මේ රට එක්සේසත් නැතහොත් ඒකීය රටක් ලෙස පිළිගැනීම, රටේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීම සහ ඒ මහා සංස්කෘතිය සෙවණේ සෙසු සංස්කෘතීන්හි සහජීවන පැවැත්ම පිළිගැනීම ඔස්සේ ඕනෑ ම පුද්ගලයෙකුට ජාතිකවාදියෙකු විය හැකි ය. ඊට සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජනවර්ගවලට අයත් වීම ප්‍රශ්නයක් නොවේ. ඊට බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමට අයත් වීම ගැටලුවක් නොවේ.
එස්. එල්. ගුණසේකරට හෝ සිරිල් එඬේරමුල්ලට ඔවුන්ගේ කතෝලික ආගම ජාතිකවාදීන් වීමට බාධාවක් වූයේ නැත. බෙදුම්වාදයට එරෙහි වමට ලක්ෂ්මන් කදිරගාමර්ට සිය ජන වර්ගය හෝ ආගම බාධාවක් වූයේ නැත. නිදහස් සටනට පණ පෙවීමට සිකීම් මහින්ද හිමිට සිය ජන වර්ගය බාධාවක් වූයේ නැත. මොහොමඩ් මූසාම්මිල්ට සිය ජන වර්ගය හෝ ආගම ජාතිකවාදයෙකු වීමට බාධාවක් වී නොමැත. ඔහු නිය ම ලාංකේය නැතහොත් සිංහල මුස්ලිම්වරයෙකි. ඔහුගේ සිංහල භාෂා භාවිතයේ හැකියාව ඇතැම් සිංහල ගොත ගහන සිංහලයින්ට ආදර්ශයක් විය යුතු ය.
එහෙයින් වැරදීමකින් මුසල්මානුවකු වූ යන යෙදුම වැරදි සහ භයානක අරුත් සම්පාදනය කරයි. එය වර්ගවාදී හෝ ජාතිවාදී ඔලුවකින් එළියට පැමිණි අදහසකි. එකල කොටි ත්‍රස්තවාදීන් ලක්ෂ්මන් කදිරගාමර් ද දෙමළ නමක් ගත් සිංහලයෙකු යැයි කදිරගාමර් හැඳින්වූයේ මේ වර්ගවාදී පදනම මහතා පිහිටා ය. අනෙක් අතට වික්‍රමබාහු කරුණාරත්න, නිර්මාල් රංජිත් දේවසිරි, රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ, ඩිලාන් පෙරේරා ආදි ජාතිකවාදයට එරෙහි වන්නන්ට සිය ජන වර්ගය සිංහල වීම ඒ සඳහා කිසිදු බාධාවක් බවට පත්ව නැත.
මේ අනුව ජාතිකවාදය යනු ජාතිවාදය හෝ වර්ගවාදය නොවන බවත් අපට අවශ්‍ය වන්නේ සෙසු ජන වර්ගවලට හෝ ආගම්වලට අයත් පුද්ගලයින් බෞද්ධයින් හෝ සිංහලයින් බවට පත් කර ගැනීම නොවන බවත් තේරුම් ගැනීම වැදගත් ය. ජාතිකවාදට යනු සිංහලයින් මෙන් ම සෙසු සුළු ජන කොටස් සිය අනන්‍යතාව ආරක්ෂා වන පරිදි මහා සංස්කෘතිය යටතේ එකට ගොනු කර ගැනීම අරමුණු කරගත් මතවාදයකි. ජීවන ක්‍රමයකි. ඒ පිළිබඳ වැරදි අර්ථ කථන ලබා දීම නොකළ යුතු ය. මුහම්මඩ් මුසාම්මිල් ලා වැඩි වැඩියෙන් බිහි කර ගැනීම අද යුගයේ අවශ්‍යතාවකි. ජාතිකවාදයට අනුගත ඕනෑ ම ජන වර්ගයකට හෝ ආගමකට අයත් පුද්ගලයෙකුට මේ රටේ ඕනෑ ම දේශපාලන තනතුරක් දැරීමට කිසිඳු බාධාවක් නොමැත.
-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Hero !
ReplyDelete