6/12/2016

ජාතියේ හෙට දවස සහ අණ දෙන මිලිටරි රේඛාවේ වගකීම.

කතෘ:යුතුකම     6/12/2016   2 comments

-කීර්ති රත්නායක-
 
1815 ඓතිහාසික ඛේදවාචකය

සිංහලේ අවසාන රාජධානිය වූ සෙංකඩගල 1815 ගිවිසුමෙන් පසුව අවසන් විය. ගිවිසුමෙන් පසුව එතෙක් පැවැති පාලන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් සිදුවිය. දළදා පෙරහැරේ රජකු නැති අඩුපාඩුව දැනිණ. ගිවිසුමෙහි හතරවන කොන්දේසිය අනුව චිරාගත සම්ප්‍රදායට අනුව දිසාවේ, කෝරලේ, විදානේ ආදි පදවිවලට පත් වලට පත්වීම් කල යුතු වුවද එය අමු අමුවේ උල්ලංඝනය කලේය. 1817 දී ,වෙළෙඳාමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් ඌව වෙල්ලස්සේ මුහන්දිරම්වරයෙක් ලෙස නයිනා මරික්කාර් නම් මුස්ලිම් අයෙක් පත් කර ගැනීමට සමත් විය.. මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම චාරිත්‍ර විරෝධී බව සිංහලයන්ගේ අදහස විය. මෙම සිදුවීම පාදක කොට 1817 කැ‍රැල්ල ඌව වෙල්ලස්සෙන් පැන නැගිනි.කැරැල්ල ගැන විභාග කිරීමට ඉංග්‍රීසින් විසින් පිටත් කර හැරියේ අලුතින් පත් කරන ලද නයිනා මරික්කාර් හඡ්ජි මුහන්දිරම් ය. සිංහලයෝ හඡ්ජි මුහන්දිරම් අල්ලා කස පහරදී මරා දමනු ලැබූහ. අනතුරුව හමුදා භට පිරිසත් සමඟ දිසාපති විල්සන් පිටත් විය. විල්සන්ගේ මළ සිරුර පවා සොයා ගැනීමට නොහැකි විය.

ජෝන් ඩොයිලි, කැරැල්ල මැඩපැවැත්වීම සදහා කැප්පෙටිපොළ පිටත්කර යෑවීය. මහ නිලමේට අළුපොතදී කැරැලිකරුවන් හමු විය.මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල වැනි මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. තම මව්බිම පරදේශක්‌කාරයන් ගෙන් මුදාගනු වස්‌ හෙලයන්ට පක්‌ෂව ක්‍රියා කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කිරීමට තමා සූදානම් බවට කැප්පෙටිපොල ‍රැස්ව සිට මහ සෙනග ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය. ආණ්‌ඩුවේ ගබඩාවෙන් රැගෙන ආ අවි-ආයුධ ආපසු යෑවූ කැප්පෙටිපොළ , බ්‍රවුන්රිග් වෙත පණිවිඩයක්‌ යෑවීය. "තොපේ තුවක්‌කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ, ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්". ලෙස එහි සදහන් විය. පසුව දේශ ද්‍රෝහී හංවඩුව ගසා කැප්පෙටිපොළගේ හිස ගසා දැමුවද , වීරත්වයේ සහ දේශප්‍රේමයේ සංකේතයක් ලෙස අදද මතුවටද ඔහු ජීවමානය.

2015 ඓතිහාසික ඛේදවාචකය

එදා 1815 උඩරට ගිවිසුමෙන් සිංහලයාට කල විනාෂය මෙදා 2015 යහපාලන ආන්ඩුවෙන් සිදු කරමින් පවතියි. ඇමෙරිකානු අධිරාජ්‍ය වාදයේ මූලෝපායයන්ට ලංකාව යටත් කලේය. චීනයට එරෙහි වූ යහපාලන රජය ඉන්දියාව සමග සන්ධාන ගත විය. මහ ජාතිය වූ සිංහලයා සුලු ජාතීන් හා සමතැන්හි ලා පිහි‍ටුවේය. උතුරේ අධිආරක්ෂිත කලාප ගලවා දැමුවේය. ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවට විකිනීමට සැලසුම් සකසයි. ඊනියා ඉන්දු ලංකා ගිවිසුමේ සියලු කොන්දෙසි ඉටු කිරීමට එකග වූයේය. මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කෙළේය. ඉන්දියාවේ වෙසෙන සරනාගතයන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීමට එකග විය. ආර්ථිකය ඉන්දියානුවන්ට නිදහස් කිරීමට පිඹුරු සකසයි. ග්‍රමීය ආර්ථිකය නංනත්තාර කළේය. සුලු ජාතීන් පිනවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එයි. යුද හමුදා බුද්ධි බලකා කදවුරක් සීල් කළේය. දෙමළ බෙදුම්වාදීන් හුරතල් කරන අතර හමුදාවේ ප්‍රධාන අනදෙන අක්ෂය අඩපන කළේය .

ලෝක බලවතුන් සසල කල ව්‍යාපෘති

චීනය ලෝකයේ විශාලතම තෙල් ආනයනකරුය. විශාලතම ඛනිජ සම්පත් ආනයනකරුද චීනයයි, තෙල් අවශ්‍යතාවන්ගෙන් සියයට 60 මැද පෙරදිගින් ආනයනය කරයි. ඛනිජ සම්පත් වලින් සියයට 45ක් අප්‍රිකානු කලාපයෙන් උකහා ගැනීමට නියමිතය. චීනයට තෙල් ගෙනයාමේ මාර්ගය ඉදිකරනුයේ පකිස්ථානය හරහාය. මේ සදහා පාකිස්ථානය සමග අත්සන් කල අවබෝදතා ගිවිසුම් ඩොලර් බිලියන 71 ක අගයක් වෙයි. මෙය ඇමෙරිකාව එදා මෙදා තුර පකිස්ථානය තුල ආයෝජනය කර ඇති මුදල මෙන් තුන් ගුණයකි . ඒ අනුව පකිස්ථානයේ ගවදාර් වාරය අවුරුදු 40 කට චීනය වෙත පැවරුනි. ගවදාර් සිට චීනයට දිවයන තීරු 8ක අධිවේගී මාරගයේ දිග කි මි 3000 කි. මෙය හුදෙක් අධිවේගී පාරක් පමනක් නොව නල මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් ප‍්‍රවාහන, ජලවිදුලිබල, සංනිවේදනය සහ මහාමාර්ග ජාලයකින් ද සමන්විත වේ. එසේම අප්‍රිකානු මහාද්වීපයෙන් උකහා ගනු ලබන සම්පත් නල මගින් ලංකාවට රැගෙන විත් යලි චීනයට පැටවීමේ ක්‍රමෝපායක් විය. වරාය , ගුවන් තො‍ටුපොල , පොර්ට් සිටි ඉදිකලේ ඊට සමාන්තරවය. සමස්ථ ක්රියාවලියේ මධ්‍යම වැඩපොල ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය. පකිස් - ශ්‍රීලංකා- චීන ව්‍යාපෘති ලෝක බලවතුන් සසල කලේය. අවාසනාවට ආණ්ඩු පෙරලියත් සමග චීන - ශ්‍රීලංකා ව්‍යපෘතිය ඇනහිටියේය.

ඉන්දු - ඇමෙරිකා හවුලේ දේශීය ඒජන්තයන්

වාපී සංස්කෘතියෙන් පෝෂනයවූ අනුරපුර රාජධානිය හැරදමා සිංහලයා දකුනට පසුබැස ගියේ ඉන්දියානු ආක්‍රමණ හේතුවෙනි. ඉන්දියාව යනු සිංහලයාගේ අංක 1 පසමිතුරු රාජ්‍යයයි. අංක 2 සතුරු රාජ්‍ය වන්නේ සුලු ජාතීන්ට කත් අදින බ්‍රිතාන්‍ය ඇමෙරිකා හවුලයි. දන්නා ඉතිහාසයේ මොවුන් ඉදිරියේ දන නොනැමූ පාලකයන් ඇත්තේ දෙදෙනෙක් පමනි. එක් අයෙක් රණසිංහ ප්‍රේමදාසය අනෙකා මහින්ද රාජපක්ෂය. වර්තමාන පාලන වෘත්තයේ ප්‍රභල සාමාජිකයන් වන්නේ රනිල්, මංගල සහ චන්ද්‍රිකාය. ලියුම්කරු 1997 වසර පසු කලේ දියතලාව ගුවන් හමුදා කදවුරේ කැඩෙට් නිලධාරියෙකු ලෙසය. ගුවන් හමුදාවේ මුඛය කාර්ය එයාර් ඔපෙරෙෂන් ය. එම විෂය ඉගැන්වීම නම් කරතිබුනේ එ.ජා සංවිධානය නියොජනය කළ ඇමෙරිකානුවෙක් සහ ඉන්දියානු ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් භක්ෂි නම් අයෙකි. මොවුන්ගේ දේශනාව පුරාවට කලේ යුධ අපරාධ පිලිබදව හුඹස් බිය ඇතිකිරීමය. ඉන්දියානු ගුවන් හමුදාවට අවැසි නම් පැය 24 තුල ශ්‍රීලංකාව යටත් කළ හැකි බවට භක්ෂි පාරම් බෑවේය. ලංකාවේ මර්මස්ථාන, හදිසියකදී ගුවන් යානා ගොඩබැස්විය හැකි පිට්ටනි පවා සිතියම් ගත කොට ඇති බව ඔහු කීවේය. හමුදාවට මෙවන් පුද්ගලයන් ලවා දේශන පැවැත්වීම මංගල - චන්ද්‍රිකා යුගයේ සුලභව සිදුවිය. තවද සුදු නෙලුම වැනි ව්‍යාපෘති හරහා සිදු කලේ හමුදාවේ කොදු නාරටිය බිද දැමීමය .ත්‍රස්තවාදියෙකු රජ්‍ය නායකයා හා සම තැන්හි තබා ගිවිසුම් ගැසුවේ රනිල් ය. ජාතියේ අවාසනාවට මංගල-චන්ද්‍රිකා- රනිල් දේශ ද්‍රෝහී හවුල යලි බලයට පැමින ඇත.

කුලී හේවායන් සහ හමුදාවක් අතර වෙනස

රටක මුර දේවතාවන් වන්නේ ත්‍රිවිධ හමුදාවය, රටක දිශානතිය තීරනය වන්නේ ඔවුන් අතිනි. ඔවුන් රටකට අභිමානයක් ගෙන දිය යුතුය. වැටෙන දෙයක් කා බඩ වියත ‍රැක ගැනීමට සිතන හමුදාවකින් ඇති ඵලක් නැත. එදා නැගෙනහිර මහ ඇමති නාවික හමුදා නිලධාරියාට නිකරුනේ බැනවදින විට '' සොරි, සොරි '' යයි කියා හැකිලුනේය. එම හැසිරීම සෙන්පතියෙකුට තරම් වීද ? අධිකාරිලත් නිලධාරියෙකු මෙතරම් නිවට විය යුතුද? යටත් සොල්දාදුවන්ට මොහු ලබා දෙන ආදර්ශය කුමක්ද ? සිංහල ජාතියට ඔහු ගෙනදුන් අභිමානය කුමක්ද ? අඩුම තරමින් '' මයින්ඩ් යුවර් ලැන්ග්වෙජ්'' යයි වත් කීමට කොන්දක් ඔහුට නොතිබින. රට - ජාතිය ගැන කැක්කුමක් නොමැති මුත් වැ‍ටුප ගැන පමනක් සිතන මිලිටරි කන්ඩායම් ඇත. ඔවුන් හදුන්වන්නේ කුලී හේවායන් ලෙසය. හමුදා සාමජිකයාගේ අභිමානය , දේශප්‍රේමය ඔහු විසින් ගොඩනගා ගත යුතු විනා බලෙන් ඇතුල් කල නොහැක. රට ජාතිය ගැන හැගීමක් නොමැති ව හුදෙක් තරු පටි ගසන නිලධාරීන් මව් බිමට බරකි.

සෙන්පතියකුගේ අභිමානය

1999 වසරේ පකිස්ථානයේ පාලකයා වූයේ නවාස් ශෙරීෆ්ය. හමුදා ප්‍රධානියා වූයේ පර්වේෂ් මුශාරෆ්ය. හමුදා ප්‍රධානි පර්වේෂ් මුශාරෆ් නිල සංචාරයක් සදහා ලංකාවට පැමිනියේය. සංචාරය නිමකොට P.K 805 ගුවන් යානයෙන් සිය රට බලා පිටත් විය. මේ වන විට නවාස් ශරීෆ්ගේ හදිසි ගැසට් නිවෙදනයක් මගින් මුශාරෆ් ගේ විශ්‍රාමය නිවේදනය කර තිබුනි . නවස් ශරීෆ්ගේ ගැත්තෙක්වූ බුද්ධි අංශ ප්‍රධානී ජෙනරාල් සියාවුඩීන් බට් හමුදා පති ධූරයේ පිහි‍ටුවා තිබුනි. P.K 805 යානය ගොඩ බැස්වීමට නියමිත වූයේ කරච්චි නුවරය. නමුත් කරච්චියේ හෝ පකිස්ථානු භූමියේ වෙනත් කිසිදු ගුවන් තොටක ගොඩ බැස්වීමට PK 805 ට අවසර නොමැති බව පාලන මැදිරියෙන් දැන්වීය. ව්‍යතිරේඛය වූයේ ඉරාණයේ චබාහර් හෝ ඉන්දියාවේ අහ්ම්මඩාබද් ගොඩ බැස්වීමය. හමුදා නායකයා කොක්පිට් එක තුලට ඇතුල් විය. පස මිතුරු ඉන්දියාවේ ගොඩ බැසීම මුශාරෆ් ප්‍රතික්ෂේප කලේය, ඉරාන ගුවන්තො‍ටුපලට යාහැකි තරම් ඉන්ධන නොමැති බව සැල කලේය. ඉන් නොනැවතුනු මුශාරෆ් පෙරලා පහරදීම ආරම්භ කලේය. පකිස්ථානු හමුදාවේ අනදෙන්නා තමා බව ශපත කලේය. රජ්‍යයේ පරිපාලන මුලස්ථාන , ජනමාද්‍ය ආයතන , ගුවන්තො‍ටුපල, සංන්නිවේදන කුලුනු වල පාලනය නතු කර ගැනීමට හමුදාවට නියෝග කලේය. නවාස් ශෙරීෆ් වහාම අත් අඩංගුවට ගැනීමට හමුදාවට නියෝග කලේය. සුලු මොහොතකින් හමුදා අනදෙන්නා ආරක්ෂිතව මව්බිමට ගොඩ බැස්සේය.

වෙන්ව ගමන් කරමු එක්ව පහර දෙමු

ඉන්දියන් - ඇමෙරිකා පසමිතුරු කදවුරේ සෙවන ලබන යහපාලන රජය සෑම අතින්ම ජාතියට, ආගමට සහ හමුදාවට ද්‍රෝහී වී ඇත. ඉතිහාසයේ පෙර කිසිදා නොවු විරූ පරිදි බුද්ධ චීවරය හෑල්ලුවට ලක් කලේය . විවිධ පර්ශව පිනවීමට බුද්ධ පුත්‍රයන් සිර ගත කලේය . පනගසා නැගිටිමින් තිබූ ගොවිතැන වල පල්ලට ගෙන ගියේය. . දුෂණය ඉහ වහා ‍රැගෙන ගියේය. යහමින් එදා වේල සරිකරගත් කම්කරුවාගේ බඩට ගැසුවේය. වෙද , ගුරු ඇතුලු රාජ්‍ය සේවයට කොකා පෙන්නුවේය. රජයේ හමුදාවේ අභිමානය සාහසික ලෙස කෙලෙසා දැමීය. ජාතික ආරක්ෂාව පසමිතුරන් අතට පත්කළේය. සොයුරණි.. ගැමුනු, විජයබා රජ දවස පටන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් දේශප්‍රේමීන් හෙලූ රුහිරයට අප ණය ගැතිය. දේශයේ උරුමය මතු පරපුරට රක්ෂා කල යුතුය.
[යුතුකම පාඨක ලිපියකි]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Sadly the fact that we are still slaves to colonial mentality and unable to free ourselves from this detrimental shackle to date has evaded many politicians and civil society in general. Especially the Sinhalease Buddhist's seem to be ashamed of their roots; in tamil and muslim society this trend is not be seen since majority of them from generation to generation preserve their ethnic identity and values! Christian civilians live their lives according to the dictates of the church which itself is a way of propagating western thinking! The Sinhalease Bhuddhist society consists of pseudo and genuine Buddhists! Sadly today the pseudo Buddhists rule at the helm! History has a strange way of repeating itself!Today events which are unfolding bear ample testimony to this fact! When you have the majority of the citizenry whose mental thinking has been blunted by materialism and whose human values and principles have been trampled by this fact the above occurrences become common place and then follows the blame game without addressing the root cause of the problem! the fact of the matter is our motherland needs faithful and patriotic thinking citizens rather than citizens whose bodies are here but mental outlook is rooted elsewhere! The day that this change occurs no insidious internal and external source can sway the citizens who will put our motherland before self interest! Sadly such a day is yet to dawn and at present whatever values are remaining is also rapidly disintegrating! What a shame but the reality is that the future of our motherland at present is extremely bleak and the saddest fact is many are so wrapped up in a fantasy that they fail to face this reality!

    ReplyDelete
  2. It's not called being "slaves to colonial mentality", it's called delivering justice, which most "bayiyas" don't understand. Just because you are a soldier in the Army does not mean you are above the law.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions