකිද? පොදු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ හා සිසුන්ගේ සත් චේතනා අයහපත් ලෙස පාලනය කර අවසානයේ ඒ සියල්ල "යහපාලනය" බිහිකිරීම වෙනුවෙන් පමණක් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය විසින් අවභාවිතාවට ලක් කළේය යන නිගමනයට එළැඹුනහොත් අපි එහි දොසක්  නොදකිමු. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයෙන් අපට අසන්නට ඇත්තේ රතන හාමුදුරුවන් රාජිතගේ පුතාගෙන් ඇසූ ප්‍රසිද්ධ පැනය ආකාර එකකි. ඒ පැනය නම්;

6% ෆන්ඩමැන්ටල්ද? පොලිටිකල්ද? 


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. 6% දුන්නත් නැතත් බස් එකේ යද්දි රුපියලක් ඉතුරුයි නෙ. ඔවා වැඩිය හිතුවොත් තමයි හිත රිදෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතුරු නෑනේ දැන් කොන්දොස්තර රුපියල් 2ක්ම මාටියා ගහනව.

      Delete
    2. රටට හෙනගැහුවත් කමක් නැහැ , බස් එකේ යනකොට රුපියලක් ඉතුරුයි නේ?

      Delete
  2. ලසන්ත2/23/2015 12:57 PM

    මේ සටන ෆන්ඩමැන්ටල් නම්, මෙම රජය විසින් රවටන විට කැමැත්තෙන්ම රැවටී සිටිම ෆන්ඩමැන්ටල් එකක් කියලා තමා මට නම් හිතෙන්නේ.. 6% කොහොමත් කවදාවත් ලැබෙන එකක් නෙමේ. මේ සටනත් අර යහපාලන සටන වගේම ව්‍යාජයක් කියලා අපි දන්නවා. (ඕක පටන් ගත්ත දවසේ ඉදලම) නමුත් දැන් නුඹලාගේ නිරුවත ටිකක් කැතට පේනවා වැඩියි. මොකක් හරි ඇදූමක් පොඩියට හරි මසා ගැනුම නුවණට හුරුයි නේද? ස්තූති කරන්නම යන්නේ නැතිව අපි ඉතා වුවමනාවෙන් බලා සිටිනවා වගේ චූටි අමුඩ කොටයක් හරි ඇඳගන්න තිබ්බා පොලිටිකලි ටිකක් කල්පනා කළා නම්.

    ReplyDelete
  3. බස් එකේ රුපියල වගේද කොත්තමල්ලි, කහ, සස්ටජන්... මිල අඩු කරපු එක. මේ ගවපාලන ආන්ඩුවට මොකුත් කියන්න එපා හොදද, රටේ ඉන්න උපතින්ම මෝඩයෝ ටිකයි, පච කෙලලා රවට්ටපු එවුන් ටිකයි එකතු වෙලා හදපු ආණ්ඩුව මේක.

    ReplyDelete
  4. 6% ව්‍යාජ සටන ගැන මීට වසර තුනකට පමණ පෙර ලියවුණු සටහනක්
    https://lankacnews.com/sinhala/main-news/79028/

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions