2/23/2015

මෛත්‍රීගේ තර්ජනය

කතෘ:යුතුකම     2/23/2015   3 comments

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත. ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො දැන ද? ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තරයේ බැණ වැදී ඇත. ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට හා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට පක්‍ෂයේ සාමාජිකයන්ට නුගේගොඩ රැස්වීමට සහභාගි වීම තහනම් කිරීම සඳහා කොන්දක් තිබී නැතැයි කියා ඇත.

අගමැතිකම ගැන කතාකරන්නේ තමන්ට අගමැතිකම නොදුන් බව අමතක කරමින් ද යන ප්‍රශ්නය මෛත්‍රිපාලගේ මුවින් පිට වී ඇත. ඒ අතර වෙල්ගම නුගේගොඩ රැස්වීමට බස් විස්සක් යැවීම ගැන ද ඔහු සඳහන් කර ඇත. මෛත්‍රිපාල මන්ත්‍රී වෙල්ගමට දොස් කියන අතර රනිල් වෙල්ගමගේ සොයොයුරාට අයත් දිවයින පුවත්පතට තර්ජනය කළේ ය.

කටුනායක දී සම්මත කරගත් යෝජනාවකට අනුව 2016 අපියෙල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත් එතෙක් ඇමතිවරුන් පනහකගෙන් පමණ සමන්විත ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.

මේ සියළු තර්ජනවල, යෝජනාවල ඇත්තේ එක් අරමුණකි. එනම් මහින්ද රාජපක්‍ෂ සදහට ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. මෙය රනිල්ගේ හා මෛත්‍රීපාලගේ අවශ්‍යතාවක් පමණක් නොව බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි. ඒ පිටුපස දෙමළ ජාතිවාදය පෝෂණය කර සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගැනීමත් චීනයට ඇති විරුද්ධතාවත් වෙයි. චීනයේ මුහුදු සේද මාර්ගය නැවත්වීම හා චීනයට එරෙහිව ඉන්දියාව ඉදිරියට ගෙන ඒම චීන විරුද්ධතාවට මුල වෙයි. අද ඉන්දියාව පැහැදිලිව ම තම අවශ්‍යතා සඳහා මෛත්‍රිපාල යොදා ගනියි.

මේ තත්ත්වය හමුවේ මහින්ද මෛත්‍රී එකතුවක් බලාපොරොත්තු විය නො හැකි ය. අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයේ අතකොළුවක් බවට පත්වෙමින් ඇත. ශ්‍රී ල නි පක්‍ෂ වත්මන් නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවත් රටේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. එය නිරූපණය වන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මිස තම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන් සුළු පිරිසකගෙන් නො වේ. මෛත්‍රිපාලට මේ සුළු පිරිසට තර්ජනය කළ හැකි ය, අවශ්‍ය නම් එ ජා ප සමග එකතු වී ප්‍රසන්න රණතුංග මහඇමතිකමෙන් ඉවත් කළ හැකි ය.

මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.

නලින් ද සිල්වා
කාලය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. එළවමු.......ද....................????

    ReplyDelete
  2. සුනන්ද2/23/2015 4:14 PM

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙළවපු මිනිසකු දැන් ඒ පක්ෂයේ නායකකම අරන්. බඩජාරී මන්ත්‍රීලා ටිකකුත් ඒ පස්සේ යනවා. දැන් ඒ කෙළවපු මිනිසා කියනවා කට්ටියක් හදනවා පක්ෂය දෙකඩ කරන්න හිටං කියලා. දැන් මෙයාට පක්ෂය ගැන සෙනෙහසක් ඇතිවෙලා. පක්ෂයට කෙළවලා, එ. ජා. ප. සහ ටී. එන්. ඒ. පක්ෂවල සහයෙන් දිනලා මහ මැතිවරණයක් නොතියම ශීලනිප කැබිනෙට්ටුව එලවලා දාලා එජාප කැබිනෙට්ටුවකුයි අගමැතියෙකුයි පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවම බලෙන් පත් කරපු එකට වඩා තවත් කෙළවිල්ලක් තියෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එහෙම කෙළවපු මිනිසෙකුට අනිත් අයට චෝදනා කරන්න අයිතියක් තියෙනවද හිටං. දැන් තැන තැන තමන්ට පක්ෂ නායකත්වය දීලා දාපු මහින්ද මහත්තයට එරෙහිව ගජ බින්න දොඩව දොඩවා යනවා.

    ReplyDelete
  3. http://youtu.be/g4JyQnrGhC4
    මේ France24 නම් නිව්ස් කන්ඩායම සංචාරක වීසා ගෙන යාපනේ ගොස් තැනූ අරම්භක වීඩියොවයි. ඔවුන්ගේ යුධ අපරාධ වීඩියෝ නුදුරෙදීම. ඔවුන් විසින් මේ හදන්නේ ජනමනසයි. හමුදාව බලෙන් ඔවුන් රඳවාගෙන කදවුරු වල දාමා ඇතැයි වැරදි තොරතුරු සපයයි. කතා කිරීමට නිදහසක් නැති වග කියයි. මේ හමුදාව ඉවත් කර යාපනය නිර්මිලිටරීකරනය කරන මංගලලා ගේ මෙහෙයුමේ අන්තර්ජාතික මොලසේදීමයි. සැප්තැම්බරයේ මහින්ද මහතා ඇතුලු අපගේ වීරෝධාර රණවිරුවන් යුධ අපරාධ අධිකරණ වලට දැක්වීම අනිවර්යෙන්ම සිදුවෙමින් පවතින මොහොතක සිංහල ඔබ යහපාලන මායාවේ රඳවා ඇත. මෙසේ ජාතික අරක්ෂාව සමග පිස්සු නැටීමට මහින්ද මහතාගේ රජය ඉඩලබා දුන්නේ නැත. පැවති රජයේ සියලු සංවර්ධන කටයුතු නිසා යාපනයේ ජන ජීවිතය යලි ලැබුන බව උවමනාවෙන්ම අමතක කරයි.... දැන්වත් ඔය යහපාලන සිහිනෙන් මිදී රට වෙනුවෙන් පෙරට එන්න.
    කරුණාකර අපගේ පිටුවට පැමිණ (https://www.facebook.com/SMFFront ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අපගේ Page එකට ලයික් කරන්න අමතක කරන්න එපා. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions