2/11/2015

රනිල්ට අයිතියක් නැද්ද ?

කතෘ:යුතුකම     2/11/2015   3 comments

ප‍්‍රවිශ්ටය

ශ‍්‍රී ලංකාවේ වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වසර 40 කට වඩා දේශපාලන අත්දැකීම් ඇති පලපුරුදු දේශපාලඥයෙකි. ඔහු ආර්ථික වශයෙන් ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියකට නැඹුරු දක්ෂිණාංශිික මතයක් දරයි. මෙරට ‘ජාතික ප‍්‍රශ්නය’ සම්බන්ධයෙන් ගත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා යම්කිසි මතයක් දරන අතර එය ෆෙඩරල්වාදී, බලය විමධ්‍යගත කිරීම පදනම් කරගත් මතයකි. ‘ජාතික ප‍්‍රශ්නය’ සඳහා එසේ බලය බෙදීම පදනම්කර ගත් විසදුමක් ලබාදීමේන් එම ප‍්‍රශ්නය විසදීමට හැකි යයි ඔහු අවංකවම විශ්වාස කරනවාද විය හැකිය. අතීතයේ සිට ෆෙඩරල් මතය දෑරු ඔහු තමාට බලය ලැබුනු සෑම විටකම පාහේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් එම විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට ඇප කැප වී ක‍්‍රියාකර ඇත. එය උපරිමටය පැමිණුනු අවස්ථාව ලෙස 2002 වර්ෂයේ ශ‍්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඇති වු සටන් විරාම ගිවිසුම ලෙස සැලකිය හැකිය. රටේ ස්වෛරීත්වය හා ජාතික ආරක්‍ෂාව දරුණු ලෙස අනතුරේ හෙලූවාවුද එල්.ටී.ටී.ඊ. සංවිධානයට නෛතික භුමි ප‍්‍රදේශයක් ජාත්‍යන්තරය පිලිගැනීම ලබා දුන්නා වුද එල්.ටී.ටී.ඊ. යුද ශක්තිය 10 ගුණයක් පමණ වැඩිකර ගත්තා වුද සටන් විරාමය හරහා රනිල් වික‍්‍රමසිංහ මහතා තම මතය ඔස්සේ ගැටලූවට පිලියම් ලබා දෙන්නට උත්සාහ කළේය.

චම්පික රණවක මහතා තම පටිසෝතගාමීව තිස් වසක් යන පොතේ ඒ ගැන මෙලෙස සඳහන් කරයි.

  උපුටා ගෑනීම - පටිසෝතගාමීව තිස් වසක්

ආසන්නතම සිද්ධින්

ඒ අතීතය නැවත මතු කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි සාධාරන ගැටලූවක් පැන නගිනු ඇත. සටන් විරාම වකවානුවට සමාන කාලයක් නැවත එලඹ ඇති බව පහත සිද්ධි ඇසුරෙන් පෙනී යයි. :පහත කරුනු පලවූ වෙබ් වේබ් ප්‍රභවයක්ද ඒ සමගම ඈත *

1. 13 වැනි සංශෝධනය සම්පුර්ණයෙන් ක‍්‍රියාත්මක කරන බවත් පොලිස්බලතල ලබාදීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ TNA සමඟ සාකච්ඡා කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දිය NDTV නාලිකාවට පැවසීය.

2.  උතුරු නැගෙනහිර පුර්ණ ස්වයං පාලනයකට එකඟ යැයි ඇමති මංගල ඉන්දියානු මාධ්‍යවලට පැවසීම.
(http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=118038 )

3. උතුරු පලාත තුල ඇති හමුදා කඳවුරු ගැන පරික්ෂණයක් ආරම්භ කිරීම සහ ‘අනවශ්‍ය’ කඳවුරු ඉවත් කිරීමට පියවර ගැනීම.

3.  ඕමන්ත මුරපොළ පරීක්ෂා කිරීම නැවත්විම.

4. කදිරගාමර් මහතා ඝාතනයට චෝදනා එල්ල කර රටින් පිටුවහඑල් කල චාල්ස් ඥානකෝන් සහ මෙරට හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා නගමින් චිත‍්‍රපටි හැදු කැලම් මැක්රේ ගුවන් තොටුපල ප‍්‍රභු පර්යන්නතයෙන් මෙරටට පැමිණිම.

 5. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක තනතුර අහෝසි කිරීමට පියවර ගැනීම.

 6. දෙමළ ජාතික සන්ධානයේ දීර්ඝ කාලීන ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි මහතා එම තනතුරින් ඉවත් කිරීම.

7. පුලිදේවන් නම් ත‍්‍රස්තවාදියාට මචං කියු තමිල් සෙල්වම්් නම් ත‍්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැුගෙන ගිය ඔස්ටින් ප‍්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්‍ෂක ලේකම් වරයා නැගෙනහිර ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම.
(http://www.ft.lk/2015/01/21/austin-fernando-tipped-to-take-over-as-eastern-governor/ )

 8. මෙරට ජාතික ආරක්‍ෂාව ගැන ජාතික පුවත්පතක පලවන හොඳම විශේෂාංගය වන දිවයින ඉරිදා පුවත්පතේ කීර්තී වර්ණකුලසුරිය ගේ ‘‘අරක්ෂාව’ ලිපිය බලපෑම් කර අත්හිටුවීම.

 9. LTTE සංවිධානයේ නිල වෙබ් අඩවිය වු, උතුරේ දෙමළ ජනයා අතර බෙදුම් මතවාද පතුරුවන, මෙරට තුල අවහිර කර තිබු ‘‘ටැමිල්නෙට්’’ වෙබ් අඩවිය නැවත මෙරට තුල විකාශනය කිරීමට ඉඩ හැරීම.

10. උතුරේ විදේශිකයින්ට සංචාරය කිරීමට තිබු බාධා ඉවත් කිරීම සහ උතුරට ගෙනයන භාණ්ඩ පරික්ෂා කිරීම අත්හිටුවීම.

11. බෙදුම්වාදයට එරෙහිව මතවාදිව හඩ නැඟු දේශ හිතෙශී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෙද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම.

 12. ආරක්‍ෂතඅමාත්‍යංශයේ අනුදැනුම ඇතිව නාවිකහමුදාවේ අධීක්ෂණය සහිතව ඉන්දීය සාගරයේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන් මැඞීමේ අරමුණින් පවත්වාගෙන ගිය නෞකාව ගැන තොරතුරු හෙලිදරව් කිරීම.

 13. හිටපු ආරක්‍ෂකලේකම්ට එල්ල වී ඇතිචෝදනා ගැනප‍්‍රකාශයක් කල නව ආරක්‍ෂක ලේකම් බී.එම්.යු.බී.
බස්නායකගෙන් ජනාධිපතිවරයා නිදහසට කරුණු විමසීම.


  ගැටලූව

ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මතය දැරීමට අයිතියක් ඇත. එය අග‍්‍රාමාත්‍යවරයාටද වෙනසක් නැත.එසේ නම් එහි ඇති ගැටලූව කුමක්ද ? ගැටලූව සරලවම එම මතය ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙරටබහුතර ජනතාව බලය ලබා දී නොමැති වීමයි.මෙරට ජනතාවගෙන් අතිමහත් බහුතරය ඒකීය සංකල්පය පිලි ගන්නා අතර එසේ නොමැති යයි යමෙකුට හැෙඟ් නම් මතය විමසීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය.2015 ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ හා දින100 හි වැඩ පිලිවෙල තුල බලය බෙදීමට හෝ 13 ව්‍යවස්ථා සංශෝදනය ක‍්‍රියාත්මක කිරීමට කිසිම වගන්තියේ ඇතුලත් වී නොමැත. එසේනම් දෙමළ ජාතික සන්ධානයටහා ජාත්‍යන්තරයට පොරොන්දු වී බලය විමධ්‍යගත කිරීමකට යාම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමක් නොවේ.එය අතිමහත් බහුතර ජනතාවගේ අපේක්ෂාවන් නොසලකා,වසර 2500 කට වඩා පැවති මෙරට ඒකීයභාවය නැතිකර රට විනාශය කරා ගෙන යාමකි. බලය බෙදීම මගින් රට විනාශය කරාගෙන යන්නේ කෙසේදැයි කෙනෙකුට ගැටළුවක් ඇති විය හැකිය.

 ‘ජාතික ප‍්‍රශ්නය’


විසදුමක්දීමට ප‍්‍රශ්නයකුමක්දැයි තේරුම් ගත යුතුය.ප‍්‍රශ්නයතේරුම් නොගෙන, ප‍්‍රශ්නය පිළිබඳ සම්මුතියට නොපැමිණ විසදුම් දීමට යාමට ඵල රහිතය. වසර 40 කට වඩා වැඩි කලක් තිස්සේ සාකච්ඡා වු තවමත් නිසි පිළිතුරක් නොලද ජාතික ප‍්‍රශ්නය’කුමක්ද යන්න පැහැදිලි කරගත යුතුය. ලොව ඕනෑම ජන කොටසකට තම ජන කොටසට අදාල වු ප‍්‍රශ්න පැවතිය හැකිය. මෙරට ගත් කළ සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජන වර්ගයනට තම ජාතියට අවේනික වු ප‍්‍රශ්න පවති. එහෙත් ඔය කියන බලය බෙදීම විසදුම ලෙස හදුන්වන‘ජාතික ප‍්‍රශ්නය’ කුමක්ද?ඒ පිළිබඳ ජනතාව අතර ඇති සම්මුතිය කුමක්ද?

වරක් මේ සම්බන්ධව ඇතිවු ඉතා දීර්ඝ සංවාදයකදී ආචාර්ය නිර්මාල් රංජිත් මහතා එය දෙමල ජනතාවගේ දේශපාලන අභිලාශයන් සිංහල ජනයා පිලි නොගැනීම ලෙස හැදින් විය.  ඒ හැර ලැබුණු පිලිතුර වු සංවර්ධනය හා ජිවන මට්ටම පිළිබඳ ප‍්‍රශ්නය මෙරට සියලූ ජනයාට බලපාන ගැටලූවක් වන අතර උතුරු නැගෙනහිර ජනතාවට එය වැඩිපුර හා දරුණු ලෙස බලපාන බව නොරහසකි. එයට ප‍්‍රධාන හේතුව වසර30 ක් පුරා පැවති ත‍්‍රස්තවාදයයි. ඒ හැර 83 කලූ ජුලිය, භාෂාව පිළිබඳ ප‍්‍රශ්නද පිලිතුරු අතර විය. ඒ සියලූ ප‍්‍රශ්න සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට අනිවාර්යයෙන් ක‍්‍රියා කළ යුතුය. එහෙත් දෙමළ ජනයාටදෙමළ වීම නිසාම ඇති වී ඇති බලය බෙදීමෙන් විසදිය හැකි ජාතික ප‍්‍රශ්නය කුමක්ද යන්නට තවම වසර40 කටවැඩි කාලයක සිට පිළිතුරු ලැබී නැත.

මෙරට ඔය කියන ඊනියා අපේක්ෂාවන් ඇති කර ජාතික ගැටලූවක් ඇති බවටත් ඊනියා අසාධාරණයක් ඇති වී ඇති බවටත් දෙමළ දේශපාලන නායකයන් පෙළඹ වුයේ මෙරට යටත් කරගෙන සිටි ඉංග‍්‍රිසි ජාතිකයන්ය. 1948 ට පෙර ඔවුන් සෑම යටත් විජිතයකට ගෙන ගියේ Devide And Rule (බෙදා පාලනය කිරීම) නම් උපක‍්‍රමයයි. එමගින් මෙරට බහුතර ජාතිය වු සිංහල ජනතාව පාලනය කිරීමට විශේෂ වරප‍්‍රසාද සහිතඋගත් දෙමළ ප‍්‍රභු පැළැන්තිය යොදා ගැනුනි. ඉන් සිංහල ජනයාත් සාමාන්‍ය දෙමල ජනයාත් යටත් කර ගැනීමට ඉංග‍්‍රීසින්ට හැකි විය. ඉංග‍්‍රීසින් ඉවත්ව යාමෙන් පසු දෙමළ නායකයින්ට පෙර භුක්ති විදිනු ලැබු විශේෂ වරප‍්‍රසාද අහිමි වීමත් ලොව පුරා නිජභුමියක් නැති ජාතියක් ලෙස සිටීමේ ගැටලූවත් දෙමළ ජාතිවාදි දේශපාලකයනට ‘ජාතික ප‍්‍රශ්නය’ නිර්මාණයට මහෝපකාරි වී ඇත. අනිත් ප‍්‍රධාන කරුණ වන්නේ දෙමළ ජනයාගෙන් 50% කට වඩා වැඩි පිරිසක් උතුරු පලාතෙන් පිට ජිවත් වීමය. අනික් අතින් බලය බෙදිමකට, දෙමළ ජාතිවාදි දේශපාලකයන් හැර, අනිත් නායකයන් සමාන්‍ය දෙමළ ජනතාවගේ ඇති අවශ්‍යතාවයන් පිළිබඳ තක්සේරුවක් ගත යුතුය.


 

නොකියන කතාව

බලය බෙදීම සම්බන්ධයෙන් දැඩි මත දරණ TNA, මනෝ ගනේෂන් වැනි දෙමළ ජාතිවාදි නායකයින්, ෆෙඩරල් වලට එහා ගිය වෙනම රටක් සංකල්පය පිළිගන්නා පිරිසකි. ඔවුන් අද ටිකක්, හෙට ගොඩක් යන උපායේ යෙදි සිටියි. අනික් පැත්තෙන් මෙරටදී බහුතරය වුවත්,ජාත්‍යන්තරය හමුවේ සුලූතරය වන සිංහල ජනතාව මුහුණ දී ඇති ගැටලූ පිළිබඳව නිසි තක්සේරුවක් අවශ්‍ය විමයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා අපේක්ෂා කරන13 හෝ ෆෙඩරල්වලින් මේ ජාතිවාදි කොටස් සෑහීමට පත් වෙයිද?මේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම මගින් රටේ ඒකීයභාවයත් ජාතික ආරක්‍ෂාවත් අනතුරේ හෙලයි. අනාරක්‍ෂිත රටක ආර්ථික ස්ථාවරභාවය වත්,මානව හිමිකම්වත් නොපවතිනු ඇත.
දරුණු මතත්වය, ඉහත කරුණු එකක්වත් ඔය කියන නම්, සංකල්ප වලින් ක‍්‍රියාත්මක නොකරනු ඇත.‘උතුරෙන් හමුදාව ඉවත් කිරීම’,සිදු නොවෙනු ඇති අතර බලය බෙදීම’ නොකරනු ඇත. සත්‍යය වසන් කිරීම සඳහා වෙනත් නම් යොදා ගනු ඇත.ඒ සඳහා මාධ්‍ය සංදර්ශන යොදා ගනු ඇත.බලය සහ බලයට දේශපාලනය කරන ව්‍යාජ ජාතිකවාදින් ඉදිරියට දමනු ඇත.

ඉදිරි ගමන් මග

මුලින්ම ඇති ගැටලූ කුමක්ද යන්නත්, ඇති ගැටලූ වලට විසදුම් කුමක්ද යන්නත් ජනතාව තුලින් සම්මුතියක් ඇති විය යුතුය. භාෂාව ප‍්‍රශ්නයට ඊට ගැලපෙන විසදුමක්, සංවර්ධනයට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ආදියත් වශයෙන් විවෘත හා පිලිගත් වැඩපිලිවෙලක් තිබිය යුතුය. අනිත් ප‍්‍රශ්න පිළිබඳ විවෘතව සාකච්ඡුා කර රටක් ලෙස සම්මුතිගත විසදුම් වලට පැමිණිය යුතුය. එසේ නොමැතිව, ජන වරමක්ද නොමැතිව TNA එකට අවශ්‍ය දේ කරන්නට, වසර 2500 ක් පැවති මෙරට ස්වෛරීභාවය හිතුමතේට වෙනස් කරන්නට මේ රටේ අනාගතය ගැන හිතුමතේ විසදුම් ගන්නට 26000 ක් සෙබලූන් දිවි පුදා ඒකීය කළ රට බෙදන්නට රනිල් වික‍්‍රමසිංහට අයිතියක් නැත
.
සිද්ධිය හරියට තේරුම් නොගෙන, අත්තනෝමතිකව කරන්නට යන ක‍්‍රියාවලින් දැනට පවතින, අප විසින්වැඩි දියුණු කරගත යුතු ජාතින් අතර සුහදත්වය නැති වී ගොස් රට අස්ථාවර වනු ඇත. අස්ථාවර රටක යහපාලනය පෑල දොරින් පැන යනු ඇත.


-චින්තක විජයවර්ධන
යුතුකම සංවාද කවය
www.yuthukama.com


, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. සුගත්2/11/2015 9:45 AM

    මැනවින් කරුණු ගොනු කොට ඇත. ස්තූතියි..

    ReplyDelete
  2. //ඔහු ආර්ථික වශයෙන් ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියකට නැඹුරු දක්ෂිණාංශිික මතයක් දරයි. -// කියන එක නම් ෂුවර් නැ මේ දීල තියන අය වැය බැලුවම. එතුමාම කියනවා නේ මේක සරදියෙල් අයවැයක් කියල. මම හිතන්නේ නම් දින 100 අයවැයක් වෙන්න ඇති,. නියම ය වැය එයි දින සිය ට පස්සේ

    ReplyDelete
  3. Good

    i think you have to not about removal of Mankulam police Div. and how Importance of Mankulam, Mallavi, thunukkai and nachchikuda, and West Coastal line near India. Same kind of situation happened in 2001 and 2002 regarding Manirasakulam LTTE Camp, Ranil did not do anything about Manirasakulam LTTE camp.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions